Sunday, May 12, 2013

Traders Type – Position Trader


Lesson – 25

25-  Traders Type – Position Trader

හතරවැනි හා අවසාන කාණ්ඩය තමයි Position Trading Type එක. Position Trader කෙනෙක් තමන්ගේ  Trade එකෙන් Pips 2000 ඉදන් 5000 වගේ Profit එකෙන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඔයාල දැන් Demo Account  එකේ Trade කරන නිසා දන්නවා ඇතිනේ. මේ තරම් Pips වෙනසක් වෙන්න Forex Market එකට කොතරම් කාලයක් ගත වෙනවාද කියලා. මෙයාල Trade එකක් විවෘත කරන්නේ ලෝකයේ ආර්ථිකයට බලපාන සියලුම සිදුවිම් ගැන ගැඹුරින් සොයලා බලලා දේශපාලනික, ආර්ථික, යුධ ගැටුම්, තාක්ෂණය ආදි සියලුම සිදුවිම් මේකට ඇතුලත් වෙනවා.

ඒ වගේම ඒ වගේ සිදුව්ම් වලින් Forex Market එක ඉහල පහල යාම සම්බන්ධ වෙන ආකාරය ගැන පුළුල් දැනුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම සොයා බැලිමෙන් පස්සේ Trade විවෘත කරාම ඒ Trade එක සාමාන්‍යයෙන් මාස කිහිපයක ඉදන් වසර කිහිපයක් වුනත් තියන් ඉන්නවා. තමන් අපේක්ෂා කරන ඉලක්කයට ළගා වෙනකන්ම.

දැන් ඔයාලට අවබෝධ වෙන්න ඕන දෙයක් තමයි Position Trader කෙනෙක් වෙන්න නම් විශාල ආයෝජනයක වගේම විශාල ඉවසිමකුත් තියෙන්න ඕන කියලා.

ඒ වගේම අද අපි අවශ්‍ය Trading Type එක ගැනත් කථා කරා. මේ Trading Type 4 න්ම හොඳම  Type එක මොකක්ද? එකට පිළිතුර නම් එහෙම හොඳයි කියලා Type එකක් නැහැ. ඔයාලගේ සිතැගි, හැකියාවට ගැලපෙන එක තමයි හොඳම Trading Type එක වෙන්නේ. ඒ වගේම එක Trading Type එකක් විතරක් අනුගමනය කරන්න ඕනේ කියලා නැහැ.

එහෙනම් Trading Type ගැන අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. ඉදිරියේදි Day Trading වලට අදාළ තව ලිපියක් පළ කරන්න අදහස් කරනවා.

ඔයාල Demo Account  පටන් අරන් කියෙනවා. ඒ වගේම ප්‍රගතිය Comments කරන්න. යම් උපදෙසක් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම ගැටළු තියෙන තැන් තියෙනවා නම් අහන්න.

Traders Type – Swing Trading


Lesson – 24

24-  Traders Type – Swing Trading

Swing Trading Type එකේදි ඔවුන් තමන්ගේ Trades දවස් කිහිපයක් හෝ සති කිහිපයක් තියන් ඉන්නවා  Profit ගන්න. ඒ වගේම තමයි Scalper,  Day Trader Type එකට වඩා වැඩි Pips ප්‍රමාණයක Profit එකක් මෙයාල බලාපොරොත්තු වෙනවා.

මේ සදහා  දවසකට පැයකට වැඩි කාලයක් සාමාන්‍යයෙන් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රමය ඔයාල වෙනත් රැකියාවක නිරත වි ඉන්න ගමන් කරන්න පුළුවන්.

ටිකක් විශාල Profit එකක් බලාපොරොත්තු වෙන ඒ වගේම ඉවසිලිවත්තව කටයුතු කරන්න පුළුවන් අයට මේ ක්‍රමය වඩාත් සුදුසුයි. ඒ වගේම දවසකට අඩුම තරමින් පැයක්වත් Forex News, Chart ආදිය ගැන කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන.

මේ තියෙන්නේ දැනට  ලියපු ලිපි වලින් කෙටිම ලිපිය තමයි මේක.

Wednesday, May 8, 2013

හුග දෙනෙක් නොකියන කතාවක්.


මේ බ්ලොග් පිටුව කියවන ඔයාල තවත් මේ වගේ හුගක් පිටු පරිශීලනය කරන්න ඇති. තවත් අය හුගක් මිල මුදල් වියදම් කර ගෙන කිසිම දෙයක් කියා දෙන්නේ නැති පන්ති වලට ගිහින් ඇන ගන්නත් ඇති. කොහොම වුනත් ඔයාල මුදල් ආයෝජනය කරනවානම් මෙහි අවදානම් ස්වබාවය පිළිබදව කියන්න ඕනේ කියල හිතුන. මේ ලිපිය ඒ වෙනුවෙන්. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න.

