Sunday, December 28, 2014

Parabolic SAR

Parabolic SAR

අදත් හුගක් සරල indicator එකක් තමයි ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. parabolic SARකියල කියන්නේ. SAR වදනේ දිගු අදහස වෙන්නේ stop And Reversal කියන එක. ඉතින් මේ අර්ථයෙන් ගත්තාම මේ indicator එක මගින් කෙරෙන දේ ගැන යම් ඉගියක් දෙනව වගේ නේද ? stop and reversal......

හොදයි. අපි මේ තාක් දුරට අපේ අවදානය වැඩි වශයෙන් යොමු කලේ trend එකක් හදුනා ගැනීම සදහා නේද ? ඔයාල දන්නවද trend එකක් හදුනා ගන්න වගේම නිවැරදි වෙලාවේදී ඒ trend එකෙන් ඉවත් වෙන එකත් අතිශය වැදගත් බව. අන්න ඒ සදහා උපකාර කර ගන්න පුළුවන් indicator එකක් තමයි මේ.


ඉහත රුපයේ තියෙන කොළ පට dot ඔයාලට පෙනෙනවා නේද. ඔන්න ඕකට තමයි කියන්නේ parabolic SAR  කියල.

අපි බලමු කොහොමද trade සදහා මේ indicator එක යොදා ගන්නේ කියල.


රුපයේ විදියට candle වලට ඉහලින් මේ කියන dots පිහිටලා තිබුනොත් එක sell එකක් පිලිබදවත් candle වලට යටින් පිහිටලා තිබුනොත් buy එකත් ගැනත් අපට signal එකක් දෙනවා. එක තමයි කිවේ මේක හුගක් සරල indicator එකක් කියල.

තව දෙයක් market එක ranging වෙලාවට හෝ හුගක් රළු ( choppy market ) කාල වෙලාවල් වලදී මේක යොදා ගන්න යන්න එපා.

trend එකෙන් ඉවත් වෙන වෙලාව කොහොමද හොයා ගන්නේ කියල බලමු.


ඔයාලට පේනවා නේද මේ කහ පාටින් ලකුණු කරලා තියෙන ප්‍රදේශය. එ කියන්නේ මුල් dot තුන. මෙන්න මෙහෙම දෙයක් අපේ chart එකේ display උනොත් එක හොද ඉගියක් ලබා දෙනව trend එක reversal වෙනවා  කියල. ඉතින් අපි මොකද කරන්නේ ඕනේ. වෙන මොනවා කරන්නද අපි දාමු orders ටික close කරලා profit ගන්න එක නේද .


Friday, December 26, 2014

Bollinger Bands

Bollinger Bands


කියල හදුන්වන්නේ chart indicator එකක්. මේක හොයා ගත්තේ john Bollinger කියල විද්වතෙක්. මේ indicator එක යොදා ගෙන අපට market එකේ වාෂ්පෂීලිතාවය (volatility) ලේසියෙන් හොයන්න පුළුවන්.

පළමුවෙන්ම කියන්න ඕනේ මේක ලොකු tool එකක් වත් ලොකු සංකීර්ණ ගණනය කිරීමක්වත කරන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම උනත් මේක නිර්මාණය වෙන විදියනම් ටිකක් සංකීර්ණ දෙයක්. ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කාට හරි උවමනා නම මේ link ඒකෙන් වැඩි විස්තර ගන්න පුළුවන් www.bollingerbands.com

පහත රුපය බලන්න.




ඔය රුපයේ ඔයාලට පෙනෙනවා නේද line 3 ක්. අපි යොදා ගෙන තියෙන්නේ bollinger bands (20) ට අදාළ සටහන. ඒ කියන්නේ මේක නිර්මාණය වෙන්නේ පසුගිය candle 20 දායක වෙලා තියෙනවා. මේ මැද line එක නියෝජනය කරන්නේ 20 sma එක. මතකයිනේ sma කියන්නේ මොකක්ද කියල simple moving average හැබැයි මේ sma එක bollinger bands වලට සෘජුවම අදාළ වෙන්නේ නැහැ.

කොහොම උනත් මේ indicator එක යොදා ගෙන market එකේ trend එකක් තියෙනවද කියල පහසුවෙන් සොයා ගන්න පුළුවන්. කොහොමද ?

ඉහත රුපය වගේ තිබුනොත් market එකේ trend එකක් නැහැ. බලන්න තියෙන විදිය මේ line දෙකම ඉතාම ලගින් නේද පිහිටන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනව market එක නිහඩ වෙලා කියල.

දැන් මේක බලන්න




මොකද වෙලා තියෙන්නේ ? අපි කතා කල line දෙක තව දුරටත් ලංවෙලා ගමන් කරලා තියෙනවද ? නැ නේද ? මේ අවස්ථාවේදී market එකේ trend එකක් තියෙනවා කියල පැහැදිලි නේද. ඒ වගේම මේක අපි හදුන්වනවා market එකේ ප්‍රසාරණ අවස්ථාවක් කියල.


The bollinger bounce

කියන එකේ සාමාන්‍ය අදහස තමයි price action එක ඉහල line එක කරා ලගා උනාම නැවතත් පහලට ගමන් කිරීම හා / හෝ price action එක පහල line එක කරා ගමන් කරාම නැවතත් ඉහලට ගමන් කිරීම. market එක ranging වෙලාවට හෝ trend එකක් පැහැදිලි නොවෙන අවස්ථාවක මේ සාදකය යොදා ගෙන අපට trade කරන්න පුළුවන්. තව එකක් මේ අවස්ථාවේදී bolinger bands එක Dynamic support & resistance level එකක් ආකාරයටත් ක්‍රියා කරනවා කියල ඔයාලට පැහැදිලි වෙයි.

මේ තියෙන්නේ Bollinger bounce එකට උදාහරණයක්

stock-options-made-easy.com




පැහැදිලි නේද කතා කරපු දේ ? එහෙනම් මොකක්ද ඔයාලගේ trade එක දැන් ? buy order ද ? sell order ද ?

ඔයාල හිතනවනම් දැන් sell කරන්න ඕන කියල. බලන්න වෙලා තියෙන දේ ?


stock-options-made-easy.com


ඔයාල 100% නිවැරදියි. මගෙන් සුබ පැතුම්..........

තව දෙයක් මේක දිගු time අගයක් සදහා වඩාත් නිවැරදි ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.


Bollinger squeeze

කියල හදුන්වන්නේ, වචනයෙන් විස්තර කරනවට වැඩිය පහසුවෙන් පහත රුපය බැලුවම තෙරුම් ගන්න පුළුවන් වෙයි. බලන්න රුපයේ රවුම් කරලා තියෙන දිහා.



මෙන්න මේ අවස්ථාව market එකේ ලොකු trend එකකට සැරසෙන අවස්ථාවක්. උඩ කරනම් හෝ බිම කරනම් :)

කොහොමද මොන කරනමද කියල අනුමාන කරන්නේ ? ඔයාලට පෙනෙනවද පොඩි රව්මෙන් දක්වල තියෙන තැන ? එතන අපේ bands line එක ඉහල line එක කඩාගෙන candle එක up වෙලා තියෙනවා නේද ?

මෙන්න මේ වගේ අවස්ථාවක අපට ඊළගට වෙන trend එක up trend එකක් කියල අනුමාන කරන්න පුළුවන්. එහෙනම් ඔන්න දැම්ම buy order . බලන්න වෙලා තියෙන දේ ?



අපේ අනුමාන කිරීම නිවැරදි නේද ? ඉතින් මෙන්න මෙහෙම තමයි bollinger squeeze වැඩ කරන්නේ.

මේ කියන bollinger bands යොදා ගෙන තව වැඩ කරන්න පුළුවන්. ඒවා අපි පසුව කතා කරන්න තියා ගමු. කොහොම උනත් මේ ගැන පැහැදිලි අවබෝදයක් ලැබෙන්න ඇති කියල හිතනවා.


ඒ වගේම මේක අයිති වෙන්නේ leading indicator කොටසට.



Thursday, December 18, 2014

Indicators

Leading & Lagging indicators



Fibonacci Trading ගැන ටිකකට අමතක කරලා අද අපි indicators ගැන කතා කරමු. ප්‍රදාන වශයෙන් indicator වර්ග දෙකකට බෙදන්න පුළුවන්.

Leading indicators and lagging indicators  කියල.


ඔයාල වුර්තිමය වශයෙන් Forex කරනවානම් මේ කියන tools, indicator ගැන අතිශය පුළුල් අවබෝදයක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ කියන්න සාම indicator එකකම තියෙන අවේනික හැකියාවන් හා දුර්වලතයන් පිලිබදව. පොදුවේ පිළිගන්න ඕනේ දෙයක් තමයි සියලුම indicator ගැන අපට අවබෝද කර ගන්න බැරි බව. එසේ උනත් අප වැඩි වශයෙන් බවිත කරන හා ප්‍රසිද්ද indicator පිලිබදව දැනුමක් තිබීම අවශ්‍ය දෙයක්.

මේ Leading indicator මගින් trend එකක් පටන් ගන්නට පෙර අපට trend එක පිලිබදව දන්නනවා.  එතකොට lagging indicator මගින් වෙන්නේ මේකේ විරුද්ද පස. ඒ කියන්නේ trend එකක් පටන් අර ගෙන ටික කාලයකට පස්සේ තමයි අපට කියන්නේ trend එක පටන් ගත්ත කියල.


ඉතින් මොකක්ද ඔයාලගේ තීරණය ? leading ද ? lagging ද ? ( MR or MY3 ?? :)

http://www.cartoonstock.com/directory/p/performance_review.asp



Leading indicator තොරා ගැනීම මගින් මුලින්ම trend එක හදුනා ගෙන වැඩි profit ප්‍රමාණයක් හොයල ගොඩ යන්න පුළුවන් නේද ? ඒ කියන්නේ trend එක පටන් ගන්නත් පෙර ඉදල මෙයා අපට signal දෙනවනේ. ඔව් ඇත්තටම අපට මේ indicator යොදා ගෙන වැඩි profit එකක් ගන්න පුළුවන්, මෙයා අපට නිවැරදි ලෙස signal දුන්නොත්. හැබැයි ඔයාල දන්නවද මේ indicator වර්ගය බොහෝ අවස්තා වල අපට ලබා දෙන්නේ නිවැරදි signal නෙමෙයි. මෙයා හුගක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ වැරදි signal ලබා දෙන්නෙක් විදියට. ඒ කියන්නේ අපි ඉවරයි කියල නේද :)

එතකොට lagging indicator ගැන බැලුවොත්, මෙයා අපි පෙර කතා කරපු විදියේ බොරු කාරයෙක් නෙමෙයි. බොහෝ විට අපට නිවැරදි signal ලබා දෙනව. මෙයා අපට signal එක දෙන්නේ trend එක හරියටම confirm උනාට පස්සේ. ඔයාල දැනටමත් දන්නා දෙයක් තමයි trend එකක් පටන් ගෙන මුල්ම කාල තුල විශාල ලෙස අගය ඉහල හෝ පහල යාමක් සිදුවෙනවා කියල. ඉතින් අපට වෙන අවාසිය තමයි මෙන්න මේ කියන විශාල profit එක අපට මග හැරෙන එක. පැහැදිලි නේද ?

