Friday, February 15, 2013

Currency Pairs හදුනා ගනිමු.


Lesson – 03
03. Currency Pairs

Currency Pair එකක් කියන්නේ මුදල් ඒකක දෙකක එකතුවකට කියලා දැන් ඔයාල තේරුම් අරන් ඇති කියලා හිතනවා. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. ඒ වගේම මෙතැනින් එහාට ශ්‍රී ලංකා රුපියල් ගැන කතා කරන්නේ නැහැ. හේතුව Forex Market එකේදි LKR භාවිතා නොවීම.

Currency Pair ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදන්න පුළුවන්.

01 Major Currency pairs

02.  Minor Currency pairs

03. Exotic Currency pairs

01 Major Currency pairs ගැන බලමු

Major Currency pairs කියලා කියන්නේ එම Currency pairs මුලට හෝ අගට ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ වෙලා තියෙන ඒවා. ඒ වාගේම USD තමයි Forex Market ‍එකේ වැඩියෙන්ම ඉල්ලුමක් (Demand) ඇති මුදල් වර්ගය. අන්න ඒක නිසා තමයි මේවාට Major Currency pairs කියලා හඳුන්වන්නේ. පහත වගුව බලන්න.

pair
Related County
EUR/USD
European Union / United states of America ( USA )
USD/JPY
USA / Japan
GBP/USD
United Kingdom / USA
USD/CHF
USA / Swiss
USD/CAD
USA / Canada
AUD/USD
Australia / USA
NZD/USD
New Zealand / USA












පහත ප්‍රස්ථාරය බැලුවොත් USD වලට තියෙන ඉල්ලුම ගැන පැහැදිලි අදහස් ඇති කර ගන්න පුළුවන් වෙයි.
(Copyright by http://www.babypips.com )


         
02. Minor Currency pairs

Minor Currency pairs යනුවෙන් හඳුවන්නේ ඇමරිකන් ඩොලර් USD සම්බන්ධ නැති ඒවට. Minor Currency pairs කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.

Euro Crosses

pair
Related County
EUR/GBP
European Union/  United Kingdom
EUR/CHF
European Union / Swiss
EUR/NZD
European Union / New Zealand
EUR/AUD
European Union / Australia
EUR/CAD
European Union / Canada

Yen Crosses

Pair
Related Country
CHF/JPY
Swiss / Japan
EUR/JPY
European Union / Japan
GBP/JPY
United Kingdom / Japan
AUD/JPY
Australia / Japan
CAD/JPY
Canada / Japan
NZD/JPY
New Zealand /  Japan











Pound Crosses

Pair
Related Country
GBP/CHF
United Kingdom Swiss
GBP/CAD
United Kingdom / Canada
GBP/NZD
United Kingdom / New Zealand
GBP/CHF
United Kingdom Swiss
GBP/AUD
United Kingdom / Australia








Other Crosses

Pair
Related Country
AUD/CHF
Australia / Swiss
AUD/CAD
Australia / Canada
AUD/NZD
Australia / New Zealand
CAD/CHF
Canada / Swiss
NZD/CHF
New Zealand / Swiss








03Exotic Currency pairs

Exotic pairs කියන්නේ Major Currency නොවෙන Currency වලින් හැදුණු Currency pairs.

Pair
Related Country
USD/HKD
United States / Hong Kong
USD/SGD
United States / Singapore
USD/ZAR
United States / South Africa
USD/MXN
United States / Mexico
USD/DKK
United States / Denmark




අපි ආධුනිකයන් වශයෙන් තෝරා ගන්න ඕනෙ Major Currency pairs එකක් විතරයි.ලෝක වෙළඳපොළ ඉතා ඉහල උච්චාවචනයක් තියෙන Currency pairs එක තමයි EUR/USD කියන්නේ. මේ නිසා ඉදිරියේදී Forex Market එකේ කරන ගනුදෙනු වලට මේ Currency pairs එක විතරක් තෝරා ගන්න මතක තබා ගන්න.අපි මේ වෙළඳපොළේ ප්‍රමාණවත් අත්දැකිම් ලැබුවට පස්සේ අපි අනිත් Currency pairs ගැන බලමු.

          ඉතින් Forex Currency pairs ගැන දැන් ඔයාලට ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ ඇතැයි සිතනවා. මොනව හරි ගැටළු සහගත තැනක් තිබුණොත් අහන්න.


Forex Market - හඳුනා ගනිමු - 2


Lesson - 02
02.Forex Market -- 2

මේ වෙනකොට ඔයාල තේරුම් අරන් ඇති Forex කිරීම තුලින් (යම් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් මගින් මිලදි ගෙන අපි ගත්ත මුදල් ඒකකයේ වටිනාකම ඉහල ගිය පසු විකිණිම) ලාභයක් ලබා ගත හැකි බව.

