Showing posts with label candle stick. Show all posts
Showing posts with label candle stick. Show all posts

Sunday, November 2, 2014

Japanese Candlestick -2

Japanese Candlestick -2


පසුගිය ලිපියෙන් candlestick ගැන මුලික අවබෝදයක් ලබා ගන්න ඇති කියල හිතනවා. අද අපි තව ටිකක් කතා කරමු.

මේ forex market එකේ buyers හා sellers අතර කෙරෙන්නේ ලොකු යුද්දයක් කියල ඔයාලට වැටහෙනවද ? buyers market එක ඉහල ගෙනියන්න හදන කොට sellers කරන්නේ පහලට අදින එක. ඔන්න ඔය හේතුව නිසා තමයි නිතරම මිල උච්චාවචනය වෙන්නේ.

ඒ නිසාම තමයි අපට profit හොයන්න පුළුවන් වෙන්නේ. ඔයාල දන්නවනේ යුද්දයක ඉන්න solders ඔක්කොම එක සමාන නැ කියල. හරියට තමන්ගේ ශරීරයෙන්, නිළයෙන්, බලයෙන් වෙනස්.  ඉතින් අපි solders කෙනෙක් මේ candle stick එකකට සමාන කලොත් අන්න ඒ වගේම තමයි. ඒ කියන්නේ එකකට එකක් වෙනස් හා ඒවායින් නිරුපනය කරන්නේ එකිනෙකට වෙනස් අර්ථ.

ඉහත රුපයේ අංක,

1 හා 3 මගින් ඉතා අඩු buying හා selling pressure දක්වනවා. ඒ කියන්නේ මේ කියන කාල රාමුව තුල buyers හා sellers ක්‍රියාශීලි, ඒ කියන්නේ trade open/close කරලා තියන ප්‍රමාණය අඩුයි. තව එකක් Forex භාෂාවේදී කොතැනක හෝ ඔයාලට bulls කියන වචනය ඇහුනොත් එකෙන් අදහස් වෙන්නේ buyers. ඒ වගේම bears මගින් sellers අදහස් වෙනවා.

2 හා 4 මගින් කියන්නේ ඉහත එකේ අනිත් පස. ඒ කියන්නේ දෙගොල්ලොම අදික ලෙස ක්‍රියා කාරී වෙලා තියෙනව.

2 මගින් bulls, bears පරද කරගෙන ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ open අගයට වඩා විශාල වැඩි අගයකින් තමයි candle එක close වෙලා තියෙන්නේ. තව දුරටත් කියනවනම් මේ කාල රුපය තුල යුද්දෙන් ජය අර ගෙන තියෙන්නේ buyers.

4 ගැන නැවත කියන්න අවශ්‍ය නැනේද ? 2 එකේ සම්පුර්ණ අනිත් පැත්ත

ඔයාල පසුගිය ලිපියේ දැක්ක නේද shadow කියල නම් කරපු කොටසක්. මේකත් candle වල තියෙන වටිනාම කොටසක්

ඉහත රුපයේ 1 දිහා බලන්න. මොකද වෙලා තියෙන්නේ.  දැන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. යම්කිසි අගයකින් candle එක ආරම්බ වෙලා ඉතා දිගු ඉහල shadow එකක් සාදමින් ඇවිත් නැවතත් ආරම්භ කල අගයටත් වඩා අඩු අගයකින් close වෙලා තියනව. ඇත්තටම මොකද උනේ ? buyers හෙමින් ඉහලට අරන් යන කොට sellers එක පාරටම කඩා පහත් වෙලා පෙර අරම්බක අගයටත් වඩා අඩු අගයක් දක්වා ඇදල දාල තියෙනවා.

රුප අංක 2 වෙන්නේ ඊට සම්පුරුනයෙන්ම විරුද්ද එක.

