Tuesday, March 19, 2013

Meta Trader 4 installation


Lesson – 10

10- Meta Trader 4 installation
පසුගිය පාඩමේදී ඔයාල සාර්ථකව Account එකක් හදා ගත්ත මතකයි නේද? දැන් අපට අවශ්‍ය වෙනවා Forex Trading කරන්න සුදුසු මෘදුකාංගයක් ( Software ) එකක් පරිගනකයට install කර ගන්න. මේ Software එක  Download කර ගන්න පුළුවන් අපි Account එක හදපු Brokers Company එකෙන් Web Site එකෙන්. මේ සඳහා පළමුවෙන්ම www.nordfx.com වෙත පිවිසෙන්න. එහි Home Page එක පහත ආකාරයට දිස්වෙනු ඇත. මෙම Home Pageඑක සමහර විට ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ ඇත.

9.1 nordfx Home page
එහි Account No හා Password එක නිවැරදිව Type කර ඔබගේ ගිණුමට Log වෙන්න. පහත රූපයේ පරිදි Window එකක් ලැබෙනු ඇත.
Download platform

පසුව රූපයේ රූපාධින් පෙන්වා ඇති Download platform මත Click කර ඊළඟ Window මතට පිවිසෙන්න. පහත රූපයේ දක්වා ඇත.
Download page
එහි අපි Download කර ගැනීමට අවශ්‍ය වෙන්නේ Meta Trader 4 Software එක නිසා මුලින්ම දක්වා ඇති Download Meta Trader 4 මත Click කර එය Download කර ගන්න.

01.ඔබේ පරිගණකයට Download වූ තැනින් එම Setup File එක සොයා (Nordgroupinv4setup.ene) Run කරන්න. (Double Click)

02. 10.5 ආකාරයේ Window එකක් ලැබෙන අතර එය Next කරන්න.


10.5 Install - step 01


03.පහත Window පරිදි License agreement එක Accept කර Next කරන්න.
10.5 Install Agreement - step 02




04. පහත Window පරිදි Next කරන්න. වෙනස් කිරීමක් අවශ්‍ය නැත.


10.5 Install - step 03

05.පසුව පහත ආකාරයෙන් ඔබේ පරිගණකයට MT-4 Software එක Download වී install වනු ඇත.  වේගවත් අන්තර්ජාල සබඳතාවක් තිබීම මගින් මෙය ඉක්මනින් install කර ගත හැකි වනු ඇත. අවසානයේ Finish Click කර Software installation එක සම්පුර්ණ කර ගන්න.

10.5 Install - step 04
දැන් ඔබ සාර්ථකව Meta Trader 4 ඔබේ පරිගණකයට install කර ඇත.

දැන් ඔබගේ පරිගණකයේ Desktopඑක මත Meta Trader NordFX Short Cut එකේ දැක ගත හැක. එය Double Click කර Software එක Open කර ගන්න. පහත රූපය 



අපි දැනටමත් Account එකක් සදාගෙන ඇති නිසා මෙය Cancel කරන්න. පසුව log වීම සදහා  Window එකක් ලැබෙනු ඇති. එසේ නැතහොත් File ---->  log වෙත ගොස් එම Window එක Open කරගෙන ඔබගේ Account  No හා Password එක ලබා දී log වෙන්න. Log වීමේදි Server සඳහා -  Demo ලබා දෙන්න.ඊළඟ ලිපියේ මෙම Meta Trader 4 Software එක පිළිබඳව කථා කරමු.

 මේ දක්වා ගැටළු තිබෙනවා නම් අහන්න.

Saturday, March 2, 2013

Demo Account එකක් විවෘත කර ගනිමු.


Lesson – 09 

09- Demo Account එකක් විවෘත කර ගනිමු.

                        Forex Trade කරන්න Forex Brokers Company එකක Account එකක විවෘත කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අපි Nordfx අඩවිය තෝරා ගන්නවා. හේතුව එම Brokers Company ඒක විශ්වාසවන්ත හා පාරිභෝගිකයන්ට මනා සේවයක් සපයන ආයතනයක් වීම . මම වැඩ කරන්නේත් ‍ඒ ආයතනත් එක්ක.

