Showing posts with label candlestick patterns. Show all posts
Showing posts with label candlestick patterns. Show all posts

Tuesday, November 4, 2014

Candlestick pattern - 2

Candlestick pattern - 2


පසුගිය ලිපියෙන් අපි pattern 2 ක් ගැන කතා කරා මතක ඇති නේද. ඇත්තටම මේ ලිපිය කියැවීම විතරක් ප්‍රමාණවත් නැහැ. pattern එක දැක්ක ගමන් හදුනා ගැනීමත් වැදගත්. එකට කරන්න තියෙන්නේ ඔයාලගෙ ඇහැ හුරු කර ගන්න එක. MT4 එක open කර ගෙන මේ කියන patterns හදුනා ගන්න උත්සහ කරන්න. නිතරම පුරුදු වෙන්න.

එහෙනම් අද අපි තවත් pattern කිහිපයක් ගැන කතා කරමු.

Doji

ආරම්බක අගය හා අවසාන අගය (open price & closing price) එක සමාන හෝ ඉතාම ආසන්නයෙන් යම්කිසි candle එකක් නිර්මාණය වෙනවද අන්න එකට අපි කියනවා Doji candlestic එකක් කියල.

මේකේ අදහස වෙන්නේ buyers හා sellers අතර price action එක සම්බන්ධයෙන් ඇතිවන අතිර්නාත්මක බව හෝ price value එක ඉහල පහල ගෙනයාමට තියෙන දුෂ්කරතාවය. මෙහි අවසානය ලෙස තමයි අපට doji candle stick එක ලැබන්නේ.

Doji ප්‍රදාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. පහත රුප දෙස බලා වටහා ගන්න උත්සහ කරන්න. ඒ වගේම අමතක කරන්න එපා ඔයාලගේ chart එකෙන් බලල මේ රටා වටහා ගන්න.






ඔයාල trade කරන යන අතර මේ වගේ එකෙක් කඩා පහත් උනොත් අනිවා ඊට පෙර candle එක ගැනත් අවදානය යොමු කරලා තමයි trading decision  ගන්න ඕන.




Long white candle + Doji


ඔයාලගේ chart එකේ මෙන්න පහත දක්වල තියෙන වගේ pattern එකක්, ඒ කියන්නේ white ........ ට පස්සේ doji එකක් මතු උනොත්, එකේ සාමාන්‍ය අර්ථය තමයි buyers ලා price ව.... එක ඉහල නග්ගන්න ගිහින් හුගක් වෙහෙසට පත්වෙලා. තව දුරටත් මිල ඉහල දාන්න අවශ්‍යයි. නමුත් අවාසනාවට තව දුරටත් ඒ සදහා අවශ්‍ය buyers ලා නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී sellers බලන් ඉන්නේ මිල පහත යනකන්.



Long Black candle + Doji


ඒ වගේම තමයි පහත පරිදි pattern එකක් දර්ශනය උනොත් එකෙන් අදහස් වෙන්නේ අපි ඉහත සදහන් කරපු දේට ඉදුරාම විරුද්ද දේ. දෙන් ඔයාලට Forex පුරුදු නිසා එකින් එකම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැනේ.




ඉදිරියේදී අපි තව දුරටත් කතා කරමු. ඒ වගේම තමයි මේ ලිපි පෙළ නොකඩවාම ඉදිරියට ගෙනියන්න කල්පනා කර. ඒ ගැන වෙනම ලිපියක් පල කරනන බලාපොරොත්තු වෙනවා.








Monday, November 3, 2014

Candle stick pattern - 1

Candle stick pattern - 1


මේ යටතේ අපි අද මුලික Japanese candlestick pattern ටිකක් ගැන දැන ගනිමු. ප්‍රදාන වශවෙන් මේ pattern කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්.

1.single candle stick patterns
2.Duel candle stick patterns
3.Triple candle stick patterns

අද අපි ඉගෙන ගන්න යන්නේ මේ මුල්ම කාණ්ඩය ගැන.

spinning tops

candle stick එකක සිහින් real body එකක් සමග දිගු ඉහල හා පහලට shadow එකක් තියෙනවනම් එහි body color එක නොසලකාම spinning tops ලෙස නම් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස පහත රුපය බලන්න.

මේ pattern එකෙන් පැවසෙන සරලම දේ තමා buyers හා traders අතර තිබෙන දෙගිඩියාව. එහෙම නැත්නම් අතිර්නාත්මක බව. තවත් පැහැදිලි කරනවානම් ඔයාල යම්කිසි up හෝ down trend එකක මේ කියන spinning tops කියන pattern එක දැක්කනම් ඒ යන trend එක විරුද්ද දිශාවට ගමන් කිරීමේ හැකියාවක්, ඇගවියාවක් තියෙනවා. මේක දැක්කොත් පරිස්සම් වෙන එක හොදයි. :)


අළුගෝසු නෙමෙයි මරුබෝසු (Marubozu)

මේ pattern එක නිර්මාණය වෙන්න ඕන වෙන්නේ real body එක විතරමයි. ඒ කියන්නේ shadow එක නැතුව. පහත රුපය බලන්න.



ආරම්බක අගයට වඩා වැඩි අගයකින් තමයි candle එක close වෙලා තියෙන්නේ. ඒ වගේම මුළු කාලයම පාලනය කරලා තියෙන්නේ buyers විසින්. buying pressure එක හුගක් වැඩි. ඒ අපි සදහන් කලේ white marubozu ගැන.

black marubozu වෙන්නේ මේකේ විරුද්ද පැත්ත

white marubozu එක නිර්මාණය උනොත් එයින් අදහස් වෙන්නේ up trend එකක ආරම්භය හෝ අවසානය. බොහෝ විට මේ වගේ එකක් නිර්මාණය වෙන්නේ trend එකක මුල හෝ අග. නැතුව අතරමැද නෙමෙයි.

black marubozu වෙන්නේ white එකේ විරුද්ද දේ. නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද.