Lesson – 11
11- Meta Trader 4 හැඳින්විම.
පසුගිය පාඩමේදී MT-4 Software එක Download කර install කරගෙන එම Software එක මගින් අපගේ Demo Account එකට log වුනා. අද
අපි MT4 Software එකේ මුලික සැලැස්ම පිළිබඳව කථා කරන්න බලාපොරොත්තු
වෙනවා.
මුලින්ම ඔයාල MT4 එක Open කරන කොට වෙනස් වෙනස් Currency pairs 4ක් නියෝජනය කරමින් Chart Windows 4ක් දකින්න ලැබෙයි. ඊට ඉහලින් icons විශාල ගණනක් ඇති Toolbar හා වම් පැත්තෙන් Market Watch Window එකත් පහලින් Navigator Window එකත් දකින්න ලැබෙයි. මේ Market Watch Window ඒක ප්‍රධාන වශයෙන් Tab දෙකකට බෙරිලා තියෙනවා. එම Window එකේ පහල බැලුවොත් Symbols, Tick Chart යනුවෙන් වෙන Tab 2 බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉහලින්ම Server Time එක පෙන්වනවා. මෙහි Symbol Tab එකෙන් මෙහි Trade වෙන සියලුම Currency pairs වල Symbol, Bid හා Ask prices පෙන්වනවා. අපි Select කරන Currency pair එකට අදාළ Chart එක Tick Chart එක තුලින් ලබා ගන්න පුළුවන්. දැනට මේවා ගැන දළ අදහසක් ගන්තම ඇති. සියලු දේම ඉදිරියේදි විස්තර ඇතුව කථා කරමු. Bid, Ask prices ගැන එහෙම.
මුලින්ම ඔයාල MT4 එක Open කරන කොට වෙනස් වෙනස් Currency pairs 4ක් නියෝජනය කරමින් Chart Windows 4ක් දකින්න ලැබෙයි. ඊට ඉහලින් icons විශාල ගණනක් ඇති Toolbar හා වම් පැත්තෙන් Market Watch Window එකත් පහලින් Navigator Window එකත් දකින්න ලැබෙයි. මේ Market Watch Window ඒක ප්‍රධාන වශයෙන් Tab දෙකකට බෙරිලා තියෙනවා. එම Window එකේ පහල බැලුවොත් Symbols, Tick Chart යනුවෙන් වෙන Tab 2 බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉහලින්ම Server Time එක පෙන්වනවා. මෙහි Symbol Tab එකෙන් මෙහි Trade වෙන සියලුම Currency pairs වල Symbol, Bid හා Ask prices පෙන්වනවා. අපි Select කරන Currency pair එකට අදාළ Chart එක Tick Chart එක තුලින් ලබා ගන්න පුළුවන්. දැනට මේවා ගැන දළ අදහසක් ගන්තම ඇති. සියලු දේම ඉදිරියේදි විස්තර ඇතුව කථා කරමු. Bid, Ask prices ගැන එහෙම.
Market Window එකට පහලින් තියෙන්නේ Navigator Window එක. ඔයාගේ Account
ගැන indicator ගැන , Expert Advisers හා Scripts ගැන තමයි වෙනම තියෙන්නේ.විස්තර ඇතිව පස්සේ කථා කරනවා.
ඊට පහලින් තියෙන Window එක හදුන්වන්නේ Terminal Window නමින්. එහි Tab විශාල ගණනක්
තියෙනව පේනවා නේද?
Trade, Account History,
Alerts, Mailbox වගේ ඒවා දැන්
අපි ඉදිරියේ දී කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
පහළ රූපය බලන්න. වඩාත් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.
![]() |
Image From http://www.investopedia.com |
MT-4 එක Open කරාම Chart Window 4ක් පෙනෙන්න තියෙන බව අපි කතා කථා කරා නේද? මේක Chart Window 4ක් කියලා සීමාවක් නෑ අපට ඕන තරම් Window ලබා ගන්න පුළුවන් අවශ්‍ය Currency pairs එක මත Right Click කරල ලැබෙන Menu එකෙන් Chart Windows Click කරාම.
මේ ලැබෙන Chart Window අපට අවශ්‍ය පරිදි Settings හදා ගන්න පුළුවන්. Chart Windows එක Right Click කරලා Properties ගියාම.උදාහරණ
විදියට කළු පාටින් දැක්වෙන Chart Window එකේ Background එක අපි කැමති
පාටක් ලබා දෙන්න පුළුවන්.
