Showing posts with label Fibonacci. Show all posts
Showing posts with label Fibonacci. Show all posts

Monday, October 12, 2015

How to use Fibonacci for Trading

How to use Fibonacci for Trading


ඉතින් හුගක් කාලෙකට පස්සේ නේද ? හුගාක් busy උනා. දිගටම මේ ලිපි පෙළ පෙළ අනුගමනය කරපු අයට සිදූවූ අපහසුතාවය පිලිබදව කණගාටුව පල කරනවා.

මේ ලිපියේ පලවෙනි ලිපිය දැනටමත් පල කරලා ඉවරයි. ඔයාල බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් බලන්න. http://howtoforexwin.blogspot.com/2014/12/fibonacci-trading.html

අද අපි Fibonacci යොදා ගනිමින් trade එකකට enter වෙන ආකාරය පිලිබදව අවදානය යොමු කරමු.

trade කිරීමට පළමුවෙන්ම අපි කරන්න ඕනේ දෙයක් තමයි Fibonacci Retracement Levels සොයා ගැනීම.

කොහොමද මේක හොයා ගන්නේ. 

අමතක උනා කියන්න. මේ fibonacci trading theory එක වඩාත්ම හොදින් ගැලපෙන්නේ market එක trend වෙන වෙලාවට විතරයි. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිවම up or down trend එකක් හොදින්ම පෙනෙන්නට ඕනේ. එහෙම නැති වෙලාවට මේ දේ යොදා ගන්න යන්න එපා.

ඉතින් මේ retracment level සොයා ගැනීම සදහා up trend එකකදී නම් පහලම candle එකේ ඉදන් ඊළගට තිබෙන ඉහලම candle එකට fibonacci line එක නිර්මාණය කර ගන්න. මෙතන පහලම හා ඉහලම candle කියන එකෙන් අදහස් වෙන්නේ මේ කියන candle දෙක බැලු බැල්මටම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ( swing high හා swing low ස්ථාන ) කියල හදුන්වනවා.

down trend එකක් සදහා නම් මේකේ විරුද්ද පැත්ත. නැවත විස්තර කරන්න ඕනේ නැහැ නේද ?


දැන් අපි ප්‍රයෝගික යොදා ගැනීමක් බලමු. මුලින්ම up trend එකක් සදහා


ඉහත රුපයේ eur/usd ට අදාල daily chart එක දක්වල තියෙනවා. ඉතින් අපි මොන වේලාවේද up trend එකක් යොදන්නේ ?

ඔයාලට පෙනෙනවා නේද මේ රුප සටහනේ ( 23.6, 38.2, 50.0, 61.8, 100.0, 161.8, ..... ) ආදී වශයෙන් දක්වල තියෙනවා.

ඉතින් අපි buy කරන්න හොයනවනම් මේ කියන ස්ථාන ටික තමයි හොදම ස්ථාන වෙන්නේ. 0.0 නම් යොදන්න යන්න එපා.

බලන්න මේ කියන ස්ථාන වල අපට ලැබිල තියෙන්නේ support level එකක් කියල නේද. මේ කියන ස්ථාන වලට ලග උනාට පස්සේ නැවත price action එක ඉහල ගිහින් නේද ?

තව එකක් මේ කිසිම ක්‍රමයක් 100% ගලපෙන ක්‍රම නෙමෙයි කියල මතක් තබා ගන්න. දැන් මේක බලන කෙනෙක් අහන්න පුළුවන් මේ කියන level වලටත් වැඩිය පහත ගිහිල්ල නේද කියල. ඔව් ඔබ හරි.  නමුත් මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේ ක්‍රම 100% සාර්ථක වෙනවා නම් මේ ලෝකේ ඉන්න සියලුම trader ල මේවා යොදා ගෙන සාර්ථක වෙන්න පුළුවන් කියන එක. එක ඇත්ත නෙමෙයි කියල ඔයාල දන්නවනේ. trader ලාගෙන් 10% අඩු ප්‍රමාණයක් විතරයි ගොඩ යන්නේ. ඒ ප්‍රමාණයට ඇතුලත් වෙන්න ඔයාලත් දක්ෂ වෙන්න ඕනේ.

ඒ වගේම මේ කියන level වලදී price එක ඉහල නැගීමක් අනිවාර්ය නැහැ. kill zones කියල දෙයක් ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලා පොරොත්තු වෙනවා.

මේ කියන දේ විතරක් නෙමෙයි forex trade යෙදීමේදී නිවැරදි වෙලාවට trade යෙදීමත් නිවැරදි වෙලාවට ඉවත් වීමත් ඉවසීමත් කියන සියලු දේ හුගාක් වැදගත් වෙනවා.

එහෙනම් ඇති වගේ නේද ඉදිරි ලිපියෙන් අපි down trend ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.






Tuesday, December 9, 2014

Fibonacci Trading

Fibonacci  Introduction


ටික කලෙකට පස්සේ තමයි අද ලිපියක් ලියන්න හිතුනේ. අද අපි කතා කරන්න යන්නේ Fibonacci Trading ගැන. නමුත් පලුමුවෙන්ම කියන්න ඕනේ මේ Fibonacci  කියන මර්තෘකාවම අතිශයින්ම සංකීර්ණ විෂයක්.

