Showing posts with label ema. Show all posts
Showing posts with label ema. Show all posts

Wednesday, November 26, 2014

MA as Dynamic support & Resistance

Moving Average as Dynamic support & Resistance level


එහෙනම් අද අපි moving average එක support and resistance level එකක් විදියට බාවිතා කරන්නේ කොහොමද කියල කතා කරනවා. පසුගිය ලිපියක support and resistance level ගැන කතා කරා මතක ඇතිනේ. අමතක නම් බලල එනව හොදයි.

හරි එහෙනම් පහත රූපයට අවදානය යොමු කරන්න.


ඉහත තියෙන්නේ ema(20) යොදාගෙන EUR/USD අදාල M30 chart එක. සුදු circle එක මගින් දක්වල තියෙන තැන් වලට අවදානය යොමු කරොත් ඔයාලට පෙනෙයි ආසන්න වශයෙන් එම අගයන් ඉක්මවා price action එක ගමන් කරලා නැති බව.

 ඒ කියන්නේ අපි ලකුණු කරලා තියෙන්නේ resistance level එකක් කියල පැහැදිලි වෙනවද ?

ඒ කියන්නේ moving average එක resistance level එකක් විදියට ක්‍රියා කරලා තියනවා කියන එක නේද ?

එහෙනම් ඇයි මේකට Dynamic resistance කියල කියන්නේ ?

 ඔයාලා පෙර පාඩම් වල ඉගෙන ගත්තා resistance level එකක් ස්රිජු රේඛාවක් (Direct line) වෙන්න ඕනේ කියල. නමුත් එක මෙතැනදී වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේකට dynamic යන වදන යොදා ගන්නේ.

දැන් ඔයාලගේ අදහස sell orders දාන්නද ? ඉවසන්න. :)  ඔයාල මේ රුපය තවත් හොදින් බෙලුවොත් පෙනෙයි අපේ ema(20) රේඛාවෙන් ඉක්මවල සමහර අවස්තා වල price action එක ගමන් කරලා තියෙනවා කියල. ඉතින් අපි sell දාල මේ price එක ඔහොම ටිකක් නෙමෙයි අහස උසට ගියොත් වැඩේ ඉවරයි නේද ?

ඉතින් මෙන්න මෙහෙම උනාම, ඒ කියන්නේ මේවගේ අවස්ථවක මේ trend එක verify කර ගන්න අපි තවත් දෙයක් යොදා ගන්නවා.

The Zone කියල. ඕසෝන් නෙමෙයි හොදේ.

ඉතින් කොහොමද මේ the zone නිර්මාණය කර ගන්නේ.

අපි ඒ සදහා තවත් moving  average එකක් යොදා ගන්නවා.  අන්න ඒ අතර කලාපය තමයි මේ zone කියල හදුන්වන්නේ. එතකොට අපට වඩාත් නිවැරදි ලෙස trend එක හදුනාගෙන ඒ සදහා යොමු වෙන්න පුළුවන්.



 තව දුරටත් කියනවනම් අපි trade එකක් made කරන්නේ මේ කියන the zone කලාපය තුල price action එක පිහිටියොත් පමණයි. පැහැදිලි උන නේද ?

මෙදේම අනිත් පස තමයි dynamic support වලදී සිදුවෙන්නේ. නැවත විස්තර කිරීම අනවශ්‍යයි නේද ?

මේදේ බාවිතා කිරීමේදී මතක තබා ගන්න ඕනේ දෙයක් තමයි market එක ඕනෙම මොහොතක විශේෂයෙන් forex news නිකුත් වීමේදී වගේ විශාල වෙනසකට ලක් වෙලා අපි ලකුණු කරපු support level resistance level විදියට දෙපසටම මාරු වෙන්න පුළුවන් කියන එක.

තවත් තියෙන ප්‍රදානම අබියෝගය වෙන්නේ අපි නිවැරදි තීරණයක් ගැනීම සදහා යොදා ගන්නේ මොන moving average අගයද කියන එක ?


 ඒ කියන්නේ sma හෝ ema ( 1 + ). සරලවම කිවොත් sma (8) ද, sma (15) ද, sma(40) ද, ema (7) ද, ema(60) ද වගේ ?


