Showing posts with label Currency. Show all posts
Showing posts with label Currency. Show all posts

Saturday, February 16, 2013

Forex Market එකේ නිතර හමුවන වචන - 01


Lesson – 04

4. Forex Market එකේ නිතර හමුවන වචන - 01

            මේ වෙනකන් පාඩම් මාලාව ‍ඉගෙන ගන්ත ඔයාලට මේ පිළිබඳ හොඳ දැනුමක් ඇතැයි කියලා හිතනවා. ඊළඟ පාඩම් ටික ඉගෙන ගන්න කලින් Forex Market එකේ භාවිතා වෙන ‍වචන හා තේරුම් ගැන විස්තරයක් දැම්මොත් හොඳයි කියලා හිතුවා.

            Currency, Currency pairs, lot, Margin, leverage, pips, Base Currency, Quote Currency කියන වචන වල තේරුම ගැන හොඳ අවබෝධයක් තිබිම අත්‍යවශයි.

            අපි මුලින්ම Currency , Currency pairs, Base Currency හා Quote Currency ගැන බලමු. ඔයාල දැනට මුල් දෙක ගැන දන්නවනේ. උදාහරණ ලෙස කිවොත්,

          Currencies            = USD, EUR, GBY, CAD

Currency pairs     = EUR/USD

          Base Currency      = EUR

            Quote Currency    = USD

 Base Currency කියලා කියන්නේ නිතරම Currency pair එකක මුලට තියෙන Currency එකට. EUR/ USD වල Base Currency එක EUR වගේම USD/CHF Currency pairs එකේ Base Currency වෙන්නේ USD එක. පැහැදිලි නේද? එතකොට දැන් පැහැදිලි වෙන්න ඕනේ Quote Currency කියලා කියන්නේ Currency pairs එකේ දෙවැනියට තියෙන Currency එකට කියලා. උදාහරණ ලෙස USD/CHF නම් Quote Currency වෙන්න CHFඑක. EUR/USD වල Quote Currency වෙන්නේ USD පැහැදිලි නේද?

            ඊළඟට අපි බලමු මොකක්ද Lot එකක් කියලා තියන්නේ.මේ Lot යන වචනයට Standard Lot කියලත් කියනවා. මේක සමහර විට ඔයාලට අලුත් වචනයක් වෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න අවශ්‍ය නැ. ඔයාල හැමෝම දන්නවනේ 1kg 1000g ක් තියෙනවා කියලා.

                                      1 Kg = 1000g

 කියන එක කොහේදිවත් වෙනස් වෙනවද? ඒ කියන්නේ ඒක සම්මතයක්. ඒ වගේම තමයි මේ Lot එකත්

1 Lot = 100000
 


 දැන් පැහැදිලි නේද? Lot එකක් කියන්නේ.ඒකක 100000 ක අගයකට. මේ Lot එක යටතට Mini lot, Micro lot, Nano lot කියන Lot වර්ග අයිති වෙනවා.  පහත වගුව බලන්න.

Lot
100,000
Mini Lot
10,000
Micro Lot
1000
Nano Lot
1000







දැන් පැහැදිලි අදහසක් ගන්න පුළුවන් නේද?


පහත ලියන තියෙන දේ ගැන අදහසක් ගන්න උත්සාහ කරමු.

EUR/USD   = 1.3292

USD/CFF   = 0.9169

USD/CAD   = 1.0026

NZD/JPY    = 77.42

CHF/JPY    = 101.13

මේ දවස්වල Forex Market එකේ පවතින අගයන් කිහිපයක් තමයි ඔය ලිව්වේ.

