Friday, November 28, 2014

Forex signals

Forex signals


ගියවර ලිපියෙන් කිව වගේ අද අපි Forex signal   ගැන කතා කරමු. මොකක්ද මේ Forex signal කියල හදුන්වන්නේ. කෙටියෙන්ම් කිවොත්,

තෝරාගත් යම්කිසි currency pair එකක් සදහා තෝරාගත් අගයකදී හා වේලාවකදී ( specific price & time ) trade එකක් යෙදීමට දෙන ඉගිය Forex signal එකක් කියල හදුන්වනවා. සාමාන්‍යයෙන් මේ ඉගිය මිනිසුන් විසින් කරන යම් යම් විශ්ලේෂණ මගින් හෝ ස්වයංක්‍රීයව  ( Forex robot ) ඒ signal සදහා දායක වෙලා තියෙන අයට ලබන්න පුළුවන්.

පැහැදිලි උනා නේද ?

තව විස්තර ටිකක් කතා කරමු.

හිතන්න ඔයාල trade කර ගෙන යනකොට ඔයාලගේ profit එක මදි හෝ lost කියල. මෙන්න මේ වේලාවකදී අපට පුළුවන් Forex market එකේ ඉන්න හොදට profit ගන්න කෙනෙක් එක්ක සම්බන්ද වෙලා එයා දාන trade ගැන signal එකක් ගන්න. එහෙම සම්බන්ද උනාම උදාහරණයක් විදියට EUR/USD අදාලව 2014/12/02 දින 2.4580 ට buy එකක් දාන්න, වගේ කියල ඔයාලට sms එකක් එයි. ඒ වගේම ඒ trend එකෙන් ඉවත්වෙන්න ඕන අගයත් පස්සේ වෙලාවක එවයි. සමහර විට ඔයාලගේ mt4 එකට copy කරන්නත් පුළුවන්.

දැන් අපි බලමු මේ Forex signal වල තියෙන වාසි අවාසි ගැන.



ඔයාලට අදහසක් නැත්නම් trade යොදන ආකාරය ගැන මේ වගේ එකක් follow කරන එක හොදයි. අනිත් අතට ඔයාල කිසිම දැනුමක් නැති කෙනෙක් බවට පත් වෙනවා. හරියට රොබෝ කෙනෙක් වගේ.

ඔයාලට sms, email, ම්ත4 copy, twitter යනාදිය ඔස්සේ මේ signal ලබා ගන්න පුළුවන්. හැබැයි ඕනෑම මොහතක ඔයාල සම්බන්ද වෙන මාර්ගය බිදී යන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාල signal එක අනුව trade එක දාල තියන කොට මේ සම්බන්දය බිදී ගියොත් ඔයාලට ඊළගට ගතයුතු පියවර ගැන අවබෝදයක් නැහැ.

forex signal සපයන අයගේ signal හුගාක් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ අතීතයට පමණයි. ඉදිරියටත් එසේම වේවි කියල සහතික වෙන්න බැ. ඒ කියන්නේ ඒ signal අනුගමනය කිරීමෙන් ඔයාල profit ගන්න පුලුවන් කියල සහතිකයක් නැ.

ඔයාලට ලොකු profit එකක් ලබාගන්න පුළුවන් කියල එයාල පොරොන්දු වෙයි. මෝහතකටවත් හිතුවද ඔයාල ඔය තරම් ලොකු profit එකක් ගන්න පුලුවන්නම් ඇයි අපට ඔය signal දෙන්නේ කියල. එයාලටම ඒ signal යොදා ගෙන profit ගන්න තිබුනනේ. ඔයාල මේ signal වල subscriber කෙනෙක් වීම වෙනුවෙන් යම් ගෙවීමක්  කරන්න ඕනේ මාසිකව වගේ. මතන කියන්න ඕනේ දෙයක් තියෙනවා මමත් ඔය signal දෙනව හැබැයි මුදලට නෙමේ. මගේ referral එකෙන් ගිහින් register වේලා ඉන්න අයට.

ලබා දෙන Forex signal සැම අවස්ථාවකම 100% නිවැරදි නොවෙන්න පුළුවන්.

Forex signal ගැන මුලික ටිකක් තමයි කතා කරේ. පස්සේ විස්තර ඇතිව කතා කරමු. අදට ඇති වගේ නේද ?