අමතර දෙයක්

අද ටිකක් විශේෂ දවසක්. හේතුව අද අපේ 50 වෙනි ලිපිය තමයි ඔයාල මොහතකට පෙර කියවා අවසාන කළේ. ස්වාබාවෙන්ම කම්මැලියෙක්  විදියට ලිපි 50 ක් ලිව්වා කියන එකත් පුදුමයක්.

ස්තුති කරන්න ඕනේ දෙන්නේක් මට මේ වෙලාවේදී මතක් වෙනවා. මට සිංහල typing බැහැ. මුලින්ම කලේ මම පොතක ලියන එක මගේ ලගින්ම හිටපු කෙනාට දීල එයා මට typing කරලා දුන්න එක. දැන් නම් එයා ලග නැහැ. මොනවා කරන්නද නේද. ඊලග කෙනා මෙයා http://www.google.com/inputtools/windows/
මේ දෙන්න නැති උනානම් කවර කලකවත් මේ වගේ බ්ලොග් එකක් දකින්න නොලැබෙන්න තිබුන.

moving average ගැන මුලික සියල්ලම ඔයාල දැන ගෙන අවසානයි. සතුටුයි නේද :) ඊලග ලිපිය ඕපාදූප ටිකක් කතා කරන්න වෙන් කරන්න හිතුනා. ඕපාදුප කිවේ forex signal, binary options, signal passes, etc........ අරව මේවා ගැන හොදේ.



Friday, November 21, 2014

SMA vs EMA

SMA vs EMA

හොදයි. අද අපි කතා කරන්න යන්නේ තරමක් සංකීර්ණ දෙයක් ගැන. පුළුවන් තරම් උත්සහ කරනවා හැකි තරම් කෙටියෙන් හා සරලව පැහැදිලි කරන්න. මම දැක්ක එක ආයතන ප්‍රදනියකුගේ කාර්යාලයේ මේ වැකිය ලියල තියනවා. කියන දෙයක් කෙටියෙන් පවසන්න.  :)

එහෙනම් .......... අපි මුලින්ම EMA වලින් පටන් ගමු.

ඔයාලට ඉක්මනින්ම moving average එක price action එකට දක්වන දක්වන ප්‍රතිචාරය බලා ගන්න ඕනෙනම් කෙටි කාල පරාස ema මගින් මේ දේ කර ගන්න පුළුවන්. කෙටි ema කියල කිවේ EMA(5) වගේ. මේ වගේ දේක වාසිය වෙන්නේ Trend එක අපට කලින්ම හදුනා ගෙන ඒ trend එකට enter වෙලා විශාල pips ගානක් profit එක විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මුලින්ම trend එකට enter උන නිසා ඒ trend එක අවසානය දක්වාම රැදී සිටීමේ ඉඩත් වැඩියි. නැවතත් අපේ profit එකේ වැඩිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉතින් ema හොදයි වගේ නේද :)

එහෙනම් අනිත් පැත්ත අහ ගන්නකො. මේ ema එක consolidation periods වලදී අපට බොහෝ විට වැරදි ඉගි ලබා දෙන්න පුළුවන්. මලා....... :) 

දැන් ප්‍රශ්නේ consolidation කියන එක නේද ? මේකට හරියටම ගැලපෙන සිංහල වචනයක් තොර ගන්න බැරිඋනා. consolidation කියල අදහස් වෙන්නේ ඔයාල market එක නිරීක්ෂණය කරන කොට දැකල තියෙනවද වේගයෙන් price එක ඉහල හා පහල අගයන් කරා නිරන්තරයෙන් ගමන් කරනවා. මේක බොහෝ විට වෙන්නේ Forex News නිකුත් වෙන කොට. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. මේක market එකේ Ranging කියන pattern එක ලෙස වරදවා වටහා ගන්න එපා.


ඊළගට අපි SMA ගැන බලමු. මේකෙදි වෙන්නේ අපි ඉහත කතා කර දේට සපුරාම විරුද්ද සිදුවීමක්. මේකෙදි moving average එක price action එකට දක්වන්නේ තරමක් උදාසීන ප්‍රමාද ප්‍රතිචාරයක්. මේ sma යොදා ගන්නවානම් දිගු කාල සදහා sma(14+) වැනි බවිත කිරීම මගින් මුළු trend එක පිළිබදවම ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. 