ඔයාල පුරුදු වෙන්නත් එක්ක මේ Settings වෙනස් කරල බලන්න. Bar Down එක රතු පාටින්
හා Common Tab එකේ තියෙන Show Grid එක Deselect කරල තමයි මට ගැලපෙන විදියට මේ Chart Window එක සකස් කරගෙන තියෙන්නෙ. මේ සකස් කර ගන්න Chart Window එකකට අපි Template එකක් තියල හඳුන්වනවා. මේ Template එක අපිට Save කරල තියා ගන්න පුළුවන්. එතකොට නැවත නැවත මේ Settings සකස් කරන්න වුවමනා වෙන්නේ නැහැ.
ඒක කරන්නේ Template icon එක මත Mouse Pointer එක අරගෙන යන්න. Icon එක මතට Pointer එක අරගෙන ගියාම ඒ icon එකේ නම පෙන්නයි. මේක ලේසියෙන්ම රූප සටහනකින් පෙන්නන්න
පුළුවන් වුනත් ඔයාල පුරුදු වෙන්න ඕන නිසා එහෙම කරන්නේ නැහැ.කොහොම හරි Template මත Click කරල ලැබෙන Menu එකෙන් Save Template මත Click කරල ඔයාල හිතලා හදා ගන්න Chart Window එකට නමක් දීල Save කර ගන්න.
![]() |
Image From http://www.investopedia.com |
ඊළඟට Chart Window එක පෙන්නන්න ඕනේ කොහොමද කියල අපිට තීරණය කරන්න පුළුවන්. MT4 එකේ මේ සඳහා option 3ක් ලබා දිලා තියෙනවා. Bar Chart, Candlestick chart, Line
Chart කියලා. Mouse Pointer එක icon මතට අරන් ගිහින් එකිනෙක මත Click කරල බලන්න Chart එකට මොකද වෙන්නේ කියලා.
Indicators හෙවත් දර්ශන තුලින් ඉදිරි කාලයේදී Market එක කෙසේ හැසිරෙයිද කියලා අදහසක් ගන්න පුළුවන්. එම icon එකක් හඳුනා ගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියා ගන්න ඕනෙ
දෙයක් තමයි මේ Indicators වලින් යම්
අදහසක් ගන්න පුළුවන් වුනත් එය 100% ක්
නිවැරුදි නැ කියලා. එහෙම නිවැරදි වුනානම් හැමෝම ලාභ ලබනවා.
![]() |
Image From http://www.investopedia.com |
Chart Window එක Close, Minimize, Maximize කරන්න වගේම Chart එක Zoom In, Zoom Out කරන්න පුළුවන් icon එහෙම හඳුනා ගන්න.
උදාහරණයක් විදියට Bar Chart Select කර
M15 Time
Frames යොදා ගෙන තියෙන කොට Chart
Window එකේ එක ඉරකින් විනාඩි 15 ක කාලයක් නියෝජනය වෙනවා. ඔයා D1
Time Frames එක භාවිතා කළොත් එක ඉරකින් දවසක් නියෝජනය වෙනවා. MN භාවිතා කළොත් එක සිරස් ඉරකින් මාසයක කාලයක් නියෝජනය
වෙනවා. පැහැදිලි නේද?
Drawing Tools - දැනට පවතින Market එක හා ඉදිරිය පිළිබඳව අන්වේෂණය (Analysis) කරන්න මේ Drawing Tools යොදා ගන්න පුළුවන්. Vertical Lines, horizontal lines Trendlines
ආදිය Toolbar මතින් හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවා යොදා ගන්නේ කොහොමද
කියලා අපි වෙනමම කථා කරන්න බලාපොරොත්තු වෙනවා.
Connection Status මෙය Trade වලට සම්බන්ධ නොවන දෙයක්. Software එකේ දකුණු පැත්තේ පහලට Phone එකේ signal දක්වන විදියට තියෙන රූපය පේනවද? උදාහරණ විදියට 518/1kb වගේ. මේ කරුණු කිහිපය සම්පුර්ණයෙන්ම රතු පාටින්
දක්වනවානම් ඒ මගින් අදහස් වෙන්නේ අපගේ MT4 Software එක අන්තර්ජාල සබඳතාවය නැහැ කියලා. ඉලක්කම් සහිතව අඩක්
කොළ පැහැ නම් අන්තර්ජාල සබඳතාවය ඇති බවත් දක්වනවා.
ඉහත ලිපිය මගින් MT-4 ගැන මුලීක
අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා සිතනවා. අපැහැදිලි තැනක් තියෙනවානම් අහන්න.
signal penwana thana (softwear eke dakunu pasa pahala kelawara) invalid kiyala watenawa. mage inter net connection eka tiyenawa.
ReplyDeleteඑතන click කරලා Rescan server click කරලා බලන්න. එහෙම නෙත්නම් ඔයාගේ Demo account එකක් නම් තියෙන්නේ එක Expire වෙලා ඇති.
Delete