Friday, October 16, 2015

Fibonacce R සමග Trend lines

Fibonacci Retracement සමග Trend lines යොදන ආකාරය.

please follow link http://howtoforexwin.blogspot.com/2015/10/trader.html

Thursday, October 15, 2015

Fibonacci R with S & R

Fibonacci retracement with support & resistance level යොදා ගන්න ආකාරය.


please follow link http://howtoforexwin.blogspot.com/2015/10/trader.html


Monday, October 12, 2015

How to use Fibonacci for Trading

How to use Fibonacci for Trading


ඉතින් හුගක් කාලෙකට පස්සේ නේද ? හුගාක් busy උනා. දිගටම මේ ලිපි පෙළ පෙළ අනුගමනය කරපු අයට සිදූවූ අපහසුතාවය පිලිබදව කණගාටුව පල කරනවා.

මේ ලිපියේ පලවෙනි ලිපිය දැනටමත් පල කරලා ඉවරයි. ඔයාල බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් බලන්න. http://howtoforexwin.blogspot.com/2014/12/fibonacci-trading.html

අද අපි Fibonacci යොදා ගනිමින් trade එකකට enter වෙන ආකාරය පිලිබදව අවදානය යොමු කරමු.

trade කිරීමට පළමුවෙන්ම අපි කරන්න ඕනේ දෙයක් තමයි Fibonacci Retracement Levels සොයා ගැනීම.

කොහොමද මේක හොයා ගන්නේ. 

අමතක උනා කියන්න. මේ fibonacci trading theory එක වඩාත්ම හොදින් ගැලපෙන්නේ market එක trend වෙන වෙලාවට විතරයි. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිවම up or down trend එකක් හොදින්ම පෙනෙන්නට ඕනේ. එහෙම නැති වෙලාවට මේ දේ යොදා ගන්න යන්න එපා.

ඉතින් මේ retracment level සොයා ගැනීම සදහා up trend එකකදී නම් පහලම candle එකේ ඉදන් ඊළගට තිබෙන ඉහලම candle එකට fibonacci line එක නිර්මාණය කර ගන්න. මෙතන පහලම හා ඉහලම candle කියන එකෙන් අදහස් වෙන්නේ මේ කියන candle දෙක බැලු බැල්මටම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ( swing high හා swing low ස්ථාන ) කියල හදුන්වනවා.

down trend එකක් සදහා නම් මේකේ විරුද්ද පැත්ත. නැවත විස්තර කරන්න ඕනේ නැහැ නේද ?


දැන් අපි ප්‍රයෝගික යොදා ගැනීමක් බලමු. මුලින්ම up trend එකක් සදහා


ඉහත රුපයේ eur/usd ට අදාල daily chart එක දක්වල තියෙනවා. ඉතින් අපි මොන වේලාවේද up trend එකක් යොදන්නේ ?

ඔයාලට පෙනෙනවා නේද මේ රුප සටහනේ ( 23.6, 38.2, 50.0, 61.8, 100.0, 161.8, ..... ) ආදී වශයෙන් දක්වල තියෙනවා.

ඉතින් අපි buy කරන්න හොයනවනම් මේ කියන ස්ථාන ටික තමයි හොදම ස්ථාන වෙන්නේ. 0.0 නම් යොදන්න යන්න එපා.

බලන්න මේ කියන ස්ථාන වල අපට ලැබිල තියෙන්නේ support level එකක් කියල නේද. මේ කියන ස්ථාන වලට ලග උනාට පස්සේ නැවත price action එක ඉහල ගිහින් නේද ?

තව එකක් මේ කිසිම ක්‍රමයක් 100% ගලපෙන ක්‍රම නෙමෙයි කියල මතක් තබා ගන්න. දැන් මේක බලන කෙනෙක් අහන්න පුළුවන් මේ කියන level වලටත් වැඩිය පහත ගිහිල්ල නේද කියල. ඔව් ඔබ හරි.  නමුත් මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේ ක්‍රම 100% සාර්ථක වෙනවා නම් මේ ලෝකේ ඉන්න සියලුම trader ල මේවා යොදා ගෙන සාර්ථක වෙන්න පුළුවන් කියන එක. එක ඇත්ත නෙමෙයි කියල ඔයාල දන්නවනේ. trader ලාගෙන් 10% අඩු ප්‍රමාණයක් විතරයි ගොඩ යන්නේ. ඒ ප්‍රමාණයට ඇතුලත් වෙන්න ඔයාලත් දක්ෂ වෙන්න ඕනේ.