මේ මගින් වෙන වාසියක් තමයි ඉහත ema වෙන අවාසිය හා වැරදි trend වලට enter වෙන්න තියෙන ඉඩ අවම වෙන එක.

අනිත් අතට අවාසිය තමයි ema මගින් වෙන වාසිය අහිමි වෙන එක. ඒ  කියන්නේ සුපිරි profit ගන්න පුළුවන් trend අපට මුලින්ම හදුනා ගන්න තියෙන ඉඩ අවම වීම වගේ.

හ්ම්ම්... එහෙනම් අපි මුලික වෙනස්කම් ගැන ඉගෙන ගත්ත නේද ? දැන් ඔයාලට එන ප්‍රශ්නයක් තමයි

මොකක්ද හොදම දේ ?

 ema ද ? sma ද ?

දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි. ඒ වගේම ලේසිම පිළිතුරත්,  මම දන්නේ නැ.

මාරයි නේද ? හරියට මුකුත් කිවේ නැ වගේ.

ඇත්තටම මෙහෙමයි. ඇත්තම ඇත්ත පිළිතුර තමයි ඉහත දක්වල තියෙන්නේ. මේ දේ trader ගේ හැසිරීම  ( behaviour ) මත වෙනස් වෙනවා. බොහෝ trader ල වෙනස් වෙනස් ema හා sma අගයන් බවිත කරනවා. හුගක් අය මේ moving average දෙකම එක අවස්ථාවේ බාවිතා කරනවා. sma මගින් trade එකේ සම්පුර්ණ ගමන් දිශාවත්, ema මගින් trade entry අවස්ථාත් හදුනා ගැනීම සදහා.

ඔයාලගේ දැනුම තවත් මුහුකුරා ගිය දවසකට,  Forex වල Expert උන දවසක අපට මේ ගැන කරන්න හුගාක් තර්ක විතර්ක තියෙයි.


Thursday, November 20, 2014

Exponential Moving avarages

Exponential Moving averages ( EMA )


පසුගිය ලිපියෙන් අපි විස්තර කරා simple moving average (sma) එක ගැන මතක ඇතිනේ. අද අපි ඒ ගැන තව දුරටත් පැහැදිලි කරන අතරේ ඒ පිලිබදව ගොඩ නැගෙන යම් තර්කයක් හා ඊට ඇති විසදුමක් පිලිබදව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි උදාහරණයක් අරගෙන sma ගොඩ නැගෙන ආකාරය බලමු.

Day 1           1.4113

Day 2           1.4198

Day 3           1.4109

Day 4           1.4132

Day 5           1.4200


sma = (1.4113 + 1.4198 + 1.4109 + 1.4132 + 1.4200 ) / 5

      =     1.4150

පැහැදිලි නේද ? අගය ඉහල යනවා කියල ?

දැන් හිතන්න දෙවෙනි දිනයේ ලෝක ආර්ථිකයේ සිදුවන යම් වෙනසක් නිසා අපි තෝරාගත් ඒකකය අතිශය පහල අගයක් දක්වා පහත වැටි ඒ දිනය නිමාවට පත් උනා කියල. ඒ කියන්නේ currency pair අදාල closing අගය 1.3898 වගේ උනා කියල. ඒ අනුව අපි sma එක නැවතත් ගණනය කරනවා.


Day 1           1.4113

Day 2           1.3898

Day 3           1.4109

Day 4           1.4132

Day 5           1.4200

sma = (1.4113 + 1.3898 + 1.4109 + 1.4132 + 1.4200 ) / 5

        = 1.4090


දැන් මොකද වෙලා තියෙන්නේ. එකම එක දවසක සිදුවුන වෙනසක් නිසා මේ sma එක පහත වැටිලා නේද ? මොකක්ද ඔයාලගේ තීරණය ? අපි ඉගෙනගෙන තියන විදියට නම් මේ price action එකේ පහල යාමක් නේද ?

