Sunday, April 28, 2013

Trading Sessions


Lesson – 19

19- Trading Sessions

පළමුවෙන්ම ඔයාලා සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

පසුගිය පාඩම් දෙක ඔස්සේ අපි Money Management ගැන කථා කළා. අද අපි කථා කරන්න යන්නේ Trading session ගැන. නමුත් Money Management පාඩම් තව ඉදිරියටත් තියෙනවා.

මොකක්ද මේ Trading Session කියලා කියන්නේ. එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද? ඇයි අපි ඒ ගැන දැන ගන්න ඕනේ?


Trading Session එකක් කියලා කියන්නේ, වෙළඳ සැසියකට හෙවත් වාරයකට. ඔයාල දැනටමත් දන්නවා Forex Market එක දවසේ 24 පැය පුරා දවස් පහේම ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ක්‍රියාත්මක වුනත් දවසේ සියලුම වෙලා වලදි Forex Market එකේ ඒකාකාරි ගලා යාමක් නෑ. ඒ කියන්නේ ඔයාල MT4 එක විවෘත කරගෙන බලන්න අපි තෝර ගෙන තියෙන  Time Frame එක (උදා.M30) සමහර වෙලාවල් වලදි  Chart එකේ අගය වෙනස් වෙලා තියෙන්නේ  Pips සුළු ප්‍රමාණයක් විතරයි.

ඒත් සමහර අවස්ථාවලදි Chart ‍එකේ අගය ඉතා විශාල ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. පහත රූපය බලන්න.








මෙහෙම වෙන්න හේතුව පිළිබඳව ඔයාල හිතුවද? මෙන්න මේ දේ සිදුවෙන්නේ Trading Sessions එකක් නිසා.

ඒ කියන්නේ වැඩිම ඉල්ලුමත් තියෙන වෙලාවට තමයි Forex Market එකේ මේ සිඝ්‍ර ලෙස අගයන් ඉහල පහල යන්නේ. මේ Trading Sessions ප්‍රධාන වශයෙන් Sessions 4 කට බෙදන්න පුළුවන්. Sydney Session, Tokyo Session, London Session, New York Session කරන වෙලාවන් පහත දක්වල තියෙනවා.




මෙන්න මේ Session වලදි Currency Pair වල සිදුවන Pips වෙනස පහත සටහනින් බලා ගන්න පුළුවන්.










අපි Trade  කරන EUR/USD වල වැඩිම ඉහල පහල යාමක් සිදු‍වන්නේ London Session එකේ කියලා පැහැදිලි නේද? ඊළඟට New York Session එකේ.

එහෙනම් අපි මේ Session Time යොදා ගෙන Trade කිරිම මගින් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා අවබෝධ වෙනවා නේද?

හැබැයි තව එකක් මේ Trading Session ගැන නොබලා වුනන් Trading කරන කොටසක් ඉන්නවා. ඒ පිළිබඳව විස්තරාත්මකව Traders Type  යටතේ කථා කරන්න බලාපොරෝත්තු වෙනවා.මේ පිළිබඳ අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා.

අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.

Sunday, April 7, 2013

මුදල් කළමනාකරණය - 02


Lesson – 18

18-  Money Management – 02

Balance, Equity, Margin, Free Margin, Margin Level මොනවද මේ ? MT4 එකේ පහල Terminal Window දිහා බැලුවොත් මේ ටික පෙනෙවි. Trade Tab එක අන්න එකේ තමයි ඉහත දේවල් තියෙන්නේ. එකින් එක අරන් බලමු.

Balance:- කියලා කියන්නේ අපේ Trading Account එකේ තියෙන මුළු එකතුවට. මතක තියා ගන්න ඕන දෙයක් තමයි මේ Balance එකට අපි දැනට Open කරන්න ඉන්න Trades වල ලාභ අලාභ ඇතුළු වෙලා නැහැ කියලා.

Equity:-  කියලා කියන්නේ දැනට අපි Open කරලා තියෙන Trades වල ලාභ අලාභ ඇතුලත්ව අපේ Account එකේ  Balance එක. මේක නිතරම වෙනස් වෙනවා. හේතුව අපි Open කරලා තියෙන Trades වල ලාභ අලාභයන් මේකට ඇතුළු වන නිසා.

Margin :- ඔයාලට මතකද පෙර ලිපියක Margin හා Leverage  ගැන කථා කළා. Margin එක ගැන පහසුවෙන් ඉගෙන ගන්න නම් දැනට ඔයාල Open කරල තියෙන Trade ඔක්කොම Close කරල අලුතින් එක Trade එකක් විතරක් Open කර ගන්න. දැන් අපි පහත දත්ත උපයෝගි කර ගෙන Margin එක ගණනය කරමු. ඔයාල ඔයාලට අදාල දත්ත යොදා ගෙන ගණනය කරන්න.

Buy Order Price එක = 1.2390

Currency Lot 0.1 ක්

වැය වන $ ප්‍රමාණය ගණනය කරමු.