අපි මුලින්ම EUR/USD = 1.3292 කියන එකෙන් අදහස් වෙන්නේ Euro එකක් ගන්න USD වලින් 1.3292 ක් ඔනෙයි කියන එක. පැහැදැලි නේද? CHF/JPY = 100.13 කියන්නේ ස්විස් ෆ්‍රෑන්ක් 1 ක් ගන්න ජපන් යෙන් 101.13 ක් ඕනෙයි කියන එක. මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි JPY සම්බන්ධ වෙන Currency pairs එකෙදි දශමස්ථාන 2ක් පමණක් ඇති බව. අනිත් අවස්ථා වල (JPY සම්බන්ධ නොවන) දශමස්ථාන 4ක් ඇති බව. සමහර විට දශමස්ථාන 5ක් වුවත් තියෙන්න පුළුවන්.

EUR/USD   = 1.3292 නම් Euro lot එකක් ගන්න USD කියක් ඕනේද කියල බලමු.

EUR 01          = USD 1.3292

Lot 01 = 100000

 


EUR Lot 01   = 1.3292 x 100.000

                   = 132,920.00

ඒ කියන්නේ EUR Lot එකක් ගන්න ඔයාට USD 132,920 ක මුදලක් වියදම් කරන්න වෙනවා. ඉතින් පැහැදිලි නේද? මේ තරම් මුදලක් යොදා අපට Forex Market එකේ Trade Open කරන්න බැරි බව.
මෙන්න මේ අවස්ථාවේදි තමයි Leverage කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ. Forex Market එකේදි 400:1, 200:1, 100:1, 50:1 වගේ Leverage Level හමු වෙන්න පුළුවන්. Leverage එක 200:1 කියන එකෙන් අදහස් වෙන්නේ එකක වටිනාකම 200න් බෙදෙනව කියන ඒක.ඒ කියන්නේ 200:1 Leverage තියෙන EUR/USD Lot එකක් ගන්න වැයවෙන්නේ USD 664.6 ක් විතරයි. කොහොමද?

                        EUR/USD             = 1.3292

EUR Lot 01             = 1.3292 x 100000

                                         = 132920.00

            Leverage1               = 200:1

                        දැන් Lot එකක්            = 132920 / 200

                                                          = 664.60

දැන් USD/ CHF Lot එකක් ගන්න යන ගාන ගණන් කරමු. Leverage එක 200:1 වෙන කොට

            USD/ CHF                  =          0.9169

USD නෙට් එකට          =          0.9169 x 10000

                                                 =          91690

            Leverage                   =          200:1

                                                =          458.45

දැන් වැටහෙනවා නේද?

එහෙනම් අදට ඇති. ඊළඟ කොටසින් ඉතුරු වචන හා තේරුම් පිළිබඳව බලමු. පෙර පාඩම් වගේම අපැහැදිලි හා ප්‍රශ්න තියෙන තැන් අහන්න.

Friday, February 15, 2013

Forex Market - හඳුනා ගනිමු - 2


Lesson - 02
02.Forex Market -- 2

මේ වෙනකොට ඔයාල තේරුම් අරන් ඇති Forex කිරීම තුලින් (යම් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් මගින් මිලදි ගෙන අපි ගත්ත මුදල් ඒකකයේ වටිනාකම ඉහල ගිය පසු විකිණිම) ලාභයක් ලබා ගත හැකි බව.

නමුන් කොහොමද? මුදල් වර්ග මිලදි ගන්න බැංකුවට යන්න ඕනෙද?  නැහැ අද ලෝකයේ දියුණුව සමඟ අන්තර්ජාලය ඔස්සේ මේ සියලු කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ඒකක ගන්න විකුණන්න වාගේ හැම දෙයක්ම. මේ සියලුම මූල්‍ය කටයුතු අන්තර්ජාලය ඔස්සේ මෙහෙය වන්න පුළුවන් විදියට සකස් කරලා ඉවරයි. මෙයට ලෝකයේ සියුලම බැංකු, මූල්‍ය ආයතන සම්බද්ධ වෙලා ඉන්නේ.

දැන් පැහැදිලි වෙන්න ඕන දෙයක් තමයි ඔයාලට අන්තර්ජාල සබඳතාවයන් අවශ්‍ය බව.  ඒ වගේම ඔයාලට මේක පූර්ණ කාලීන හා අර්ධ කාලීන ලෙස වූවත් කරන්න පුළුවන්. මේකෙ තියන ප්‍රධාන වාසියක් තමයි ඒක. ඔයාගෙ කරගෙන යන රැකියාවට බාධාවක් වෙන්නේ නැහැ.

