Showing posts with label Japaneses candlestick. Show all posts
Showing posts with label Japaneses candlestick. Show all posts

Tuesday, November 4, 2014

Candlestick pattern - 2

Candlestick pattern - 2


පසුගිය ලිපියෙන් අපි pattern 2 ක් ගැන කතා කරා මතක ඇති නේද. ඇත්තටම මේ ලිපිය කියැවීම විතරක් ප්‍රමාණවත් නැහැ. pattern එක දැක්ක ගමන් හදුනා ගැනීමත් වැදගත්. එකට කරන්න තියෙන්නේ ඔයාලගෙ ඇහැ හුරු කර ගන්න එක. MT4 එක open කර ගෙන මේ කියන patterns හදුනා ගන්න උත්සහ කරන්න. නිතරම පුරුදු වෙන්න.

එහෙනම් අද අපි තවත් pattern කිහිපයක් ගැන කතා කරමු.

Doji

ආරම්බක අගය හා අවසාන අගය (open price & closing price) එක සමාන හෝ ඉතාම ආසන්නයෙන් යම්කිසි candle එකක් නිර්මාණය වෙනවද අන්න එකට අපි කියනවා Doji candlestic එකක් කියල.

මේකේ අදහස වෙන්නේ buyers හා sellers අතර price action එක සම්බන්ධයෙන් ඇතිවන අතිර්නාත්මක බව හෝ price value එක ඉහල පහල ගෙනයාමට තියෙන දුෂ්කරතාවය. මෙහි අවසානය ලෙස තමයි අපට doji candle stick එක ලැබන්නේ.

Doji ප්‍රදාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. පහත රුප දෙස බලා වටහා ගන්න උත්සහ කරන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔයාලගේ chart එකෙන් බලල මේ රටා වටහා ගන්න.






ඔයාල trade කරන යන අතර මේ වගේ එකෙක් කඩා පහත් උනොත් අනිවා ඊට පෙර candle එක ගැනත් අවදානය යොමු කරලා තමයි trading decision  ගන්න ඕන.




Long white candle + Doji


ඔයාලගේ chart එකේ මෙන්න පහත දක්වල තියෙන වගේ pattern එකක්, ඒ කියන්නේ white ........ ට පස්සේ doji එකක් මතු උනොත්, එකේ සාමාන්‍ය අර්ථය තමයි buyers ලා price ව.... එක ඉහල නග්ගන්න ගිහින් හුගක් වෙහෙසට පත්වෙලා. තව දුරටත් මිල ඉහල දාන්න අවශ්‍යයි. නමුත් අවාසනාවට තව දුරටත් ඒ සදහා අවශ්‍ය buyers ලා නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී sellers බලන් ඉන්නේ මිල පහත යනකන්.



Long Black candle + Doji


ඒ වගේම තමයි පහත පරිදි pattern එකක් දර්ශනය උනොත් එකෙන් අදහස් වෙන්නේ අපි ඉහත සදහන් කරපු දේට ඉදුරාම විරුද්ද දේ. දෙන් ඔයාලට Forex පුරුදු නිසා එකින් එකම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැනේ.




ඉදිරියේදී අපි තව දුරටත් කතා කරමු. ඒ වගේම තමයි මේ ලිපි පෙළ නොකඩවාම ඉදිරියට ගෙනියන්න කල්පනා කර. ඒ ගැන වෙනම ලිපියක් පල කරනන බලාපොරොත්තු වෙනවා.








Saturday, November 1, 2014

Japanese Candlestick

Japanese Candlestick


අපි පසුගිය ලිපියක කිව වගේ අද අපි candlestick ගැන කතා කරන්න පටන් ගන්නවා. හැබැයි හුගක් ගැබුරටම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පස්සේ බලමු ඒ ගැන. ඇයි මෙකට Japanese candlestick කියල කියන්නේ. ඈත අතීතයේ ජපන් ජාතිකයන් විසින් තමයි මේ කියන  candlestick  බවිත කරලා තියෙන්නේ. මීට ශත වර්ෂ ගණනකට එහා. දැන් අහන්න එපා ඒ කාලේ  Forex  හෝ  පරිගණක හෝ තිබුනද කියල. ඒ මිනිස්සු මේක යොදාගෙන තියෙන්නේ තමන්ගේ සහල් (ඔව් බත් කන ඒවා තමයි) මිල පුරෝකථනය (Analysis) කරන්න. අද වගේම තමයි එදත් ජපන දක්ෂයා. ඉතින් කොහොම උනත් මේක නවීන ලෝකයට හදුන්වාදීමේ ගෞරවය Steve Nison කියන පුද්ගලයට හිමි වෙනවා. ඔහු නැත්නම් මේ කියන ක්‍රමය පුරාඋර්තයක් පමණක් වෙන්න තිබුන.

මොනවද මේ candlestic කියන්නේ කියල රුප සටහනක් බලලම පැහැදිලි කර ගනිමු. එක තමයි හොදම ක්‍රමය.

image copy from www.daytradingcoach.com
දැන් පැහැදිලි උනා නේද ? අපි MT4 එකේ වැඩ කරලා තියෙන්නේ මේවත් එක්ක කියල. ඉහත රුපයේ රතු පාට  හා කොළ පාට මගින් දක්වල තිබුනත් අපට අවශ්‍ය විදයට මේවා වෙනස් කර ගන්න පුළුවන්. chart properties එකට ගියාම.

ඒ වගේම තමයි මේ candle එකකින් ඕනෙම time frame එකක් නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ MN ඉදන් M15 ට වගේ යනකන්. ඒ වගේම candle මගින් open, high, low, close values දැන ගන්නත් පුළුවන්.

වැදගත් කරුණු.

open කර අගයට වඩා close වුනු අගය වැඩිනම් candle එක සුදු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

open කර අගයට වඩා close වුනු අගය අඩුනම්  candle එක කළු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

ඉහත රුපයේ කොළ හා රතු පාටින් දක්වල තියෙන කොටස Real body ලෙස හදුන්වනවා.

shadow කියල හදුන්වන්නේ ඔය real body එක දෙපැත්තේ තියෙන ඉරි කැලි වලට.

ඒ වගෙම ඒ ඉරි වල ඉහල හා පහලම ලක්ෂ අපි high හා low ලෙස හදුන්වනවා.

පැහැදිලි උනා නේද ?