Sunday, December 28, 2014

Parabolic SAR

Parabolic SAR

අදත් හුගක් සරල indicator එකක් තමයි ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. parabolic SARකියල කියන්නේ. SAR වදනේ දිගු අදහස වෙන්නේ stop And Reversal කියන එක. ඉතින් මේ අර්ථයෙන් ගත්තාම මේ indicator එක මගින් කෙරෙන දේ ගැන යම් ඉගියක් දෙනව වගේ නේද ? stop and reversal......

හොදයි. අපි මේ තාක් දුරට අපේ අවදානය වැඩි වශයෙන් යොමු කලේ trend එකක් හදුනා ගැනීම සදහා නේද ? ඔයාල දන්නවද trend එකක් හදුනා ගන්න වගේම නිවැරදි වෙලාවේදී ඒ trend එකෙන් ඉවත් වෙන එකත් අතිශය වැදගත් බව. අන්න ඒ සදහා උපකාර කර ගන්න පුළුවන් indicator එකක් තමයි මේ.


ඉහත රුපයේ තියෙන කොළ පට dot ඔයාලට පෙනෙනවා නේද. ඔන්න ඕකට තමයි කියන්නේ parabolic SAR  කියල.

අපි බලමු කොහොමද trade සදහා මේ indicator එක යොදා ගන්නේ කියල.


රුපයේ විදියට candle වලට ඉහලින් මේ කියන dots පිහිටලා තිබුනොත් එක sell එකක් පිලිබදවත් candle වලට යටින් පිහිටලා තිබුනොත් buy එකත් ගැනත් අපට signal එකක් දෙනවා. එක තමයි කිවේ මේක හුගක් සරල indicator එකක් කියල.

තව දෙයක් market එක ranging වෙලාවට හෝ හුගක් රළු ( choppy market ) කාල වෙලාවල් වලදී මේක යොදා ගන්න යන්න එපා.

trend එකෙන් ඉවත් වෙන වෙලාව කොහොමද හොයා ගන්නේ කියල බලමු.


ඔයාලට පේනවා නේද මේ කහ පාටින් ලකුණු කරලා තියෙන ප්‍රදේශය. එ කියන්නේ මුල් dot තුන. මෙන්න මෙහෙම දෙයක් අපේ chart එකේ display උනොත් එක හොද ඉගියක් ලබා දෙනව trend එක reversal වෙනවා  කියල. ඉතින් අපි මොකද කරන්නේ ඕනේ. වෙන මොනවා කරන්නද අපි දාමු orders ටික close කරලා profit ගන්න එක නේද .


Friday, December 26, 2014

Bollinger Bands

Bollinger Bands


කියල හදුන්වන්නේ chart indicator එකක්. මේක හොයා ගත්තේ john Bollinger කියල විද්වතෙක්. මේ indicator එක යොදා ගෙන අපට market එකේ වාෂ්පෂීලිතාවය (volatility) ලේසියෙන් හොයන්න පුළුවන්.

පළමුවෙන්ම කියන්න ඕනේ මේක ලොකු tool එකක් වත් ලොකු සංකීර්ණ ගණනය කිරීමක්වත කරන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම උනත් මේක නිර්මාණය වෙන විදියනම් ටිකක් සංකීර්ණ දෙයක්. ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කාට හරි උවමනා නම මේ link ඒකෙන් වැඩි විස්තර ගන්න පුළුවන් www.bollingerbands.com

පහත රුපය බලන්න.




ඔය රුපයේ ඔයාලට පෙනෙනවා නේද line 3 ක්. අපි යොදා ගෙන තියෙන්නේ bollinger bands (20) ට අදාළ සටහන. ඒ කියන්නේ මේක නිර්මාණය වෙන්නේ පසුගිය candle 20 දායක වෙලා තියෙනවා. මේ මැද line එක නියෝජනය කරන්නේ 20 sma එක. මතකයිනේ sma කියන්නේ මොකක්ද කියල simple moving average හැබැයි මේ sma එක bollinger bands වලට සෘජුවම අදාළ වෙන්නේ නැහැ.

කොහොම උනත් මේ indicator එක යොදා ගෙන market එකේ trend එකක් තියෙනවද කියල පහසුවෙන් සොයා ගන්න පුළුවන්. කොහොමද ?

ඉහත රුපය වගේ තිබුනොත් market එකේ trend එකක් නැහැ. බලන්න තියෙන විදිය මේ line දෙකම ඉතාම ලගින් නේද පිහිටන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනව market එක නිහඩ වෙලා කියල.

