Sunday, May 8, 2016

මොකක්ද මේ පිරමීඩ ?

මොකක්ද මේ පිරමීඩ ?


අද අපි කතා කරන්න යන්නේ Forex ගැන නෙමෙයි. අද සමාජයේ වැඩියෙන්ම කතා වෙන මාර්තුකාවක් වෙන පිරමීඩ ක්‍රමය ගැන.

වැඩසටහන ගැන


මෙම වැඩසටහන පිරමීඩයක් ආකාරයේන්ම ක්‍රියාත්මක වේ. එනම් මෙය අරම්බ කරන තැනැත්තා විසින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු වැඩසටහනට බදවා ගනු ලබයි. එනම් එම සම්බන්ද වන සාමාජිකයන් මුලින් මුදලක් මේ සදහා ආයෝජනය කල යුතුය.

උදාහරණයක් ලෙස ඔබ මෙහි අරම්බකයා ලෙස සිතන්න. දැන් ඔබ විසින් රුපියල් දහස බැගින් යුතු සාමාජිකයන් 10 දෙනෙකු බදවා ගත්තා යයි හිතමු. මෙම බදවා ගැනීම කිහිප ආකාරයකින් විය හැක. එක් ආකාරයක් වශයෙන් රුපියල් 1000 වටිනා යම් බාන්ඩයක් හෝ සේවාවක් ඔබට රුපියල් 2000 කට ලබා දීම මගින් ඔබ සාමාජිකයකු කර ගත හැක.

දැන් පලවෙනි පියවර සාර්ථක අතර රුපියල් 10 x 1000 = 10000 ක මුදලක් මෙය අරම්බකයාට ලැබී ඇත.

දැන් දෙවෙනි පියවර වන්නේ පළමු පියවරේදී මෙහි සාමාජිකයන් වූ 10 දෙනාට මෙහි ප්‍රතිලාබ ලබා ගැනීම සදහා නව සාමාජිකයන් බදවා ගැනීමයි. ඒ සදහා එක් සාමාජිකයකු තවත් 10 දෙනෙකු බදවා ගත යුතුය. ( මෙය වෙනස් විය හැක. ) එවිට සමාජික ගණන 10 x 10 = 100 ක් වේ.

මේ ආකාරයෙන් තවත් ඉදිරියට යාම මගින් සාමාජික ගණන 10 ගුණාකාර මගින් වර්දනය වන අතර මෙය අරම්බ කර හා ඉහලින්ම සිටින සාමාජිකයන් අතට විශාල ප්‍රතිලාබයක් හිමිවේ. වැටහ ගැනීම සදහා පහත රුපය බලන්න.


ප්‍රයෝගය හදුනා ගනිමු


ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේක වර්දනය වෙලා එනකොට ඔයාලට හිතෙනවා ඇති මේ ක්‍රමය මගින් ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන් කියල.

හිතන්නකෝ මේ ක්‍රමය දෙන පවතින්නේ සාමාජික මට්ටම ලක්ෂ 10 සිමාවේ කියල එහෙනම් ඊලග මට්ටම කියන්නේ ලක්ෂ 100 ඒ කියන්නේ කෝටියක් එහෙම නේද.  ඒ කියන්නේ ලංකවේ නම් ජන ගහනයෙන් බාගයක් විතර නේද ?? තවත් විදියකින් කියනවනම් අපේ ගෙදර ඉන්න අම්ම, තාත්තා, අයිය, මම අපි හතර දෙනාගෙන් දෙන්නෙක් මේකට සම්බන්ද වෙන්න ඕනේ. ඔයාලට දැන් පැහැදිලි වෙනවා නේද මේ ක්‍රමය මේ තරම් දුරටවත් යන්නේ නැහැ කියල. ඉතින් ඔය අවසාන මට්ටම් වලදී මේකට සම්බන්ද උන අයට දෙවියන්ගේම පිහිටයි. අවාසනාවට වගේ 90% වඩා වැටෙන්නේ ඒ ගොඩට.

කෙටියෙන්ම කියනවනම් මේ වගේ ක්‍රම වලට තිබෙන්නේ සීමිත පැවැත්මක් විතරයි. මුළු ලෝකෙම ජනගහනය සම්බන්ද උනත් කඩා වැටීම ස්ටිරයි.

තවත් ටිකක් තියෙනවා ලියන්න බලමු පස්සේ වෙලාවක.


1 comment:

  1. Best reliable and accurate Forex signals service provider is USA Forex Signal. Worldwide real time best forex signals and famous Forex signals provider Company. Use Forex signals service via Telegram, Whatsapp, Skype and Email.

    ReplyDelete