Showing posts with label Forex. Show all posts
Showing posts with label Forex. Show all posts

Friday, November 14, 2014

Simple Moving Average

Simple Moving Average  (SMA)


Forex වල තියෙන moving average's ගත්තම තියෙන සරලම එක තමයි මේ.

කොහොමද මේක නිර්මාණය වෙන්නේ. අපි බලමු. ඒ වගේම මතක් කරන්න ඕනේ මේක අපි ගණනය කරලා කරන්න ඕනේ දෙයක් නෙමේ. දැන් තියෙන indicator සියල්ලම වගේ මේ දේ අපි වෙනුවෙන් කරලා දෙනවා. නමුත්....... අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද වෙන්නේ කියල. හේතුව ? ඔයාලත් ඉදිරියේදී යම් යම් indicator නිර්මාණය කර ගන්න, එහෙම නැත්නම් අවබෝදයක් ලබා ගන්න මේ දේවල උවමනා වෙනවා. එක නිසා අපිම ගණනය කරලා බලමු.

MT4 එකේ M30 කාල රාමුව අපි යොදා ගෙන බලමු. ඔයාලත් කැමති කාල රාමුවක් යොදා ගන්න පුළුවන්. M30 කාල රාමු 5 ක (පිළිවලින් පිහිටි) closing price එක එකට එකතු කරන්න. පස්සේ බෙදන්න 5 න්.  අන්න එතකොට ඔයාලට sma(5) කියන moving average අගය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පසුගිය පැය එක හමාර තුල අගය. පහත රුපයේ සුදු ඉරෙන් දක්වල තියෙන්නේ එක තමයි. එතකොට රතු ඉර මගින් sma(13) ක අගයත් නිල් ඉර මගින් sma(80) ක අගයත් දක්වල තියෙනවා.

මෙහිදී මතක තබා ගන්න ඕනේ දෙයක් තමයි පසුගිය දත්ත මත පදනම් වෙලා තමයි මේ කියන දාමය නිර්මාණය වෙන්නේ. පහත රුපය බලන්න.



sma(5) සුදු ඉර දිහා බැලුවොත් ඒ රේඛාව price එකට කොතරම් ලගින් ගමන් කරනවද ? නමුත් නිල් රේඛාව ? හේතුව පැහැදිලි නේද ? නිල් රේඛාව ගණනය කිරීමට අපි පෙර අගයන් 80 ක් යොදා ගන්න කොට සුදු සදහා යොදා ගෙන තිබෙන්නේ 5ක් පමණයි.

ඒ කෙසේ උනත් අපට මේ කියන moving average යොදා ගෙන price action එක ගමන් කරන දිශාව පිලිබදව අවබෝදයක් ලබා ගන්න පුළුවන් කියන එක පැහැදිලි නේද ?

හැබැයි මේ දෙයත් කියන්න ඕනේ, moving average සම්බන්දව. ඔයාල දැනටමත් දන්නවා ඇති forex news නිකුත් උන වෙලාවට market එක අතිශයින්  දිගු up හෝ down ලෙස price එක ගමන් කරනවා කියල. අන්න ඒ වෙලාවට මේ moving average එක ඔයාලට ලබා දෙන ඉගිය සම්පුර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මේ දේ අපි ඉදිරි ලිපියෙන් තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් moving average සමග හමුවෙමු.

ඔයාලට ගැටළු තියෙනම් අහන්න.

Friday, April 25, 2014

what is Pivot points ?

                                                                    what is Pivot points  ?

පසුගිය ලිපි පෙලින් අපි Price Action Trading ගැන කතා කරා. අද අපි indicator එකක් ගැන කතා කරන්න යනවා. බය වෙන්න එපා මේක ඔලුව පිස්සු හැදෙන සංකීර්ණ indicator එකක් එහෙම නෙමෙයි. සංකීර්ණ ගණනය කිරීම් ඇත්තෙම නැහැ. ඒ උනත් මේක හුගක් වටිනා indicator එකක්. ඕනෙම indicator එකකින් කරනවා වගේම මෙකින් කරන්නෙත් යම් කිසි අපොහනයක් ( guess ) කිරීමක්.

මොකක්ද මේ pivot point කියල හදුන්වන්නේ ?  ඔයාල දැනටමත් දන්නවා MT4 එකේ M1, M5, M30.... D1, W1 ...... Time frame කිහිපයක් තිබෙන බව. උදාහරණයක් විදියට ගත්තොත් D1 කාළ රාමුව සැලකුවොත් මෙන්න මේ pivot point එක බාවිතා කරමින් පෙර දිනයට සාපේක්ෂව අද දිනයේ price අගය අපට හොයන්න පුළුවන්. අපි උදාහරණයක් ගනිමු.

