Lesson – 06
6. Forex Market එකේ නිතර හමුවන වචන - 03
පෙර පාඩමේදි කතා කරපු දේවල් පැහැදිලි නේ. අද නම්
තියෙන්නේ පොඩි පාඩමක්. ඒ වගේම සරලයි. හැබැයි වැදගත්.
Pips මොකක්ද මේ Pipes කියන්නේ.
ඒකත් අපි උදාහරණ ඇසුරින් තේරුම් ගන්න උත්හාස කරමු.
EUR/USD = 1.3296 ට
තිබිල ටික වෙලාවකට පස්සේ EUR/USD = 1.3299 වුන කියලා
හිතන්න. එතකොට Pips ගාන කියද?
Pips = 1.3299 -1.3296
=
0.0003
ඒ කියන්නේ එක
Pips ගාන 3යි
තව උදාහරණයක් බලමු
EUR/USD = 1.4380 ඉදන් ටික වෙලාවකට පසු EUR/USD = 1.4370 වෙනවා. දැන් Pips ගාන කියද?
Pips = 1.4370 - 1.4380
=
0.0010
ඒ කියන්නේ Pips 10 කින් අඩු වෙලා.
මේක බලන්න.
පැහැදිලි
වෙනවා නේද මේ Pips කියන්නේ
මොකටද කියලා.
මතක තියා ගන්න ඕනේ තව දෙයක් තමයි JPY සම්බන්ධ වෙන අවස්ථා. අපි කලින් ඉගෙන ගන්ත JPY සම්බන්ධව යෙදෙන කොට දශමස්ථාන 2ක් පමණක් ඇති බව. මතකද?
GBP/ JPY = 146.12
මේ වාගේ යොදන කොට Pip එකක් කියන්නේ 2 වැනි දශමස්ථානය කියලා මතක තියා ගන්න.
අද හුඟක් කෙටි පාඩමක්. සරලයි. තේරුම් ගන්න ඇති කියලා හිතනවා.
ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
pip ake wadagath kama mokadda
ReplyDeletehttp://howtoforexwin.blogspot.com/2013/03/pipes.html
Deletelipiya balanna.
thanx
ReplyDelete