තව දෙයක් කියන්න ඕනේ දැනට අපි ඉගෙන ගන්නේ candle වල ස්වරුපය විතරයි. මේවා ඉගෙන නොගෙන candle මගින් trade කරන්න බැහැ.  එක නිසා ඔයාල candle ගැන දැන ගන්න ඒවා යොදා ගන්න අදහස් කරනවානම් අනිවාර්යෙන්ම මේ ලිපි පෙළ අවදානයෙන් කියවා වැටහ ගන්න අවශ්‍ය වෙනවා. ගැටළු තියෙනවා නම් එවන්න.


Saturday, November 1, 2014

Japanese Candlestick

Japanese Candlestick


අපි පසුගිය ලිපියක කිව වගේ අද අපි candlestick ගැන කතා කරන්න පටන් ගන්නවා. හැබැයි හුගක් ගැබුරටම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පස්සේ බලමු ඒ ගැන. ඇයි මෙකට Japanese candlestick කියල කියන්නේ. ඈත අතීතයේ ජපන් ජාතිකයන් විසින් තමයි මේ කියන  candlestick  බවිත කරලා තියෙන්නේ. මීට ශත වර්ෂ ගණනකට එහා. දැන් අහන්න එපා ඒ කාලේ  Forex  හෝ  පරිගණක හෝ තිබුනද කියල. ඒ මිනිස්සු මේක යොදාගෙන තියෙන්නේ තමන්ගේ සහල් (ඔව් බත් කන ඒවා තමයි) මිල පුරෝකථනය (Analysis) කරන්න. අද වගේම තමයි එදත් ජපන දක්ෂයා. ඉතින් කොහොම උනත් මේක නවීන ලෝකයට හදුන්වාදීමේ ගෞරවය Steve Nison කියන පුද්ගලයට හිමි වෙනවා. ඔහු නැත්නම් මේ කියන ක්‍රමය පුරාඋර්තයක් පමණක් වෙන්න තිබුන.

මොනවද මේ candlestic කියන්නේ කියල රුප සටහනක් බලලම පැහැදිලි කර ගනිමු. එක තමයි හොදම ක්‍රමය.

image copy from www.daytradingcoach.com
දැන් පැහැදිලි උනා නේද ? අපි MT4 එකේ වැඩ කරලා තියෙන්නේ මේවත් එක්ක කියල. ඉහත රුපයේ රතු පාට  හා කොළ පාට මගින් දක්වල තිබුනත් අපට අවශ්‍ය විදයට මේවා වෙනස් කර ගන්න පුළුවන්. chart properties එකට ගියාම.

ඒ වගේම තමයි මේ candle එකකින් ඕනෙම time frame එකක් නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ MN ඉදන් M15 ට වගේ යනකන්. ඒ වගේම candle මගින් open, high, low, close values දැන ගන්නත් පුළුවන්.

වැදගත් කරුණු.

open කර අගයට වඩා close වුනු අගය වැඩිනම් candle එක සුදු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

open කර අගයට වඩා close වුනු අගය අඩුනම්  candle එක කළු පාටින් (මේක අනිවාර්ය නැහැ, අපට උනත් වෙනස් කර ගන්න පුළුවන්) පෙන්වනවා.

ඉහත රුපයේ කොළ හා රතු පාටින් දක්වල තියෙන කොටස Real body ලෙස හදුන්වනවා.

shadow කියල හදුන්වන්නේ ඔය real body එක දෙපැත්තේ තියෙන ඉරි කැලි වලට.

ඒ වගෙම ඒ ඉරි වල ඉහල හා පහලම ලක්ෂ අපි high හා low ලෙස හදුන්වනවා.

පැහැදිලි උනා නේද ?



Tuesday, October 28, 2014

Support & Resistance level

                               Support & Resistance level


ඔන්න අපි පසුගිය ලිපියේ කිව විදියට Support & Resistance level ගැන කතා කරන්න හදන්නේ.

පහත තියෙන්නේ මේ ලිපිය ලියන කොට ගත්ත Eur/Usd screen shot  එකක්. එක බලල ඉන්න.