 ඇයි අපි එහෙම තීරණයකට එළබෙන්න හේතුව ? හුදෙක්ම මේ දෙවෙනි දිනයේ උන මිල අගය නේද ?

බලන්න ඊට පසු සියලුම දිනයන් වල මිල ඉහල ගිහින් තිබුනත් මේ කියන sma එක සමත් වෙන්නේ නැ අපට නිවැරදි ඉගියක් ලබා දෙන්න. ඒ කියන්නේ අපි මේ මතම නිගමනයකට එලබුනොත් අපේ තීරණය වැරදියි කියල ඔයාලට පැහැදිලියි නේද ?

මේ ටික අවබෝද උනානම් දැන් ඔයාලට නැගෙන ප්‍රශ්නයක් තියෙන්නේ ඕනේ. මොකක්ද විසදුම ? අන්න ඒ වෙලාවට තමයි අපේ පිහිටට එන්නේ දැන් ඔයාලට කියන්න යන Exponential Moving Average (EMA) එක.

මෙන්න මේ කියන EMA එක මගින් අවසාන දින හෝ අපි තෝරාගත් අවසාන කාල පරාස සදහා වඩාත් වැඩි අවදානයක් යොමු කරමින් පැරණි කාල පරාස සදහා ( Day 2 වැනි ) අඩු අවදානයක් දෙමින් මිළේ සිදුවන වෙනස සදහා වඩාත් නිවැරදි චිත්‍රයක් අපි ඉදිරියේ නිර්මාණය කර දීමට සමත් වෙනවා.

පහත රුපයේ දැක්වෙන්නේ sma(14) හා ema(14) යොදා ගනිමින් නිර්මාණය කර ගනිපු සටහනක්.





සුදු රේඛාව මගින් sma එකත් රතු රේඛාව මගින් ema එකත් දැක්වෙනවා. ඔයාලට හේතුව පැහැදිලි වෙනවා නේද ? අපි ඉහත දක්වල තියෙනව.

අමතක උනා කියන්න මේ moving average indicator එක ලබාගන්න විදිය.




ගැටළු තියෙනවනම් අහන්න.


Thursday, November 13, 2014

Moving Averages

Moving Averages


පසුගිය දවස් ටිකේම එකම දේ කතා කරලා ඇති වෙලා ද ? එහෙනම් අද අපි moving averages ගැන කතා කරනවා. හිතන්න එපා candle stick patterns ඉවරයි කියල. ඇත්තම කිවොත් තව ලිපි 200 කටත් වඩා ඒ ගැන ලියන්න වෙයි. එහෙම ලියනවනම්. කොහොම උනත් අද ලිපියට එමු.

සරලවම කිවොත් moving averages යොදා ගනිමින් තෝරාගත් කාල ප්‍රමණයක තෝරා ගත් currency pair එකක ගලායාම විස්තර කරන්න, එහෙම නැත්නම් අපෝහනය කරන්න පුළුවන්.

පහත රුපය බලන්න.


ඉහත රුපයේ M30 සදහා moving average එක period 14 ක් සැලකිල්ලට ගෙන ගණනය කරලා තියෙනවා. ඔය සුදු ඉරෙන් , ඔව් එක තමයි පෙන්නලා තියෙන්නේ moving average එක.

period එකක් කියල කියන්නේ එක candle එකක්.


අනිත් සියලුම indicatior වලින් වගේම මේකෙන් කරන්නෙත් අනාගත price එක ගැන අනුමාන කිරීමක්. අමතක උනා කියන්න, මේකත් Technical analysis පැත්තට අයිති වෙනවා.

ඉහත රුපයේ ඔයාලට MA method කියල දෙයක් පේනවා නේද ? ඔය widow එකේ තියෙන හැම එකක්ම ඔබල ඕනෙම testing පාරක් දාල බලන්න.  ඒ දේ ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා.

simple moving average (SMS)
exponential moving average (EMA)

ඒ වගේම apply to කියන එකත් කොටස් හුගක් ගණනකට බෙදෙනවා කියල පේනවා නේද  ? ඒ දේවල් ගැන අපි ඉදිරියේදී කතා කරනවා. අද පොඩි ආරම්බයක් විතරක් තමයි දුන්නේ.