ඉතින් අද ඔයාලට ගෙනාවේ කුඩා ලිපියක් උනාට මේක හුගක් වැදගත්. අපි ඉදිරියේදී අපේ තියන සියලුම technical indicators පුළුල් වශයෙන් පහත දක්වල තියෙන ආකාරයට කොටස් දෙකකට බෙදල කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. Leading indicators or oscillators

02. Lagging, Trend-following or momentum indicators


ඉහත දක්වල තියෙන වර්ග දෙකම කලවම් කරලා අපට වඩාත් නිවැරදි signal ගන්න පුළුවන් කියල ඔයාලට පැහැදිලි වෙයි.

නිකන් කැරකිල්ල හදුනා වගේ උනාද ? ගනන් ගන්න එපා. අපි සරලවම කතා කරමු. ඒ අතර Fibonacci ගැන කතා කරන එක කල් දැම්මේ ඉදිරියට තියෙන ලිපි හැකි තරම් සරලවම ලියන්නේ කොහොමද කියල බලන්න ඕනේ නිසා.


Tuesday, December 9, 2014

Fibonacci Trading

Fibonacci  Introduction


ටික කලෙකට පස්සේ තමයි අද ලිපියක් ලියන්න හිතුනේ. අද අපි කතා කරන්න යන්නේ Fibonacci Trading ගැන. නමුත් පලුමුවෙන්ම කියන්න ඕනේ මේ Fibonacci  කියන මර්තෘකාවම අතිශයින්ම සංකීර්ණ විෂයක්.

Forex Trading වලට විතරක් නෙමෙයි මේක ලෝකයේ සියලුම ස්වබාවික හා ගණිතමය යෙදීම් සදහා යොදා ගත හැකි දෙයක්. මේ ලිපිය හැකි තරම් සරල ලෙස පල කරන විදිය පසු ගිය දින කිහිපයේම කල්පනා කරා. අපි පුළුවන් තරම් සරල විදියට කතා කරන්න බලමු. මොකද මේදේ ඔයාලට කියා දෙන්නේ නැතුව ඉදිරියට යන්න අදහසක් මට නැ.

මොකක්ද මේ කියන Fibonacci number කියල හදුන්වන්නේ ?

පහත දක්වල තියෙන ඉලක්කම් රටාවේ යම්කිසි රිද්මයක් හදුනා ගන්න පුලුවන්ද කියල බලන්න. ඊට පස්සේ පහත විස්තරය කියවන එක ඔයාලගේ මොලයට කරන යම් වියායමයක් වෙයි.

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144,.................................................

image from https://prezi.com/vbuowqvppwyd/fibonacci/

ඔයාල රටාව හදුනා ගත්තද ?

මුලින් තියෙන ඉලක්කමට ඊළගට තියෙන ඉලක්කම එකතු වෙලා තමයි ඊළගට තියෙන ඉලක්කම හැදිලා තියෙන්නේ. බලන්න එහෙම නෙමේද කියල ?

0 + 1 = 1

1 + 1 = 2  ඔහොම ගිහින් ....................... 13 + 21 = 34,    34 + 55 = 89 යනාදී වශයෙන් දිගටම යන්න පුළුවන්.

පැහැදිලි නේද ?

ඉතින් ඊළගට ? ඊළගට මේ number පේලියේ ටිකක් ඉදිරියට ගිහින්, ඔයාල බැලුවොත් නිකමට වගේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් අතර අනුපාතය ඔයාල පුදුම වෙයි. අපි බලමුද ?

21 / 34  =  0.618

34 / 55 = 0.618

89 / 144 = 0.618 යනාදී වශයෙන් නොවෙනස් අනුපාතයක් ලැබෙනවා. විස්වාස නැද්ද ? කරලම බලන්න.


ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි මේ අනුපාතය බැලුවේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් යොදා ගේනනේ. දැන් අපි බලමු ඉලක්කමක් ඇරල ඉලක්කමක් විදියට. පහත උදාහරණය බලන්න.

21 / 55 = 0.382

55 / 144 = 0.382 යනාදී නොවෙනස් අනුපතයම අපට ලැබෙනවා.

මෙන්න මේ ඉහත දක්වල තියෙන අනුපාත අපි golden mean කියල හදුන්වනවා.

ඉතින් කව්ද මේක හොයා ගත්ත වැඩ කරු ? Leonardo Fibonacci කියන ඉතාලි ජාතික විද්වතා ශත වර්ෂ ගණනාවකට පෙර සොයා ගත්ත දෙයක් තමයි මේ. වැඩි විස්තර ඕනේ නම් පහල link වලින් ගිහින් බලන්න.

http://en.wikipedia.org/wiki/Fibonacci

ප්රයොගික යෙදීම් ගැන දැන ගන්න බලන්න.

http://www.mathsisfun.com/numbers/golden-ratio.html





මේ විෂයය හුගක් සංකීර්ණ විෂයක් විදියට අපි කතා කලත් අපි ඉගෙන ගන්න යන්නේ ඉතාම සුළු කොටස් දෙකක් විතරයි. ඉහත දක්වල තියෙන ගණනය කිරීම් සියල්ලම වගේ දැන් තියෙන ඕනෙම charting software එකක් මගින් ඉතාම සුළු වෙලාවක් තුල අපි වෙනුවෙන් කරලා දෙනව.

එහෙනම් ඉතින් අහවල් එහෙකටද මෙච්චර දේවල් කතා කලේ ? මතක් තබා ගන්න, අවම තරමේ අපට යම් දෙයක් සිදුවන ආකරය පිළිබද මුලික අවබෝදයක් වත් තිබිම ඉතාම අවශ්‍ය කරුණක්. එහෙම නුනොත් අපි නිකන්ම රොබෝවරු වගේ වෙයි නේද ?


මොකක්ද අපි ඉහත සදහන් කල කොටස් දෙක ?

01. Fibonacci Retracement Level

0.236, 0.382, 0.500, 0.618, 0.764



02. Fibonacci Extension Level

0, 0.382, 0.618, 1.000, 1.382, 1.618


මේවා නිර්මාණය වෙන ආකාරය අපේ ලිපියෙ මුලික අරමුණු වලට දායක වෙන්නේ නැති නිසා කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඉදිරියේදී යම් කාලයක් තිබුනොත් අපි කතා කරමු.



Friday, November 28, 2014

Forex signals

Forex signals


ගියවර ලිපියෙන් කිව වගේ අද අපි Forex signal   ගැන කතා කරමු. මොකක්ද මේ Forex signal කියල හදුන්වන්නේ. කෙටියෙන්ම් කිවොත්,

තෝරාගත් යම්කිසි currency pair එකක් සදහා තෝරාගත් අගයකදී හා වේලාවකදී ( specific price & time ) trade එකක් යෙදීමට දෙන ඉගිය Forex signal එකක් කියල හදුන්වනවා. සාමාන්‍යයෙන් මේ ඉගිය මිනිසුන් විසින් කරන යම් යම් විශ්ලේෂණ මගින් හෝ ස්වයංක්‍රීයව  ( Forex robot ) ඒ signal සදහා දායක වෙලා තියෙන අයට ලබන්න පුළුවන්.

පැහැදිලි උනා නේද ?

තව විස්තර ටිකක් කතා කරමු.

හිතන්න ඔයාල trade කර ගෙන යනකොට ඔයාලගේ profit එක මදි හෝ lost කියල. මෙන්න මේ වේලාවකදී අපට පුළුවන් Forex market එකේ ඉන්න හොදට profit ගන්න කෙනෙක් එක්ක සම්බන්ද වෙලා එයා දාන trade ගැන signal එකක් ගන්න. එහෙම සම්බන්ද උනාම උදාහරණයක් විදියට EUR/USD අදාලව 2014/12/02 දින 2.4580 ට buy එකක් දාන්න, වගේ කියල ඔයාලට sms එකක් එයි. ඒ වගේම ඒ trend එකෙන් ඉවත්වෙන්න ඕන අගයත් පස්සේ වෙලාවක එවයි. සමහර විට ඔයාලගේ mt4 එකට copy කරන්නත් පුළුවන්.

දැන් අපි බලමු මේ Forex signal වල තියෙන වාසි අවාසි ගැන.



ඔයාලට අදහසක් නැත්නම් trade යොදන ආකාරය ගැන මේ වගේ එකක් follow කරන එක හොදයි. අනිත් අතට ඔයාල කිසිම දැනුමක් නැති කෙනෙක් බවට පත් වෙනවා. හරියට රොබෝ කෙනෙක් වගේ.

ඔයාලට sms, email, ම්ත4 copy, twitter යනාදිය ඔස්සේ මේ signal ලබා ගන්න පුළුවන්. හැබැයි ඕනෑම මොහතක ඔයාල සම්බන්ද වෙන මාර්ගය බිදී යන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාල signal එක අනුව trade එක දාල තියන කොට මේ සම්බන්දය බිදී ගියොත් ඔයාලට ඊළගට ගතයුතු පියවර ගැන අවබෝදයක් නැහැ.

forex signal සපයන අයගේ signal හුගාක් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ අතීතයට පමණයි. ඉදිරියටත් එසේම වේවි කියල සහතික වෙන්න බැ. ඒ කියන්නේ ඒ signal අනුගමනය කිරීමෙන් ඔයාල profit ගන්න පුලුවන් කියල සහතිකයක් නැ.

ඔයාලට ලොකු profit එකක් ලබාගන්න පුළුවන් කියල එයාල පොරොන්දු වෙයි. මෝහතකටවත් හිතුවද ඔයාල ඔය තරම් ලොකු profit එකක් ගන්න පුලුවන්නම් ඇයි අපට ඔය signal දෙන්නේ කියල. එයාලටම ඒ signal යොදා ගෙන profit ගන්න තිබුනනේ. ඔයාල මේ signal වල subscriber කෙනෙක් වීම වෙනුවෙන් යම් ගෙවීමක්  කරන්න ඕනේ මාසිකව වගේ. මතන කියන්න ඕනේ දෙයක් තියෙනවා මමත් ඔය signal දෙනව හැබැයි මුදලට නෙමේ. මගේ referral එකෙන් ගිහින් register වේලා ඉන්න අයට.