                          Lot 1 කට                  =  1.2390 x 100000

                                                       $         =  123900

                                   Lot 0.1 කට $        =    12390.00

    Leverage එක 200:1 නිසා

                                                                 =  12390.00 /200

                                                    $          =  61.95


ඔයාලත් ඔයාලගේ Account එකේ දත්ත භාවිතා කරල ගණනය කරලා බලන්න. දැන් බලන්න ලැබෙන පිළිතුර MT4 එකේ දක්වල තියෙන Margin එකට සමාන ද කියලා. බොහෝ විට නැතුව ඇති. ඇයි ඒ. කොහේ දි ද අපට වැරදුනේ. අපට වැරදුනේ නෑ. අපට ලැබුණු පිළිතුරට වඩා අඩු අගයන් යොදා පිළිතුරක් ලැබුනේ අපේ Leverageඑක Broker විසින් වැඩි කරල දිපු නිසා. එතකොට අපට වාසියි. එතකොට 200:1 කියන Leverage එක තමයි අපේ අවම Leverage එක.

ඔක්කොම හරි එත් මොකක්ද මේ Margin? Margin කියලා හඳුන්වන්නේ අපි Trade එකක් Open කරන කොට Broker Company එක විසින් යම් මුදලක් අපේ ගිනුමෙන් අඩු කර ගන්නවා. ඒ අඩු කර ගත් මුදල නැවත අපේ ගිනුමට ලැබෙනවා, අපි Trade එක Close කරාම. ඔන්න ඔය මුදල තමයි Margin කියලා හඳුන්වන්නේ. පැහැදිලි නේද?

Free Margin :- කියන්නේ EquityMargin = Free Margin . මේ Free Margin එක දිහා බලල තව Trade Open කරන්න පුළුවන් ද බැරි ද කියලා අදහසක් ගන්න පුළුවන්.

Margin Level: - මෙහි පෙන්වන්නේ ප්‍රතිශතයක් විදියට ගණන‍ය කරන්නේ. Margin Level = Equity / Margin x 100, තව විදියකින් කියනවා නම් Free Margin එක ප්‍රතිශතයක් විදියට පෙන්වන එක තමයි කරන්නේ. මෙතන පොඩි දෙයක් තියෙනවා. MT4 එකේදි Margin Level එක ගණනය කරන්නේ වෙනත් ක්‍රමයකට.

Margin Level = Equity / (12390/200) x 100

මෙතන 12390 වෙන්නේ අපේ 0.1 Lot ගන්න යන $ ප්‍රමාණය.

200 වෙන්නේ අපේ Leverage එක.

මේ විදියට ගණනය කරල බලන්න. හරියටම පිළිතුර ලබා ගන්න පුළුවන්.මෙන්න මේ Margin Level එක හුඟක් වැදගත්.

අපි ප්‍රායෝගික උදාහරණයක් බලමු. කවුරු හරි $ 1000 ක් යොදවලා Account එකක් පටන් ගන්නයි. ඊට පස්සේ එය Lot 0.1 ක  Buy Trade එක Open කරනවා. මෙන්න මේ Buy Trade එක Open කරාට පස්සේ මේ Trade එක නරක අතට හැරිලා Open කළ Rate එක 1.4010 නම් දැන් 1.3900, 1.3801, 1.3680 ආදි ලෙස අඩු වෙනවා. මේ අඩු වීමත් එක්කම මේ Margin Level එකත් අඩු වෙනවා.

තව දෙයක්, කිසිම දවසක Forex Trading වල අපි යොදවපු මුදලට වඩා අපට නැති වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි යෙදෙව්වේ $ 1000 ක් නම් අපේ උපරිම Loss  එක වෙන්න පුළුවන් $ 1000 ක් විතරයි.

අපි යොදවන මුදලට වැඩි මුදලක් අපට Loss වෙන්නේ නැත්තේ අපේ මුදල් Loss වීමක් සමඟම Forex Broker Company  එක අපේ Trades ස්වයංක්‍රියව Close කරනවා. සාමාන්‍යයෙන් Margin Level එක 50 % දි විතර අපේ Trade Close වෙන්න ආසන්නයි කියලා Warning Message  එකක් එනවා. 

MT4 එක මගින් මෙන්න මේ Warning Message එක අපි Margin Call කියලා හඳුන්වනවා. තවත් ඉදිරියට අපේ Trades Loss වේගෙන යනවා නම් Margin Level එක 20% විතර අපේ Trade Close වෙන්න පටන් ගන්නවා. 20% සිමාව Stop Out Level කියලා හඳුන්වනවා. 

මේ සඳහන් කරුණු 20%, 50%  කියන සිමාවන් Forex Broker Company  එක අනුව වෙනස් වෙනවා. ඒ වගේම Margin Call Level එක හා Stop Out Level කියන ඒවා එකම level එකක වෙන්නත් පුළුවන්. Trade Close වෙන කොට ඉහලම පාඩුව තියෙන Trade එකේ ඉඳලා තමයි Close වෙන්නේ.

පහත රූප සටහන බැලුවාම වටහා ගන්න පහසු වෙයි.