1.   මුලින්ම http://nordfx.com/?id=632345 වෙබ් අඩවියට පිවිසෙන්න.

පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.


මෙහි Open an account යන්න click කරන්න. පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.



Account Type එක Micro USD විදියට තියන්න.

Leverage එක 1:200 විදියට සකස් කරන්න.

Leverage එක මතකයි නේද? අපි Leverage එක විදියට තෝරා ගන්නේ 1:200

First and last Name  - ඔයාගේ සත්‍ය නම ලබා දෙන්න. Passport එකේ හෝ Driving license  එකේ තියෙන විදියට නැතිනම් ජාතික හැඳුනම්පතේ තියෙන විදයට.

E-mail - ඔබගේ ක්‍රියාත්මක ඊමේල් ලිපිනය. Gmail නම් වඩාත් හොදා

Country      -        Sri lanka

City               -           ඔබේ නගරය

Zip Code  එක           -           තැපැල් සංකේත අංකය - දන්නේ නැත්නම් 
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මේ Site  එකට ගිහින් හොයා ගන්න.

Address –    ඔයාට දැනට ලියුම් ලැබෙන ලිපිනය. මේ ලිපිනය  Phone bill,  Bank Statement   ආදිය ලැබෙන ලිපිනයක් යොදන්න.

Phone  -        ඔබගේ දුරකථන අංකය. ලංකාවේ සිට ගිනුම් අරඹනවා නම් මුලට +94 ලෙස යොදන්න.

Would you like to contact you?  -  එක  Broker Company එකෙන් ඔබට ඇමතීමට කැමති නම් Select කරන්න.

Generate password automatically -   එලෙස තබන්න. ශක්තිමත් password  එකක්   System ‍එකෙන්ම නිර්මාණය කරල දේවි.

ඊළඟට I have read ----- Select  කර ඔබගේ Application එම Submit කරන්න.

ඊට පසු පහත ආකරයේ එකක් ලැබෙනු ඇති.



එහි ඇති සියලුම තොරතුරු පිටපත් කර ගන්න. මෙය අනිවරියෙන්ම සිදු කරන්න. Screen shot එකක් අරන් තියා ගන්න. දන්නේ නැත්නම් පහත link එකෙන් බලාගන්න. http://www.take-a-screenshot.org/

දැන් ඔයාල ගිණුම හදල ඉවරයි. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න. ඊලග පාඩමෙන් හමුවෙමු.

ඉතින් ඊට පස්සේ


Lesson – 08

08 - ඉතින් ඊට පස්සේ

                 Forex Market එක හා එය ක්‍රියාත්මක වෙන ආකාරය හා ලාභ ලබන ආකාරය පිළිබඳව පසුගිය පාඩම් 7 ඔස්සේ ඔයාලට යම් දැනුමක් ලබා දෙන්න උත්සාහ කළා.  අපි මේ තාක් දුරට ඉගෙන ගත් කරුණු අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා. එහෙම අවබෝද නොවුනු කවුරු හරි ඉන්නවානම් මින් ඉදිරියට යන්න එපා. පසුගිය පාඩම් නැවත අධ්‍යනය කරල ඇතිවුනු ගැටළු ඉදිරිපත් කරන්න.

අද ඉඳන් පටන් ගන්න පාඩම් මාලාව ප්‍රායෝගික කොටස ඉලක්ක කරගෙන තමයි යන්නේ.

ඇයි Forex Market එක අනිත් Business වලින් වෙනස් වෙන්නේ? අපි ප්‍රායෝගික උදාහරණ ගමු. හිතන්නකෝ ඔයාට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන වුනා කියලා. ඒ වගේම ඔයාගේ යාළුවාට Forex Trading කරන්න ඕන වුනා කියලා. අපි මේ කරණා දෙකම ඇතුලත් කරලා වගුවක් නිර්මාණය කරලා බලමු.

