Japanese Candlestick
අපි පසුගිය ලිපියක කිව වගේ අද අපි candlestick ගැන කතා කරන්න පටන් ගන්නවා. හැබැයි හුගක් ගැබුරටම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පස්සේ බලමු ඒ ගැන. ඇයි මෙකට Japanese candlestick කියල කියන්නේ. ඈත අතීතයේ ජපන් ජාතිකයන් විසින් තමයි මේ කියන candlestick බවිත කරලා තියෙන්නේ. මීට ශත වර්ෂ ගණනකට එහා. දැන් අහන්න එපා ඒ කාලේ Forex හෝ පරිගණක හෝ තිබුනද කියල. ඒ මිනිස්සු මේක යොදාගෙන තියෙන්නේ තමන්ගේ සහල් (ඔව් බත් කන ඒවා තමයි) මිල පුරෝකථනය (Analysis) කරන්න. අද වගේම තමයි එදත් ජපන දක්ෂයා. ඉතින් කොහොම උනත් මේක නවීන ලෝකයට හදුන්වාදීමේ ගෞරවය Steve Nison කියන පුද්ගලයට හිමි වෙනවා. ඔහු නැත්නම් මේ කියන ක්‍රමය පුරාඋර්තයක් පමණක් වෙන්න තිබුන.
මොනවද මේ candlestic කියන්නේ කියල රුප සටහනක් බලලම පැහැදිලි කර ගනිමු. එක තමයි හොදම ක්‍රමය.
![]() |
image copy from |
ඒ වගේම තමයි මේ candle එකකින් ඕනෙම time frame එකක් නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ MN ඉදන් M15 ට වගේ යනකන්. ඒ වගේම candle මගින් open, high, low, close values දැන ගන්නත් පුළුවන්.
වැදගත් කරුණු.
open කර අගයට වඩා close වුනු අගය වැඩිනම් candle එක සුදු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.
open කර අගයට වඩා close වුනු අගය අඩුනම් candle එක කළු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.
ඉහත රුපයේ කොළ හා රතු පාටින් දක්වල තියෙන කොටස Real body ලෙස හදුන්වනවා.
shadow කියල හදුන්වන්නේ ඔය real body එක දෙපැත්තේ තියෙන ඉරි කැලි වලට.
ඒ වගෙම ඒ ඉරි වල ඉහල හා පහලම ලක්ෂ අපි high හා low ලෙස හදුන්වනවා.
පැහැදිලි උනා නේද ?
shadow කියල හදුන්වන්නේ ඔය real body එක දෙපැත්තේ තියෙන ඉරි කැලි වලට.
ඒ වගෙම ඒ ඉරි වල ඉහල හා පහලම ලක්ෂ අපි high හා low ලෙස හදුන්වනවා.
පැහැදිලි උනා නේද ?
No comments:
Post a Comment