දැන් මේක බලන්න




මොකද වෙලා තියෙන්නේ ? අපි කතා කල line දෙක තව දුරටත් ලංවෙලා ගමන් කරලා තියෙනවද ? නැ නේද ? මේ අවස්ථාවේදී market එකේ trend එකක් තියෙනවා කියල පැහැදිලි නේද. ඒ වගේම මේක අපි හදුන්වනවා market එකේ ප්‍රසාරණ අවස්ථාවක් කියල.


The bollinger bounce

කියන එකේ සාමාන්‍ය අදහස තමයි price action එක ඉහල line එක කරා ලගා උනාම නැවතත් පහලට ගමන් කිරීම හා / හෝ price action එක පහල line එක කරා ගමන් කරාම නැවතත් ඉහලට ගමන් කිරීම. market එක ranging වෙලාවට හෝ trend එකක් පැහැදිලි නොවෙන අවස්ථාවක මේ සාදකය යොදා ගෙන අපට trade කරන්න පුළුවන්. තව එකක් මේ අවස්ථාවේදී bolinger bands එක Dynamic support & resistance level එකක් ආකාරයටත් ක්‍රියා කරනවා කියල ඔයාලට පැහැදිලි වෙයි.

මේ තියෙන්නේ Bollinger bounce එකට උදාහරණයක්

stock-options-made-easy.com




පැහැදිලි නේද කතා කරපු දේ ? එහෙනම් මොකක්ද ඔයාලගේ trade එක දැන් ? buy order ද ? sell order ද ?

ඔයාල හිතනවනම් දැන් sell කරන්න ඕන කියල. බලන්න වෙලා තියෙන දේ ?


stock-options-made-easy.com


ඔයාල 100% නිවැරදියි. මගෙන් සුබ පැතුම්..........

තව දෙයක් මේක දිගු time අගයක් සදහා වඩාත් නිවැරදි ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.


Bollinger squeeze

කියල හදුන්වන්නේ, වචනයෙන් විස්තර කරනවට වැඩිය පහසුවෙන් පහත රුපය බැලුවම තෙරුම් ගන්න පුළුවන් වෙයි. බලන්න රුපයේ රවුම් කරලා තියෙන දිහා.



මෙන්න මේ අවස්ථාව market එකේ ලොකු trend එකකට සැරසෙන අවස්ථාවක්. උඩ කරනම් හෝ බිම කරනම් :)

කොහොමද මොන කරනමද කියල අනුමාන කරන්නේ ? ඔයාලට පෙනෙනවද පොඩි රව්මෙන් දක්වල තියෙන තැන ? එතන අපේ bands line එක ඉහල line එක කඩාගෙන candle එක up වෙලා තියෙනවා නේද ?

මෙන්න මේ වගේ අවස්ථාවක අපට ඊළගට වෙන trend එක up trend එකක් කියල අනුමාන කරන්න පුළුවන්. එහෙනම් ඔන්න දැම්ම buy order . බලන්න වෙලා තියෙන දේ ?



අපේ අනුමාන කිරීම නිවැරදි නේද ? ඉතින් මෙන්න මෙහෙම තමයි bollinger squeeze වැඩ කරන්නේ.

මේ කියන bollinger bands යොදා ගෙන තව වැඩ කරන්න පුළුවන්. ඒවා අපි පසුව කතා කරන්න තියා ගමු. කොහොම උනත් මේ ගැන පැහැදිලි අවබෝදයක් ලැබෙන්න ඇති කියල හිතනවා.


ඒ වගේම මේක අයිති වෙන්නේ leading indicator කොටසට.



Thursday, December 18, 2014

Indicators

Leading & Lagging indicators



Fibonacci Trading ගැන ටිකකට අමතක කරලා අද අපි indicators ගැන කතා කරමු. ප්‍රදාන වශයෙන් indicator වර්ග දෙකකට බෙදන්න පුළුවන්.

Leading indicators and lagging indicators  කියල.


ඔයාල වුර්තිමය වශයෙන් Forex කරනවානම් මේ කියන tools, indicator ගැන අතිශය පුළුල් අවබෝදයක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ කියන්න සාම indicator එකකම තියෙන අවේනික හැකියාවන් හා දුර්වලතයන් පිලිබදව. පොදුවේ පිළිගන්න ඕනේ දෙයක් තමයි සියලුම indicator ගැන අපට අවබෝද කර ගන්න බැරි බව. එසේ උනත් අප වැඩි වශයෙන් බවිත කරන හා ප්‍රසිද්ද indicator පිලිබදව දැනුමක් තිබීම අවශ්‍ය දෙයක්.