ඔයාලට මේක බැලුවම කියන්න පුළුවන් මොකක්ද ? යම්කිසි ඒකාකාර රටාවක් හදුනා ගන්න පුළුවන් ද ? නගිනවා බහිනවා වගේ. හරියට කියනවනම් අපි කදු නගින්නේ බහින්නේ මෙහෙම නේද ?

මේ රටාව හදුනා ගන්න පහසු වෙන්න මම ඊලග රුපය සකස් කරලා තියෙනවා. එකත් බලලම ඉන්න.



ඒ රුපයේ රතු පාටින් දක්වල තියෙන්නේ ඔය කියන නැගිම් හා බැසිම් නිල් පාටින් තියෙන්න මේ රටාව Down trend එකක් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි බැහැල තියෙන්නේ පැල්ලමක්. පැහැදිලි නේද ?

ඊළගට තියෙන රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන තැන් වලට අවදානය දීල බලන්න.


මෙන්න මේ ලකුණු කරලා තියෙන අවට තමයි  Support & Resistance level කියල කියන්නේ.


දැන් පැහැදිලි වුනා නේද ? ඔයාල ඉහත රුපය හොදින් බැලුවනම් දෙයක් වැටහෙන්න ඕනේ. බලන්න මේ කහ ඉරි වලින් ලකුණු කරලා තියෙන ප්‍රදේශ දිහා. එක යම්කිසි level එකක් වගේ නේද පෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි අගයක් හරියටම කියන්න බැ නේද ?

වමේ ඉදන් දෙවෙනි කහ ඉරට අවදානය යොමු කලොත් එහි සාමාන්‍ය අගය 1.2730 වගේ වෙනවා. නමුත් ඒ ප්‍රමාණය ඉක්මවා ගිහින් අවමම අගය වෙන 1.2370 දක්වාත් මෙය ලගා වෙලා තියෙනවා.

එහෙමනම් මතක තිය ගන්න මේ Support & Resistance level වලට නියමිත හා නිවැරදි අගයක් දෙන්න  බැ කියල.

තව දෙයක් ඔයාල ඉහත අගයන් දෙක හොදින් බැලුවනම් පෙනෙන්න ඕනේpips 400 ක වෙනසක්. එතකොට අපි මේ  Support & Resistance level , Trade  වලට යොදා ගත්තොත් අපේ Account  වලට බුදු සරණයි නේද  ? ::)) එහෙම වෙන්නේ නැ හොදද ?

 ඉහත දක්වල තියෙන සියලු රුප අපි අරන් තියෙන්න MN  Chart එකෙන්. ඒ කියන්නේ එක candle එකක් සම්පුර්ණ මාසයක් නියෝජනය කරනවා. තව දුරටත් පැහැදිලි කරනවානම් ඔයාල ඉහත දැක්කේ වර්ෂ 2006 ඉදන් මේ දක්වා EUR/USD Chart එක.

ඒ කියන්නේ අනිත් Time frame වලට මේ කියන  Support & Resistance level වලංගු වෙන්නේ නැද්ද ? මතක තිය ගන්න මේ කියන සිද්දිය සියලුම Time frame වලට වලංගුයි. ඔයාල MT4 එක open  කරලා බලන්න බොරුද කියල. හැබැයි තව දෙයක් මේක යොදා ගන්නවානම් මම නම් යෝජනා කරන්නේ H4 එකෙන් එහාටවත් බවිත කරන්න කියල.

තව දෙයක් ඔයාල කාට හරි ප්‍රශ්නයක් ආවද ඇයි මේ කියනSupport & Resistance level එක අපි ලකුණු කල සිමාවෙන්  එහා මෙහා වෙලා තියෙනේ කියල. එකට සරලම පිළිතුර තමයි මේ chart එකට අවශ්‍ය candle stick pattern එක හදා ගන්න. ඒ පාර තව ප්‍රශ්නයක් මොකක් ද මේ Candle stick pattern කියන්නේ කියල නේ. එක සම්පුර්ණයෙන්ම කියා දෙන්න නම් තව ලිපි 60 ක් වත් ලියන්න වෙයි. candle pattern වලට විතරක්. සනීපයි නේද ?