2014.04.22 දින EUR/ USD

ඉහත දත්ත ඇසුරු කරලා අපි ගණනය කරමු.

pivot point ( pp ) = ( High + Low + Close ) / 3

pp                     =  ( 1.3824 + 1.3785 + 1.3805) / 3 පැහැදිලි නේද ?

                         =  4.1414 / 3

pivot point        = 1.3804

ඉහත අපි ගණනය කලේ 2014.04.23 දිනට අදාල pivot point එක. මේකෙන් අදහස් වෙන්නේ 04.23 දිනය තුල අවම වශයෙන් මෙන්න මේ 1.3804 කියන අගයට ලගා වෙනවා කියල. දැන් අපි බලමු 04.23 දිනට අදාල chart එක විමසල අපි මේ ගණනය කරපු අගයට ලගා වෙලාද කියල.


ස්ථාන දෙකකදී අපි ගණනය කල අගය ලැබිල තියෙනවා නේද ? කොහොමද වැඩ :)

මතක් තබා ගන්න ඕනේ දෙයක් තමයි මේක 100% හැමදාම වෙන්නේ නැ කියල. නමුත් මේ ක්‍රමය 80% වඩා සාර්ථකයි.

තව ගණනය කරන්න තියනවා. ඒවා ඊළග ලිපියෙන් කතා කරමු.

Tuesday, April 8, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට

සාර්ථක PAT කෙනෙකු වීමට


අපි පසුගිය ලිපියෙන් Price Action Trading (PAT) ගැන මුලික වශයෙන් කතා කරා. Forex Trading කරන  අය අහන සුලබ ප්‍රස්නයක් තමයි Trade හදුනා ගන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නේ අහන්න ලේසි උනාට ඒකට පිළිතුරක් දෙන්න නම් ප්‍රවීන දැනුමක් අප සතුව තිබෙන්න ඕනේ. හේතුව අප ලබා දෙන පිළිතුර මත තමයි අපේ Trade එකේ ලාභ අලාභ තීරණය වෙන්නේ.
ඉතින් හොද Profit උපයන Trader කෙනෙක් වෙන්න Price Action Trading  තෝර ගත්තනම් හෝ උනන්දුවක් දක්වනවානම් ඒ සදහා ඉගි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. මෙහි සදහන් සමහර දේවල් නොත්රෙන්න පුළුවන්. හේතුව තවමත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා නැති නිසා. ඉදිරියේදී අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. සහයෝගී හා ප්‍රතිරෝදී තල හදුනා ගැනීම -- Identify support and resistance levels

මෙය අයත් වෙන්නේ Technical Analysis  මූලදර්මයට. ඒ වගේම එහි මුලිකම සිද්දන්තයක්. මෙන්න මේ Support level හා Resistance level එක නිවැරදිව හදුනා ගැනීම  මගින් අපට Trade එක ගමන කරන දිශාව පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්.  පහත රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන ස්ථාන දිහා අවදානය යොමු කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේ වටහා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එය වටහා ගැනිම මගින් ඔබට අත්වන වාසිය කොපමණද කියා අවබෝද වෙනවා නේද ?

support & resistance level
02. Swing points විශ්ලේෂණය කිරීම

Swing points කියල කියන්නේ යම් කිසි හැරුම් ලක්ෂ වලට. උදාහරණයක් විදියට ගත්තොත් Buy  එකක් ගිහින් Sell එකක් විදියට හැරෙන ස්ථාන වගේම Sell එකක් ගිහින් Buy එකක් විදියට හැරෙන ස්ථාන මේ කියන Swing points ( Pivot point )ආධාරයෙන් හදුනා ගන්න පුළුවන්. මේ ගැන අපි වෙන ලිපියක කතා කරනවා.

03. දිගු  Candle පිලිබදව සැලකිලිමත් වන්න

සාමාන්‍යයෙන් දිගු එකකට පස්සේ එකේ දිශාව වෙනස් වෙනවා. මෙය අනිවාර්ය දෙයක් නොඋනත් වැඩි ඉඩක් පවතිනවා. පහත රුපය බලන්න. ඔයාලට වටහා ගන්න පුළුවන් වෙයි.



04. පටු Candle  හදුනා ගන්න.