ලබා දෙන Forex signal සැම අවස්ථාවකම 100% නිවැරදි නොවෙන්න පුළුවන්.

Forex signal ගැන මුලික ටිකක් තමයි කතා කරේ. පස්සේ විස්තර ඇතිව කතා කරමු. අදට ඇති වගේ නේද ?



Wednesday, November 26, 2014

MA as Dynamic support & Resistance

Moving Average as Dynamic support & Resistance level


එහෙනම් අද අපි moving average එක support and resistance level එකක් විදියට බාවිතා කරන්නේ කොහොමද කියල කතා කරනවා. පසුගිය ලිපියක support and resistance level ගැන කතා කරා මතක ඇතිනේ. අමතක නම් බලල එනව හොදයි.

හරි එහෙනම් පහත රූපයට අවදානය යොමු කරන්න.


ඉහත තියෙන්නේ ema(20) යොදාගෙන EUR/USD අදාල M30 chart එක. සුදු circle එක මගින් දක්වල තියෙන තැන් වලට අවදානය යොමු කරොත් ඔයාලට පෙනෙයි ආසන්න වශයෙන් එම අගයන් ඉක්මවා price action එක ගමන් කරලා නැති බව.

 ඒ කියන්නේ අපි ලකුණු කරලා තියෙන්නේ resistance level එකක් කියල පැහැදිලි වෙනවද ?

ඒ කියන්නේ moving average එක resistance level එකක් විදියට ක්‍රියා කරලා තියනවා කියන එක නේද ?

එහෙනම් ඇයි මේකට Dynamic resistance කියල කියන්නේ ?

 ඔයාලා පෙර පාඩම් වල ඉගෙන ගත්තා resistance level එකක් ස්රිජු රේඛාවක් (Direct line) වෙන්න ඕනේ කියල. නමුත් එක මෙතැනදී වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේකට dynamic යන වදන යොදා ගන්නේ.

දැන් ඔයාලගේ අදහස sell orders දාන්නද ? ඉවසන්න. :)  ඔයාල මේ රුපය තවත් හොදින් බෙලුවොත් පෙනෙයි අපේ ema(20) රේඛාවෙන් ඉක්මවල සමහර අවස්තා වල price action එක ගමන් කරලා තියෙනවා කියල. ඉතින් අපි sell දාල මේ price එක ඔහොම ටිකක් නෙමෙයි අහස උසට ගියොත් වැඩේ ඉවරයි නේද ?

ඉතින් මෙන්න මෙහෙම උනාම, ඒ කියන්නේ මේවගේ අවස්ථවක මේ trend එක verify කර ගන්න අපි තවත් දෙයක් යොදා ගන්නවා.

The Zone කියල. ඕසෝන් නෙමෙයි හොදේ.

ඉතින් කොහොමද මේ the zone නිර්මාණය කර ගන්නේ.

අපි ඒ සදහා තවත් moving  average එකක් යොදා ගන්නවා.  අන්න ඒ අතර කලාපය තමයි මේ zone කියල හදුන්වන්නේ. එතකොට අපට වඩාත් නිවැරදි ලෙස trend එක හදුනාගෙන ඒ සදහා යොමු වෙන්න පුළුවන්.



 තව දුරටත් කියනවනම් අපි trade එකක් made කරන්නේ මේ කියන the zone කලාපය තුල price action එක පිහිටියොත් පමණයි. පැහැදිලි උන නේද ?

මෙදේම අනිත් පස තමයි dynamic support වලදී සිදුවෙන්නේ. නැවත විස්තර කිරීම අනවශ්‍යයි නේද ?

මේදේ බාවිතා කිරීමේදී මතක තබා ගන්න ඕනේ දෙයක් තමයි market එක ඕනෙම මොහොතක විශේෂයෙන් forex news නිකුත් වීමේදී වගේ විශාල වෙනසකට ලක් වෙලා අපි ලකුණු කරපු support level resistance level විදියට දෙපසටම මාරු වෙන්න පුළුවන් කියන එක.

තවත් තියෙන ප්‍රදානම අබියෝගය වෙන්නේ අපි නිවැරදි තීරණයක් ගැනීම සදහා යොදා ගන්නේ මොන moving average අගයද කියන එක ?


 ඒ කියන්නේ sma හෝ ema ( 1 + ). සරලවම කිවොත් sma (8) ද, sma (15) ද, sma(40) ද, ema (7) ද, ema(60) ද වගේ ?


අමතර දෙයක්

අද ටිකක් විශේෂ දවසක්. හේතුව අද අපේ 50 වෙනි ලිපිය තමයි ඔයාල මොහතකට පෙර කියවා අවසාන කළේ. ස්වාබාවෙන්ම කම්මැලියෙක්  විදියට ලිපි 50 ක් ලිව්වා කියන එකත් පුදුමයක්.

ස්තුති කරන්න ඕනේ දෙන්නේක් මට මේ වෙලාවේදී මතක් වෙනවා. මට සිංහල typing බැහැ. මුලින්ම කලේ මම පොතක ලියන එක මගේ ලගින්ම හිටපු කෙනාට දීල එයා මට typing කරලා දුන්න එක. දැන් නම් එයා ලග නැහැ. මොනවා කරන්නද නේද. ඊලග කෙනා මෙයා http://www.google.com/inputtools/windows/
මේ දෙන්න නැති උනානම් කවර කලකවත් මේ වගේ බ්ලොග් එකක් දකින්න නොලැබෙන්න තිබුන.

moving average ගැන මුලික සියල්ලම ඔයාල දැන ගෙන අවසානයි. සතුටුයි නේද :) ඊලග ලිපිය ඕපාදූප ටිකක් කතා කරන්න වෙන් කරන්න හිතුනා. ඕපාදුප කිවේ forex signal, binary options, signal passes, etc........ අරව මේවා ගැන හොදේ.



Tuesday, November 25, 2014

Moving average crossovers

Moving average crossovers


අපි moving averages ගැන හුගක් කරුණු කාරණා කතා කරලා තියෙනවා. ගිය වර ලිපියෙන් අපි moving average දෙකක් හෝ වැඩි ගණනක් යොදා ගැනීමේ ඇති වාසි ගැන කතා කරා.

අද අපි moving average දෙකක් යොදා ගනිමින් trend එක හදුනා ගන්න හා trend එක මාරු වෙන විදිය හදුනා ගන්න උත්සහ කරමු. trend එක මාරු වෙනවා කිවේ up trend එකක් down trend එකක් විදියට හා down trend එකක් අර විදියට. ඔව් ඒ විදියට තමයි.

අපි මේ සදහා sma(10) හා sma(20) සුදු රේඛාව යොදා ගනිමු.



ඉහත රුපය බැලුවාම ඔයාලට පේනවා නේද මේ රේඛා දෙක කැපිල ( crossover ) තියෙනවා. ඔය circle එකකින් දක්වල තියෙන්නේ. එතනින් පස්සේ මොකද වෙලා තියෙන්න ලස්සනට pips 1300 විතර down trend එකක් ගිහිල්ල නේද ? තවමත් අවසාන වෙලා නැහැ.

ඉතින් මෙන්න මෙහෙම මේ රේඛා crossover උනාම trend එකේ මාරු වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ trend එක මුලින්ම හදුනා ගන්න පුළුවන් උනොත් pips දහස් ගණනක profit එකක් ලබා ගන්නත් පුළුවන්. නිතරම නෙමෙයි. profit එක සාමාන්‍යයෙන් pips 10 ඉදන් ඉහලට වෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ trend වලට enter වෙන්න පෙර අපිට හොද දැනුමක් තියෙන්න ඕනේ. බොහෝ දුරට stop loss, take profit දීම අනිවාර්ය වෙනවා. එහෙම නැති උනොත් profit ගැනීම පැත්තක තියල lost වෙන්න තමයි වෙන්නේ.

මේදේ කියා දෙන්න හුගක් පහසු උනාට මේ trend හදුනා ගන්න එක ලේසි නැ කියල මම දන්නවා.  ඔයාල වෙනස් වෙනස් moving average indicator යොදා ගෙන අවබෝද කර ගන්න උත්සහ කරන්න.

මතක තිය ගන්න ඕනේ තව දෙයක් තමයි market එකේ එහා මෙහා වෙන හැම pips එකක්ම අපට profit ලෙස ලබා ගන්න බැ කියල. උදාහරණයක් විදියට ඔයාල take profit අගය යොදල තියෙන trend එකක ඒ අගයට ලගා වෙන කොට සමහරවිට ඔයා ලට හිතෙන්න පුළුවන්, මට මේ profit එක මදි වගේ. එක නිසා take profit අගය තව වැඩි කරනවා කියලා. ඔන්න ඔය වෙලාවට තමයි වැඩේ lost වෙන්නේ. මොකද market එකේ වැදගත් news එකක් එහෙම නිකුත් උනොත් ඔයාලට අවාසි වෙන විදියට ඔක්කොම ඉවරයි නේද ? එක නිසා ඔයාල කල්පනා කරලා බලල යොදපු take profit අගය වගේම stop lost අගයත් වෙනස් කරන්න යන්න එපා.

කියන අමතක උනා, ඔය ඉහත යොදා ගෙන තියෙන රුපය EUR/USD වලට අදාළ week chart එක. live chart එකක් තමයි යොදා ගෙන තියෙන්නේ. ඒ කිවේ දැන් යන trend එකක් :) ඔයාලත් බලන්න


Sunday, November 23, 2014

How to use

How to use moving average


 ඔන්න වැඩේ. අපි පසුගිය ලිපි වලින් කතා කලේ යම් යම් theory පිලිබදව නේද ? එහෙනම් අද අපි මේ කියන moving average ප්‍රයෝගිකව යොදා ගන්න හැටි බලමු.

කොහොමද trend එකක් හදුනා ගන්නේ ? ඒ කියන්නේ down trend එකක් ද ? up trend එකක් ද ? කියල.

ඔයාලට chart එකේ හිතෙන ඕනෙම තැනක් ලකුණු කරන්න. පහල රුපයේ අංක 1, 2 වගේ. දැන් අපි ලකුණු කර තැනෙන් ( moving average එකෙන් ) ඉහලට price action එක නැබුරු වෙනවනම්  එක up trend එකක් ලෙසත් අපි ලකුණු කල තැනෙන් ( moving average එකෙන් ) පහලට නැබුරු වෙනවනම්  එක down trend එකක් ලෙසත් හදුනා ගන්න පුළුවන්.



