Friday, January 16, 2015

ඔබේ අවදානයට


දැනට අපි ලිපි 60 කට අසන්න ප්‍රමාණයක් පල කරලා තියෙනවා. ඉදිරියේදී යම් වෙනසක් කරන්න අදහසක් තියෙනවා. එක නිසා මට මේ බ්ලොග් එක බලන අයගේ විස්තර ටිකක් එකතු කර ගන්න අවශ්‍යයි. ඒ අනුව එයාලගේ email වලට ලිපි mail කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එක හේතුවක් තමයි මේ ලිපි අනවසරයෙන් උපුටා පල කිරීම.

ඔයාල තව දුරටත් මේ ගැන උනන්දු වෙනවනම් පහත විස්තර සදහන් කරලා බ්ලොග් එක හරහා msg කරන්න.


Name or Nick name :

email :

Did you have forex account ?

Broker Name :

Real ac or Demo ac :

City & country :

any suggestion about blog ?



Thanks.

Tuesday, January 13, 2015

Relative Strength Index

Relative Strength Index



මුලින්ම සුභ Forex වර්ෂයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව පාලනයක් තමයි උදා වෙලා තියෙන්නේ. හුගක් වෙලාවට ආර්ථිකය පැත්තෙන් ගත්තොත් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල හිතෙනවා. විදේශ විනිමය සම්බන්දයෙන් උනත් වෙනසක් බලාපොරොත්තු වෙන්නව පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ හුගක් ප්‍රසිද්ද tool එකක් ගැන. මොකක්ද මේ rsi (Relative Strength Index) කියල හදුන්වන්නේ. මේ tool එකේ අගයන් 0 සිට 100 දක්වා තියෙන බව ඔයාලට බලා ගන්න පුළුවන්. RSI අගය 30 ට අඩුනම් market එක oversold තත්වයේ තියෙනවා. ඒ වගේම RSI අගය 70 ට වැඩිනම් market එක overbought තත්වයේ තියෙනවා කියල අදහස් කරනවා.


ඉහත දක්වල තියෙන්නේ oversold අවස්ථාවක්. මොකක්ද මේ oversold & overbought කියල අදහස් කරන්නේ ?

අපි එකක් ගැන විස්තර කරමු. oversold කියල කියන්නේ, market එක sell ප්‍රමාණය ඉක්මවල ගිහිල්ල කියන එක. ඒ කියන්නේ තව දුරටත් market එක down වෙන්න තියෙන ඉඩ අවම මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අපි sell order එකකට යන එක අවදානම් වැඩක්.

ඊළගට overbought වෙන්නේ සම්පුර්ණයෙන්ම විරුද්ද දේ. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැ නේද ?

ඉතින් මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න ඕනේ ? oversold ගිය අවස්ථවක buy order දාන එක හොදයි කියල සමහරවිට ඔයාල හිතන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම් අනුවනම් මම එක අනුමත කරන්නේ නැහැ. ඒ උනත් scalper traders වල යෙදෙන අයට මේ ක්‍රමය වැසි දායක වෙන්න පුළුවන්.

trend එකක් හදුනා ගන්න RSI අගය යොදා ගන්නේ කොහොමද ?

ඔයාල buy order එකක් දාන්න හදනවනම් බලන්න rsi අගය දිහා, ඒ අගය 50 න් ඉහල ( සාමාන්‍යයෙන් 65 න් පහල ) තියෙනවනම් buy order එකකට යොමු වෙන්න පුළුවන්.

sell order නම් rsi අගය 50 න් පහල ( 40 න් ඉහල වගේ ) තියෙනවනම් sell order වලට යොමු වෙන්න පුළුවන්.

මේක සරල tool එකක් උනාට අපට හුගක් වැදගත් වෙනවා. මම අනිවාර්යෙන්ම බාවිතා කරන එකක්.