මේ Leading indicator මගින් trend එකක් පටන් ගන්නට පෙර අපට trend එක පිලිබදව දන්නනවා.  එතකොට lagging indicator මගින් වෙන්නේ මේකේ විරුද්ද පස. ඒ කියන්නේ trend එකක් පටන් අර ගෙන ටික කාලයකට පස්සේ තමයි අපට කියන්නේ trend එක පටන් ගත්ත කියල.


ඉතින් මොකක්ද ඔයාලගේ තීරණය ? leading ද ? lagging ද ? ( MR or MY3 ?? :)

http://www.cartoonstock.com/directory/p/performance_review.asp



Leading indicator තොරා ගැනීම මගින් මුලින්ම trend එක හදුනා ගෙන වැඩි profit ප්‍රමාණයක් හොයල ගොඩ යන්න පුළුවන් නේද ? ඒ කියන්නේ trend එක පටන් ගන්නත් පෙර ඉදල මෙයා අපට signal දෙනවනේ. ඔව් ඇත්තටම අපට මේ indicator යොදා ගෙන වැඩි profit එකක් ගන්න පුළුවන්, මෙයා අපට නිවැරදි ලෙස signal දුන්නොත්. හැබැයි ඔයාල දන්නවද මේ indicator වර්ගය බොහෝ අවස්තා වල අපට ලබා දෙන්නේ නිවැරදි signal නෙමෙයි. මෙයා හුගක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ වැරදි signal ලබා දෙන්නෙක් විදියට. ඒ කියන්නේ අපි ඉවරයි කියල නේද :)

එතකොට lagging indicator ගැන බැලුවොත්, මෙයා අපි පෙර කතා කරපු විදියේ බොරු කාරයෙක් නෙමෙයි. බොහෝ විට අපට නිවැරදි signal ලබා දෙනව. මෙයා අපට signal එක දෙන්නේ trend එක හරියටම confirm උනාට පස්සේ. ඔයාල දැනටමත් දන්නා දෙයක් තමයි trend එකක් පටන් ගෙන මුල්ම කාල තුල විශාල ලෙස අගය ඉහල හෝ පහල යාමක් සිදුවෙනවා කියල. ඉතින් අපට වෙන අවාසිය තමයි මෙන්න මේ කියන විශාල profit එක අපට මග හැරෙන එක. පැහැදිලි නේද ?

ඉතින් අද ඔයාලට ගෙනාවේ කුඩා ලිපියක් උනාට මේක හුගක් වැදගත්. අපි ඉදිරියේදී අපේ තියන සියලුම technical indicators පුළුල් වශයෙන් පහත දක්වල තියෙන ආකාරයට කොටස් දෙකකට බෙදල කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. Leading indicators or oscillators

02. Lagging, Trend-following or momentum indicators


ඉහත දක්වල තියෙන වර්ග දෙකම කලවම් කරලා අපට වඩාත් නිවැරදි signal ගන්න පුළුවන් කියල ඔයාලට පැහැදිලි වෙයි.

නිකන් කැරකිල්ල හදුනා වගේ උනාද ? ගනන් ගන්න එපා. අපි සරලවම කතා කරමු. ඒ අතර Fibonacci ගැන කතා කරන එක කල් දැම්මේ ඉදිරියට තියෙන ලිපි හැකි තරම් සරලවම ලියන්නේ කොහොමද කියල බලන්න ඕනේ නිසා.


Tuesday, December 9, 2014

Fibonacci Trading

Fibonacci  Introduction


ටික කලෙකට පස්සේ තමයි අද ලිපියක් ලියන්න හිතුනේ. අද අපි කතා කරන්න යන්නේ Fibonacci Trading ගැන. නමුත් පලුමුවෙන්ම කියන්න ඕනේ මේ Fibonacci  කියන මර්තෘකාවම අතිශයින්ම සංකීර්ණ විෂයක්.

Forex Trading වලට විතරක් නෙමෙයි මේක ලෝකයේ සියලුම ස්වබාවික හා ගණිතමය යෙදීම් සදහා යොදා ගත හැකි දෙයක්. මේ ලිපිය හැකි තරම් සරල ලෙස පල කරන විදිය පසු ගිය දින කිහිපයේම කල්පනා කරා. අපි පුළුවන් තරම් සරල විදියට කතා කරන්න බලමු. මොකද මේදේ ඔයාලට කියා දෙන්නේ නැතුව ඉදිරියට යන්න අදහසක් මට නැ.