Wednesday, November 26, 2014

MA as Dynamic support & Resistance

Moving Average as Dynamic support & Resistance level


එහෙනම් අද අපි moving average එක support and resistance level එකක් විදියට බාවිතා කරන්නේ කොහොමද කියල කතා කරනවා. පසුගිය ලිපියක support and resistance level ගැන කතා කරා මතක ඇතිනේ. අමතක නම් බලල එනව හොදයි.

හරි එහෙනම් පහත රූපයට අවදානය යොමු කරන්න.


ඉහත තියෙන්නේ ema(20) යොදාගෙන EUR/USD අදාල M30 chart එක. සුදු circle එක මගින් දක්වල තියෙන තැන් වලට අවදානය යොමු කරොත් ඔයාලට පෙනෙයි ආසන්න වශයෙන් එම අගයන් ඉක්මවා price action එක ගමන් කරලා නැති බව.

 ඒ කියන්නේ අපි ලකුණු කරලා තියෙන්නේ resistance level එකක් කියල පැහැදිලි වෙනවද ?

ඒ කියන්නේ moving average එක resistance level එකක් විදියට ක්‍රියා කරලා තියනවා කියන එක නේද ?

එහෙනම් ඇයි මේකට Dynamic resistance කියල කියන්නේ ?

 ඔයාලා පෙර පාඩම් වල ඉගෙන ගත්තා resistance level එකක් ස්රිජු රේඛාවක් (Direct line) වෙන්න ඕනේ කියල. නමුත් එක මෙතැනදී වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේකට dynamic යන වදන යොදා ගන්නේ.

දැන් ඔයාලගේ අදහස sell orders දාන්නද ? ඉවසන්න. :)  ඔයාල මේ රුපය තවත් හොදින් බෙලුවොත් පෙනෙයි අපේ ema(20) රේඛාවෙන් ඉක්මවල සමහර අවස්තා වල price action එක ගමන් කරලා තියෙනවා කියල. ඉතින් අපි sell දාල මේ price එක ඔහොම ටිකක් නෙමෙයි අහස උසට ගියොත් වැඩේ ඉවරයි නේද ?

ඉතින් මෙන්න මෙහෙම උනාම, ඒ කියන්නේ මේවගේ අවස්ථවක මේ trend එක verify කර ගන්න අපි තවත් දෙයක් යොදා ගන්නවා.

The Zone කියල. ඕසෝන් නෙමෙයි හොදේ.

ඉතින් කොහොමද මේ the zone නිර්මාණය කර ගන්නේ.

අපි ඒ සදහා තවත් moving  average එකක් යොදා ගන්නවා.  අන්න ඒ අතර කලාපය තමයි මේ zone කියල හදුන්වන්නේ. එතකොට අපට වඩාත් නිවැරදි ලෙස trend එක හදුනාගෙන ඒ සදහා යොමු වෙන්න පුළුවන්.



 තව දුරටත් කියනවනම් අපි trade එකක් made කරන්නේ මේ කියන the zone කලාපය තුල price action එක පිහිටියොත් පමණයි. පැහැදිලි උන නේද ?

මෙදේම අනිත් පස තමයි dynamic support වලදී සිදුවෙන්නේ. නැවත විස්තර කිරීම අනවශ්‍යයි නේද ?

මේදේ බාවිතා කිරීමේදී මතක තබා ගන්න ඕනේ දෙයක් තමයි market එක ඕනෙම මොහොතක විශේෂයෙන් forex news නිකුත් වීමේදී වගේ විශාල වෙනසකට ලක් වෙලා අපි ලකුණු කරපු support level resistance level විදියට දෙපසටම මාරු වෙන්න පුළුවන් කියන එක.

තවත් තියෙන ප්‍රදානම අබියෝගය වෙන්නේ අපි නිවැරදි තීරණයක් ගැනීම සදහා යොදා ගන්නේ මොන moving average අගයද කියන එක ?


 ඒ කියන්නේ sma හෝ ema ( 1 + ). සරලවම කිවොත් sma (8) ද, sma (15) ද, sma(40) ද, ema (7) ද, ema(60) ද වගේ ?