මේ ලිපිය ඉවර නේ. අදට ඇති වගේ නේද. ඊලග ලිපියෙන් ඉතුරු ටික..........








Wednesday, April 23, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 2

සාර්ථක PAT කෙනෙකු වීමට - 2


ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඉතින් අද අපි සාර්ථක Price Action Trader කෙනෙකු වීමට අවශ්‍ය ඉගි කිහිපයක් ලබා දෙනවා. මේ ලිපිය පසුගිය ලිපියේ දෙවෙනි කොටස ලෙස තමයි පල වෙන්නේ.

5. ප්‍රතික්ෂේපිත price level හදුනා ගන්න.

සාමාන්‍යයෙන් අපි අපේ chart එකේ candle stick pattern තමයි බාවිතා කරන්නේ. candle stick මගින් trade හදුනා ගැනීම පිලිබදව වෙනමම කතා කරන්න ඕනේ. හේතුව එක හුගක් දිගු පාඩමක්. candle stick pattern වල එන වඩා පහත් හෝ වඩා ඉහලින් (lower or upper shadows) pattern අපි සාමාන්යෙන් hammer candlestick pattern or a shooting star candlestick pattern විදියට හදුන්වනවා. මේ candle stick pattern ගැන වෙනමම කතා කරන්න අවශ්‍ය උනත් මේ pattern දෙක ගැන හොයා ගන්න පුළුවන් පහත උදාහරණය බැලුවම.

පහත පින්තුරය hammer candlestick pattern  



පහත පින්තුරය shooting star candlestick pattern

ඔයාල මේ pattern වලට ඇස පුරුදු කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. මේවා හදුනා ගන්නනම්.


කොහොම උනත් මෙන්න මේ වගේ දෙයක් price level එකේ මතූ උනොත් අපි එක rejected price level එකක් විදියට හදුන්වනවා. ඒ කියන්නේ එතනින් එහාට price action එක වෙනස් වෙනවා. buy එකක් නම් sell විදියටත් sell නම් buy විදියටත් වෙන්න පුළුවන්.

පහත තියෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්


rejected price level

6. 50% නියමය හදුනා ගන්න

මොකක්ද මේ ? සාමන්යෙන් price එකේ වෙනසක් වෙනවනම් එක පෙර දිනයේ price range එකෙන් 50% වත් සමාන වෙන ප්‍රමාණයක් අද දිනයේ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නැ නේද ?
අපි උදාහරණයක් ගනිමු. 

2014.04.23 EUR/ USD market එකේ තොරතුරු පහත දක්වල තියෙනවා.



ඉහත දත්ත සලකා බැලීමෙන් 2014.04.23 දින market එක ගමන් කරලා තියෙන ප්‍රමාණය pips = 1.3854 - 1.3800 = 54 බව පැහැදිලි නේද ? ඒ කියන්නේ market එකේ ලොකු වෙනසක් වෙන්න නම් අද දින 2014.04.24 දින අඩුම තරමින්  market එක 1.3789 හෝ 1.3843 දක්වා ගමන් කරන්න ඕනේ.

NEWLY ADDED

එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ? 
2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading  වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.

END ADDED මේ ප්‍රමාණ නොඉක්මවා තිබෙන කොට මොනම අවස්ථාවකදිවත් reversal trading ගැන තීරණ ගන්න එපා.

ඒ වගේම එකේ අනිත් පැත්ත සියලුම reversal trading පටන් ගන්නේ 50% පෙර දිනයට සාපේක්ෂව ගමන් කිරීමෙන් පසුවයි.

එහෙනම් අදට ඇති වගේ නේද ? ඔයාලට ගැටළු තිබෙනවම් අහන්න.