Showing posts with label Trend line. Show all posts
Showing posts with label Trend line. Show all posts

Friday, October 31, 2014

Channels

Channels



Channels ? Tv චෑනල්ද ? ඒවා නෙමෙයි. අද අපි කතා කරනවා Trend line යොදා ගනිමින්ම කරන්න පුළුවන් තවත් දෙයක් ගැන. මෙයත් අයිති වෙන්නේ Technical Analysis පැත්තටම තමයි. ඒ වගේම සරලයි.

කොහොමද අදින්නේ ?

ඔයාල මුලින් ඇදපු Trend line එක තියනවනේ. දැන් කරන්න තියෙන්නේ තවත් Trend line එකක් අපි මුලින් ඇදපු Trend line එකට  සමාන්තරව හා එම කෝණයෙන් යුතුවම ඇද ගන්න එක. ඊට පස්සේ අපි දෙවනියට ඇදපු Trend line එක අදාල candle bar තුල ඉහලම හෝ පහලම ස්ථානයට ගෙනියන්න ඕනේ. පැහැදිලි උනාද ? පහත රුපයේ නිල් රව්මෙන් දක්වල තියෙන්නේ candle bar එකේ ඉහලම ස්ථානය. ඒ වගේම පහත රුපය Up channel  එකකට උදාහරණයක් විදියට යොදා ගන්නත් පුළුවන්.



පහත තියෙන්නේ Down channel එකකට උදාහරණයක්.



දැන් ඔයාල බලයි අපි ඉහත සදහන් කලේ ("අපි දෙවනියට ඇදපු Trend line එක අදාල candle bar තුල ඉහලම හෝ පහලම ස්ථානයට ගෙනියන්න ඕනේ. පැහැදිලි උනාද ? ") විදියට වෙලා නැ නේද කියල.

හැබැයි කල්පනා කලොත් ඔයාලට තේරුම් යන්න ඕනේ දෙයක් තමයි ඔය තියන දම් පාට ඉරෙන් එහාට සිදුඋන සිදුවීම් අදාල කර ගෙන නැ කියල. එකට හේතුව තමයි අපි මේ කියන channel එක නිර්මාණය කර ගන්න කොට දම් පාට ඉරෙන් දකුණු පැත්තේ කියන්නේ අපේ අනාගත කාලය වෙන නිසා.

දැන් ඔයාලට වෙටහෙනවා නේද අපි නිර්මාණය කර ගනිපු channel එකේ සාර්ථකත්වය :)


වැදගත් කරුණු

01. මේ Channel නිර්මාණය කිරිමේදී අනිවාර්යෙන්ම ටේ trend line සමාන්තර විය යුතුයි.

02. සමාණයෙන් Down channel එකක්  buy එකක් නිරුපනය කරන අතර up එකක්
නිරුපනය කරන්නේ sell එකක්

03.Trend line  අදිනවා වගේම මේකත් market එකේ තියෙන විදියට මිසක් අපට ඕනේ විදියට එක එක පැති වලට ඇල ගහල එහෙම අදිනවා එහෙම නෙමෙයි.



Thursday, October 30, 2014

Trend Line

Trend Line


අද අපි Technical Analysis පැත්තට අයිති වෙන දෙයක් ගැන තමයි කතා කරන්න හදන්නේ.  ඒ වගේම මේ සංකල්මය ඉතාම සරල දෙයක් වගේම නිවැරදිව බවිත කොලොත් වරදින්න තියෙන ඉඩ බොහොම අඩුයි.

කොහොමද මේ Trend line  එකක් නිවැරදිව අදින්නේ ?

සරලයි. ඔයාලගේ MT4 එකේ තියනවා option එක. එහෙම හොයාගන්න අමාරුනම් මේ විදයට යන්න
 Insert -> line -> Trend line

ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ chart  එකේ වඩාත්ම පහල හෝ ඉහල ගිය අගයන් දෙකක් තොර ගන්න එක (Two major tops or bottoms ). ඊට පස්සේ ඒ දෙක යා කර ගන්න.

ඊට පස්සේ....................... ඊට පස්සේ මුකුත් නැහැ.

පහත රුප සටහනේ අපි ඇදල තියනව රතු පාටින් Trend line එකක්. අපි දක්වල තියෙන්නේ  up Trend එකක රුප සටහනක්.



ඉතින් අපි මේ Trend line එක ඇදල බලාගෙන ඉන්නවා නැවතත් market එකේ අගය  මේ Trend line එකට ලගා වෙන තුරු, අවම වශයෙන් ආසන්නයට හෝ. ඉහත කහ රව්මෙන් දක්වල තියෙන්නේ ඉතාම ආසන්න අවස්ථාවක්. කොහොමහරි මේ කියන අවස්ථාවට ලගා උනාම අපට buy order එකකට යන්න පුළුවන්.

ප්‍රදාන වශයෙන් ගත්තම Trend line වර්ග 3 ක් තියෙනවා.

01. Uptrend ( higher lows)
02. Downtrend (lower highs)
03. Sideways Trend (Ranging)

පහත දක්වල තියෙන්නේ Down trend  එකක්. කහ පාටින් දක්වල තියෙන්නේ අපි තෝරා ගත්ත major tops දෙක. ඒ වගේම නිල් පාටින් දක්වල තියෙන්නේ අපි Trend එකට enter වෙන ස්ථානය. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, අපි open කරන්නේ sell order එකක් කියල.





Trend line ඇදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.


01. අනිවාර්යෙන්ම  Two major tops or bottoms තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නමුත් අපේ සිද්දාන්තය නොබිදෙන විදියට Three major tops or bottoms තොර ගන්න පුළුවන් නම් නියමයි.

02. Forex News නිකුත් වෙන වෙලාවට මේ Trend lineඅදින්න යන්න හෝ Trade open කරන්න යන්න එපා.

03.වඩාත් තියුණු බැයූම් හෝ නැගීම් සහිතව අදින්න යන්න එපා. බොහෝ විට සාර්ථක වෙන්න තියන ඉඩ අඩුයි.

04.වඩාත්ම වැදගත් එක. කිසිම වෙලාවකවත් ඔයාලට ඕනේ විදියට, ඒ කියන්නේ market බලෙන් ගලපන්න යන්න එපා. ඒ විදියට Trend line අදින්න එපා. ඇත්තටම ගැලපෙනවානම් විතරක්ම කරන්න.