අමතර දෙයක්

අද ටිකක් විශේෂ දවසක්. හේතුව අද අපේ 50 වෙනි ලිපිය තමයි ඔයාල මොහතකට පෙර කියවා අවසාන කළේ. ස්වාබාවෙන්ම කම්මැලියෙක්  විදියට ලිපි 50 ක් ලිව්වා කියන එකත් පුදුමයක්.

ස්තුති කරන්න ඕනේ දෙන්නේක් මට මේ වෙලාවේදී මතක් වෙනවා. මට සිංහල typing බැහැ. මුලින්ම කලේ මම පොතක ලියන එක මගේ ලගින්ම හිටපු කෙනාට දීල එයා මට typing කරලා දුන්න එක. දැන් නම් එයා ලග නැහැ. මොනවා කරන්නද නේද. ඊලග කෙනා මෙයා http://www.google.com/inputtools/windows/
මේ දෙන්න නැති උනානම් කවර කලකවත් මේ වගේ බ්ලොග් එකක් දකින්න නොලැබෙන්න තිබුන.

moving average ගැන මුලික සියල්ලම ඔයාල දැන ගෙන අවසානයි. සතුටුයි නේද :) ඊලග ලිපිය ඕපාදූප ටිකක් කතා කරන්න වෙන් කරන්න හිතුනා. ඕපාදුප කිවේ forex signal, binary options, signal passes, etc........ අරව මේවා ගැන හොදේ.



Tuesday, November 25, 2014

Moving average crossovers

Moving average crossovers


අපි moving averages ගැන හුගක් කරුණු කාරණා කතා කරලා තියෙනවා. ගිය වර ලිපියෙන් අපි moving average දෙකක් හෝ වැඩි ගණනක් යොදා ගැනීමේ ඇති වාසි ගැන කතා කරා.

අද අපි moving average දෙකක් යොදා ගනිමින් trend එක හදුනා ගන්න හා trend එක මාරු වෙන විදිය හදුනා ගන්න උත්සහ කරමු. trend එක මාරු වෙනවා කිවේ up trend එකක් down trend එකක් විදියට හා down trend එකක් අර විදියට. ඔව් ඒ විදියට තමයි.

අපි මේ සදහා sma(10) හා sma(20) සුදු රේඛාව යොදා ගනිමු.



ඉහත රුපය බැලුවාම ඔයාලට පේනවා නේද මේ රේඛා දෙක කැපිල ( crossover ) තියෙනවා. ඔය circle එකකින් දක්වල තියෙන්නේ. එතනින් පස්සේ මොකද වෙලා තියෙන්න ලස්සනට pips 1300 විතර down trend එකක් ගිහිල්ල නේද ? තවමත් අවසාන වෙලා නැහැ.

ඉතින් මෙන්න මෙහෙම මේ රේඛා crossover උනාම trend එකේ මාරු වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ trend එක මුලින්ම හදුනා ගන්න පුළුවන් උනොත් pips දහස් ගණනක profit එකක් ලබා ගන්නත් පුළුවන්. නිතරම නෙමෙයි. profit එක සාමාන්‍යයෙන් pips 10 ඉදන් ඉහලට වෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ trend වලට enter වෙන්න පෙර අපිට හොද දැනුමක් තියෙන්න ඕනේ. බොහෝ දුරට stop loss, take profit දීම අනිවාර්ය වෙනවා. එහෙම නැති උනොත් profit ගැනීම පැත්තක තියල lost වෙන්න තමයි වෙන්නේ.

මේදේ කියා දෙන්න හුගක් පහසු උනාට මේ trend හදුනා ගන්න එක ලේසි නැ කියල මම දන්නවා.  ඔයාල වෙනස් වෙනස් moving average indicator යොදා ගෙන අවබෝද කර ගන්න උත්සහ කරන්න.

