Sunday, October 11, 2015

සියලුම trader වෙත

සියලුම trader වෙත සතුටින් දැන්වීමට කැමෙත්තෙමු.


මෙතෙක් කලක් ප්‍රමාද වී තිබු ලිපි පෙළ නැවත ඇරැබිමට තීරණය කරා. ඒ වගේම ඉදිරියේ පලවන ලිපි සියල්ලම සාමාජිකයන්ට පමණක් වෙන් කිරීමට තීරණය කරා හේතු කිහිපයක් මත.

සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය

1. ඔබ මා විසින් ලබා දුන් referrer එක මගින් ලියාපදිංචි අයෙක් නම් ඔබගේ nordfx ගිණුම් අංකය මා වෙත යොමු කරන්න. ඔබ අවම වශයෙන් මසකට lot 1 ක ප්‍රමාණයක් trade කල යුතුය.

2. ඔබ වෙනත් සමාගමක් සමග නම් ඔබ මේ ලිපි බාවිත කිරීම සදහා මසකට $ 5 ක මුදලක් ගෙවිය යුතුය. අවම මාස 9 ක් සදහා ලියාපදිංචි විය යුතුය. වැඩි විස්තර දන ගැනීම සදහා ඔබගේ email ලිපිනය එවන්න.

3. වර්ෂයක් සදහා නම් $ 55 ක් පමණ වේ.


මසක් සදහා අවම වශයෙන් ලිපි 5 ක ප්‍රමාණයක් ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.

ලිපි 60 කට අදික ප්‍රමානයක් ඔබට පෙර මෙන් නොමිලේ පරිශීලනය කල හැක.


Question & Answers

1. මේ සදහා මුදලක් අය කරන්නේ ඇයි ?

2013 වසරේ ඇරබි මෙම වෙබ් අඩවිය දැනට ලිපි 60 කට අසන්න ප්‍රමානයක් පල කර ඇත. ඒ සියලු ලිපි ඔබට පෙර මෙන්ම ඉදිරියටත් නොමිලේ පරිශීලනය කල හැක. නමුත් මෙම ලිපියක් ඔබ වෙත ලබා දීම සදහා මා හට පැය 2 -4 ත් අතර කාලයක් වැයවේ. ඉදිරි කාලයේ මා පුර්ණ කාලිනවම මේ සදහා සහබාගී වීමට අදහස් කරන බැවින් මගේ කාලය සදහා යම් මුදලක් අය කිරීම සාදාරන තීරණයකි.

2. Forex signal  ලබා දෙනවාද ?

දැනට ඒ සදහා තීරණයක් ගෙන නොමැති අතර, එසේ තීරණය උවහොත් ඒ සදහා වෙනම ලියාපදිංචි වීමේ ක්‍රම වේදයක් හදුන්වා දීමට අදහස් කරයි. කෙසේ උවද Forex signal පිලිබදව මා පෙර ලිපියක විස්තර කර ඇත. Forex signal ( මොනයම් හෝ ආයතනයකින් ) බලාපොරොත්තු වීමට ප්‍රථම ඒ ලිපිය නැවත වරක් කියවා බලන ලෙස යෝජනා කරනු ලැබේ.

3. මේ සදහා මුදල් ගෙවා ලියාපදිංචි විය යුතුමද ?

නැත. කරුණාකර සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය 1 කියවන්න.



ඉදිරියේදීත් ඔබ විසින් ඉදිරිපත් කරන පොදු  ප්‍රශ්නවලට මෙහිදී පිළිතුරු ලබා දෙනු ඇත.


Friday, March 20, 2015

කාලෙකින්.........



කාලෙකින් ලිපියක් පල කරන්න බැරි උනේ තිබුණු කාර්ය බහුලත්වය නිසා. පෙර එක ලිපියක කිව වගේ මතකයි අවම වශයෙන් මසකට ලිපි 6 ක් වත් පල කරනවා කියල. එත් එක කරන්න උනේ නැහැ. සමාවන්න යහලුවනේ.

ඇත්තටම මටත් trade වල යෙදෙන්න උනේ නැහැ. යෙදුනු නොයෙකුත් වැඩ නිසා. ඉතින් මට කියන්න ඕන උනේ නැවතත් ඉක්මනින්ම ලිපි පල කරන්න පටන් ගන්නවා.

