Showing posts with label indicators. Show all posts
Showing posts with label indicators. Show all posts

Tuesday, January 13, 2015

Relative Strength Index

Relative Strength Index



මුලින්ම සුභ Forex වර්ෂයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව පාලනයක් තමයි උදා වෙලා තියෙන්නේ. හුගක් වෙලාවට ආර්ථිකය පැත්තෙන් ගත්තොත් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල හිතෙනවා. විදේශ විනිමය සම්බන්දයෙන් උනත් වෙනසක් බලාපොරොත්තු වෙන්නව පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ හුගක් ප්‍රසිද්ද tool එකක් ගැන. මොකක්ද මේ rsi (Relative Strength Index) කියල හදුන්වන්නේ. මේ tool එකේ අගයන් 0 සිට 100 දක්වා තියෙන බව ඔයාලට බලා ගන්න පුළුවන්. RSI අගය 30 ට අඩුනම් market එක oversold තත්වයේ තියෙනවා. ඒ වගේම RSI අගය 70 ට වැඩිනම් market එක overbought තත්වයේ තියෙනවා කියල අදහස් කරනවා.


ඉහත දක්වල තියෙන්නේ oversold අවස්ථාවක්. මොකක්ද මේ oversold & overbought කියල අදහස් කරන්නේ ?

අපි එකක් ගැන විස්තර කරමු. oversold කියල කියන්නේ, market එක sell ප්‍රමාණය ඉක්මවල ගිහිල්ල කියන එක. ඒ කියන්නේ තව දුරටත් market එක down වෙන්න තියෙන ඉඩ අවම මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අපි sell order එකකට යන එක අවදානම් වැඩක්.

ඊළගට overbought වෙන්නේ සම්පුර්ණයෙන්ම විරුද්ද දේ. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැ නේද ?

ඉතින් මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න ඕනේ ? oversold ගිය අවස්ථවක buy order දාන එක හොදයි කියල සමහරවිට ඔයාල හිතන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම් අනුවනම් මම එක අනුමත කරන්නේ නැහැ. ඒ උනත් scalper traders වල යෙදෙන අයට මේ ක්‍රමය වැසි දායක වෙන්න පුළුවන්.

trend එකක් හදුනා ගන්න RSI අගය යොදා ගන්නේ කොහොමද ?

ඔයාල buy order එකක් දාන්න හදනවනම් බලන්න rsi අගය දිහා, ඒ අගය 50 න් ඉහල ( සාමාන්‍යයෙන් 65 න් පහල ) තියෙනවනම් buy order එකකට යොමු වෙන්න පුළුවන්.

sell order නම් rsi අගය 50 න් පහල ( 40 න් ඉහල වගේ ) තියෙනවනම් sell order වලට යොමු වෙන්න පුළුවන්.

මේක සරල tool එකක් උනාට අපට හුගක් වැදගත් වෙනවා. මම අනිවාර්යෙන්ම බාවිතා කරන එකක්.



Thursday, December 18, 2014

Indicators

Leading & Lagging indicators



Fibonacci Trading ගැන ටිකකට අමතක කරලා අද අපි indicators ගැන කතා කරමු. ප්‍රදාන වශයෙන් indicator වර්ග දෙකකට බෙදන්න පුළුවන්.

Leading indicators and lagging indicators  කියල.


ඔයාල වුර්තිමය වශයෙන් Forex කරනවානම් මේ කියන tools, indicator ගැන අතිශය පුළුල් අවබෝදයක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ කියන්න සාම indicator එකකම තියෙන අවේනික හැකියාවන් හා දුර්වලතයන් පිලිබදව. පොදුවේ පිළිගන්න ඕනේ දෙයක් තමයි සියලුම indicator ගැන අපට අවබෝද කර ගන්න බැරි බව. එසේ උනත් අප වැඩි වශයෙන් බවිත කරන හා ප්‍රසිද්ද indicator පිලිබදව දැනුමක් තිබීම අවශ්‍ය දෙයක්.

මේ Leading indicator මගින් trend එකක් පටන් ගන්නට පෙර අපට trend එක පිලිබදව දන්නනවා.  එතකොට lagging indicator මගින් වෙන්නේ මේකේ විරුද්ද පස. ඒ කියන්නේ trend එකක් පටන් අර ගෙන ටික කාලයකට පස්සේ තමයි අපට කියන්නේ trend එක පටන් ගත්ත කියල.


ඉතින් මොකක්ද ඔයාලගේ තීරණය ? leading ද ? lagging ද ? ( MR or MY3 ?? :)

http://www.cartoonstock.com/directory/p/performance_review.asp



Leading indicator තොරා ගැනීම මගින් මුලින්ම trend එක හදුනා ගෙන වැඩි profit ප්‍රමාණයක් හොයල ගොඩ යන්න පුළුවන් නේද ? ඒ කියන්නේ trend එක පටන් ගන්නත් පෙර ඉදල මෙයා අපට signal දෙනවනේ. ඔව් ඇත්තටම අපට මේ indicator යොදා ගෙන වැඩි profit එකක් ගන්න පුළුවන්, මෙයා අපට නිවැරදි ලෙස signal දුන්නොත්. හැබැයි ඔයාල දන්නවද මේ indicator වර්ගය බොහෝ අවස්තා වල අපට ලබා දෙන්නේ නිවැරදි signal නෙමෙයි. මෙයා හුගක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ වැරදි signal ලබා දෙන්නෙක් විදියට. ඒ කියන්නේ අපි ඉවරයි කියල නේද :)

එතකොට lagging indicator ගැන බැලුවොත්, මෙයා අපි පෙර කතා කරපු විදියේ බොරු කාරයෙක් නෙමෙයි. බොහෝ විට අපට නිවැරදි signal ලබා දෙනව. මෙයා අපට signal එක දෙන්නේ trend එක හරියටම confirm උනාට පස්සේ. ඔයාල දැනටමත් දන්නා දෙයක් තමයි trend එකක් පටන් ගෙන මුල්ම කාල තුල විශාල ලෙස අගය ඉහල හෝ පහල යාමක් සිදුවෙනවා කියල. ඉතින් අපට වෙන අවාසිය තමයි මෙන්න මේ කියන විශාල profit එක අපට මග හැරෙන එක. පැහැදිලි නේද ?

ඉතින් අද ඔයාලට ගෙනාවේ කුඩා ලිපියක් උනාට මේක හුගක් වැදගත්. අපි ඉදිරියේදී අපේ තියන සියලුම technical indicators පුළුල් වශයෙන් පහත දක්වල තියෙන ආකාරයට කොටස් දෙකකට බෙදල කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. Leading indicators or oscillators

02. Lagging, Trend-following or momentum indicators


ඉහත දක්වල තියෙන වර්ග දෙකම කලවම් කරලා අපට වඩාත් නිවැරදි signal ගන්න පුළුවන් කියල ඔයාලට පැහැදිලි වෙයි.

නිකන් කැරකිල්ල හදුනා වගේ උනාද ? ගනන් ගන්න එපා. අපි සරලවම කතා කරමු. ඒ අතර Fibonacci ගැන කතා කරන එක කල් දැම්මේ ඉදිරියට තියෙන ලිපි හැකි තරම් සරලවම ලියන්නේ කොහොමද කියල බලන්න ඕනේ නිසා.