මතක තිය ගන්න ඕනේ තව දෙයක් තමයි market එකේ එහා මෙහා වෙන හැම pips එකක්ම අපට profit ලෙස ලබා ගන්න බැ කියල. උදාහරණයක් විදියට ඔයාල take profit අගය යොදල තියෙන trend එකක ඒ අගයට ලගා වෙන කොට සමහරවිට ඔයා ලට හිතෙන්න පුළුවන්, මට මේ profit එක මදි වගේ. එක නිසා take profit අගය තව වැඩි කරනවා කියලා. ඔන්න ඔය වෙලාවට තමයි වැඩේ lost වෙන්නේ. මොකද market එකේ වැදගත් news එකක් එහෙම නිකුත් උනොත් ඔයාලට අවාසි වෙන විදියට ඔක්කොම ඉවරයි නේද ? එක නිසා ඔයාල කල්පනා කරලා බලල යොදපු take profit අගය වගේම stop lost අගයත් වෙනස් කරන්න යන්න එපා.

කියන අමතක උනා, ඔය ඉහත යොදා ගෙන තියෙන රුපය EUR/USD වලට අදාළ week chart එක. live chart එකක් තමයි යොදා ගෙන තියෙන්නේ. ඒ කිවේ දැන් යන trend එකක් :) ඔයාලත් බලන්න


Sunday, November 23, 2014

How to use

How to use moving average


 ඔන්න වැඩේ. අපි පසුගිය ලිපි වලින් කතා කලේ යම් යම් theory පිලිබදව නේද ? එහෙනම් අද අපි මේ කියන moving average ප්‍රයෝගිකව යොදා ගන්න හැටි බලමු.

කොහොමද trend එකක් හදුනා ගන්නේ ? ඒ කියන්නේ down trend එකක් ද ? up trend එකක් ද ? කියල.

ඔයාලට chart එකේ හිතෙන ඕනෙම තැනක් ලකුණු කරන්න. පහල රුපයේ අංක 1, 2 වගේ. දැන් අපි ලකුණු කර තැනෙන් ( moving average එකෙන් ) ඉහලට price action එක නැබුරු වෙනවනම්  එක up trend එකක් ලෙසත් අපි ලකුණු කල තැනෙන් ( moving average එකෙන් ) පහලට නැබුරු වෙනවනම්  එක down trend එකක් ලෙසත් හදුනා ගන්න පුළුවන්.



ඔයාලට හිත ගන්නත් බැරි තරමට සරලයි නේද ? එහෙමනම් පහල රුපය බලන්න.


දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? බලන්න අවසාන candle එක දිහා, එක moving average එකෙන් පහලට නැබුරු වෙලා නේද ? එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ ?

කට්ටියත් එක්කම sell order දාන්න පටන් ගමු. තව එකක් මේ sell order වලට කියන තවත් නමක් තමයි currency short කරනවා කියල. එතකොට buy order වලට currency long කරනවා කියල කියනවා. කොහොම උනත් කමක් නැ ඔන්න මාත් currency short කරා. හොද නැනේ ඔයාලට විතර profit ගන්න දෙන්න.

දැන් බලමු ඉදිරි price action එක. ඔය highlight කරලා තියෙන්නේ.



මොකද උනේ කොල්ලෝ :)  කෙලිය නේද බෝල තාප්පෙටම :) අහුඋනා නේද අපිව ?

ඇයි එහෙම උනේ ? හේතුව තමයි forex market එකේ යම්කිසි news එකකින් උන බලපෑම. එහෙනම් අපි තීරණයක් ගන්න යන කොට එක candle එකක් ගැන පමණක් හිතන්න නැතුව candle කිහිපයක් දිහා බලා තීරණයක් ගන්න එක නුවනට හුරුයි කියල වැටහෙනවා නේද ?

තව දෙයක්, බලන්න අපි පහත පරිදි moving average's යොදා ගෙන තිබුනානම්, අපි ඉහත තීරණය ( sell orders ) නොගන්න හෝ තව ටිකක් ඉවසන්න හෝ තිබුන නේද ? ඒ කියන්නේ අපි lost වෙන්නේ නැ නේද ?




ඒ කියන්නේ sma(5) අපේ මුල් තර්කය සත්‍ය කරත් sma(11) නිල් රේඛාව අපේ තර්කය සත්‍ය කරන්නේ නැහැ. ඒ නිසා අපිට බේරෙන්න පුළුවන්. පැහැදිලි නේද ?

දැන් ඔයලට පුළුවන් මේ වගේ වෙනස් වෙනස් moving average යොදාගෙන බලන්න. ඔයාලම තීරණය කරන්න. මම පෙර ලිපියෙත් සදහන් කරා නේද ?