මොකක්ද මේ කියන Fibonacci number කියල හදුන්වන්නේ ?

පහත දක්වල තියෙන ඉලක්කම් රටාවේ යම්කිසි රිද්මයක් හදුනා ගන්න පුලුවන්ද කියල බලන්න. ඊට පස්සේ පහත විස්තරය කියවන එක ඔයාලගේ මොලයට කරන යම් වියායමයක් වෙයි.

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144,.................................................

image from https://prezi.com/vbuowqvppwyd/fibonacci/

ඔයාල රටාව හදුනා ගත්තද ?

මුලින් තියෙන ඉලක්කමට ඊළගට තියෙන ඉලක්කම එකතු වෙලා තමයි ඊළගට තියෙන ඉලක්කම හැදිලා තියෙන්නේ. බලන්න එහෙම නෙමේද කියල ?

0 + 1 = 1

1 + 1 = 2  ඔහොම ගිහින් ....................... 13 + 21 = 34,    34 + 55 = 89 යනාදී වශයෙන් දිගටම යන්න පුළුවන්.

පැහැදිලි නේද ?

ඉතින් ඊළගට ? ඊළගට මේ number පේලියේ ටිකක් ඉදිරියට ගිහින්, ඔයාල බැලුවොත් නිකමට වගේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් අතර අනුපාතය ඔයාල පුදුම වෙයි. අපි බලමුද ?

21 / 34  =  0.618

34 / 55 = 0.618

89 / 144 = 0.618 යනාදී වශයෙන් නොවෙනස් අනුපාතයක් ලැබෙනවා. විස්වාස නැද්ද ? කරලම බලන්න.


ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි මේ අනුපාතය බැලුවේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් යොදා ගේනනේ. දැන් අපි බලමු ඉලක්කමක් ඇරල ඉලක්කමක් විදියට. පහත උදාහරණය බලන්න.

21 / 55 = 0.382

55 / 144 = 0.382 යනාදී නොවෙනස් අනුපතයම අපට ලැබෙනවා.

මෙන්න මේ ඉහත දක්වල තියෙන අනුපාත අපි golden mean කියල හදුන්වනවා.

ඉතින් කව්ද මේක හොයා ගත්ත වැඩ කරු ? Leonardo Fibonacci කියන ඉතාලි ජාතික විද්වතා ශත වර්ෂ ගණනාවකට පෙර සොයා ගත්ත දෙයක් තමයි මේ. වැඩි විස්තර ඕනේ නම් පහල link වලින් ගිහින් බලන්න.

http://en.wikipedia.org/wiki/Fibonacci

ප්රයොගික යෙදීම් ගැන දැන ගන්න බලන්න.

http://www.mathsisfun.com/numbers/golden-ratio.html





මේ විෂයය හුගක් සංකීර්ණ විෂයක් විදියට අපි කතා කලත් අපි ඉගෙන ගන්න යන්නේ ඉතාම සුළු කොටස් දෙකක් විතරයි. ඉහත දක්වල තියෙන ගණනය කිරීම් සියල්ලම වගේ දැන් තියෙන ඕනෙම charting software එකක් මගින් ඉතාම සුළු වෙලාවක් තුල අපි වෙනුවෙන් කරලා දෙනව.

එහෙනම් ඉතින් අහවල් එහෙකටද මෙච්චර දේවල් කතා කලේ ? මතක් තබා ගන්න, අවම තරමේ අපට යම් දෙයක් සිදුවන ආකරය පිළිබද මුලික අවබෝදයක් වත් තිබිම ඉතාම අවශ්‍ය කරුණක්. එහෙම නුනොත් අපි නිකන්ම රොබෝවරු වගේ වෙයි නේද ?


මොකක්ද අපි ඉහත සදහන් කල කොටස් දෙක ?

01. Fibonacci Retracement Level

0.236, 0.382, 0.500, 0.618, 0.764



02. Fibonacci Extension Level

0, 0.382, 0.618, 1.000, 1.382, 1.618


මේවා නිර්මාණය වෙන ආකාරය අපේ ලිපියෙ මුලික අරමුණු වලට දායක වෙන්නේ නැති නිසා කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඉදිරියේදී යම් කාලයක් තිබුනොත් අපි කතා කරමු.