ඒ වගේම මේ කියන level වලදී price එක ඉහල නැගීමක් අනිවාර්ය නැහැ. kill zones කියල දෙයක් ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලා පොරොත්තු වෙනවා.

මේ කියන දේ විතරක් නෙමෙයි forex trade යෙදීමේදී නිවැරදි වෙලාවට trade යෙදීමත් නිවැරදි වෙලාවට ඉවත් වීමත් ඉවසීමත් කියන සියලු දේ හුගාක් වැදගත් වෙනවා.

එහෙනම් ඇති වගේ නේද ඉදිරි ලිපියෙන් අපි down trend ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.






Sunday, October 11, 2015

How to use Fibonacci for trading

please follow link http://howtoforexwin.blogspot.com/2015/10/trader.html

සියලුම trader වෙත

සියලුම trader වෙත සතුටින් දැන්වීමට කැමෙත්තෙමු.


මෙතෙක් කලක් ප්‍රමාද වී තිබු ලිපි පෙළ නැවත ඇරැබිමට තීරණය කරා. ඒ වගේම ඉදිරියේ පලවන ලිපි සියල්ලම සාමාජිකයන්ට පමණක් වෙන් කිරීමට තීරණය කරා හේතු කිහිපයක් මත.

සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය

1. ඔබ මා විසින් ලබා දුන් referrer එක මගින් ලියාපදිංචි අයෙක් නම් ඔබගේ nordfx ගිණුම් අංකය මා වෙත යොමු කරන්න. ඔබ අවම වශයෙන් මසකට lot 1 ක ප්‍රමාණයක් trade කල යුතුය.

2. ඔබ වෙනත් සමාගමක් සමග නම් ඔබ මේ ලිපි බාවිත කිරීම සදහා මසකට $ 5 ක මුදලක් ගෙවිය යුතුය. අවම මාස 9 ක් සදහා ලියාපදිංචි විය යුතුය. වැඩි විස්තර දන ගැනීම සදහා ඔබගේ email ලිපිනය එවන්න.

3. වර්ෂයක් සදහා නම් $ 55 ක් පමණ වේ.


මසක් සදහා අවම වශයෙන් ලිපි 5 ක ප්‍රමාණයක් ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.

ලිපි 60 කට අදික ප්‍රමානයක් ඔබට පෙර මෙන් නොමිලේ පරිශීලනය කල හැක.


Question & Answers

1. මේ සදහා මුදලක් අය කරන්නේ ඇයි ?

2013 වසරේ ඇරබි මෙම වෙබ් අඩවිය දැනට ලිපි 60 කට අසන්න ප්‍රමානයක් පල කර ඇත. ඒ සියලු ලිපි ඔබට පෙර මෙන්ම ඉදිරියටත් නොමිලේ පරිශීලනය කල හැක. නමුත් මෙම ලිපියක් ඔබ වෙත ලබා දීම සදහා මා හට පැය 2 -4 ත් අතර කාලයක් වැයවේ. ඉදිරි කාලයේ මා පුර්ණ කාලිනවම මේ සදහා සහබාගී වීමට අදහස් කරන බැවින් මගේ කාලය සදහා යම් මුදලක් අය කිරීම සාදාරන තීරණයකි.

2. Forex signal  ලබා දෙනවාද ?

දැනට ඒ සදහා තීරණයක් ගෙන නොමැති අතර, එසේ තීරණය උවහොත් ඒ සදහා වෙනම ලියාපදිංචි වීමේ ක්‍රම වේදයක් හදුන්වා දීමට අදහස් කරයි. කෙසේ උවද Forex signal පිලිබදව මා පෙර ලිපියක විස්තර කර ඇත. Forex signal ( මොනයම් හෝ ආයතනයකින් ) බලාපොරොත්තු වීමට ප්‍රථම ඒ ලිපිය නැවත වරක් කියවා බලන ලෙස යෝජනා කරනු ලැබේ.

3. මේ සදහා මුදල් ගෙවා ලියාපදිංචි විය යුතුමද ?

නැත. කරුණාකර සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය 1 කියවන්න.



ඉදිරියේදීත් ඔබ විසින් ඉදිරිපත් කරන පොදු  ප්‍රශ්නවලට මෙහිදී පිළිතුරු ලබා දෙනු ඇත.