Showing posts with label Margin. Show all posts
Showing posts with label Margin. Show all posts

Sunday, April 7, 2013

මුදල් කළමනාකරණය - 02


Lesson – 18

18-  Money Management – 02

Balance, Equity, Margin, Free Margin, Margin Level මොනවද මේ ? MT4 එකේ පහල Terminal Window දිහා බැලුවොත් මේ ටික පෙනෙවි. Trade Tab එක අන්න එකේ තමයි ඉහත දේවල් තියෙන්නේ. එකින් එක අරන් බලමු.

Balance:- කියලා කියන්නේ අපේ Trading Account එකේ තියෙන මුළු එකතුවට. මතක තියා ගන්න ඕන දෙයක් තමයි මේ Balance එකට අපි දැනට Open කරන්න ඉන්න Trades වල ලාභ අලාභ ඇතුළු වෙලා නැහැ කියලා.

Equity:-  කියලා කියන්නේ දැනට අපි Open කරලා තියෙන Trades වල ලාභ අලාභ ඇතුලත්ව අපේ Account එකේ  Balance එක. මේක නිතරම වෙනස් වෙනවා. හේතුව අපි Open කරලා තියෙන Trades වල ලාභ අලාභයන් මේකට ඇතුළු වන නිසා.

Margin :- ඔයාලට මතකද පෙර ලිපියක Margin හා Leverage  ගැන කථා කළා. Margin එක ගැන පහසුවෙන් ඉගෙන ගන්න නම් දැනට ඔයාල Open කරල තියෙන Trade ඔක්කොම Close කරල අලුතින් එක Trade එකක් විතරක් Open කර ගන්න. දැන් අපි පහත දත්ත උපයෝගි කර ගෙන Margin එක ගණනය කරමු. ඔයාල ඔයාලට අදාල දත්ත යොදා ගෙන ගණනය කරන්න.

Buy Order Price එක = 1.2390

Currency Lot 0.1 ක්

වැය වන $ ප්‍රමාණය ගණනය කරමු.

                          Lot 1 කට                  =  1.2390 x 100000

                                                       $         =  123900

                                   Lot 0.1 කට $        =    12390.00

    Leverage එක 200:1 නිසා

                                                                 =  12390.00 /200

                                                    $          =  61.95


ඔයාලත් ඔයාලගේ Account එකේ දත්ත භාවිතා කරල ගණනය කරලා බලන්න. දැන් බලන්න ලැබෙන පිළිතුර MT4 එකේ දක්වල තියෙන Margin එකට සමාන ද කියලා. බොහෝ විට නැතුව ඇති. ඇයි ඒ. කොහේ දි ද අපට වැරදුනේ. අපට වැරදුනේ නෑ. අපට ලැබුණු පිළිතුරට වඩා අඩු අගයන් යොදා පිළිතුරක් ලැබුනේ අපේ Leverageඑක Broker විසින් වැඩි කරල දිපු නිසා. එතකොට අපට වාසියි. එතකොට 200:1 කියන Leverage එක තමයි අපේ අවම Leverage එක.

ඔක්කොම හරි එත් මොකක්ද මේ Margin? Margin කියලා හඳුන්වන්නේ අපි Trade එකක් Open කරන කොට Broker Company එක විසින් යම් මුදලක් අපේ ගිනුමෙන් අඩු කර ගන්නවා. ඒ අඩු කර ගත් මුදල නැවත අපේ ගිනුමට ලැබෙනවා, අපි Trade එක Close කරාම. ඔන්න ඔය මුදල තමයි Margin කියලා හඳුන්වන්නේ. පැහැදිලි නේද?

Free Margin :- කියන්නේ EquityMargin = Free Margin . මේ Free Margin එක දිහා බලල තව Trade Open කරන්න පුළුවන් ද බැරි ද කියලා අදහසක් ගන්න පුළුවන්.