බලන්න පහත රුපයේ කහ පාටින් සලකුණු කරලා තියෙන පෙදෙස දිහා. මෙන්න මේ අවස්ථාවේදී Buyers හා Sellers විසින් එක සමාන ප්‍රමාණ වලින් Forex Market  පාලනය කරනු ලබනවා. නමුත් යම් අවස්ථාවක මේ දෙගොල්ලන්ගෙන් එක පිරිසක් ජය ගනු ලබනවා. අන්න ඒ අවස්ථාවේදී දිගු Buy හෝ Sell එකක් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැ මොන පැත්තට මේක වෙනවද කියල. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මතක තබා ගන්න.



අදට ඇති වගේ නේද. තව කොටසක් ඉක්මනින් දානවා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

Wednesday, May 8, 2013

හුග දෙනෙක් නොකියන කතාවක්.


මේ බ්ලොග් පිටුව කියවන ඔයාල තවත් මේ වගේ හුගක් පිටු පරිශීලනය කරන්න ඇති. තවත් අය හුගක් මිල මුදල් වියදම් කර ගෙන කිසිම දෙයක් කියා දෙන්නේ නැති පන්ති වලට ගිහින් ඇන ගන්නත් ඇති. කොහොම වුනත් ඔයාල මුදල් ආයෝජනය කරනවානම් මෙහි අවදානම් ස්වබාවය පිළිබදව කියන්න ඕනේ කියල හිතුන. මේ ලිපිය ඒ වෙනුවෙන්. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න.

අවධානම් ස්වභාවය - Risk disclose


අතිශය අවධානම් ආයෝජනයක් බව

විදේශ විනිමය වෙළඳාම ස්වභාවයෙන්ම අතිශය අවධානම් ආයෝජනයක් වන අතර සමහර විට සියලුම ආයෝජකයන් සඳහා සුදුසු නොවීමට ඉඩ ඇත. එසේ හෙයින් ආයෝජනය කිරීමට ප්‍රථම ආයෝජන පරමාර්ථ, පළපුරුද්ද, අවධානම් දරා ගත හැකි බව පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස යෝජනා කරනු ලැබේ. ඔබ ගන්නා වැරදි තිරණ නිසා ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවක් ඇති අතර එම නිසා කිසි විටෙකත් ඔබට පාඩුව දරා ගත නොහැකි මුදලක් මේ සඳහා ආයෝජනය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලැබේ.  විදේශ විනිමය වෙළදාම සම්බන්ධයෙන් ඔබට යමිකිසි ගැටළුවක් හෝ අවධානම් ස්වභාවයක් පිළිබඳව යම් අවිනිශ්චිත බවක් ඇතොත් ක්සේත්‍රයේ පළපුරුදු මුල්‍ය උපදේශකයකුගේ සේවය ලබා ගැනීම සුදුසු වේ.

වෙළඳ උපදේශය

http://howtoforexwin.blogspot.com හි භාවිතා වන අදහස් හා කල්පනා, ප්‍රවෘත්ති, සමීකරණ, සමීක්ෂණ, අන්වේෂන, මිළ හා වෙනත් සියලුම තොරතුරු. Forex Morket මත පදනම් වී ඇති අතර කිසි විටකත් ආයෝජන පිළිබඳව උපදෙස් ලෙස නොසැලකිය යුතුය. එසේම http://howtoforexwin.blogspot.com කිසි විටකත් මෙහි සඳහන් තොරතුරු යොදාගෙන කරනු ලබන වෙළදාමෙහි ලාභ හෝ පාඩු සඳහා සෘජුව හෝ වක්‍රව වගකීමක් දරනු නොලැබේ.

නිරවද්‍යතාවය

http://howtoforexwin.blogspot.com සඳහන් අන්නර්ගතයක් දැනුම් දීමකින් තොරව වෙනස් වීමට ඉඩඇත. මෙහි සඳහන් තොරතුරු පිළිබඳව නිතිමය වගකීමක් සෘජුව හෝ වක්‍රව කිසි විටකත් දරනු නොලැබේ.

Saturday, March 2, 2013

Demo Account එකක් විවෘත කර ගනිමු.


Lesson – 09 

09- Demo Account එකක් විවෘත කර ගනිමු.

                        Forex Trade කරන්න Forex Brokers Company එකක Account එකක විවෘත කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අපි Nordfx අඩවිය තෝරා ගන්නවා. හේතුව එම Brokers Company ඒක විශ්වාසවන්ත හා පාරිභෝගිකයන්ට මනා සේවයක් සපයන ආයතනයක් වීම . මම වැඩ කරන්නේත් ‍ඒ ආයතනත් එක්ක.

1.   මුලින්ම http://nordfx.com/?id=632345 වෙබ් අඩවියට පිවිසෙන්න.

පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.


මෙහි Open an account යන්න click කරන්න. පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත.



Account Type එක Micro USD විදියට තියන්න.

Leverage එක 1:200 විදියට සකස් කරන්න.

Leverage එක මතකයි නේද? අපි Leverage එක විදියට තෝරා ගන්නේ 1:200

First and last Name  - ඔයාගේ සත්‍ය නම ලබා දෙන්න. Passport එකේ හෝ Driving license  එකේ තියෙන විදියට නැතිනම් ජාතික හැඳුනම්පතේ තියෙන විදයට.

E-mail - ඔබගේ ක්‍රියාත්මක ඊමේල් ලිපිනය. Gmail නම් වඩාත් හොදා

Country      -        Sri lanka

City               -           ඔබේ නගරය

Zip Code  එක           -           තැපැල් සංකේත අංකය - දන්නේ නැත්නම් 
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm මේ Site  එකට ගිහින් හොයා ගන්න.

Address –    ඔයාට දැනට ලියුම් ලැබෙන ලිපිනය. මේ ලිපිනය  Phone bill,  Bank Statement   ආදිය ලැබෙන ලිපිනයක් යොදන්න.

Phone  -        ඔබගේ දුරකථන අංකය. ලංකාවේ සිට ගිනුම් අරඹනවා නම් මුලට +94 ලෙස යොදන්න.

Would you like to contact you?  -  එක  Broker Company එකෙන් ඔබට ඇමතීමට කැමති නම් Select කරන්න.

Generate password automatically -   එලෙස තබන්න. ශක්තිමත් password  එකක්   System ‍එකෙන්ම නිර්මාණය කරල දේවි.

ඊළඟට I have read ----- Select  කර ඔබගේ Application එම Submit කරන්න.

ඊට පසු පහත ආකරයේ එකක් ලැබෙනු ඇති.



එහි ඇති සියලුම තොරතුරු පිටපත් කර ගන්න. මෙය අනිවරියෙන්ම සිදු කරන්න. Screen shot එකක් අරන් තියා ගන්න. දන්නේ නැත්නම් පහත link එකෙන් බලාගන්න. http://www.take-a-screenshot.org/

දැන් ඔයාල ගිණුම හදල ඉවරයි. මේ පිලිබදව ගැටළු තියෙනවනම් අහන්න. ඊලග පාඩමෙන් හමුවෙමු.

Friday, February 15, 2013

Forex Market - හඳුනා ගනිමු.


Lesson - 01
01 . Forex Market - හඳුනා ගනිමු.

මුලින්ම අපි මේ වචන දෙක හඳුනා ගන්න උත්සාහ කරමු.

Forex Market   – Market කියන වචනය ගැන ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඔනෙ ‍නැහැනේ. සරලවම ගන්නේ නම් වෙළඳපොළ කියන තේරුම තමයි අර්ථ ගැන්වෙන්නේ. එනකොට මොකන්ද මේ Forex කියලා කියන්නේ. ඇත්තටම ඒක තනි වචනයක් නොමෙයි. වචන දෙකක එකතූවකින් තමයි හැදිලා තියෙන්නේ. Foreign Exchange කියන වචන දෙක එකතූ කරලා Forex කියන වචනය හදා ගන්න පුළුවන් කියලා පැහැදිලි වේ. එහෙනම් Foreign Market කියන වචනය පැහැදිලිව කියන්න පුළුවන්. Foreign Exchange Market කියලා සිංහලෙන්ම කියුවොත් විදේශ හුවමාරු වෙ‍ළඳපොළයි.

Foreign Exchange Market = විදේශ හුවමාරු වෙ‍ළඳපොළ

දැන් පැහැදිලියි නේද ? ඉතින් මේ වෙළඳපොළේ හුවමාරු වෙන්නේ මොනවද ? අල, සිනි, පරිප්පු වගේ ඒවද ? කිසිම භාණ්ඩයක් මේ වෙළඳපොළේ හුවමාරූ වෙන්නේ නැහැ. මෙහි හුවමාරු වෙන එකම දෙය තමයි මුදල් ඒකක. පැහැදිලි නෑ වගේ නේද? අපි තවදුරටත් පැහැදිලි කර ගමුකෝ.

අපි දන්න මුදල් ඒකක කිහිපයක් ගැන මතක් කර ගමුකෝ. මුලින්ම මට මතකයට එන විදියට මම පහත ලියාගෙන යන්නම්. කොලයක් පෑනක් අරගෙන ඔයාටත් ලියන්න පුළුවන්නම් හොඳයි.

