Wednesday, May 8, 2013

හුග දෙනෙක් නොකියන කතාවක්.


මේ බ්ලොග් පිටුව කියවන ඔයාල තවත් මේ වගේ හුගක් පිටු පරිශීලනය කරන්න ඇති. තවත් අය හුගක් මිල මුදල් වියදම් කර ගෙන කිසිම දෙයක් කියා දෙන්නේ නැති පන්ති වලට ගිහින් ඇන ගන්නත් ඇති. කොහොම වුනත් ඔයාල මුදල් ආයෝජනය කරනවානම් මෙහි අවදානම් ස්වබාවය පිළිබදව කියන්න ඕනේ කියල හිතුන. මේ ලිපිය ඒ වෙනුවෙන්. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න.

අවධානම් ස්වභාවය - Risk disclose


අතිශය අවධානම් ආයෝජනයක් බව

විදේශ විනිමය වෙළඳාම ස්වභාවයෙන්ම අතිශය අවධානම් ආයෝජනයක් වන අතර සමහර විට සියලුම ආයෝජකයන් සඳහා සුදුසු නොවීමට ඉඩ ඇත. එසේ හෙයින් ආයෝජනය කිරීමට ප්‍රථම ආයෝජන පරමාර්ථ, පළපුරුද්ද, අවධානම් දරා ගත හැකි බව පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස යෝජනා කරනු ලැබේ. ඔබ ගන්නා වැරදි තිරණ නිසා ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවක් ඇති අතර එම නිසා කිසි විටෙකත් ඔබට පාඩුව දරා ගත නොහැකි මුදලක් මේ සඳහා ආයෝජනය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලැබේ.  විදේශ විනිමය වෙළදාම සම්බන්ධයෙන් ඔබට යමිකිසි ගැටළුවක් හෝ අවධානම් ස්වභාවයක් පිළිබඳව යම් අවිනිශ්චිත බවක් ඇතොත් ක්සේත්‍රයේ පළපුරුදු මුල්‍ය උපදේශකයකුගේ සේවය ලබා ගැනීම සුදුසු වේ.

වෙළඳ උපදේශය

http://howtoforexwin.blogspot.com හි භාවිතා වන අදහස් හා කල්පනා, ප්‍රවෘත්ති, සමීකරණ, සමීක්ෂණ, අන්වේෂන, මිළ හා වෙනත් සියලුම තොරතුරු. Forex Morket මත පදනම් වී ඇති අතර කිසි විටකත් ආයෝජන පිළිබඳව උපදෙස් ලෙස නොසැලකිය යුතුය. එසේම http://howtoforexwin.blogspot.com කිසි විටකත් මෙහි සඳහන් තොරතුරු යොදාගෙන කරනු ලබන වෙළදාමෙහි ලාභ හෝ පාඩු සඳහා සෘජුව හෝ වක්‍රව වගකීමක් දරනු නොලැබේ.

නිරවද්‍යතාවය

http://howtoforexwin.blogspot.com සඳහන් අන්නර්ගතයක් දැනුම් දීමකින් තොරව වෙනස් වීමට ඉඩඇත. මෙහි සඳහන් තොරතුරු පිළිබඳව නිතිමය වගකීමක් සෘජුව හෝ වක්‍රව කිසි විටකත් දරනු නොලැබේ.