Lesson – 05
5. Forex Market එකේ නිතර හමුවන වචන - 02
පසුගිය පාඩම් තේරුම් ගන්න ඇති කියල හිතනවා. අපි අද කතා
කරන්‍න හදන්නෙ තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන.
Margin - මොකක්ද මේ Margin කියල කියන්නෙ.මේ Margin කියන වචනය යෙදෙන්නෙ Leverage කියන එකත් එක්ක. Leverage කියන එක පැහැදිලියිනේ. අපැහැදිලි නම් පෙර පාඩම නැවත
බලන්න. Margin කියන එක උදාහරණ ඇසුරින්ම පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.
Margin එක 0.5 % හා EUR/USD = 1.3292 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය USD ගණන කීයද?
EUR/USD = 1.3292
EUR Lot 1ක් = 1.3292 x 100000
= 132920.00
Margin එක 0.5 % නිසා = 132920
x 0.5%
= 132920 x 1 / 200
= 664.60
ඉහත උදාහරණයේ 1/200 කියල එකක දැක්වෙන්නේ 200:1 මතකයි නේද? අප පෙර පාඩමේදි ඉගෙන ගන්තේ. දැන් පැහැදිලි වෙනවා නේද වේ Leverage එක හා Margin එක අතර සම්බන්ධය.
![]() |
Leverage vs Margin |
පැහැදිලි නේද?
තවත් පැහැදිලි කර ගන්න පහත උදාහරණ බලන්න.
Margin එක 0.5% වන EUR/USD = 1.3292 නම් EUR Lot 0.01 ක් මිළදි ගන්න වැය වන USD ප්‍රමාණය ගණනය කරන්න.
කොළයක් පෑනක් අරගෙන වැඩ පටන් ගන්න. මොකද දෙයක් බලනවට වඩා
ඒක ප්‍රායෝගිකව කරන ඒක තුලින් වඩාත් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.
අපට සපයා ඇති
දත්ත මුලින්ම ලියා ගමු.
EUR/USD = 1.3292
Margin = 0.5% = 1/200
අවශ්‍ය Lot ප්‍රමාණය = 0.01
දැන් ගණනය
කරමු.
EUR Lot එකකට අවශ්‍ය USD = 1.3292 x 100000
$ = 132920.00
EUR Lot 0.01 කට USD = 132920 x 0.01
$ = 1329.20
Margin එකක් 0.5% නිසා = 1329.20 x 0.5%
$ = 6.646
දැන්
පැහැදියි නේද?
ඒ වාගේම දැන් ඔයාලට තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඉතාමත් පොඩි මුදලක් යොදවල වුනත් Forex Market එකේ Trade කරන්න
පුළුවන් කියන එක.
ඩොලර් 100 ක් වැනි මුදලකින් වුනත්. අපි දැන්ම මේකට මුදල් යොදවන්න
බලාපොරොත්තු වෙන්නේ නැති වුනන් දැන්ම ඉඳන් ඩොලර් 100 ක් එකතු කර ගන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් රු.13000/- විතර.
ඉහත උදාහරණයේ ඔබ EUR/USD Lot 0.01 මිලදි ගත් වහාම ඔබගේ ගිණුමෙන් $ 6.646 ක මුදලක් අඩු වෙනවා.මේ මුදල නැවත ගිණුමට ලැබෙන්නේ මේ විවෘත කරපු Trade එක Close කරාම තමයි. ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ $ 100 ක් තිබුනම දැන් එක $ 93.354 ක් වෙනවා. කොහෙමද 100 - 6.646 නිසා.
ප.ලි.
මල්ලි කෙනෙක් කියන දේ පැහැදිලි නැ කියල තිබුන. ඔයාලට මතක ඇති Leverage කියන දේ. මෙන්න මේ Leverage එකත් එක්ක Trade කරන කොට තමඊ Margin කියන දේ යෙදෙන්නේ. Leverage vs Margin සටහන බලන්න.
marign katawa compilicated.kohomada margin aka anne.ake watinakama mokadda
ReplyDeleteayya margin eka tikak complicated ne. margin eka 0.5% tibuna eka 0.05% une kohomada?
ReplyDeleteTyping Mistake එකක් විදියට තමා ඒක වෙලා තියෙන්නේ. නිවැරදි කරා. ස්තුතියි පෙන්නුවට.
DeleteMargin කියන ඒක යෙදෙන්නේ Levarage කියන දේත් එක්ක. Leverage vs Margin සටහන බලන්න. තේරුම යයි. නැත්නම් අහන්න.
Thanx ayya.
Deletethanx
ReplyDelete