Margin Level: - මෙහි පෙන්වන්නේ ප්‍රතිශතයක් විදියට ගණන‍ය කරන්නේ. Margin Level = Equity / Margin x 100, තව විදියකින් කියනවා නම් Free Margin එක ප්‍රතිශතයක් විදියට පෙන්වන එක තමයි කරන්නේ. මෙතන පොඩි දෙයක් තියෙනවා. MT4 එකේදි Margin Level එක ගණනය කරන්නේ වෙනත් ක්‍රමයකට.

Margin Level = Equity / (12390/200) x 100

මෙතන 12390 වෙන්නේ අපේ 0.1 Lot ගන්න යන $ ප්‍රමාණය.

200 වෙන්නේ අපේ Leverage එක.

මේ විදියට ගණනය කරල බලන්න. හරියටම පිළිතුර ලබා ගන්න පුළුවන්.මෙන්න මේ Margin Level එක හුඟක් වැදගත්.

අපි ප්‍රායෝගික උදාහරණයක් බලමු. කවුරු හරි $ 1000 ක් යොදවලා Account එකක් පටන් ගන්නයි. ඊට පස්සේ එය Lot 0.1 ක  Buy Trade එක Open කරනවා. මෙන්න මේ Buy Trade එක Open කරාට පස්සේ මේ Trade එක නරක අතට හැරිලා Open කළ Rate එක 1.4010 නම් දැන් 1.3900, 1.3801, 1.3680 ආදි ලෙස අඩු වෙනවා. මේ අඩු වීමත් එක්කම මේ Margin Level එකත් අඩු වෙනවා.

තව දෙයක්, කිසිම දවසක Forex Trading වල අපි යොදවපු මුදලට වඩා අපට නැති වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි යෙදෙව්වේ $ 1000 ක් නම් අපේ උපරිම Loss  එක වෙන්න පුළුවන් $ 1000 ක් විතරයි.

අපි යොදවන මුදලට වැඩි මුදලක් අපට Loss වෙන්නේ නැත්තේ අපේ මුදල් Loss වීමක් සමඟම Forex Broker Company  එක අපේ Trades ස්වයංක්‍රියව Close කරනවා. සාමාන්‍යයෙන් Margin Level එක 50 % දි විතර අපේ Trade Close වෙන්න ආසන්නයි කියලා Warning Message  එකක් එනවා. 

MT4 එක මගින් මෙන්න මේ Warning Message එක අපි Margin Call කියලා හඳුන්වනවා. තවත් ඉදිරියට අපේ Trades Loss වේගෙන යනවා නම් Margin Level එක 20% විතර අපේ Trade Close වෙන්න පටන් ගන්නවා. 20% සිමාව Stop Out Level කියලා හඳුන්වනවා. 

මේ සඳහන් කරුණු 20%, 50%  කියන සිමාවන් Forex Broker Company  එක අනුව වෙනස් වෙනවා. ඒ වගේම Margin Call Level එක හා Stop Out Level කියන ඒවා එකම level එකක වෙන්නත් පුළුවන්. Trade Close වෙන කොට ඉහලම පාඩුව තියෙන Trade එකේ ඉඳලා තමයි Close වෙන්නේ.

පහත රූප සටහන බැලුවාම වටහා ගන්න පහසු වෙයි.


ඉහත රූප සටහන හුදෙක්ම වටහා ගැනිමට පමණයි. ලබා දිල තියෙන සංඛ්‍යා නිවැරදි අගයන් නෙමෙයි.

දැන් ‍වැ‍ටහෙනව නේද? Margin Level එකේ තියෙන වැදගත්කම.

ඊටත් වඩා වැදගත් දේ තමයි Margin Call  එකක් නොඑන තැනට කටයුතු කරන එක.

අද කථා කරද්දි වැදගත්ම මාතෘකාවක් ගැන. අපැහැදිලි තැන් තියෙනවා නම් අහන්න. තේරුම් ගැනීම හුඟක් වැදගත්.







Saturday, February 16, 2013

Forex Market එකේ නිතර හමුවන වචන - 02


Lesson – 05
5. Forex Market එකේ නිතර හමුවන වචන - 02

පසුගිය පාඩම් ‍තේරුම් ගන්න ඇති කියල හිතනවා. අපි අද කතා කරන්‍න හදන්නෙ තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන.

