Saturday, March 2, 2013

ඉතින් ඊට පස්සේ


Lesson – 08

08 - ඉතින් ඊට පස්සේ

                 Forex Market එක හා එය ක්‍රියාත්මක වෙන ආකාරය හා ලාභ ලබන ආකාරය පිළිබඳව පසුගිය පාඩම් 7 ඔස්සේ ඔයාලට යම් දැනුමක් ලබා දෙන්න උත්සාහ කළා.  අපි මේ තාක් දුරට ඉගෙන ගත් කරුණු අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා. එහෙම අවබෝද නොවුනු කවුරු හරි ඉන්නවානම් මින් ඉදිරියට යන්න එපා. පසුගිය පාඩම් නැවත අධ්‍යනය කරල ඇතිවුනු ගැටළු ඉදිරිපත් කරන්න.

අද ඉඳන් පටන් ගන්න පාඩම් මාලාව ප්‍රායෝගික කොටස ඉලක්ක කරගෙන තමයි යන්නේ.

ඇයි Forex Market එක අනිත් Business වලින් වෙනස් වෙන්නේ? අපි ප්‍රායෝගික උදාහරණ ගමු. හිතන්නකෝ ඔයාට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන වුනා කියලා. ඒ වගේම ඔයාගේ යාළුවාට Forex Trading කරන්න ඕන වුනා කියලා. අපි මේ කරණා දෙකම ඇතුලත් කරලා වගුවක් නිර්මාණය කරලා බලමු.

සිල්ලර කඩේ
     Forex Trade
1.ඉඩමක් ගැනීමට අවශ්‍යය
1.මුදල් අවශ්‍යයි. ( $ 100 වැනි සුළු මුදලකින් ඇරඹිය හැක)
2. ගොඩනැගිල්ලක් සෑදීමට අවශ්‍යය
2.පරිගණකයක් අවශ්‍යයි.(නවීන Mobile Phone වුවද දැන් මේ සඳහා භාවිතා කළ හැක)
3. විදුලිය ගැනීමට අවශ්‍යය
3. අන්නර්ජාල සබඳතාවයන් අවශ්‍යයි.
4. ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අවශ්‍යය
4. දුරකථාන පහසුකම් අවශ්‍යයි.
5. කඩයට බඩු ගැනීමට අවශ්‍යය
5. Forex Trading පිළිබඳව දැනුම අවශ්‍යයි.
6. ණය පහසුකම් ලබා දීම අවශ්‍යය (සමහර විට)

7. දුන් ණය අයකර ගැනීම අවශ්‍යය

8. බදු ගෙවීමට අවශ්‍යය (ව්‍යාපාර දියුණු විමේදී)

9. සේවක පඩි ගෙවිම අවශ්‍යය

10. තරඟකාරි ලෙස ව්‍යාපාරය මෙහෙය වීම අවශ්‍යය

11. ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් අවශ්‍යය

12. සිල්ලර (එළවළු) වැනි දේවල් නරක් වී යා හැක.

13. ස්වභාවික විපත් සිදුවීමේ අවදානමක් පවති.

14. සොර සතුරැ කරදර ඇති විය හැක.

15. ඉහත 13-14 සඳහා රක්ෂණය කළ හොත් රක්ෂණ ගාස්තු ගෙවීම අවශ්‍යය

16. ප්‍රදේශයේ සමාජීය කටයුතු වලට මුදල් යෙදීම අවශ්‍යය (පරිත්‍යාග)


දැන් පැහැදිලි නේද? Forex Trading පටන් ගන්න එක අනිත් ව්‍යාපාර වලට සාපේක්ෂව කොච්චර ලේසි ද කියලා.

Forex Trading වල තියෙන ප්‍රධානම වාසිය කියන්න බැරි වුනානේ. ඔයාලට අනිත් ව්‍යාපාර කරන කොට ඔයාල ළඟ තියෙන මුදල් වියදම් නොකර ඒ ව්‍යාපාර සාර්ථක අසාර්ථක වෙනවද කියලා බලන්න ක්‍රමයක් තියෙනව ද? නෑ නේද? හැබැයි Forex Trading වල ‍නම් තියෙනවා. ඔයාලට මුදල් වියදම් නොකර Forex Trading කරන්න පුළුවන්. ඒ සඳහා Demo Account කියලා ගිනුම් විශේෂයක් Forex Brokers Company විසින් හඳුන්වල දීල තියෙනවා. මේ මගින් ඔයාල ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකවම කරල බලන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඔයාල ගැනම තිර්ණයකට එන්න. කිසිම මුදලක් වියදම් නොකර පැහැදිලි නේද? Forex Trading වලට දාන්න මුදල් යොදවන්නේ නැතිව මේ Demo Account එකකින් පටන් ගන්න එක ඉතාම හොදයි. අඩුම ගානේ සති 3ක් වත් මේ Demo Account එකේ පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතිව කවුරුවත් ඇත්ත මුදල් මේකට යොදවන්න එපා. හේතුව මේ පාඩම් මාලාවේ අරමුණ ඔයාල ලාභ ලබන විදියට මෙහෙය වීම මිසක් පාඩු ලබන විදිය කියාදීම නොමෙයි.

Demo Account එකේ විවෘත කර ගන්න විදිය ඊළඟ පාඩමේදි කථා කරමු. 