අවධානම් ස්වභාවය - Risk disclose


අතිශය අවධානම් ආයෝජනයක් බව

විදේශ විනිමය වෙළඳාම ස්වභාවයෙන්ම අතිශය අවධානම් ආයෝජනයක් වන අතර සමහර විට සියලුම ආයෝජකයන් සඳහා සුදුසු නොවීමට ඉඩ ඇත. එසේ හෙයින් ආයෝජනය කිරීමට ප්‍රථම ආයෝජන පරමාර්ථ, පළපුරුද්ද, අවධානම් දරා ගත හැකි බව පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස යෝජනා කරනු ලැබේ. ඔබ ගන්නා වැරදි තිරණ නිසා ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවක් ඇති අතර එම නිසා කිසි විටෙකත් ඔබට පාඩුව දරා ගත නොහැකි මුදලක් මේ සඳහා ආයෝජනය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලැබේ.  විදේශ විනිමය වෙළදාම සම්බන්ධයෙන් ඔබට යමිකිසි ගැටළුවක් හෝ අවධානම් ස්වභාවයක් පිළිබඳව යම් අවිනිශ්චිත බවක් ඇතොත් ක්සේත්‍රයේ පළපුරුදු මුල්‍ය උපදේශකයකුගේ සේවය ලබා ගැනීම සුදුසු වේ.

වෙළඳ උපදේශය

http://howtoforexwin.blogspot.com හි භාවිතා වන අදහස් හා කල්පනා, ප්‍රවෘත්ති, සමීකරණ, සමීක්ෂණ, අන්වේෂන, මිළ හා වෙනත් සියලුම තොරතුරු. Forex Morket මත පදනම් වී ඇති අතර කිසි විටකත් ආයෝජන පිළිබඳව උපදෙස් ලෙස නොසැලකිය යුතුය. එසේම http://howtoforexwin.blogspot.com කිසි විටකත් මෙහි සඳහන් තොරතුරු යොදාගෙන කරනු ලබන වෙළදාමෙහි ලාභ හෝ පාඩු සඳහා සෘජුව හෝ වක්‍රව වගකීමක් දරනු නොලැබේ.

නිරවද්‍යතාවය

http://howtoforexwin.blogspot.com සඳහන් අන්නර්ගතයක් දැනුම් දීමකින් තොරව වෙනස් වීමට ඉඩඇත. මෙහි සඳහන් තොරතුරු පිළිබඳව නිතිමය වගකීමක් සෘජුව හෝ වක්‍රව කිසි විටකත් දරනු නොලැබේ.

Traders Type - Day Traders


Lesson – 23

Traders Type - Day Traders

Day Traders ලා කියලා කියන්නේ තවත් කෙටි Trading Type එකක්. හැබැයි Scalping Trader ව‍ගේ නොමෙයි. ඊට වඩා දිගු කාලයක් මෙයලා තමන්ගේ Trades තියන් ඉන්නවා. ඇත්තටම දවසක් තමයි මෙයාල තමන්ගේ Trade තියන් ඉන්නේ. දවස ආරම්භයේ දීම මෙයාල Market එක ගැන හොයලා බලලා Trade එකක් Open කරනවා. බොහෝ විට එක Trade එකයි Open කරන්නේ. ඊට පස්සේ දවස අවසානයේදි ඒ Trade එකලාභ පාඩු මොනවා වුනත් Trade එක Close කරනවා.

 පහත ලක්ෂණ තියෙනවා නම් ඔයත් Day Traders කෙනෙක්,

§  දවස ඇතුලත තමන්ගේ Trade Close කරන්න කැමැති නම්.

§  දවස ආරම්භයේදීම Market එක ගැන හොයලා බලන්න ප්‍රමාණවත් කාලයක් තියෙනවා නම්.

§  තමන්ගේ ලාභ පාඩු එදිනෙදාම දැන ගන්න කැමැතිනම්.

ඔයත් Day Trader කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ වගේම, මේ Type එක ඔයා තෝර ගත්තොත් Forex News   ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා Full Time Job එකක් කරනවා නම් මේ සඳහා කාලය සොයා ගන්න වෙනවා. මොකද සමහර වෙලාවට Chart , News ගැන එහෙම අවධානය යොමු කරන්න ඕන වෙන්න පුළුවන්.