ඔයාලට trade කර ගෙන යාමේදී අපු ගැටළු තියෙනවනම් යොමු කරන්න. පිළිතුරු ලබා දෙන්න සුදානම්.


තව පොඩි දෙයක්. මෙන්න මේ ac no එක ඔයාගෙනම් මට message එකක් එවන්න.

980010

Friday, January 16, 2015

ඔබේ අවදානයට


දැනට අපි ලිපි 60 කට අසන්න ප්‍රමාණයක් පල කරලා තියෙනවා. ඉදිරියේදී යම් වෙනසක් කරන්න අදහසක් තියෙනවා. එක නිසා මට මේ බ්ලොග් එක බලන අයගේ විස්තර ටිකක් එකතු කර ගන්න අවශ්‍යයි. ඒ අනුව එයාලගේ email වලට ලිපි mail කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එක හේතුවක් තමයි මේ ලිපි අනවසරයෙන් උපුටා පල කිරීම.

ඔයාල තව දුරටත් මේ ගැන උනන්දු වෙනවනම් පහත විස්තර සදහන් කරලා බ්ලොග් එක හරහා msg කරන්න.


Name or Nick name :

email :

Did you have forex account ?

Broker Name :

Real ac or Demo ac :

City & country :

any suggestion about blog ?



Thanks.

Tuesday, January 13, 2015

Relative Strength Index

Relative Strength Index



මුලින්ම සුභ Forex වර්ෂයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව පාලනයක් තමයි උදා වෙලා තියෙන්නේ. හුගක් වෙලාවට ආර්ථිකය පැත්තෙන් ගත්තොත් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල හිතෙනවා. විදේශ විනිමය සම්බන්දයෙන් උනත් වෙනසක් බලාපොරොත්තු වෙන්නව පුළුවන්.

අද අපි කතා කරන්න යන්නේ හුගක් ප්‍රසිද්ද tool එකක් ගැන. මොකක්ද මේ rsi (Relative Strength Index) කියල හදුන්වන්නේ. මේ tool එකේ අගයන් 0 සිට 100 දක්වා තියෙන බව ඔයාලට බලා ගන්න පුළුවන්. RSI අගය 30 ට අඩුනම් market එක oversold තත්වයේ තියෙනවා. ඒ වගේම RSI අගය 70 ට වැඩිනම් market එක overbought තත්වයේ තියෙනවා කියල අදහස් කරනවා.


ඉහත දක්වල තියෙන්නේ oversold අවස්ථාවක්. මොකක්ද මේ oversold & overbought කියල අදහස් කරන්නේ ?

අපි එකක් ගැන විස්තර කරමු. oversold කියල කියන්නේ, market එක sell ප්‍රමාණය ඉක්මවල ගිහිල්ල කියන එක. ඒ කියන්නේ තව දුරටත් market එක down වෙන්න තියෙන ඉඩ අවම මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අපි sell order එකකට යන එක අවදානම් වැඩක්.

ඊළගට overbought වෙන්නේ සම්පුර්ණයෙන්ම විරුද්ද දේ. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැ නේද ?

ඉතින් මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න ඕනේ ? oversold ගිය අවස්ථවක buy order දාන එක හොදයි කියල සමහරවිට ඔයාල හිතන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම් අනුවනම් මම එක අනුමත කරන්නේ නැහැ. ඒ උනත් scalper traders වල යෙදෙන අයට මේ ක්‍රමය වැසි දායක වෙන්න පුළුවන්.

trend එකක් හදුනා ගන්න RSI අගය යොදා ගන්නේ කොහොමද ?

ඔයාල buy order එකක් දාන්න හදනවනම් බලන්න rsi අගය දිහා, ඒ අගය 50 න් ඉහල ( සාමාන්‍යයෙන් 65 න් පහල ) තියෙනවනම් buy order එකකට යොමු වෙන්න පුළුවන්.

sell order නම් rsi අගය 50 න් පහල ( 40 න් ඉහල වගේ ) තියෙනවනම් sell order වලට යොමු වෙන්න පුළුවන්.

මේක සරල tool එකක් උනාට අපට හුගක් වැදගත් වෙනවා. මම අනිවාර්යෙන්ම බාවිතා කරන එකක්.