Friday, March 1, 2013

Pipes ගැන තවදුරටත්, වැදගත්කම


Lesson – 07

07- Pipes ගැන තවදුරටත්, වැදගත්කම

අපි පෙර පාඩමේදී Pipes ගැන කථා කරා මතක ඇතිනේ. ඒ වගේම අවබෝධ වෙන්නත් ඇතැයි කියලා හිතනවා. පෙර පාඩමේදී කියන්න බැරි වුන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම Pipes වල වැදගත්කම අහලා කොමෙට්ටුවකුත් දල තියෙනවා.

ඇත්තටම මේ Pip කියල කි‍යන්නේ තනි නමකට නෙමෙයි. ඒක හැදුනේ Price interest Point කියන වචන වල මුල් අකුරු එකතු කිරිමෙන්.

අපි පෙර පාඩමේදි කථා කලා මතක ඇති JPY යෙදෙන අවස්ථා වල Pip එකක් කියලා හදුන් වන්නේ දෙවැනි ‍දශමස්ථාන කියලා. ඒ වගේම JPYසම්බන්ධ නොවන අවස්ථාවල Pip එකක් කියන්නේ 4 වන දශමස්ථානයට කියලා. නමුත් සමහර Brokers JPYසම්බන්ධ වෙන අවස්ථා දශම ස්ථාන 3කුත් JPY සම්බන්ධ නොවන අවස්ථා දශම ස්ථාන 5 කිනුත් දක්වනවා. දැන් හොඳට මතක තියා ගන්න ඕනෙ මේ අවස්ථාවේදිත් අපි ඉහත කියපු දෙය වෙනස් වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ JPY දශම ස්ථාන 3කින් දැක්වුවත් Pip නියෝජනය කරන්නේ 2 වැනි දශම ස්ථානයේ ඉඳලා. JPY සම්බන්ධ නොවන අවස්ථා දශම ස්ථාන 5කින‍් දැක්වුවත් Pip නියෝජනය කරන්නේ දශම ස්ථාන 4 ඉඳලා. පැහැදිලි නේද?

එතකොට මේ JPY වල 3 වැනි දශම ස්ථානයට හා JPYසම්බන්ධ නොවෙන Currency pair වල 5 වැනි දශම ස්ථානය හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ දශම ස්ථානයට අපි කියනවා Pipette කියලා. Pipette එකක් කියන්නේ pip 1/10 එකකට. තව විදියකින් කිවොත් Pipette 10 ක් එකතුවෙලා තමයි  pip එකක් හැදෙන්නේ.

පහත උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.

GBP/ JPY = 128.528 විනාඩි 30කට පස්සේ GBP/ JPY =128.534 වුනා කියලා හිතමුකෝ. දැන් මෙනත වෙනස pips කියද?

GBP/ JPY      = 128.534 - 128.528

                                    = 0.006

                පිළීතුර pips 0.6 යි. මේක Pipettes යොදා ගෙන ලිවොත් Pipettes 6 යි කියලා ලියන්න පුළුවන්.

තව උදාහරණයක් බලමු.

EUR/USD =1.34869 පැයකට පසු 1.34860 වුනා නම් දැන් වෙනස pips කීයද?

                        EUR/USD   =1.34860 - 1.34869

                                                = 0.00009

            පිළිතුර pips 0.9 ක් අඩුවෙලා කියන එක. ඒකම Pipettes යොදාගෙන ලිවොත් Pipettes – 9 ක් කියල පැහැදිනේද?

            Pips වල තියෙන වැදගත් වෙන්නේ ඇයි කියලා දැන් බලමු.

            ඔයා EUR/USD =1.3460 ගානේ EUR Lot 0.01 ක් මිළදි ගන්න කියල හිතන්නකෝ. ඊට පැයකට පස්සේ EUR/USD =1.3465 කට ආවාම ඔයා නැවත මේ ප්‍රමාණය අලෙවි කලාම ලබන ලාභය කීයක් කියලද හිතන්නේ. ඒක අපට සරලව සොයා ගන්න පුළුවන් Pips ප්‍රමාණය සොයා ගත්තම. Pip ප්‍රමාණය හොයමු.

            EUR/USD   =1.3465-1.3460

                        Pips    = 0.0005

            ‍ඒ කියන්නේ ඔයා ලාභ ලබලා තියෙනවා $ 0.5 ක්. කොහොමද එහෙම කියන්නේ?

අපි මිළදි ගන්න Lot ප්‍රමාණය (මේක අපි ගනුදෙනු කරන කොට Volume ප්‍රමාණය කියලා හමුවෙන්න පුළුවන් ) 0.01 ක් වෙන කොට මේ Pip 1 ක් නිතරම  $ 0.1 ක් නියෝජනය කරනවා.

ඒ වාගේම අපි Lot 0.02 න් Trade කරනවානම් Pip 1 ක් $ 0.2 ක් නියෝජනය කරනවා. ඒ වාගේම අපි Lot 0.1 Trade කරනවානම් Pip 1 ක් $ 1 ක් නියෝජනය කරනවා. දැන් පැහැදිලි නේද? Pip වලින් අපි ලබන ලාභ අලාභ නිරූපණය කරනවා කියලා