සිල්ලර කඩේ
     Forex Trade
1.ඉඩමක් ගැනීමට අවශ්‍යය
1.මුදල් අවශ්‍යයි. ( $ 100 වැනි සුළු මුදලකින් ඇරඹිය හැක)
2. ගොඩනැගිල්ලක් සෑදීමට අවශ්‍යය
2.පරිගණකයක් අවශ්‍යයි.(නවීන Mobile Phone වුවද දැන් මේ සඳහා භාවිතා කළ හැක)
3. විදුලිය ගැනීමට අවශ්‍යය
3. අන්නර්ජාල සබඳතාවයන් අවශ්‍යයි.
4. ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අවශ්‍යය
4. දුරකථාන පහසුකම් අවශ්‍යයි.
5. කඩයට බඩු ගැනීමට අවශ්‍යය
5. Forex Trading පිළිබඳව දැනුම අවශ්‍යයි.
6. ණය පහසුකම් ලබා දීම අවශ්‍යය (සමහර විට)

7. දුන් ණය අයකර ගැනීම අවශ්‍යය

8. බදු ගෙවීමට අවශ්‍යය (ව්‍යාපාර දියුණු විමේදී)

9. සේවක පඩි ගෙවිම අවශ්‍යය

10. තරඟකාරි ලෙස ව්‍යාපාරය මෙහෙය වීම අවශ්‍යය

11. ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් අවශ්‍යය

12. සිල්ලර (එළවළු) වැනි දේවල් නරක් වී යා හැක.

13. ස්වභාවික විපත් සිදුවීමේ අවදානමක් පවති.

14. සොර සතුරැ කරදර ඇති විය හැක.

15. ඉහත 13-14 සඳහා රක්ෂණය කළ හොත් රක්ෂණ ගාස්තු ගෙවීම අවශ්‍යය

16. ප්‍රදේශයේ සමාජීය කටයුතු වලට මුදල් යෙදීම අවශ්‍යය (පරිත්‍යාග)


දැන් පැහැදිලි නේද? Forex Trading පටන් ගන්න එක අනිත් ව්‍යාපාර වලට සාපේක්ෂව කොච්චර ලේසි ද කියලා.

Forex Trading වල තියෙන ප්‍රධානම වාසිය කියන්න බැරි වුනානේ. ඔයාලට අනිත් ව්‍යාපාර කරන කොට ඔයාල ළඟ තියෙන මුදල් වියදම් නොකර ඒ ව්‍යාපාර සාර්ථක අසාර්ථක වෙනවද කියලා බලන්න ක්‍රමයක් තියෙනව ද? නෑ නේද? හැබැයි Forex Trading වල ‍නම් තියෙනවා. ඔයාලට මුදල් වියදම් නොකර Forex Trading කරන්න පුළුවන්. ඒ සඳහා Demo Account කියලා ගිනුම් විශේෂයක් Forex Brokers Company විසින් හඳුන්වල දීල තියෙනවා. මේ මගින් ඔයාල ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකවම කරල බලන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඔයාල ගැනම තිර්ණයකට එන්න. කිසිම මුදලක් වියදම් නොකර පැහැදිලි නේද? Forex Trading වලට දාන්න මුදල් යොදවන්නේ නැතිව මේ Demo Account එකකින් පටන් ගන්න එක ඉතාම හොදයි. අඩුම ගානේ සති 3ක් වත් මේ Demo Account එකේ පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතිව කවුරුවත් ඇත්ත මුදල් මේකට යොදවන්න එපා. හේතුව මේ පාඩම් මාලාවේ අරමුණ ඔයාල ලාභ ලබන විදියට මෙහෙය වීම මිසක් පාඩු ලබන විදිය කියාදීම නොමෙයි.

Demo Account එකේ විවෘත කර ගන්න විදිය ඊළඟ පාඩමේදි කථා කරමු.