ඔයාලට හිත ගන්නත් බැරි තරමට සරලයි නේද ? එහෙමනම් පහල රුපය බලන්න.


දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? බලන්න අවසාන candle එක දිහා, එක moving average එකෙන් පහලට නැබුරු වෙලා නේද ? එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ ?

කට්ටියත් එක්කම sell order දාන්න පටන් ගමු. තව එකක් මේ sell order වලට කියන තවත් නමක් තමයි currency short කරනවා කියල. එතකොට buy order වලට currency long කරනවා කියල කියනවා. කොහොම උනත් කමක් නැ ඔන්න මාත් currency short කරා. හොද නැනේ ඔයාලට විතර profit ගන්න දෙන්න.

දැන් බලමු ඉදිරි price action එක. ඔය highlight කරලා තියෙන්නේ.



මොකද උනේ කොල්ලෝ :)  කෙලිය නේද බෝල තාප්පෙටම :) අහුඋනා නේද අපිව ?

ඇයි එහෙම උනේ ? හේතුව තමයි forex market එකේ යම්කිසි news එකකින් උන බලපෑම. එහෙනම් අපි තීරණයක් ගන්න යන කොට එක candle එකක් ගැන පමණක් හිතන්න නැතුව candle කිහිපයක් දිහා බලා තීරණයක් ගන්න එක නුවනට හුරුයි කියල වැටහෙනවා නේද ?

තව දෙයක්, බලන්න අපි පහත පරිදි moving average's යොදා ගෙන තිබුනානම්, අපි ඉහත තීරණය ( sell orders ) නොගන්න හෝ තව ටිකක් ඉවසන්න හෝ තිබුන නේද ? ඒ කියන්නේ අපි lost වෙන්නේ නැ නේද ?




ඒ කියන්නේ sma(5) අපේ මුල් තර්කය සත්‍ය කරත් sma(11) නිල් රේඛාව අපේ තර්කය සත්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපිට බේරෙන්න පුළුවන්. පැහැදිලි නේද ?

දැන් ඔයලට පුළුවන් මේ වගේ වෙනස් වෙනස් moving average යොදාගෙන බලන්න. ඔයාලම තීරණය කරන්න. මම පෙර ලිපියෙත් සදහන් කරා නේද ?



Friday, November 21, 2014

SMA vs EMA

SMA vs EMA

හොදයි. අද අපි කතා කරන්න යන්නේ තරමක් සංකීර්ණ දෙයක් ගැන. පුළුවන් තරම් උත්සහ කරනවා හැකි තරම් කෙටියෙන් හා සරලව පැහැදිලි කරන්න. මම දැක්ක එක ආයතන ප්‍රදනියකුගේ කාර්යාලයේ මේ වැකිය ලියල තියනවා. කියන දෙයක් කෙටියෙන් පවසන්න.  :)

එහෙනම් .......... අපි මුලින්ම EMA වලින් පටන් ගමු.

ඔයාලට ඉක්මනින්ම moving average එක price action එකට දක්වන දක්වන ප්‍රතිචාරය බලා ගන්න ඕනෙනම් කෙටි කාල පරාස ema මගින් මේ දේ කර ගන්න පුළුවන්. කෙටි ema කියල කිවේ EMA(5) වගේ. මේ වගේ දේක වාසිය වෙන්නේ Trend එක අපට කලින්ම හදුනා ගෙන ඒ trend එකට enter වෙලා විශාල pips ගානක් profit එක විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මුලින්ම trend එකට enter උන නිසා ඒ trend එක අවසානය දක්වාම රැදී සිටීමේ ඉඩත් වැඩියි. නැවතත් අපේ profit එකේ වැඩිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉතින් ema හොදයි වගේ නේද :)

එහෙනම් අනිත් පැත්ත අහ ගන්නකො. මේ ema එක consolidation periods වලදී අපට බොහෝ විට වැරදි ඉගි ලබා දෙන්න පුළුවන්. මලා....... :) 

දැන් ප්‍රශ්නේ consolidation කියන එක නේද ? මේකට හරියටම ගැලපෙන සිංහල වචනයක් තොර ගන්න බැරිඋනා. consolidation කියල අදහස් වෙන්නේ ඔයාල market එක නිරීක්ෂණය කරන කොට දැකල තියෙනවද වේගයෙන් price එක ඉහල හා පහල අගයන් කරා නිරන්තරයෙන් ගමන් කරනවා. මේක බොහෝ විට වෙන්නේ Forex News නිකුත් වෙන කොට. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. මේක market එකේ Ranging කියන pattern එක ලෙස වරදවා වටහා ගන්න එපා.


ඊළගට අපි SMA ගැන බලමු. මේකෙදි වෙන්නේ අපි ඉහත කතා කර දේට සපුරාම විරුද්ද සිදුවීමක්. මේකෙදි moving average එක price action එකට දක්වන්නේ තරමක් උදාසීන ප්‍රමාද ප්‍රතිචාරයක්. මේ sma යොදා ගන්නවානම් දිගු කාල සදහා sma(14+) වැනි බවිත කිරීම මගින් මුළු trend එක පිළිබදවම ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. 

මේ මගින් වෙන වාසියක් තමයි ඉහත ema වෙන අවාසිය හා වැරදි trend වලට enter වෙන්න තියෙන ඉඩ අවම වෙන එක.

අනිත් අතට අවාසිය තමයි ema මගින් වෙන වාසිය අහිමි වෙන එක. ඒ  කියන්නේ සුපිරි profit ගන්න පුළුවන් trend අපට මුලින්ම හදුනා ගන්න තියෙන ඉඩ අවම වීම වගේ.

හ්ම්ම්... එහෙනම් අපි මුලික වෙනස්කම් ගැන ඉගෙන ගත්ත නේද ? දැන් ඔයාලට එන ප්‍රශ්නයක් තමයි

මොකක්ද හොදම දේ ?

 ema ද ? sma ද ?

දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි. ඒ වගේම ලේසිම පිළිතුරත්,  මම දන්නේ නැ.

මාරයි නේද ? හරියට මුකුත් කිවේ නැ වගේ.

ඇත්තටම මෙහෙමයි. ඇත්තම ඇත්ත පිළිතුර තමයි ඉහත දක්වල තියෙන්නේ. මේ දේ trader ගේ හැසිරීම  ( behaviour ) මත වෙනස් වෙනවා. බොහෝ trader ල වෙනස් වෙනස් ema හා sma අගයන් බවිත කරනවා. හුගක් අය මේ moving average දෙකම එක අවස්ථාවේ බාවිතා කරනවා. sma මගින් trade එකේ සම්පුර්ණ ගමන් දිශාවත්, ema මගින් trade entry අවස්ථාත් හදුනා ගැනීම සදහා.

ඔයාලගේ දැනුම තවත් මුහුකුරා ගිය දවසකට,  Forex වල Expert උන දවසක අපට මේ ගැන කරන්න හුගාක් තර්ක විතර්ක තියෙයි.


Thursday, November 20, 2014

Exponential Moving avarages

Exponential Moving averages ( EMA )


පසුගිය ලිපියෙන් අපි විස්තර කරා simple moving average (sma) එක ගැන මතක ඇතිනේ. අද අපි ඒ ගැන තව දුරටත් පැහැදිලි කරන අතරේ ඒ පිලිබදව ගොඩ නැගෙන යම් තර්කයක් හා ඊට ඇති විසදුමක් පිලිබදව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි උදාහරණයක් අරගෙන sma ගොඩ නැගෙන ආකාරය බලමු.

Day 1           1.4113

Day 2           1.4198

Day 3           1.4109

Day 4           1.4132

Day 5           1.4200


sma = (1.4113 + 1.4198 + 1.4109 + 1.4132 + 1.4200 ) / 5

      =     1.4150

පැහැදිලි නේද ? අගය ඉහල යනවා කියල ?

දැන් හිතන්න දෙවෙනි දිනයේ ලෝක ආර්ථිකයේ සිදුවන යම් වෙනසක් නිසා අපි තෝරාගත් ඒකකය අතිශය පහල අගයක් දක්වා පහත වැටි ඒ දිනය නිමාවට පත් උනා කියල. ඒ කියන්නේ currency pair අදාල closing අගය 1.3898 වගේ උනා කියල. ඒ අනුව අපි sma එක නැවතත් ගණනය කරනවා.


Day 1           1.4113

Day 2           1.3898

Day 3           1.4109

Day 4           1.4132

Day 5           1.4200

sma = (1.4113 + 1.3898 + 1.4109 + 1.4132 + 1.4200 ) / 5

        = 1.4090


දැන් මොකද වෙලා තියෙන්නේ. එකම එක දවසක සිදුවුන වෙනසක් නිසා මේ sma එක පහත වැටිලා නේද ? මොකක්ද ඔයාලගේ තීරණය ? අපි ඉගෙනගෙන තියන විදියට නම් මේ price action එකේ පහල යාමක් නේද ?

 ඇයි අපි එහෙම තීරණයකට එළබෙන්න හේතුව ? හුදෙක්ම මේ දෙවෙනි දිනයේ උන මිල අගය නේද ?

බලන්න ඊට පසු සියලුම දිනයන් වල මිල ඉහල ගිහින් තිබුනත් මේ කියන sma එක සමත් වෙන්නේ නැ අපට නිවැරදි ඉගියක් ලබා දෙන්න. ඒ කියන්නේ අපි මේ මතම නිගමනයකට එලබුනොත් අපේ තීරණය වැරදියි කියල ඔයාලට පැහැදිලියි නේද ?

මේ ටික අවබෝද උනානම් දැන් ඔයාලට නැගෙන ප්‍රශ්නයක් තියෙන්නේ ඕනේ. මොකක්ද විසදුම ? අන්න ඒ වෙලාවට තමයි අපේ පිහිටට එන්නේ දැන් ඔයාලට කියන්න යන Exponential Moving Average (EMA) එක.

මෙන්න මේ කියන EMA එක මගින් අවසාන දින හෝ අපි තෝරාගත් අවසාන කාල පරාස සදහා වඩාත් වැඩි අවදානයක් යොමු කරමින් පැරණි කාල පරාස සදහා ( Day 2 වැනි ) අඩු අවදානයක් දෙමින් මිළේ සිදුවන වෙනස සදහා වඩාත් නිවැරදි චිත්‍රයක් අපි ඉදිරියේ නිර්මාණය කර දීමට සමත් වෙනවා.

පහත රුපයේ දැක්වෙන්නේ sma(14) හා ema(14) යොදා ගනිමින් නිර්මාණය කර ගනිපු සටහනක්.





සුදු රේඛාව මගින් sma එකත් රතු රේඛාව මගින් ema එකත් දැක්වෙනවා. ඔයාලට හේතුව පැහැදිලි වෙනවා නේද ? අපි ඉහත දක්වල තියෙනව.

අමතක උනා කියන්න මේ moving average indicator එක ලබාගන්න විදිය.




ගැටළු තියෙනවනම් අහන්න.


Friday, November 14, 2014

Simple Moving Average

Simple Moving Average  (SMA)


Forex වල තියෙන moving average's ගත්තම තියෙන සරලම එක තමයි මේ.

කොහොමද මේක නිර්මාණය වෙන්නේ. අපි බලමු. ඒ වගේම මතක් කරන්න ඕනේ මේක අපි ගණනය කරලා කරන්න ඕනේ දෙයක් නෙමේ. දැන් තියෙන indicator සියල්ලම වගේ මේ දේ අපි වෙනුවෙන් කරලා දෙනවා. නමුත්....... අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද වෙන්නේ කියල. හේතුව ? ඔයාලත් ඉදිරියේදී යම් යම් indicator නිර්මාණය කර ගන්න, එහෙම නැත්නම් අවබෝදයක් ලබා ගන්න මේ දේවල උවමනා වෙනවා. එක නිසා අපිම ගණනය කරලා බලමු.

MT4 එකේ M30 කාල රාමුව අපි යොදා ගෙන බලමු. ඔයාලත් කැමති කාල රාමුවක් යොදා ගන්න පුළුවන්. M30 කාල රාමු 5 ක (පිළිවලින් පිහිටි) closing price එක එකට එකතු කරන්න. පස්සේ බෙදන්න 5 න්.  අන්න එතකොට ඔයාලට sma(5) කියන moving average අගය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පසුගිය පැය එක හමාර තුල අගය. පහත රුපයේ සුදු ඉරෙන් දක්වල තියෙන්නේ එක තමයි. එතකොට රතු ඉර මගින් sma(13) ක අගයත් නිල් ඉර මගින් sma(80) ක අගයත් දක්වල තියෙනවා.

මෙහිදී මතක තබා ගන්න ඕනේ දෙයක් තමයි පසුගිය දත්ත මත පදනම් වෙලා තමයි මේ කියන දාමය නිර්මාණය වෙන්නේ. පහත රුපය බලන්න.



sma(5) සුදු ඉර දිහා බැලුවොත් ඒ රේඛාව price එකට කොතරම් ලගින් ගමන් කරනවද ? නමුත් නිල් රේඛාව ? හේතුව පැහැදිලි නේද ? නිල් රේඛාව ගණනය කිරීමට අපි පෙර අගයන් 80 ක් යොදා ගන්න කොට සුදු සදහා යොදා ගෙන තිබෙන්නේ 5ක් පමණයි.

ඒ කෙසේ උනත් අපට මේ කියන moving average යොදා ගෙන price action එක ගමන් කරන දිශාව පිලිබදව අවබෝදයක් ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලි නේද ?

හැබැයි මේ දෙයත් කියන්න ඕනේ, moving average සම්බන්දව. ඔයාල දැනටමත් දන්නවා ඇති forex news නිකුත් උන වෙලාවට market එක අතිශයින්  දිගු up හෝ down ලෙස price එක ගමන් කරනවා කියල. අන්න ඒ වෙලාවට මේ moving average එක ඔයාලට ලබා දෙන ඉගිය සම්පුර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මේ දේ අපි ඉදිරි ලිපියෙන් තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් moving average සමග හමුවෙමු.

ඔයාලට ගැටළු තියෙනම් අහන්න.

Thursday, November 13, 2014

Moving Averages

Moving Averages


පසුගිය දවස් ටිකේම එකම දේ කතා කරලා ඇති වෙලා ද ? එහෙනම් අද අපි moving averages ගැන කතා කරනවා. හිතන්න එපා candle stick patterns ඉවරයි කියල. ඇත්තම කිවොත් තව ලිපි 200 කටත් වඩා ඒ ගැන ලියන්න වෙයි. එහෙම ලියනවනම්. කොහොම උනත් අද ලිපියට එමු.

සරලවම කිවොත් moving averages යොදා ගනිමින් තෝරාගත් කාල ප්‍රමණයක තෝරා ගත් currency pair එකක ගලායාම විස්තර කරන්න, එහෙම නැත්නම් අපෝහනය කරන්න පුළුවන්.

පහත රුපය බලන්න.


ඉහත රුපයේ M30 සදහා moving average එක period 14 ක් සැලකිල්ලට ගෙන ගණනය කරලා තියෙනවා. ඔය සුදු ඉරෙන් , ඔව් එක තමයි පෙන්නලා තියෙන්නේ moving average එක.

period එකක් කියල කියන්නේ එක candle එකක්.


අනිත් සියලුම indicatior වලින් වගේම මේකෙන් කරන්නෙත් අනාගත price එක ගැන අනුමාන කිරීමක්. අමතක උනා කියන්න, මේකත් Technical analysis පැත්තට අයිති වෙනවා.

ඉහත රුපයේ ඔයාලට MA method කියල දෙයක් පේනවා නේද ? ඔය widow එකේ තියෙන හැම එකක්ම ඔබල ඕනෙම testing පාරක් දාල බලන්න.  ඒ දේ ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා.

simple moving average (SMS)
exponential moving average (EMA)

ඒ වගේම apply to කියන එකත් කොටස් හුගක් ගණනකට බෙදෙනවා කියල පේනවා නේද  ? ඒ දේවල් ගැන අපි ඉදිරියේදී කතා කරනවා. අද පොඩි ආරම්බයක් විතරක් තමයි දුන්නේ.

Thursday, November 6, 2014

Candlestick patterns - 3

Candlestick patterns - 3


අදත් අපි අලුත් pattern එකක් ගැන ඉගෙන ගනිමු.

Hammer & Hanging man

කෙටි real body එකක්  (කළු හෝ සුදු ) හා පහලට දිගුව විහිදී ගිය shadow එකකින් සැදුනු candle එකකට අපි මේ නම බාවිතා කරනවා. මෙහි real body එකට ඉහලින් ඉතා කෙටි හෝ shadow එකක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. බැලූ බැල්මටම එක සමාන ලෙස පෙනුනත් මේක යෙදෙන තැන අනුව අපට සපයන අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ කියන්න අපි තීරණයක් ගැනීමේදී පෙර price action එක ගැනත් අවදානය යෝමු කිරීම අවශ්‍යයි. පහත රුපය බලන්න.

බලන්න මේ දෙකම සමාන උනත් යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන හැටි. අපි මුලින්ම Hammer ගැන සලකා බලමු.

කොහොමද විස්තර කරන්න පුළුවන්. ඔයාලට තියනවද අදහසක් ?  ඇවිල්ල තියෙන්නේ down trend එකක් කියල පැහැදිලිනේ. ඒ කියන්නේ මුළු price action එකම පාලනය කරලා තියෙන්නේ sellers විසින්. ඉතින් තව දුරටත් sellers විසින් price action එක පහලට ගෙනියන්න හදන උත්සාහයේ ප්‍රතිපලයක් විදියට දිගු පහතට ගිය shadow එක ලැබිල තියෙනවා. මේ පහල යාම තවදුරටත් ඉවසගෙන ඉන්න බැරි උන buyers විසින් (ඒ කියන්නේ buyers ලට මල පැනල :) ) මේ වෙලාවේදී market එකට enter වෙලා price action එක වහාම ඉහලට ගෙනියනවා. එකේ අවසාන ප්‍රතිපලය විදියට තමයි ඔය candle එක නිර්මාණය වෙන්නේ.


දැන් ඉතින් කොහේ හරි ඔය විදියට එකක් දැක්ක ගමන් buy කරන්න යන්න එපා. එහෙනම් ඉතින් මෙහෙම එකක් හැදුන හැටියේ uptrend යනවනම් ඔක්කොම ගොඩනේ. හරි ලෙසිනේ නේද ?  එහෙම buy trend එකකට set වෙන්න ඉස්සෙල්ලා පහත කරුණු ගැන සලකා බලන්න ඕනේ.

1. මේ හැදෙන long lower shadow එක අහි real body එක මෙන් අවම වශයෙන් තුන් ගුණයක් වත් වෙන්න ඕනේ.
2.real body එකෙන් ඉහලට ඒ කියන්නේ upper shadow එකක් නොතිබෙන්න හෝ තියෙනවනම් ඉතාම කෙටි එකක් වෙන්න ඕනේ.
3.මේ කියන real body එක ඉහලින් පිහිටන්න ඕනේ.


ඊළගට ගැන Hanging man

අපි පෙර කතා කරමු එකේම අනිත් පැත්ත. හිතා ගන්න පුළුවන් නේද.


ඊළගට අප  Inverted hammer & shooting star ගැන කතා කරමු.



ඉහත දක්වල තියෙන්නේ Inverted hammer & shooting star  උදාහරණයක්. මේකත් ඉහත වගේම තමයි. ඒ කියන්නේ යෙදෙන තැන අනුව සපයන අර්ථය වෙනස් වෙනවා.




සරලවම කිවොත් inverted Hammer එකේදී වෙලා තියෙන්නේ, ඇවිත් තියෙන්නේ down trend එකක් කියල පැහැදිලි නේද ? නමුත් එක පාරටම long upper shadow එකක්, මේ shadow එක real body එකට වඩා අවම වශයෙන් 3න් ගුනයක්වත් වෙන්න ඕනේ, නිර්මාණය වෙලා තියෙනව. මෙන්න මේ අවස්ථාවේදී sellers විසින් දැන ගන්නවා තව දුරටත් තමන්ගේ ආදිපත්‍ය market එකේ පතුරුවන්න බැ කියල. අන්න එතකොට sellers කරන්නේ තමන්ගේ order ටික close කරලා තමන්ගේ profit ටික අරගෙන මාරු වෙලා යන එක. එතකොට කව්ද market එකේ ඉතුරු වෙන්නේ sellers ල ගියාම. වෙන කව්ද ඉතින් buyers ල මිසක්. ඉතින් market එක auto ඉහලට ගමන් කරනවා.

shooting star එකේදී වෙන්නේ ඉහත එකේ අනිත් පැත්ත.

