Friday, February 15, 2013

Currency Pairs හදුනා ගනිමු.


Lesson – 03
03. Currency Pairs

Currency Pair එකක් කියන්නේ මුදල් ඒකක දෙකක එකතුවකට කියලා දැන් ඔයාල තේරුම් අරන් ඇති කියලා හිතනවා. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. ඒ වගේම මෙතැනින් එහාට ශ්‍රී ලංකා රුපියල් ගැන කතා කරන්නේ නැහැ. හේතුව Forex Market එකේදි LKR භාවිතා නොවීම.

Currency Pair ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදන්න පුළුවන්.

01 Major Currency pairs

02.  Minor Currency pairs

03. Exotic Currency pairs

01 Major Currency pairs ගැන බලමු

Major Currency pairs කියලා කියන්නේ එම Currency pairs මුලට හෝ අගට ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ වෙලා තියෙන ඒවා. ඒ වාගේම USD තමයි Forex Market ‍එකේ වැඩියෙන්ම ඉල්ලුමක් (Demand) ඇති මුදල් වර්ගය. අන්න ඒක නිසා තමයි මේවාට Major Currency pairs කියලා හඳුන්වන්නේ. පහත වගුව බලන්න.

pair
Related County
EUR/USD
European Union / United states of America ( USA )
USD/JPY
USA / Japan
GBP/USD
United Kingdom / USA
USD/CHF
USA / Swiss
USD/CAD
USA / Canada
AUD/USD
Australia / USA
NZD/USD
New Zealand / USA












පහත ප්‍රස්ථාරය බැලුවොත් USD වලට තියෙන ඉල්ලුම ගැන පැහැදිලි අදහස් ඇති කර ගන්න පුළුවන් වෙයි.
(Copyright by http://www.babypips.com )


         
02. Minor Currency pairs

Minor Currency pairs යනුවෙන් හඳුවන්නේ ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ නැති ඒවට. Minor Currency pairs කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.

Euro Crosses

pair
Related County
EUR/GBP
European Union/  United Kingdom
EUR/CHF
European Union / Swiss
EUR/NZD
European Union / New Zealand
EUR/AUD
European Union / Australia
EUR/CAD
European Union / Canada

Yen Crosses

Pair
Related Country
CHF/JPY
Swiss / Japan
EUR/JPY
European Union / Japan
GBP/JPY
United Kingdom / Japan
AUD/JPY
Australia / Japan
CAD/JPY
Canada / Japan
NZD/JPY
New Zealand /  Japan











Pound Crosses

Pair
Related Country
GBP/CHF
United Kingdom Swiss
GBP/CAD
United Kingdom / Canada
GBP/NZD
United Kingdom / New Zealand
GBP/CHF
United Kingdom Swiss
GBP/AUD
United Kingdom / Australia








Other Crosses

Pair
Related Country
AUD/CHF
Australia / Swiss
AUD/CAD
Australia / Canada
AUD/NZD
Australia / New Zealand
CAD/CHF
Canada / Swiss
NZD/CHF
New Zealand / Swiss








03Exotic Currency pairs

Exotic pairs කියන්නේ Major Currency නොවෙන Currency වලින් හැදුණු Currency pairs.

Pair
Related Country
USD/HKD
United States / Hong Kong
USD/SGD
United States / Singapore
USD/ZAR
United States / South Africa
USD/MXN
United States / Mexico
USD/DKK
United States / Denmark




අපි ආධුනිකයන් වශයෙන් තෝරා ගන්න ඕනෙ Major Currency pairs එකක් විතරයි.ලෝක වෙළඳපොළ ඉතා ඉහල උච්චාවචනයක් තියෙන Currency pairs එක තමයි EUR/USD කියන්නේ. මේ නිසා ඉදිරියේදී Forex Market එකේ කරන ගනුදෙනු වලට මේ Currency pairs එක විතරක් තෝරා ගන්න මතක තබා ගන්න.අපි මේ වෙළඳපොළේ ප්‍රමාණවත් අත්දැකිම් ලැබුවට පස්සේ අපි අනිත් Currency pairs ගැන බලමු.

          ඉතින් Forex Currency pairs ගැන දැන් ඔයාලට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ ඇතැයි සිතනවා. මොනව හරි ගැටළු සහගත තැනක් තිබුණොත් අහන්න.


5 comments:

  1. Major Currency pair ekak kiyanne USD sambanda vena pairs valata neda? etakota Exotic Currency pairs valata dila tiyena example valat USD tiyenavane?

    ReplyDelete
    Replies
    1. මම ඉහත දක්වල තියෙන්නේ " Exotic pairs කියන්නේ Major Currency නොවෙන Currency වලින් හැදුණු Currency pairs " කියල.

      මම ඒකෙන් අදහස් කලේ Exotic pairs එකක් හැදෙන්නේ Major නොවන currency එකක් සම්බන්ධ වෙලා කියල. ඉහත අවස්ථාවේදී USD සම්බන්ද උනත් ඒක Exotic pairs එකක් වෙනවා. හේතුව pair එකේ අනෙක් පසට සම්බන්ද වෙන්නේ Major currency එකක් නොවෙන නිසා.

      මම ලියපු දේ තේරුම් ගන්න අපසුවීම පිලිබදව මම කණගාටු වෙනවා. මොකද මගේ ලිවිම තවම හොද තත්වයක නැහැ. ඉදිරියේදී ඒක නිවෙරදි කරගන්න බලමු.

      ඔබට තවත් පැහැදිලි කිරීමක් අවශ්‍යනම් විමසන්න. නැතිනම් පහත බලන්න.

      http://extra.agea.com/en/education/introduction-to-forex/currency-pairs

      http://www.onlineforextrading.com/learn-trading/currency-pairs-basics

      ස්තුතියි

      Delete
    2. Den eka pahadili una. Thank u so much. site ekanam niyamai ayya. godak vedagat. digatama karagena yanna. site eka niyamai.

      Delete
  2. sirawatama niyamayi

    ReplyDelete