Showing posts with label price action. Show all posts
Showing posts with label price action. Show all posts

Friday, November 21, 2014

SMA vs EMA

SMA vs EMA

හොදයි. අද අපි කතා කරන්න යන්නේ තරමක් සංකීර්ණ දෙයක් ගැන. පුළුවන් තරම් උත්සහ කරනවා හැකි තරම් කෙටියෙන් හා සරලව පැහැදිලි කරන්න. මම දැක්ක එක ආයතන ප්‍රදනියකුගේ කාර්යාලයේ මේ වැකිය ලියල තියනවා. කියන දෙයක් කෙටියෙන් පවසන්න.  :)

එහෙනම් .......... අපි මුලින්ම EMA වලින් පටන් ගමු.

ඔයාලට ඉක්මනින්ම moving average එක price action එකට දක්වන දක්වන ප්‍රතිචාරය බලා ගන්න ඕනෙනම් කෙටි කාල පරාස ema මගින් මේ දේ කර ගන්න පුළුවන්. කෙටි ema කියල කිවේ EMA(5) වගේ. මේ වගේ දේක වාසිය වෙන්නේ Trend එක අපට කලින්ම හදුනා ගෙන ඒ trend එකට enter වෙලා විශාල pips ගානක් profit එක විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මුලින්ම trend එකට enter උන නිසා ඒ trend එක අවසානය දක්වාම රැදී සිටීමේ ඉඩත් වැඩියි. නැවතත් අපේ profit එකේ වැඩිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඉතින් ema හොදයි වගේ නේද :)

එහෙනම් අනිත් පැත්ත අහ ගන්නකො. මේ ema එක consolidation periods වලදී අපට බොහෝ විට වැරදි ඉගි ලබා දෙන්න පුළුවන්. මලා....... :) 

දැන් ප්‍රශ්නේ consolidation කියන එක නේද ? මේකට හරියටම ගැලපෙන සිංහල වචනයක් තොර ගන්න බැරිඋනා. consolidation කියල අදහස් වෙන්නේ ඔයාල market එක නිරීක්ෂණය කරන කොට දැකල තියෙනවද වේගයෙන් price එක ඉහල හා පහල අගයන් කරා නිරන්තරයෙන් ගමන් කරනවා. මේක බොහෝ විට වෙන්නේ Forex News නිකුත් වෙන කොට. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. මේක market එකේ Ranging කියන pattern එක ලෙස වරදවා වටහා ගන්න එපා.


ඊළගට අපි SMA ගැන බලමු. මේකෙදි වෙන්නේ අපි ඉහත කතා කර දේට සපුරාම විරුද්ද සිදුවීමක්. මේකෙදි moving average එක price action එකට දක්වන්නේ තරමක් උදාසීන ප්‍රමාද ප්‍රතිචාරයක්. මේ sma යොදා ගන්නවානම් දිගු කාල සදහා sma(14+) වැනි බවිත කිරීම මගින් මුළු trend එක පිළිබදවම ඔයාලට පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. 

මේ මගින් වෙන වාසියක් තමයි ඉහත ema වෙන අවාසිය හා වැරදි trend වලට enter වෙන්න තියෙන ඉඩ අවම වෙන එක.

අනිත් අතට අවාසිය තමයි ema මගින් වෙන වාසිය අහිමි වෙන එක. ඒ  කියන්නේ සුපිරි profit ගන්න පුළුවන් trend අපට මුලින්ම හදුනා ගන්න තියෙන ඉඩ අවම වීම වගේ.

හ්ම්ම්... එහෙනම් අපි මුලික වෙනස්කම් ගැන ඉගෙන ගත්ත නේද ? දැන් ඔයාලට එන ප්‍රශ්නයක් තමයි

මොකක්ද හොදම දේ ?

 ema ද ? sma ද ?

දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි. ඒ වගේම ලේසිම පිළිතුරත්,  මම දන්නේ නැ.

මාරයි නේද ? හරියට මුකුත් කිවේ නැ වගේ.

ඇත්තටම මෙහෙමයි. ඇත්තම ඇත්ත පිළිතුර තමයි ඉහත දක්වල තියෙන්නේ. මේ දේ trader ගේ හැසිරීම  ( behaviour ) මත වෙනස් වෙනවා. බොහෝ trader ල වෙනස් වෙනස් ema හා sma අගයන් බවිත කරනවා. හුගක් අය මේ moving average දෙකම එක අවස්ථාවේ බාවිතා කරනවා. sma මගින් trade එකේ සම්පුර්ණ ගමන් දිශාවත්, ema මගින් trade entry අවස්ථාත් හදුනා ගැනීම සදහා.

ඔයාලගේ දැනුම තවත් මුහුකුරා ගිය දවසකට,  Forex වල Expert උන දවසක අපට මේ ගැන කරන්න හුගාක් තර්ක විතර්ක තියෙයි.


Friday, April 25, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 4

                                             සාර්ථක PAT කෙනෙකු වීමට - 4

අද අපි සාර්ථක Price Action trader කෙනෙකු වීමට අවශ්‍ය තවත් ඉගි දෙකක් ලබා දෙනවා. ඒ වගේම අද පල වෙන්නේ අවසාන ලිපිය. නමුත් ඉදිරියේදී විවිද මාර්තෘකා ඔස්සේ අපි කතා කරමු.