මම මේ කියන දේවල් ඔයාලට පැහැදිලි නැත්නම් අහන්න. පිළිතුරු ලැබෙයි.




Tuesday, November 4, 2014

Candlestick pattern - 2

Candlestick pattern - 2


පසුගිය ලිපියෙන් අපි pattern 2 ක් ගැන කතා කරා මතක ඇති නේද. ඇත්තටම මේ ලිපිය කියැවීම විතරක් ප්‍රමාණවත් නැහැ. pattern එක දැක්ක ගමන් හදුනා ගැනීමත් වැදගත්. එකට කරන්න තියෙන්නේ ඔයාලගෙ ඇහැ හුරු කර ගන්න එක. MT4 එක open කර ගෙන මේ කියන patterns හදුනා ගන්න උත්සහ කරන්න. නිතරම පුරුදු වෙන්න.

එහෙනම් අද අපි තවත් pattern කිහිපයක් ගැන කතා කරමු.

Doji

ආරම්බක අගය හා අවසාන අගය (open price & closing price) එක සමාන හෝ ඉතාම ආසන්නයෙන් යම්කිසි candle එකක් නිර්මාණය වෙනවද අන්න එකට අපි කියනවා Doji candlestic එකක් කියල.

මේකේ අදහස වෙන්නේ buyers හා sellers අතර price action එක සම්බන්ධයෙන් ඇතිවන අතිර්නාත්මක බව හෝ price value එක ඉහල පහල ගෙනයාමට තියෙන දුෂ්කරතාවය. මෙහි අවසානය ලෙස තමයි අපට doji candle stick එක ලැබන්නේ.

Doji ප්‍රදාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. පහත රුප දෙස බලා වටහා ගන්න උත්සහ කරන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔයාලගේ chart එකෙන් බලල මේ රටා වටහා ගන්න.






ඔයාල trade කරන යන අතර මේ වගේ එකෙක් කඩා පහත් උනොත් අනිවා ඊට පෙර candle එක ගැනත් අවදානය යොමු කරලා තමයි trading decision  ගන්න ඕන.




Long white candle + Doji


ඔයාලගේ chart එකේ මෙන්න පහත දක්වල තියෙන වගේ pattern එකක්, ඒ කියන්නේ white ........ ට පස්සේ doji එකක් මතු උනොත්, එකේ සාමාන්‍ය අර්ථය තමයි buyers ලා price ව.... එක ඉහල නග්ගන්න ගිහින් හුගක් වෙහෙසට පත්වෙලා. තව දුරටත් මිල ඉහල දාන්න අවශ්‍යයි. නමුත් අවාසනාවට තව දුරටත් ඒ සදහා අවශ්‍ය buyers ලා නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී sellers බලන් ඉන්නේ මිල පහත යනකන්.



Long Black candle + Doji


ඒ වගේම තමයි පහත පරිදි pattern එකක් දර්ශනය උනොත් එකෙන් අදහස් වෙන්නේ අපි ඉහත සදහන් කරපු දේට ඉදුරාම විරුද්ද දේ. දෙන් ඔයාලට Forex පුරුදු නිසා එකින් එකම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැනේ.




ඉදිරියේදී අපි තව දුරටත් කතා කරමු. ඒ වගේම තමයි මේ ලිපි පෙළ නොකඩවාම ඉදිරියට ගෙනියන්න කල්පනා කර. ඒ ගැන වෙනම ලිපියක් පල කරනන බලාපොරොත්තු වෙනවා.








Monday, November 3, 2014

Candle stick pattern - 1

Candle stick pattern - 1


මේ යටතේ අපි අද මුලික Japanese candlestick pattern ටිකක් ගැන දැන ගනිමු. ප්‍රදාන වශවෙන් මේ pattern කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්.

1.single candle stick patterns
2.Duel candle stick patterns
3.Triple candle stick patterns

අද අපි ඉගෙන ගන්න යන්නේ මේ මුල්ම කාණ්ඩය ගැන.

spinning tops

candle stick එකක සිහින් real body එකක් සමග දිගු ඉහල හා පහලට shadow එකක් තියෙනවනම් එහි body color එක නොසලකාම spinning tops ලෙස නම් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස පහත රුපය බලන්න.

මේ pattern එකෙන් පැවසෙන සරලම දේ තමා buyers හා traders අතර තිබෙන දෙගිඩියාව. එහෙම නැත්නම් අතිර්නාත්මක බව. තවත් පැහැදිලි කරනවානම් ඔයාල යම්කිසි up හෝ down trend එකක මේ කියන spinning tops කියන pattern එක දැක්කනම් ඒ යන trend එක විරුද්ද දිශාවට ගමන් කිරීමේ හැකියාවක්, ඇගවියාවක් තියෙනවා. මේක දැක්කොත් පරිස්සම් වෙන එක හොදයි. :)


අළුගෝසු නෙමෙයි මරුබෝසු (Marubozu)

මේ pattern එක නිර්මාණය වෙන්න ඕන වෙන්නේ real body එක විතරමයි. ඒ කියන්නේ shadow එක නැතුව. පහත රුපය බලන්න.



ආරම්බක අගයට වඩා වැඩි අගයකින් තමයි candle එක close වෙලා තියෙන්නේ. ඒ වගේම මුළු කාලයම පාලනය කරලා තියෙන්නේ buyers විසින්. buying pressure එක හුගක් වැඩි. ඒ අපි සදහන් කලේ white marubozu ගැන.

black marubozu වෙන්නේ මේකේ විරුද්ද පැත්ත

white marubozu එක නිර්මාණය උනොත් එයින් අදහස් වෙන්නේ up trend එකක ආරම්භය හෝ අවසානය. බොහෝ විට මේ වගේ එකක් නිර්මාණය වෙන්නේ trend එකක මුල හෝ අග. නැතුව අතරමැද නෙමෙයි.

black marubozu වෙන්නේ white එකේ විරුද්ද දේ. නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද.






Sunday, November 2, 2014

Japanese Candlestick -2

Japanese Candlestick -2


පසුගිය ලිපියෙන් candlestick ගැන මුලික අවබෝදයක් ලබා ගන්න ඇති කියල හිතනවා. අද අපි තව ටිකක් කතා කරමු.

මේ forex market එකේ buyers හා sellers අතර කෙරෙන්නේ ලොකු යුද්දයක් කියල ඔයාලට වැටහෙනවද ? buyers market එක ඉහල ගෙනියන්න හදන කොට sellers කරන්නේ පහලට අදින එක. ඔන්න ඔය හේතුව නිසා තමයි නිතරම මිල උච්චාවචනය වෙන්නේ.

ඒ නිසාම තමයි අපට profit හොයන්න පුළුවන් වෙන්නේ. ඔයාල දන්නවනේ යුද්දයක ඉන්න solders ඔක්කොම එක සමාන නැ කියල. හරියට තමන්ගේ ශරීරයෙන්, නිළයෙන්, බලයෙන් වෙනස්.  ඉතින් අපි solders කෙනෙක් මේ candle stick එකකට සමාන කලොත් අන්න ඒ වගේම තමයි. ඒ කියන්නේ එකකට එකක් වෙනස් හා ඒවායින් නිරුපනය කරන්නේ එකිනෙකට වෙනස් අර්ථ.

ඉහත රුපයේ අංක,

1 හා 3 මගින් ඉතා අඩු buying හා selling pressure දක්වනවා. ඒ කියන්නේ මේ කියන කාල රාමුව තුල buyers හා sellers ක්‍රියාශීලි, ඒ කියන්නේ trade open/close කරලා තියන ප්‍රමාණය අඩුයි. තව එකක් Forex භාෂාවේදී කොතැනක හෝ ඔයාලට bulls කියන වචනය ඇහුනොත් එකෙන් අදහස් වෙන්නේ buyers. ඒ වගේම bears මගින් sellers අදහස් වෙනවා.

2 හා 4 මගින් කියන්නේ ඉහත එකේ අනිත් පස. ඒ කියන්නේ දෙගොල්ලොම අදික ලෙස ක්‍රියා කාරී වෙලා තියෙනව.

2 මගින් bulls, bears පරද කරගෙන ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ open අගයට වඩා විශාල වැඩි අගයකින් තමයි candle එක close වෙලා තියෙන්නේ. තව දුරටත් කියනවනම් මේ කාල රුපය තුල යුද්දෙන් ජය අර ගෙන තියෙන්නේ buyers.

4 ගැන නැවත කියන්න අවශ්‍ය නැනේද ? 2 එකේ සම්පුර්ණ අනිත් පැත්ත

ඔයාල පසුගිය ලිපියේ දැක්ක නේද shadow කියල නම් කරපු කොටසක්. මේකත් candle වල තියෙන වටිනාම කොටසක්

ඉහත රුපයේ 1 දිහා බලන්න. මොකද වෙලා තියෙන්නේ.  දැන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. යම්කිසි අගයකින් candle එක ආරම්බ වෙලා ඉතා දිගු ඉහල shadow එකක් සාදමින් ඇවිත් නැවතත් ආරම්භ කල අගයටත් වඩා අඩු අගයකින් close වෙලා තියනව. ඇත්තටම මොකද උනේ ? buyers හෙමින් ඉහලට අරන් යන කොට sellers එක පාරටම කඩා පහත් වෙලා පෙර අරම්බක අගයටත් වඩා අඩු අගයක් දක්වා ඇදල දාල තියෙනවා.

රුප අංක 2 වෙන්නේ ඊට සම්පුරුනයෙන්ම විරුද්ද එක.

තව දෙයක් කියන්න ඕනේ දැනට අපි ඉගෙන ගන්නේ candle වල ස්වරුපය විතරයි. මේවා ඉගෙන නොගෙන candle මගින් trade කරන්න බැහැ.  එක නිසා ඔයාල candle ගැන දැන ගන්න ඒවා යොදා ගන්න අදහස් කරනවානම් අනිවාර්යෙන්ම මේ ලිපි පෙළ අවදානයෙන් කියවා වැටහ ගන්න අවශ්‍ය වෙනවා. ගැටළු තියෙනවා නම් එවන්න.