නමුන් කොහොමද? මුදල් වර්ග මිලදි ගන්න බැංකුවට යන්න ඕනෙද?  නැහැ අද ලෝකයේ දියුණුව සමඟ අන්තර්ජාලය ඔස්සේ මේ සියලු කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් ඒකක ගන්න විකුණන්න වාගේ හැම දෙයක්ම. මේ සියලුම මූල්‍ය කටයුතු අන්තර්ජාලය ඔස්සේ මෙහෙය වන්න පුළුවන් විදියට සකස් කරලා ඉවරයි. මෙයට ලෝකයේ සියුලම බැංකු, මූල්‍ය ආයතන සම්බද්ධ වෙලා ඉන්නේ.

දැන් පැහැදිලි වෙන්න ඕන දෙයක් තමයි ඔයාලට අන්තර්ජාල සබඳතාවයන් අවශ්‍ය බව.  ඒ වගේම ඔයාලට මේක පූර්ණ කාලීන හා අර්ධ කාලීන ලෙස වූවත් කරන්න පුළුවන්. මේකෙ තියන ප්‍රධාන වාසියක් තමයි ඒක. ඔයාගෙ කරගෙන යන රැකියාවට බාධාවක් වෙන්නේ නැහැ.

ඔය මතක් කරේ සාමාන්‍ය කරණු ටිකක් අපි පාඩ‍මේ 2 කොටසට යමු.

අපි පළමුවැනි පාඩමේදී උදාහරණ විදියට අරගෙන කළ ගනුදෙනුවේදී සම්බන්ධ වුනේ ශ්‍රී ලංකා රුපියල් හා යුරෝ  (LKR/EUR) කියලා මතකනේ.

ඒත් ඔයාල දන්නවද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියන මුදල් වර්ග මොනවද කියලා. ඒවා තමයි ඇමරිකන් ඩොලර්, යුරෝ, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විටි ෆ්‍රෑන්ක්, කැනෙඩියන්  ඩොලර් , ඔස්ට්‍රේලියා ඩොලර්, නිව්සිලන්තය ඩොලර්, වගේ ඒවාට ඉතාම ඉහල ඉල්ලුමක් තියනවා.
මෙය වචන විස්තර ලෙස පහත වගුවෙන් බලා ගන්න.


රටේ නම්
මුදල් වර්ගය
 Forex සංකේතය
කෙටි නම
USA
Dollar
USD
Buck
Britain
Pound
GBP
Cable
Europe
Euro
EUR
Fiber
Japan
Yen
JPY
Yen
Swiss
Franc
CHF
Swissy
Canada
Dollar
CAD
Loonie
Australia
Dollar
AVD
Aussie
New Zealand
Dollar
NZD
Kiwi


එතකොට දැන් ඔයාල බලයි මෙයට ශ්‍රී ලංකා රුපියල් නෑ නේද කියලා. ඇත්තටම මේ Forex Market එකට ශ්‍රී ලංකා රුපියල් ඇතුළු  වෙන්නෙ නැ. ‍හේතුව තමයි ශ්‍රී ලංකා රුපියල් ( LKR)  වලට ලෝකයේ ඉල්ලුමක් නැති වීම.

            ඉහත වගුව දිහා අවධානයෙන් බැලුවොත් ඔයාලට පෙනෙවි Forex සංකේතය කියල තියන තිරුව,  ඒ තිරුවේ තියෙන සංකේත මතක තියා ගැනීම ඉතාම වැදගත්. ඔයාලට Forex Market එකේදි දකින්ට ලැබෙන මුදල් සංකේත තමයි ඒවා. කෙටි නම කියන තිරුවේ තියන දේවල් ඔයාලට Forex News බලන කොට හසුවෙයි. ( Forex News ගැන වෙනම පාඩමක් ඉදිරියේදී ) කොහෙම වුවත් ඔබට හොඳ Forex Trader කෙනෙක් වෙන්න ඕනෙ නම් මේ සියලුම සංකේත මතක තබා ගැනීම වැදගත්.

            අපි පෙර පාඩමේදී ඉගෙන ගත්තා මතක ඇති නිතරම මෙවැනි ගනුදෙනුවකට  මුදල් වර්ග දෙකක් සහභාගි වෙනවා කියලා. අපි එතනදි කරේ ශ්‍රී ලංකා රුපියල් යුරෝ බවට පත් කළ එක හා නැවත හරවපු එක නේද? ඒක සංකේත ඇසුරින් ලියුවොත්  (LKR/EUR), මෙන්න මේ වගේ එකකට අපි කියනවා Pair එකක් කියල. හරියටම කිවොත් Currency Pair එකක්. Forex Trade එකක් කරන්නනම් අනිවාර්යෙන්ම Currency Pair එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුදල් වර්ග දෙකක්.

මේ ටික ඔයාලට පැහැදිලි නේද? අපි ඊළඟ පාඩමෙන් Currency Pair ගැන කතා කරමු. මේ දක්වා ඔයාලට ගැටළු මතුවන තැනක් තියෙනවා නම් අහන්න.