9. ක්‍රමානුකුල නැගීම් හා බැසිම්  (Consecutive up days and consecutive down days)

price action එකේ ක්‍රමානුකුල නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු price action එක අනිවාර්යෙන්ම ඊට විරුද්ද දිශාවට ගමන් කරනවා. මෙය අදාල වෙන්නේ D1 හෝ ඊට ඉහල කාළ රාමු සදහා පමණයි. පහත රුපය බලන්න. එක නිසා නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු ඔයාල trade එකක් යොදනවානම් ඒ ගැන සැලකිලිමත් වෙන එක හුගක් හොදයි.




10. price action එකේ වෙනස් වීම මුලින්ම හදුනා ගන්න

ඒ කියන්නේ පහත රුපයේ ලකුණු කරලා තියෙන ස්ථාන වලදීම අපට මේ වෙනස ග්‍රහණය කර ගන්න තිබුනානම් අපිට ලොකු porfit එකක් ගන්න තිබුන නේද. බොහෝ විට ආරම්බයේදීම තමයි ලොකු price වෙනසක් වෙන්නේ. පහල රුපය බැලුවම ඔයාලට එක අවබෝද වෙයි.



ඉතින් අපි මේ ලිපි හතර ඔස්සේ සාර්ථක කෙනෙකු වෙන්නේ කොහොමද කියල කතා කර. ඔයාලට යම් අවබෝදයක් ලැබෙන්න ඇති කියල හිතනවා.  සාමන්යෙන් ඕනෙම දෙයක් කියනවා වගේ නෙමේ කරන්න ගියාම. එක නිසා බොහොම පරිස්සමින් මේ ක්‍රම අද්ද්යනය කරන්න. ඊට පස්සේ මේ ක්‍රම ප්‍රයෝගිකව යොදා ගන්න. මුලින් Demo account එකක කරනවානම් හොදයි. කොහොම මොනවා කලත් අපි මුලින් ලිපි වල කතා කලා Money Management ක්‍රම අනුගමනය කරන්න මතක් තබා ගන්න.

ඔයාලට මේ ලිපි පරිශීලනය කිරීමේදී ගැටළු මතු වෙනවනම් අහන්න.

Thursday, April 24, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 3


                                                 සාර්ථක PAT කෙනෙකු වීමට - 3

මෙහි මුල් කොටස් දෙක සදහා පසුගිය ලිපි බලන්න. අද අපි තුන්වන කොටස ඉදිරිපත් කරනවා.

7. price හිඩැස් ප්‍රයෝගය

පහත පින්තුරයේ කහ පාටින් සලකුණු කරලා තියෙන candle stick දිහා හොදින් බලන්න. මොනවද ඔයාලට හිතෙන්නේ. price එක පහල යයි කියල නේද ? ඒ උනත් වෙලා තියෙන්නේ පෙර තිබුනටත් වඩා වැඩියෙන් price එක ඉහල ගියපු එක නේද ? මෙන්න මේක price හිඩැස් ප්‍රයෝගය එහෙම නැත්නම් .. කියල හදුන්වනවා. කොහොමද අපි මේක හදුනා ගන්නේ ?

දිනය ආරම්බයේදී price එක පහල යනවා. නමුත් දිනය අවසානයේදී price එක දිනය ආරම්බයේදී තිබුනටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යනවා. දැන් පැහැදිලි නේද හදුනාගන්න විදිය.

කව්රුහරි මේ පහල යාම දැකල sell එකක් දැම්මොත් ඉතින් මොකද වෙන්නේ ? අන්න එක නිසා තමයි මේක යම් ප්‍රයෝගයක් විදියට හදුන්වන්නේ.



8. ගලා යාම මනින්න

මොකක්ද මේ කියන්නේ ? සාමාන්‍යයෙන් ගත්තොත් price action කියල කියන්නේ price එක ඉහල පහළ යාම් වලට කියල දන්නවනේ. පහත රුපයේ අපි price එකේ ගලා යාම මැනල තියෙනවා. හොදින් බලන්න.


price එක ඉහලට pips 234 ක් ඉහල ගිහින් කියල පේනවා නේද ? ඒ වගේම පහලට pips 115 ක් පමණ ගිහින් තියෙන බව ඔයාලටම බල ගන්න පුළුවන්.

මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ ? පෙර price එක ගලායාම pips 234 යි. price එක පහල යාම pips 115 යි. ඒ කියන්නේ ඉහල නැගිමෙන් බාගයක් ( 234/2 = 117 ) පහල ගිහින් නැවතිලා තියෙනවා. මේකේ අදහස තමයි නැවත ඉතා ඉක්මනින්ම price එක ඉහල යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.  ඒ වගේම ඒ ඉහල යාම පෙර නැගිමටට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ pips 234 ට  වඩා ඉහල යනවා. පැහැදිලි නේද ?

ඇති වගේ නේද ? තව ටිකක් තියෙනවා පුළුවන් උන ගමන් පල කරනවා.