Thursday, March 21, 2013

Bid,Ask


Lesson – 12

                                               Bid, Ask Prices

පසුගිය ලිපියේ MT4 එක ගැන සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. ඒ වගේම ඒ ලිපියේ Market Watch Window එක හඳුන්වන කොට සඳහන් කලා මතක ඇති. ඒ වගේම දකින්න ඇති, අදාළ Currency pair එක ඉදිරියේ Currency values දෙකත් සටහන් වෙලා තියෙනවා. ඔයාල දැන් MT-4  Software එකට Log වෙන්න. පහත රූපය බලන්න.



ඇයි මේ Currency pair ඉදිරියේ Currency values දෙකක් දක්වල තියෙන්නේ. උදාහරණයක් විදියට EUR/USD ඉදිරියේ 1.3041 හා / 1.3043 විදියට නව විදියකට ලිව්වොත්,


     Symbols                               Bid                             Ask

    EUR/USD                           1.3041                         1.3043


ඔයාල අහල දැකලා ඇති රූපවාහිනියේ, පත්තර වලින් හෝ වෙනයම් මාධ්‍ය මගින් එදිනෙදා ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතිකය. උදාහරණ විදියට අද දින ලංකා බැංකුව මගින් ප්‍රකාශයට පත් කරපු Exchange Rote පහත දක්වල තියෙනවා.



මේකේ Buying Rate එක රුපියල් 125.0253 හා Selling Rate එක රුපියල් 128.7500 වෙනවා. මතක තියා ගන්න ඕනේ මේ කියන්නේ බැංකුව අපෙන් ගන්න හා විකුණන මිල කියලා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 125.0253 කට අපෙන් අරගෙන ඒ ඩොලර් එකම රුපියල් 128.7500 ක‍ට බැංකුව විකුණනවා. මේ වෙළදාමෙන් බැංකුව ඩොලර් එකකින් රුපියල් 128.7500 – 125.0253 = 3.7247 ලාභයක් ලබනවා.
 අන්න ඒ දෙයම තමයි මෙතන Bid Ask ලෙස දක්වල තියෙන්නේ. එතකොට අපිට පහත විදියට මේක ලියල තේරුම් ගන්න පුළුවන්.

Bid                 = Buying Rate

Ask                 = Selling Rate

ඒ වගේම නිතරම Selling Rate එකේ අගය Buying Rote එකේ අගයට වඩා වැඩියි. ඒ කියන්නේ නිතරම Ask අගය Bid අගයට වඩා වැඩියි.

දැන්ම Market Watch Window එකේ Currency වල Bid හා  Ask  අගයන් පරික්ෂා කරල බලන්න. එහෙම නෙමෙයිද කියල.

ඔයාල දන්නවද Forex Market එකේ  Brokers Company අපෙන් Commissions එකක් ගන්නේ නෑ කියලා. එතකොට කොහොමද ඒ ගොල්ලෝ ලාභ ලබන්නේ? Forex Brokers Company ලාභ උපයන්නේ Spared ඒකෙන්. මොකක්ද මේ Spared කියලා කියන්නේ ? Bid Price, Ask Price එක අතර තියෙන වෙනස තමයි කියල Spared හදුන්වන්නේ.

 උදාහරණ විදියට EUR/USD 1.3038 : 1.3040 මේකේ Spared එක සොයන්න.

EUR/USD   = 1.3040 - 1.3038

= 0.0002

පැහැදිලි නේද? මේ ගැන අපට තවත් විදියකින් කියන්න පුළුවන්. කොහොමද Pips වලින්,  Spared එක Pips වලින් 2යි. Pips ගැන පසුගිය පාඩමේදි අපි විස්තරාත්මකව කථා කරා.

මේ Spared එක Currency pairs අනුව වෙනස් වෙන බව ඔයාලට පෙනෙයි. Market Watch Window එක බැලුවම. Spared එක අඩුම pair එක තමයි EUR/USD. ඒ වගේම Trade කරන කොටස් අපි තෝරා ගන්න ඕනේ Spared එක අඩුම Currency pair එකක්.

 ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මේ ලිපි පෙල ප්‍රධාන වශයෙන් අරමුණු කරල තියෙන්නේ EUR/USD සඳහා. හේතුව වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන Currency pair එක වෙන්නේ EUR/USD. එහෙම වුනත් අනෙත් Currency pair සම්බන්ධයෙන් වුනත් මේ ලිපි පෙල 95% කට වඩා නිවැරදිතාවයකින් යුක්තයි.


අපැහැදිලි නැත් තියෙනවා නම් අහන්න. අනිවාර්යෙන්ම පිළිතුරු ලැබෙයි.




Meta Trader 4 හැඳින්විම


Lesson – 11

                                        11- Meta Trader 4 හැඳින්විම.

පසුගිය පාඩමේදී MT-4 Software එක Download කර  install කරගෙන එම Software එක මගින් අපගේ Demo Account එකට log වුනා. අද අපි MT4 Software එකේ මුලික සැලැස්ම පිළිබඳව කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම ඔයාල MT4 එක Open කරන කොට වෙනස් වෙනස් Currency pairs 4ක් නියෝජනය කරමින් Chart Windows 4ක් දකින්න ලැබෙයි. ඊ‍ට ඉහලින් icons විශාල ගණනක් ඇති Toolbar හා වම් පැත්තෙන් Market Watch Window එකත් පහලින් Navigator Window එකත් දකින්න ලැබෙයි. මේ Market Watch Window ඒක ප්‍රධාන වශයෙන් Tab දෙකකට බෙරිලා තියෙනවා. එම Window එකේ පහල බැලුවොත් Symbols, Tick Chart යනුවෙන් වෙන Tab 2 බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉහලින්ම Server Time එක පෙන්වනවා. මෙහි Symbol Tab එකෙන් මෙහි Trade වෙන සියලුම Currency pairs වල  Symbol, Bid හා Ask prices පෙන්වනවා. අපි Select කරන Currency pair එකට අදාළ Chart එක Tick Chart එක තුලින් ලබා ගන්න පුළුවන්. දැනට මේවා ගැන දළ අදහසක් ගන්තම ඇති. සියලු දේම ඉදිරියේදි විස්තර ඇතුව කථා කරමු. Bid, Ask prices ගැන එහෙම.

Market Window එකට පහලින් තියෙන්නේ Navigator Window එක. ඔයාගේ Account  ගැන indicator ගැන , Expert Advisers හා Scripts ගැන තමයි වෙනම තියෙන්නේ.විස්තර ඇතිව පස්සේ කථා කරනවා.

ඊට පහලින් තියෙන Window එක හදුන්වන්නේ Terminal Window නමින්. එහි Tab විශාල ගණනක් තියෙනව පේනවා නේද?

Trade, Account History, Alerts, Mailbox වගේ ඒවා දැන් අපි ඉදිරියේ දී කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

පහළ රූපය බලන්න. වඩාත් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.
Image From http://www.investopedia.com

MT-4 එක Open කරාම Chart Window 4ක් පෙනෙන්න තියෙන බව අපි කතා කථා කරා නේද? මේක Chart Window 4ක් කියලා සීමාවක් නෑ අපට ඕන තරම් Window ලබා ගන්න පුළුවන් අවශ්‍ය Currency pairs එක මත Right Click කරල ලැබෙන Menu එකෙන් Chart Windows  Click කරාම.

මේ ලැබෙන Chart Window අපට අවශ්‍ය පරිදි Settings හදා ගන්න පුළුවන්. Chart Windows එක Right Click කරලා Properties ගියාම.උදාහරණ විදියට කළු පාටින් දැක්වෙන Chart Window එකේ Background එක අපි කැමති පාටක් ලබා දෙන්න පුළුවන්.

ඔයාල පුරුදු වෙන්නත් එක්ක මේ Settings වෙනස් කරල බලන්න. Bar Down  එක රතු පාටින් හා Common Tab එකේ තියෙන Show Grid එක Deselect කරල තමයි මට ගැලපෙන විදියට මේ Chart Window එක සකස් කරගෙන තියෙන්නෙ. මේ සකස් කර ගන්න Chart Window එකකට අපි Template එකක් තියල හඳුන්වනවා. මේ Template එක අපිට Save කරල තියා ගන්න පුළුවන්. එතකොට නැවත නැවත මේ Settings සකස් කරන්න වුවමනා වෙන්නේ නැහැ.

ඒක කරන්නේ Template icon එක මත Mouse Pointer  එක අරගෙන යන්න. Icon එක මතට Pointer එක අරගෙන ගියාම ඒ icon එකේ නම පෙන්නයි. මේක ලේසියෙන්ම රූප සටහනකින් පෙන්නන්න පුළුවන් වුනත් ඔයාල පුරුදු වෙන්න ඕන නිසා එහෙම කරන්නේ නැහැ.කොහොම හරි  Template මත Click කරල ලැබෙන Menu එකෙන් Save Template මත Click කරල ඔයාල හිතලා හදා ගන්න Chart Window එකට නමක් දීල Save කර ගන්න.

Image From http://www.investopedia.com



ඊළඟට Chart Window එක පෙන්නන්න ඕනේ කොහොමද කියල අපිට තීරණය කරන්න පුළුවන්. MT4 එකේ මේ සඳහා option 3ක් ලබා දිලා තියෙනවා. Bar Chart, Candlestick chart, Line Chart කියලා. Mouse Pointer එක icon මතට අරන් ගිහින් එකිනෙක මත Click කරල බලන්න Chart එකට මොකද වෙන්නේ කියලා.

Indicators හෙවත් දර්ශන තුලින් ඉදිරි කාලයේදී Market එක කෙසේ හැසිරෙයිද කියලා අදහසක් ගන්න පුළුවන්. එම icon එකක් හඳුනා ගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි මේ Indicators වලින් යම් අදහසක් ගන්න පුළුවන් වු‍නත් එය 100% ක් නිවැරුදි නැ කියලා. එහෙම නිවැරදි වුනානම් හැමෝම ලාභ ලබනවා.

Image From http://www.investopedia.com

Chart Window එක Close, Minimize, Maximize කරන්න වගේම Chart එක Zoom In, Zoom Out කරන්න පුළුවන් icon එහෙම හඳුනා ගන්න.


Time Frames, Toolbar එක දිහා බැලුවොත් M1, M5, M15,----------- , MN ආදි වෙනස් වෙනස් Time Frames ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලගේ Chart Window එක Bar Chart හෝ Candlestick බවට වෙනස් කරන්න. Toolbar එකේ ඇති icon භාවිතා කරමින් ‍මෙය කරන්න පුළුවන්.ඊට පස්සේ වෙනස් වෙනස් Time Frames මත  Click කරමින් Chart Window එකට සිදුවෙන දේ නිරික්ෂණය කරන්න.

 උදාහරණයක් විදියට Bar Chart Select කර M15 Time Frames යොදා ගෙන තියෙන කොට Chart Window එකේ එක ඉරකින් විනාඩි 15 ක කාලයක් නියෝජනය වෙනවා. ඔයා D1 Time Frames එක භාවිතා කළොත් එක ඉරකින් දවසක් නියෝජනය වෙනවා. MN භාවිතා කළොත් එක සිරස් ඉරකින් මාසයක කාලයක් නි‍යෝජනය වෙනවා. පැහැදිලි නේද?


Drawing Tools - දැනට පවතින Market එක හා ඉදිරිය පිළිබඳව අන්වේෂණය (Analysis) කරන්න මේ Drawing Tools යොදා ගන්න පුළුවන්. Vertical Lines, horizontal lines Trendlines ආදිය Toolbar මතින් හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවා යොදා ගන්නේ කොහොමද කියලා අපි වෙනමම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

Connection Status මෙය Trade වලට සම්බන්ධ නොවන දෙයක්. Software එකේ දකුණු පැත්තේ පහලට Phone එකේ signal දක්වන විදියට තියෙන රූපය පේනවද? උදාහරණ විදියට 518/1kb වගේ. මේ කරුණු කිහිපය සම්පුර්ණයෙන්ම රතු පාටින් දක්වනවානම් ඒ මගින් අදහස් වෙන්නේ අපගේ MT4  Software එක අන්තර්ජාල සබඳතාවය නැහැ කියලා. ඉලක්කම් සහිතව අඩක් කොළ පැහැ නම් අන්තර්ජාල සබඳතාවය ඇති බවත් දක්වනවා.

ඉහත ලිපිය මගින් MT-4  ගැන මුලීක අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා සිතනවා. අපැහැදිලි තැනක් තියෙනවානම් අහන්න.