ඔය මතක් කරේ සාමාන්‍ය කරණු ටිකක් අපි පාඩ‍මේ 2 කොටසට යමු.

අපි පළමුවැනි පාඩමේදී උදාහරණ විදියට අරගෙන කළ ගනුදෙනුවේදී සම්බන්ධ වුනේ ශ්‍රී ලංකා රුපියල් හා යුරෝ  (LKR/EUR) කියලා මතකනේ.

ඒත් ඔයාල දන්නවද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියන මුදල් වර්ග මොනවද කියලා. ඒවා තමයි ඇමරිකන් ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විටි ෆ්‍රෑන්ක්, කැනෙඩියන්  ඩොලර් , ඔස්ට්‍රේලියා ඩොලර්, නිව්සිලන්තය ඩොලර්, වගේ ඒවාට ඉතාම ඉහල ඉල්ලුමක් තියනවා.
මෙය වචන විස්තර ලෙස පහත වගුවෙන් බලා ගන්න.


රටේ නම්
මුදල් වර්ගය
 Forex සංකේතය
කෙටි නම
USA
Dollar
USD
Buck
Britain
Pound
GBP
Cable
Europe
Euro
EUR
Fiber
Japan
Yen
JPY
Yen
Swiss
Franc
CHF
Swissy
Canada
Dollar
CAD
Loonie
Australia
Dollar
AVD
Aussie
New Zealand
Dollar
NZD
Kiwi


එතකොට දැන් ඔයාල බලයි මෙයට ශ්‍රී ලංකා රුපියල් නෑ නේද කියලා. ඇත්තටම මේ Forex Market එකට ශ්‍රී ලංකා රුපියල් ඇතුළු  වෙන්නෙ නැ. ‍හේතුව තමයි ශ්‍රී ලංකා රුපියල් ( LKR)  වලට ලෝකයේ ඉල්ලුමක් නැති වීම.

            ඉහත වගුව දිහා අවධානයෙන් බැලුවොත් ඔයාලට පෙනෙවි Forex සංකේතය කියල තියන තිරුව,  ඒ තිරුවේ තියෙන සංකේත මතක තියා ගැනීම ඉතාම වැදගත්. ඔයාලට Forex Market එකේදි දකින්ට ලැබෙන මුදල් සංකේත තමයි ඒවා. කෙටි නම කියන තිරුවේ තියන දේවල් ඔයාලට Forex News බලන කොට හසුවෙයි. ( Forex News ගැන වෙනම පාඩමක් ඉදිරියේදී ) කොහෙම වුවත් ඔබට හොඳ Forex Trader කෙනෙක් වෙන්න ඕනෙ නම් මේ සියලුම සංකේත මතක තබා ගැනීම වැදගත්.

            අපි පෙර පාඩමේදී ඉගෙන ගත්තා මතක ඇති නිතරම මෙවැනි ගනුදෙනුවකට  මුදල් වර්ග දෙකක් සහභාගි වෙනවා කියලා. අපි එතනදි කරේ ශ්‍රී ලංකා රුපියල් යුරෝ බවට පත් කළ එක හා නැවත හරවපු එක නේද? ඒක සංකේත ඇසුරින් ලියුවොත්  (LKR/EUR), මෙන්න මේ වගේ එකකට අපි කියනවා Pair එකක් කියල. හරියටම කිවොත් Currency Pair එකක්. Forex Trade එකක් කරන්නනම් අනිවාර්යෙන්ම Currency Pair එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුදල් වර්ග දෙකක්.

මේ ටික ඔයාලට පැහැදිලි නේද? අපි ඊළඟ පාඩමෙන් Currency Pair ගැන කතා කරමු. මේ දක්වා ඔයාලට ගැටළු මතුවන තැනක් තියෙනවා නම් අහන්න.