Margin - මොකක්ද මේ Margin කියල කියන්නෙ.මේ Margin කියන වචනය යෙදෙන්නෙ Leverage කියන එකත් එක්ක. Leverage කියන එක පැහැදිලියිනේ. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. Margin කියන එක උදාහරණ ඇසුරින්ම පැහැදිලි කර ගන්න  උත්සාහ කරමු.

Margin එක 0.5 % හා EUR/USD = 1.3292 නම්  EUR Lot එකක් ගන්න අවශ්‍ය USD ගණන කීයද?

EUR/USD                            =          1.3292

EUR Lot 1ක්                          =          1.3292 100000

                                                =          132920.00

Margin එක 0.5 %  නිසා        =          132920 x 0.5%

                                                =           132920  x  1 / 200  
                                                                              
                                                =          664.60

ඉහත උදාහරණයේ 1/200 කියල එකක දැක්වෙන්නේ 200:1 මතකයි නේද? අප පෙර පාඩමේදි ‍‍ඉගෙන ගන්තේ. දැන් පැහැදිලි වෙනවා නේද වේ Leverage එක හා Margin එක අතර සම්බන්ධය.

Leverage vs Margin


පැහැදිලි  නේද? 

තවත් පැහැදිලි කර ගන්න පහත උදාහරණ බලන්න.

Margin එක 0.5% වන EUR/USD  = 1.3292 නම් EUR Lot 0.01 ක් මිළදි ගන්න වැය වන USD ප්‍රමාණය ගණනය කරන්න.

කොළයක් පෑනක් අරගෙන වැඩ පටන් ගන්න. මොකද දෙයක් බලනවට වඩා ඒක ප්‍රායෝගිකව කරන ඒක තුලින් වඩාත් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.

අපට සපයා ඇති දත්ත මුලින්ම ලියා ගමු.

EUR/USD = 1.3292

Margin =  0.5%  = 1/200     
                
අවශ්‍ය Lot ප්‍රමාණය = 0.01

දැන් ගණනය කරමු.

EUR Lot එකකට අවශ්‍ය USD =  1.3292 x 100000

                                        $          =  132920.00

EUR Lot 0.01 කට USD         =  132920 x 0.01

                                  $          =  1329.20

Margin එකක් 0.5% නිසා       =  1329.20 x 0.5%
                                 
                      $          =  6.646

දැන් පැහැදියි නේද?


ඒ වාගේම දැන් ඔයාලට තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඉතාමත් පොඩි මුදලක් යොදවල වුනත් Forex Market එකේ Trade කරන්න පුළුවන් කියන එක.

ඩොලර් 100 ක් වැනි මුදලකින් වුනත්. අපි දැන්ම මේකට මුදල් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුනන් දැන්ම ඉඳන් ඩොලර් 100 ක් එකතු කර ගන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් රු.13000/- විතර.

ඉහත උදාහරණයේ ඔබ EUR/USD Lot 0.01 මිලදි ගත් වහාම ඔබගේ ගිණුමෙන් $ 6.646 ක මුදලක් අඩු වෙනවා.මේ මුදල නැවත ගිණුමට ලැබෙන්නේ මේ විවෘත කරපු Trade එක Close කරාම තමයි. ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ $ 100 ක් තිබු‍නම දැන් එක  $ 93.354 ක් වෙනවා. කොහෙමද 100 - 6.646 නිසා.

අදට ඇති වගේ නේද? අද ඔයාල ඉගෙන ගත්තේ හුඟක් වැදගත් දෙයක්. මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවානම් අනිවාර්යෙන්ම අහන්න.

ප.ලි.

මල්ලි කෙනෙක් කියන දේ පැහැදිලි නැ කියල තිබුන. ඔයාලට මතක ඇති Leverage කියන දේ. මෙන්න මේ Leverage එකත් එක්ක Trade කරන කොට තමඊ Margin කියන දේ යෙදෙන්නේ. Leverage vs Margin සටහන බලන්න.