Forex Trading වලට විතරක් නෙමෙයි මේක ලෝකයේ සියලුම ස්වබාවික හා ගණිතමය යෙදීම් සදහා යොදා ගත හැකි දෙයක්. මේ ලිපිය හැකි තරම් සරල ලෙස පල කරන විදිය පසු ගිය දින කිහිපයේම කල්පනා කරා. අපි පුළුවන් තරම් සරල විදියට කතා කරන්න බලමු. මොකද මේදේ ඔයාලට කියා දෙන්නේ නැතුව ඉදිරියට යන්න අදහසක් මට නැ.

මොකක්ද මේ කියන Fibonacci number කියල හදුන්වන්නේ ?

පහත දක්වල තියෙන ඉලක්කම් රටාවේ යම්කිසි රිද්මයක් හදුනා ගන්න පුලුවන්ද කියල බලන්න. ඊට පස්සේ පහත විස්තරය කියවන එක ඔයාලගේ මොලයට කරන යම් වියායමයක් වෙයි.

0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144,.................................................

image from https://prezi.com/vbuowqvppwyd/fibonacci/

ඔයාල රටාව හදුනා ගත්තද ?

මුලින් තියෙන ඉලක්කමට ඊළගට තියෙන ඉලක්කම එකතු වෙලා තමයි ඊළගට තියෙන ඉලක්කම හැදිලා තියෙන්නේ. බලන්න එහෙම නෙමේද කියල ?

0 + 1 = 1

1 + 1 = 2  ඔහොම ගිහින් ....................... 13 + 21 = 34,    34 + 55 = 89 යනාදී වශයෙන් දිගටම යන්න පුළුවන්.

පැහැදිලි නේද ?

ඉතින් ඊළගට ? ඊළගට මේ number පේලියේ ටිකක් ඉදිරියට ගිහින්, ඔයාල බැලුවොත් නිකමට වගේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් අතර අනුපාතය ඔයාල පුදුම වෙයි. අපි බලමුද ?

21 / 34  =  0.618

34 / 55 = 0.618

89 / 144 = 0.618 යනාදී වශයෙන් නොවෙනස් අනුපාතයක් ලැබෙනවා. විස්වාස නැද්ද ? කරලම බලන්න.


ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි මේ අනුපාතය බැලුවේ එක ලග පිහිටි ඉලක්කම් දෙකක් යොදා ගේනනේ. දැන් අපි බලමු ඉලක්කමක් ඇරල ඉලක්කමක් විදියට. පහත උදාහරණය බලන්න.

21 / 55 = 0.382

55 / 144 = 0.382 යනාදී නොවෙනස් අනුපතයම අපට ලැබෙනවා.

මෙන්න මේ ඉහත දක්වල තියෙන අනුපාත අපි golden mean කියල හදුන්වනවා.

ඉතින් කව්ද මේක හොයා ගත්ත වැඩ කරු ? Leonardo Fibonacci කියන ඉතාලි ජාතික විද්වතා ශත වර්ෂ ගණනාවකට පෙර සොයා ගත්ත දෙයක් තමයි මේ. වැඩි විස්තර ඕනේ නම් පහල link වලින් ගිහින් බලන්න.

http://en.wikipedia.org/wiki/Fibonacci

ප්රයොගික යෙදීම් ගැන දැන ගන්න බලන්න.

http://www.mathsisfun.com/numbers/golden-ratio.html





මේ විෂයය හුගක් සංකීර්ණ විෂයක් විදියට අපි කතා කලත් අපි ඉගෙන ගන්න යන්නේ ඉතාම සුළු කොටස් දෙකක් විතරයි. ඉහත දක්වල තියෙන ගණනය කිරීම් සියල්ලම වගේ දැන් තියෙන ඕනෙම charting software එකක් මගින් ඉතාම සුළු වෙලාවක් තුල අපි වෙනුවෙන් කරලා දෙනව.

එහෙනම් ඉතින් අහවල් එහෙකටද මෙච්චර දේවල් කතා කලේ ? මතක් තබා ගන්න, අවම තරමේ අපට යම් දෙයක් සිදුවන ආකරය පිළිබද මුලික අවබෝදයක් වත් තිබිම ඉතාම අවශ්‍ය කරුණක්. එහෙම නුනොත් අපි නිකන්ම රොබෝවරු වගේ වෙයි නේද ?


මොකක්ද අපි ඉහත සදහන් කල කොටස් දෙක ?

01. Fibonacci Retracement Level

0.236, 0.382, 0.500, 0.618, 0.764



02. Fibonacci Extension Level

0, 0.382, 0.618, 1.000, 1.382, 1.618


මේවා නිර්මාණය වෙන ආකාරය අපේ ලිපියෙ මුලික අරමුණු වලට දායක වෙන්නේ නැති නිසා කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඉදිරියේදී යම් කාලයක් තිබුනොත් අපි කතා කරමු.