Saturday, November 1, 2014

Japanese Candlestick

Japanese Candlestick


අපි පසුගිය ලිපියක කිව වගේ අද අපි candlestick ගැන කතා කරන්න පටන් ගන්නවා. හැබැයි හුගක් ගැබුරටම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පස්සේ බලමු ඒ ගැන. ඇයි මෙකට Japanese candlestick කියල කියන්නේ. ඈත අතීතයේ ජපන් ජාතිකයන් විසින් තමයි මේ කියන  candlestick  බවිත කරලා තියෙන්නේ. මීට ශත වර්ෂ ගණනකට එහා. දැන් අහන්න එපා ඒ කාලේ  Forex  හෝ  පරිගණක හෝ තිබුනද කියල. ඒ මිනිස්සු මේක යොදාගෙන තියෙන්නේ තමන්ගේ සහල් (ඔව් බත් කන ඒවා තමයි) මිල පුරෝකථනය (Analysis) කරන්න. අද වගේම තමයි එදත් ජපන දක්ෂයා. ඉතින් කොහොම උනත් මේක නවීන ලෝකයට හදුන්වාදීමේ ගෞරවය Steve Nison කියන පුද්ගලයට හිමි වෙනවා. ඔහු නැත්නම් මේ කියන ක්‍රමය පුරාඋර්තයක් පමණක් වෙන්න තිබුන.

මොනවද මේ candlestic කියන්නේ කියල රුප සටහනක් බලලම පැහැදිලි කර ගනිමු. එක තමයි හොදම ක්‍රමය.

image copy from www.daytradingcoach.com
දැන් පැහැදිලි උනා නේද ? අපි MT4 එකේ වැඩ කරලා තියෙන්නේ මේවත් එක්ක කියල. ඉහත රුපයේ රතු පාට  හා කොළ පාට මගින් දක්වල තිබුනත් අපට අවශ්‍ය විදයට මේවා වෙනස් කර ගන්න පුළුවන්. chart properties එකට ගියාම.

ඒ වගේම තමයි මේ candle එකකින් ඕනෙම time frame එකක් නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ MN ඉදන් M15 ට වගේ යනකන්. ඒ වගේම candle මගින් open, high, low, close values දැන ගන්නත් පුළුවන්.

වැදගත් කරුණු.

open කර අගයට වඩා close වුනු අගය වැඩිනම් candle එක සුදු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

open කර අගයට වඩා close වුනු අගය අඩුනම්  candle එක කළු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

ඉහත රුපයේ කොළ හා රතු පාටින් දක්වල තියෙන කොටස Real body ලෙස හදුන්වනවා.

shadow කියල හදුන්වන්නේ ඔය real body එක දෙපැත්තේ තියෙන ඉරි කැලි වලට.

ඒ වගෙම ඒ ඉරි වල ඉහල හා පහලම ලක්ෂ අපි high හා low ලෙස හදුන්වනවා.

පැහැදිලි උනා නේද ?



Friday, October 31, 2014

Channels

Channels



Channels ? Tv චෑනල්ද ? ඒවා නෙමෙයි. අද අපි කතා කරනවා Trend line යොදා ගනිමින්ම කරන්න පුළුවන් තවත් දෙයක් ගැන. මෙයත් අයිති වෙන්නේ Technical Analysis පැත්තටම තමයි. ඒ වගේම සරලයි.

කොහොමද අදින්නේ ?

ඔයාල මුලින් ඇදපු Trend line එක තියනවනේ. දැන් කරන්න තියෙන්නේ තවත් Trend line එකක් අපි මුලින් ඇදපු Trend line එකට  සමාන්තරව හා එම කෝණයෙන් යුතුවම ඇද ගන්න එක. ඊට පස්සේ අපි දෙවනියට ඇදපු Trend line එක අදාල candle bar තුල ඉහලම හෝ පහලම ස්ථානයට ගෙනියන්න ඕනේ. පැහැදිලි උනාද ? පහත රුපයේ නිල් රව්මෙන් දක්වල තියෙන්නේ candle bar එකේ ඉහලම ස්ථානය. ඒ වගේම පහත රුපය Up channel  එකකට උදාහරණයක් විදියට යොදා ගන්නත් පුළුවන්.



පහත තියෙන්නේ Down channel එකකට උදාහරණයක්.



දැන් ඔයාල බලයි අපි ඉහත සදහන් කලේ ("අපි දෙවනියට ඇදපු Trend line එක අදාල candle bar තුල ඉහලම හෝ පහලම ස්ථානයට ගෙනියන්න ඕනේ. පැහැදිලි උනාද ? ") විදියට වෙලා නැ නේද කියල.

හැබැයි කල්පනා කලොත් ඔයාලට තේරුම් යන්න ඕනේ දෙයක් තමයි ඔය තියන දම් පාට ඉරෙන් එහාට සිදුඋන සිදුවීම් අදාල කර ගෙන නැ කියල. එකට හේතුව තමයි අපි මේ කියන channel එක නිර්මාණය කර ගන්න කොට දම් පාට ඉරෙන් දකුණු පැත්තේ කියන්නේ අපේ අනාගත කාලය වෙන නිසා.

දැන් ඔයාලට වෙටහෙනවා නේද අපි නිර්මාණය කර ගනිපු channel එකේ සාර්ථකත්වය :)


වැදගත් කරුණු

01. මේ Channel නිර්මාණය කිරිමේදී අනිවාර්යෙන්ම ටේ trend line සමාන්තර විය යුතුයි.

02. සමාණයෙන් Down channel එකක්  buy එකක් නිරුපනය කරන අතර up එකක්
නිරුපනය කරන්නේ sell එකක්

03.Trend line  අදිනවා වගේම මේකත් market එකේ තියෙන විදියට මිසක් අපට ඕනේ විදියට එක එක පැති වලට ඇල ගහල එහෙම අදිනවා එහෙම නෙමෙයි.



Thursday, October 30, 2014

Trend Line

Trend Line


අද අපි Technical Analysis පැත්තට අයිති වෙන දෙයක් ගැන තමයි කතා කරන්න හදන්නේ.  ඒ වගේම මේ සංකල්මය ඉතාම සරල දෙයක් වගේම නිවැරදිව බවිත කොලොත් වරදින්න තියෙන ඉඩ බොහොම අඩුයි.

කොහොමද මේ Trend line  එකක් නිවැරදිව අදින්නේ ?

සරලයි. ඔයාලගේ MT4 එකේ තියනවා option එක. එහෙම හොයාගන්න අමාරුනම් මේ විදයට යන්න
 Insert -> line -> Trend line

ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ chart  එකේ වඩාත්ම පහල හෝ ඉහල ගිය අගයන් දෙකක් තොර ගන්න එක (Two major tops or bottoms ). ඊට පස්සේ ඒ දෙක යා කර ගන්න.

ඊට පස්සේ....................... ඊට පස්සේ මුකුත් නැහැ.

පහත රුප සටහනේ අපි ඇදල තියනව රතු පාටින් Trend line එකක්. අපි දක්වල තියෙන්නේ  up Trend එකක රුප සටහනක්.



ඉතින් අපි මේ Trend line එක ඇදල බලාගෙන ඉන්නවා නැවතත් market එකේ අගය  මේ Trend line එකට ලගා වෙන තුරු, අවම වශයෙන් ආසන්නයට හෝ. ඉහත කහ රව්මෙන් දක්වල තියෙන්නේ ඉතාම ආසන්න අවස්ථාවක්. කොහොමහරි මේ කියන අවස්ථාවට ලගා උනාම අපට buy order එකකට යන්න පුළුවන්.

ප්‍රදාන වශයෙන් ගත්තම Trend line වර්ග 3 ක් තියෙනවා.

01. Uptrend ( higher lows)
02. Downtrend (lower highs)
03. Sideways Trend (Ranging)

පහත දක්වල තියෙන්නේ Down trend  එකක්. කහ පාටින් දක්වල තියෙන්නේ අපි තෝරා ගත්ත major tops දෙක. ඒ වගේම නිල් පාටින් දක්වල තියෙන්නේ අපි Trend එකට enter වෙන ස්ථානය. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, අපි open කරන්නේ sell order එකක් කියල.





Trend line ඇදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.


01. අනිවාර්යෙන්ම  Two major tops or bottoms තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නමුත් අපේ සිද්දාන්තය නොබිදෙන විදියට Three major tops or bottoms තොර ගන්න පුළුවන් නම් නියමයි.

02. Forex News නිකුත් වෙන වෙලාවට මේ Trend lineඅදින්න යන්න හෝ Trade open කරන්න යන්න එපා.

03.වඩාත් තියුණු බැයූම් හෝ නැගීම් සහිතව අදින්න යන්න එපා. බොහෝ විට සාර්ථක වෙන්න තියන ඉඩ අඩුයි.

04.වඩාත්ම වැදගත් එක. කිසිම වෙලාවකවත් ඔයාලට ඕනේ විදියට, ඒ කියන්නේ market බලෙන් ගලපන්න යන්න එපා. ඒ විදියට Trend line අදින්න එපා. ඇත්තටම ගැලපෙනවානම් විතරක්ම කරන්න.



Wednesday, October 29, 2014

Support & Resistance level-2

SUPPORT & RESISTANCE LEVEL


එහෙනම් අපි දෙවෙනි කොටසට යමු.

කොහොමද මේ Support & Resistance level හදුනා ගන්නේ. වඩාත් නිවැරදිව කියනවනම් කොහොමද අපි හදුනා ගන්නේ මේ යන Resistance එක හෝ support level  එක කැඩෙන එහෙම නැත්නම් මාරු වෙන වෙලාව. ඇත්තටම අපට වැදගත් වෙන්නේ මෙන්න මේ අගය තමයි. හේතුව අපි මේ අගය, අගයක් කියන්න අමාරුයි කියල අපි ගිය ලිපියේ කිවනේ, මේ කලාපය හරියට අපි හදුනා ගත්තොත් අපිට හොද profit එකක් ලබා ගන්න අමාරු නැහැ.

හැබැයි මේ support & resis broken වෙන අවස්ථාව හදුනා ගන්න නිවැරදිම ක්‍රමයක් නැහැ. අපිට අනුමානයක් විතරයි කරන්න පුළුවන්.

 එක විදියක් තමයි අපි පෙර කතා කරපු pivot point  එක බාවිතා කරලා. හැබැයි ඒක නිවැරදිම ක්‍රමය නෙමෙයි. තව ක්‍රමයක් තියෙනවා. පහත රුපය බලන්න.


මෙහි නිල් පාටින් දක්වල තියෙන support  level එකේ දල අගය 1.2290 විතර වෙනවා. එහෙම උනත් මේ support level එකත් ඉක්මවා ගිහින් මෙහි අඩුම අගය වෙන 1.1985 ලග වෙලා තියෙනවා කියල ඔයාලට පෙනෙනවද ?  මේ අවස්ථාවේදී කව්රුහරි sell  orders එහෙම open  කරොත්..............

