Fibonacci retracement with support & resistance level යොදා ගන්න ආකාරය.
please follow link http://howtoforexwin.blogspot.com/2015/10/trader.html
මුල්‍ය වෙළදාම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගනු රිසි සියලු දෙනා සදහාත්, මෙතෙක් කලක් මෙම ක්ෂේත්රයේ නියැලී එහෙත් පාඩුවක් මිස ලාබයක් නොලැබූ ආයෝජකයන්ගේ දුර්වලතා පෙන්වා දීම සදහාත්, පොදුවේ අද්යාපනයක් ලබනු රිසි සියලු දෙනා සදහාත් සුදුසුයි.
Thursday, October 15, 2015
Wednesday, October 14, 2015
Monday, October 12, 2015
How to use Fibonacci for Trading
How to use Fibonacci for Trading
ඉතින් හුගක් කාලෙකට පස්සේ නේද ? හුගාක් busy උනා. දිගටම මේ ලිපි පෙළ පෙළ අනුගමනය කරපු අයට සිදූවූ අපහසුතාවය පිලිබදව කණගාටුව පල කරනවා.
මේ ලිපියේ පලවෙනි ලිපිය දැනටමත් පල කරලා ඉවරයි. ඔයාල බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් බලන්න. http://howtoforexwin.blogspot.com/2014/12/fibonacci-trading.html
අද අපි Fibonacci යොදා ගනිමින් trade එකකට enter වෙන ආකාරය පිලිබදව අවදානය යොමු කරමු.
trade කිරීමට පළමුවෙන්ම අපි කරන්න ඕනේ දෙයක් තමයි Fibonacci Retracement Levels සොයා ගැනීම.
කොහොමද මේක හොයා ගන්නේ.
අමතක උනා කියන්න. මේ fibonacci trading theory එක වඩාත්ම හොදින් ගැලපෙන්නේ market එක trend වෙන වෙලාවට විතරයි. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිවම up or down trend එකක් හොදින්ම පෙනෙන්නට ඕනේ. එහෙම නැති වෙලාවට මේ දේ යොදා ගන්න යන්න එපා.
ඉතින් මේ retracment level සොයා ගැනීම සදහා up trend එකකදී නම් පහලම candle එකේ ඉදන් ඊළගට තිබෙන ඉහලම candle එකට fibonacci line එක නිර්මාණය කර ගන්න. මෙතන පහලම හා ඉහලම candle කියන එකෙන් අදහස් වෙන්නේ මේ කියන candle දෙක බැලු බැල්මටම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ( swing high හා swing low ස්ථාන ) කියල හදුන්වනවා.
down trend එකක් සදහා නම් මේකේ විරුද්ද පැත්ත. නැවත විස්තර කරන්න ඕනේ නැහැ නේද ?
ඉහත රුපයේ eur/usd ට අදාල daily chart එක දක්වල තියෙනවා. ඉතින් අපි මොන වේලාවේද up trend එකක් යොදන්නේ ?
ඔයාලට පෙනෙනවා නේද මේ රුප සටහනේ ( 23.6, 38.2, 50.0, 61.8, 100.0, 161.8, ..... ) ආදී වශයෙන් දක්වල තියෙනවා.
ඉතින් අපි buy කරන්න හොයනවනම් මේ කියන ස්ථාන ටික තමයි හොදම ස්ථාන වෙන්නේ. 0.0 නම් යොදන්න යන්න එපා.
බලන්න මේ කියන ස්ථාන වල අපට ලැබිල තියෙන්නේ support level එකක් කියල නේද. මේ කියන ස්ථාන වලට ලග උනාට පස්සේ නැවත price action එක ඉහල ගිහින් නේද ?
තව එකක් මේ කිසිම ක්‍රමයක් 100% ගලපෙන ක්‍රම නෙමෙයි කියල මතක් තබා ගන්න. දැන් මේක බලන කෙනෙක් අහන්න පුළුවන් මේ කියන level වලටත් වැඩිය පහත ගිහිල්ල නේද කියල. ඔව් ඔබ හරි. නමුත් මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේ ක්‍රම 100% සාර්ථක වෙනවා නම් මේ ලෝකේ ඉන්න සියලුම trader ල මේවා යොදා ගෙන සාර්ථක වෙන්න පුළුවන් කියන එක. එක ඇත්ත නෙමෙයි කියල ඔයාල දන්නවනේ. trader ලාගෙන් 10% අඩු ප්‍රමාණයක් විතරයි ගොඩ යන්නේ. ඒ ප්‍රමාණයට ඇතුලත් වෙන්න ඔයාලත් දක්ෂ වෙන්න ඕනේ.
ඒ වගේම මේ කියන level වලදී price එක ඉහල නැගීමක් අනිවාර්ය නැහැ. kill zones කියල දෙයක් ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලා පොරොත්තු වෙනවා.
මේ කියන දේ විතරක් නෙමෙයි forex trade යෙදීමේදී නිවැරදි වෙලාවට trade යෙදීමත් නිවැරදි වෙලාවට ඉවත් වීමත් ඉවසීමත් කියන සියලු දේ හුගාක් වැදගත් වෙනවා.
එහෙනම් ඇති වගේ නේද ඉදිරි ලිපියෙන් අපි down trend ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Subscribe to:
Posts (Atom)