මේ Day Trading එකක් කාටස් කිහිපයකට බෙදෙනවා. ඒ කිව්වේ Day Trading එකෙන් Trade කරන Types එහෙම තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපියකින් කථා කරමු.

Traders Type - Scalping


Lesson – 22


22- Traders Type - Scalping

ඔන්න අද අපි කථා කරනවා Traders Type ගැන. මුලින්ම කථා කරන්න යන්නේ Scalping Traders ලගේ ලක්ෂණ. බලන්න ඔයත් මේ වර්ගයේද කියලා.

Scalping කියලා කියන්නේ අධික වේගයෙන් කටයුතු කරන Traders ලට. ඒ වගේම ඔවුන් Trade එකක් Open කරාම ඒ Trade එක තත්පර කිහිපයක් ඉඳන් විනාඩි කිහිපයක් විතරයි තියන් ඉන්නේ. ඒ වගේම Trade වලින් බලාපොරොත්තු වෙන්නේ සුළු ලාභයක් විතරයි.  Pips 2 ඉඳන් 5 දක්වා වගේ. Scalpers ලා Trade Open කරන්නේ Market එක හුඟක්ම Active වෙලාවට. ඒ වගේම ඔවුන් දවසට පැය කිහිපයක් මේ සඳහා ගත කරනවා. සමහර විට දවසකට පැය හත අටක් වගේ.

බලන්න පහත ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා.

Ø  වේගවත් ලෙස Trade කරන්න ඇති කැමැත්ත.

Ø  පැය කිහියක් එක දෙයක් ගැන දැඩි අවධානයෙන් සිටිය හැකි වීම.

Ø  නොඉවසිලිවන්ත ගතිය.

Ø  Forex Charts ආදිය ඉතා අතිශය වේගයෙන් තේරුම් ගත හැකි වීම.

Ø  වේගයෙන් පරිගණය හැසිරවිය හැකි වීම.(ඇගිලි වෙවුලනවා නම් බැ හොදේ.)

Ø  මුළු කාලයම මේ සඳහා යෙදවිය හැකිවීම.

ඔන්න ඔය කිව්ව ටික ඔයාට තියෙනවානම් ඔයාට Scalping Trading සුදුසුයි. ඒ වගේම,

·         ඉතා ඉක්මනින් වෙහෙසට පත්‍ වෙනවා නම්.

·         දිගු වේලාවක් ඒක දෙයකට අවධානය යොමු කරන්න බැරි නම්.

·         Trade එකකින් ලොකු Profit එක බලාපොරොත්තු වෙනවා නම්.

·         Market එක ගැන තේරුම් ගන්න දිගු වෙලාවක් ගත වෙනවානම්.

·         ඔයාට Heart Attack එහෙම තියෙනවා නම්.

මේ Scalping Trading කියන ක්‍රමය සුදුසු නොවේ.

තව දෙයක් කියන්න ඕනේ. මේ  Scalping Trader Type එක තමයි ඉතා ඉක්මනින්ම ලොකු Profit එකක් හොයන්න තියෙන ක්‍රමය. ඒ වගේම තමයි ඊටත් වඩා ඉක්මනින් තමන් යොදවමු මුළු මුදලම නැති කර ගන්න තියෙන හොඳම ක්‍රමෙත්. නවකයන්ට මේ ක්‍රමය මම නම් යෝජනා කරන්නේ නෑ. ඕන් කිව්වා. සල්ලි ටික නැති කරගෙන මට නම් බනින්න එපා හො‍දේ.

 කොහොම හරි ඔයා තීරණය කරා නම් මේ ක්‍රමය හොඳයි කියලා පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

v  Liquidity එක වැඩි Currency Pairs පමණක් තෝරා ගන්න. උදා- විදියට EUR/USD, GBP/USD, USD/CHF, USD/JPY වගේ.

v  දවසේ Market එක කාර්ය බහුලම වේලාවන් වලදි විතරක් Trade කරන්න.

v  මුලින් එක Currency Pairs එකක් විතරක් තෝරා ගන්න. EUR/USD වගේ.

v  අනිවාර්යෙන්ම හොඳ Money Management ක්‍රමයක් අනුගමනය කරන්න.

v  Forex News   පිළිබඳව ඉහල අවධානයක් යොමු කරන්න.

ඔන්න ඔය ටික තමයි Scalping Trading ගැන කියන්න තියෙන්නේ.ඊළඟට අපි Day Traders ලා ගැන කථා කරනවා.

ගැටළු තියෙනවා නම් අහන්න.