 එහෙම හදිසි උනොත් ඉතින් අද වෙන තුරුත් එම අගයට ලගා වෙලා නැ නේද ?  බලන්න ඊලග මාසය දිහා, නිල් ඊතලයෙන් දක්වල තියෙන. ඊලග මාසය ආරම්භ වෙලා තියෙන්න අපි ලකුණු කරපු support level එක ලගින් නේද ? එහෙනම් අපට හොද ඉගියක් ගන්න පුළුවන් මේක broken level එක කියල. 

එහෙනම් ඉතින් කරන්න ඕනේ දේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. 

Tuesday, October 28, 2014

Support & Resistance level

                               Support & Resistance level


ඔන්න අපි පසුගිය ලිපියේ කිව විදියට Support & Resistance level ගැන කතා කරන්න හදන්නේ.

පහත තියෙන්නේ මේ ලිපිය ලියන කොට ගත්ත Eur/Usd screen shot  එකක්. එක බලල ඉන්න.


ඔයාලට මේක බැලුවම කියන්න පුළුවන් මොකක්ද ? යම්කිසි ඒකාකාර රටාවක් හදුනා ගන්න පුළුවන් ද ? නගිනවා බහිනවා වගේ. හරියට කියනවනම් අපි කදු නගින්නේ බහින්නේ මෙහෙම නේද ?

මේ රටාව හදුනා ගන්න පහසු වෙන්න මම ඊලග රුපය සකස් කරලා තියෙනවා. එකත් බලලම ඉන්න.



ඒ රුපයේ රතු පාටින් දක්වල තියෙන්නේ ඔය කියන නැගිම් හා බැසිම් නිල් පාටින් තියෙන්න මේ රටාව Down trend එකක් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි බැහැල තියෙන්නේ පැල්ලමක්. පැහැදිලි නේද ?

ඊළගට තියෙන රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන තැන් වලට අවදානය දීල බලන්න.


මෙන්න මේ ලකුණු කරලා තියෙන අවට තමයි  Support & Resistance level කියල කියන්නේ.


දැන් පැහැදිලි වුනා නේද ? ඔයාල ඉහත රුපය හොදින් බැලුවනම් දෙයක් වැටහෙන්න ඕනේ. බලන්න මේ කහ ඉරි වලින් ලකුණු කරලා තියෙන ප්‍රදේශ දිහා. එක යම්කිසි level එකක් වගේ නේද පෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි අගයක් හරියටම කියන්න බැ නේද ?

වමේ ඉදන් දෙවෙනි කහ ඉරට අවදානය යොමු කලොත් එහි සාමාන්‍ය අගය 1.2730 වගේ වෙනවා. නමුත් ඒ ප්‍රමාණය ඉක්මවා ගිහින් අවමම අගය වෙන 1.2370 දක්වාත් මෙය ලගා වෙලා තියෙනවා.

එහෙමනම් මතක තිය ගන්න මේ Support & Resistance level වලට නියමිත හා නිවැරදි අගයක් දෙන්න  බැ කියල.

තව දෙයක් ඔයාල ඉහත අගයන් දෙක හොදින් බැලුවනම් පෙනෙන්න ඕනේpips 400 ක වෙනසක්. එතකොට අපි මේ  Support & Resistance level , Trade  වලට යොදා ගත්තොත් අපේ Account  වලට බුදු සරණයි නේද  ? ::)) එහෙම වෙන්නේ නැ හොදද ?

 ඉහත දක්වල තියෙන සියලු රුප අපි අරන් තියෙන්න MN  Chart එකෙන්. ඒ කියන්නේ එක candle එකක් සම්පුර්ණ මාසයක් නියෝජනය කරනවා. තව දුරටත් පැහැදිලි කරනවානම් ඔයාල ඉහත දැක්කේ වර්ෂ 2006 ඉදන් මේ දක්වා EUR/USD Chart එක.

ඒ කියන්නේ අනිත් Time frame වලට මේ කියන  Support & Resistance level වලංගු වෙන්නේ නැද්ද ? මතක තිය ගන්න මේ කියන සිද්දිය සියලුම Time frame වලට වලංගුයි. ඔයාල MT4 එක open  කරලා බලන්න බොරුද කියල. හැබැයි තව දෙයක් මේක යොදා ගන්නවානම් මම නම් යෝජනා කරන්නේ H4 එකෙන් එහාටවත් බවිත කරන්න කියල.

තව දෙයක් ඔයාල කාට හරි ප්‍රශ්නයක් ආවද ඇයි මේ කියනSupport & Resistance level එක අපි ලකුණු කල සිමාවෙන්  එහා මෙහා වෙලා තියෙනේ කියල. එකට සරලම පිළිතුර තමයි මේ chart එකට අවශ්‍ය candle stick pattern එක හදා ගන්න. ඒ පාර තව ප්‍රශ්නයක් මොකක් ද මේ Candle stick pattern කියන්නේ කියල නේ. එක සම්පුර්ණයෙන්ම කියා දෙන්න නම් තව ලිපි 60 ක් වත් ලියන්න වෙයි. candle pattern වලට විතරක්. සනීපයි නේද ?

මේ ලිපිය ඉවර නේ. අදට ඇති වගේ නේද. ඊලග ලිපියෙන් ඉතුරු ටික..........








Thursday, October 16, 2014

What is pivot point ? - 2

What is pivot point ? - 2


පුරා මාස 5 ක විතර කෙටි :) විරාමයකින් පස්සේ තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. මෙය කියවන්න පෙර අනිවාර්යෙන්ම පෙර ලිපිය කියවල එන්න.

පෙර ලිපියේ අපි ගණනය කලේ pivot point එක හොයන එක විතරයි නේද ? ඇත්තටම එක තමයි ආරම්බය. අද අපි

First Support Level

First Resistance Level

Second Support Level

Second resistance level

Third support level

Third resistance level

හොයන්න ගණනය කරන්න උත්සහ කරමු. මට මතක විදියටනම් මේ support and resistance level ගැන අපි තාම කතා කරල නැහැ. ඒ ගැන අනිවාර්යෙන්ම ඊලග ලිපියෙන් කතා කරනවා. හොදයි අපි පටන් ගමු.



ඉහත දක්වල තියෙන සටහන බලන්න.

ඔයාල දැනටමත් Pivot point  එක හොයන්න දන්නවා. ඒ අනුව pp එක වෙන්නේ 

2014. 10.16  දින pp  එක  = 1.2776


දැන් අපි First Resistance level  එක හොයමු. කොහොමද ?

First Resistance (R1) =  (2 * pp ) - low  ඒ කියන්නේ

                       = (  2 * 1.2776 ) - 1.2624

                        = 1.2928

පැහැදිලි නේද ? දැන් First supportive level  හොයමු.

First support (S1)=  (2 * pp ) - high

                         =  1.2666


දැන් අපි second level support & resistance level හොයමු.


second resistance (R2) = PP + ( High - Low)  ඒ කියන්නේ

                                     = 1.2776 + ( 1.2886 - 1.2624 )

                                   = 1.3038 

ඒ වගේම 

second support (S2)  =  PP -  ( High - Low) 

                                 =  1.2514



දැන් අපි අවසාන එක වගෙම Third level support & resistance level හොයමු.

Third resistance (R3) = High + 2( PP - Low ) කියන්නේ

                                  = 1.2886 + 2( 1.2776 - 1.2624 )

                                 = 1.3190

Third support (S3)  =  Low - 2( High - PP )

                               =  1.2624 - 2(1.2886 - 1.2776 )

                               =  1.2404




ඔන්න අපි මොනවා හරි ගණන් ටිකක් හැදුව නේද ? අමාරු වුනාද ? මේවා ස්වයංක්‍රීයව  කරලා දෙන පොඩි පොඩි tool තියෙනවා. හැබැයි මේ ටික තමන්ගේ ඔලුවට අවබෝද කර ගන්න අමාරු නම් Forex ඇත ඇරලා දාන එක තමයි වඩා හොද.

අපි ඉහත ලබා ගත ගණනය කිරීම් යොදා ගන්නේ කොහොමද කියල ඊලග ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්න තියෙනවනම් comments කරන්න. පිළිතුරු sure ........








Friday, April 25, 2014

what is Pivot points ?

                                                                    what is Pivot points  ?

පසුගිය ලිපි පෙලින් අපි Price Action Trading ගැන කතා කරා. අද අපි indicator එකක් ගැන කතා කරන්න යනවා. බය වෙන්න එපා මේක ඔලුව පිස්සු හැදෙන සංකීර්ණ indicator එකක් එහෙම නෙමෙයි. සංකීර්ණ ගණනය කිරීම් ඇත්තෙම නැහැ. ඒ උනත් මේක හුගක් වටිනා indicator එකක්. ඕනෙම indicator එකකින් කරනවා වගේම මෙකින් කරන්නෙත් යම් කිසි අපොහනයක් ( guess ) කිරීමක්.

මොකක්ද මේ pivot point කියල හදුන්වන්නේ ?  ඔයාල දැනටමත් දන්නවා MT4 එකේ M1, M5, M30.... D1, W1 ...... Time frame කිහිපයක් තිබෙන බව. උදාහරණයක් විදියට ගත්තොත් D1 කාළ රාමුව සැලකුවොත් මෙන්න මේ pivot point එක බාවිතා කරමින් පෙර දිනයට සාපේක්ෂව අද දිනයේ price අගය අපට හොයන්න පුළුවන්. අපි උදාහරණයක් ගනිමු.

2014.04.22 දින EUR/ USD

ඉහත දත්ත ඇසුරු කරලා අපි ගණනය කරමු.

pivot point ( pp ) = ( High + Low + Close ) / 3

pp                     =  ( 1.3824 + 1.3785 + 1.3805) / 3 පැහැදිලි නේද ?

                         =  4.1414 / 3

pivot point        = 1.3804

ඉහත අපි ගණනය කලේ 2014.04.23 දිනට අදාල pivot point එක. මේකෙන් අදහස් වෙන්නේ 04.23 දිනය තුල අවම වශයෙන් මෙන්න මේ 1.3804 කියන අගයට ලගා වෙනවා කියල. දැන් අපි බලමු 04.23 දිනට අදාල chart එක විමසල අපි මේ ගණනය කරපු අගයට ලගා වෙලාද කියල.


ස්ථාන දෙකකදී අපි ගණනය කල අගය ලැබිල තියෙනවා නේද ? කොහොමද වැඩ :)

මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේක 100% හැමදාම වෙන්නේ නැ කියල. නමුත් මේ ක්‍රමය 80% වඩා සාර්ථකයි.

තව ගණනය කරන්න තියනවා. ඒවා ඊළග ලිපියෙන් කතා කරමු.