ඉහත රූප සටහන හුදෙක්ම වටහා ගැනිමට පමණයි. ලබා දිල තියෙන සංඛ්‍යා නිවැරදි අගයන් නෙමෙයි.

දැන් ‍වැ‍ටහෙනව නේද? Margin Level එකේ තියෙන වැදගත්කම.

ඊටත් වඩා වැදගත් දේ තමයි Margin Call  එකක් නොඑන තැනට කටයුතු කරන එක.

අද කථා කරද්දි වැදගත්ම මාතෘකාවක් ගැන. අපැහැදිලි තැන් තියෙනවා නම් අහන්න. තේරුම් ගැනීම හුඟක් වැදගත්.







මුදල් කළමනාකරණය - 01


Lesson – 17

17- Money Management - 01

අද අපි කථා කරන්නේ අතිශයින්ම වැදගත් කරුණු කිහිපයක්. Money Management හෙවත් මුල්‍ය කළමනාකරණය. මොක්කද මේ ?

සරලවම කිවොත් අපි Forex වලට යොදවන මුදල් Lost වීමකින් තොරව ලාභ උපයන විදියට භාවිතා කරන්නේ කොහොම ද කියන එක තමයි අදහස් වෙන්නේ. අපි පෙර කථා කරා Forex Trading වලින් සාර්ථක වෙන්නේ 5% - 10% පමණක් බව.

ඇයි එතකොට ඉතිරි 90% දෙනා අසාර්ථක වෙන්නේ. ඊට හේතු කිහිපයක් සඳහන් කරන්න පුළුවන්.

Forex Trading ආරම්භ කරන බොහෝ අධුනිකයන් සිතන්නේ,

v  වාසනාව මත Trade වලින් ලාභ උපයන්න පුළුළුන් බව.

v  Trade එකකින් අපේක්ෂිත Profit ලබාගෙන තිබියදී තව තවත් Profit ගැනිම සඳහා ඒ Trades  එක close නොකර පවත්වා ගැනීම - අධික ලෝභකම

v  Forex Trading යනු යමි කිසි ක්‍රිඩාමය දෙයක් බව එය ජයග්‍රහණය කර හැක්කේ වාසනාව , දෛවය මත බව, ඒ නිසාම Forex Trading පිළිබඳව නිසි හා පුළුල් අවබෝධයත් ලබා ගැනීමට දක්වන මැලිකම.

v  Forex Trading සඳහා ප්‍රමාණවත් මුදලක් නොයෙද වීම .

v  පැහැදිලි අරමුණක් නැතිකම.

v  බුද්ධිමත් වීමට වඩා චිත්තවේග හා ආවේග වලට මුල් තැන දි Trading වල යෙදිම.

v  Trading එකක් Loss වු පසු එය ඉතා ඉක්මණින් පියවීමට යාම.


ඔන්න ඔය කරුණු එකක් හෝ කිහිපයක් නිසා 90% ක් දෙනා Forex Loss වෙනවා. ස්වයං විවේචනයක් කරගෙන බලන්න මින් කරුණු කීයක් ඔයාල ළඟ තියෙනවාද කියලා.

Demo Account එකේ  Trading කරගෙන යද්දි අවබෝධ වෙයි. මතක තියා ගන්න මේ එක කරුණක් (දුර්වලතාවන්) හරි ඔයාල ළඟ තියෙනවා නම් ඔයත් ඉන්නේ අර 90% ගොඩේ. අන්න ඒ නිසා ඉහත දුර්වලතා මඟ හරවා ගෙන අර 10% දෙනා අතට පැමිණෙන්න.

ඒ වගේම තමයි ප්‍රවීණයෙක් කියන්නේ මෙන්න මේ දුර්වලතාවන් මඟ හරවා ගත්ත Trader කෙනෙකුට. මෙහෙම හිතන්නකෝ,

ඔන්න අපි ඉහත කථා කරපු දුර්වලතාවයන් තියෙන දෙන්නෙක්ම යොදා ගෙන එක අයකුට Buy Order එකකුත් අනෙක් එක්නොට  Sell Order එකකුත් Open කරන්න අවස්ථාව දෙනවා. යම්කිසි ‍කාලයකට පස්සේ මෙයාල දෙන්නගෙන් ප්‍රතිඵල බැලුවෙත් දෙන්නම තම තමන්ගේ Trades Loss කර ගෙන ඉන්නට දැක ගන්න පුළුවන් වෙයි.

දැන් ඉහත දුර්වලතාවන් නැති ප්‍රවීනයන් දෙන්නෙක් යොදා ගෙන ඉහත පැවරුම පැවැරූවොත් ඒ දෙන්නට තම තමන්ගේ Buy Order හා Sell Order වලින් Profit ලබලා තියෙනවා පෙනෙයි.

එක නිසා ඔයාලගේ Demo Accounts යොදා ගෙන ඉහලටම පුරුදු වෙන්න.

ප්‍රවීනයෙක් වෙන්න. Forex Trading වලින් ජයග්‍රහණය කරන්න.