                        ශ්‍රි ලංකා රුපියල්           -           Rs
                        ඇමරිකන් ඩොලර්        -           $
යුරෝ                           -          
ජපන් යෙන්                  -           ¥
බ්‍රිතාන්‍ය පවුම්               -           £
ස්විස් ෆ්‍රෑන්ක්                -           CHF

දැන් අපි මේ ඒකක වලට අදාලව රුපියලට සාපේක්‍ෂව එක ඒකකයක් සඳහා වටිනාකම ගණනය කරමුකෝ.

                        LKR            ශ්‍රි ලංකා රුපියල්                       = රුපියල් 1
USD            ඇමරිකන් ඩොලර්                    = රුපියල් 130
EUR               යුරෝ                                       = රුපියල් 170
JPY                 ජපන් යෙන්                              = රුපියල් 1.35
GBP               බ්‍රිතාන්‍ය පවුම්                           = රුපියල් 198
CHF               ස්ව්ස් ෆ්‍රෑන්ක්                            = රුපියල් 137

ඒ කියන්නේ ඔයාට ඩොලර් 1ක් ගන්න ඕනෙ නම් රුපියල් 130 ක් වැය වෙනවා. බ්‍රිතාන්‍ය පවුමක් ගන්නේ නම් රුපියල් 198ක් වැය වෙනවා. ඒ වගේම ජපන් යෙන් එකක් ගන්න නම් රු.1.35 ක් වැය වෙනවා. පැහැදිලි නේද?

හොඳින් මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි ඉහත දක්වලා තියෙන අගය නිතරම වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට කියනවානම් මේ දවස්වල ඩොලර් 1 ක වටිනාකම රුපියල් 130 ක් වුනාට මීට අවුරුදු 3, 4 කට කලින් ඩොලර් එකක වටිනාකම වුනේ රුපියල් 100 ක් විතර වගේ මට මතක හැටියට. අපි තව උදාහරණයක් ගමුකෝ. මේක අනාගතය උදාහරනයක්, හිතන්නකෝ ඔයාට ව්‍යාපාර කටයුත්තකට යුරෝපා රටකට යන්න ඕන වුනා කියලා. ඉතින් ඔයාලා දන්නවනේ යුරෝපා රටවල් වල භාවිතා ප්‍රධාන මුදල් ඒකකය යුරෝ (EUR) කියලා. ඒ වගේම ඒ රටවල් වල රුපියල් වලින් ගනුදෙනු කරන්නේ නෑ කියලා. එහෙනම් අපි, අපි ලඟ තියෙන රුපියල් යුරෝ (EUR) බවට හරවා ගන්න ඕනේ නේද? මේ දේ අපිට බැංකුවකින් හෝ එවැනි කටයුතු කරන තැනකින් ලේසියෙන්ම කර ගන්න පුළුවන්. අපි හිතමු මේ විදේශ සංචාරයට යුරෝ 5000 ක මුදලක් වැය වෙනවා කියලා. අපි ගණන් හදලා බලමු යුරෝ 5000ක් කියන්නේ රුපියල් කීයකට ද කියලා.

                                  1 Euro             =  Rs 170
                                    5000 Euro      =        ?
                                                 = 170 x 5000
                             5000 Euro    = 850000

ඒ කියන්නේ ඔයාට යුරෝ 5000 ක් ගන්න රුපියල් ලක්ෂ අටහමාරක (850000) ක වැය වෙනවා. කොහොම හරි මේ රුපිලය් අට ලක්ෂ පනස්දාහ දීලා යුරෝ 5000 ක් අරගෙන යුරෝපා රටකට ගිහිල්ලා සති 3 ක් විතර ඉදලා ඔයා වියදම් කරපු  යුරෝ 5000 පමණ  හොයාගෙන (හොයා ගන්ත විදිය නම් මගෙන් අහන්න එපා)  ලංකාවට ආවා කියලා හිතමුකෝ. දැන් ඔයා ලඟ තියන යුරෝ රුපියල් වලට හරවන්න නැවත බැංකුවට ගියාම දැන් යුරෝ එකකට රුපියල් 171.50 ක රුපියල් ප්‍රමාණයක් වටින බව බැංකුව ඔයාට කිවොත්, දැන් යුරෝ 5000 වටිනාකම රුපියල් කීයද?

1 Euro           = Rs 171.50
5000 Euro      =        ?
                                                = 171.50 x 5000
                   = 857500

කියලා පැහැදිලියි නේද ?       
                          
                  ඒ කියන්නේ ඔයා මේ කළ මුදල් හුවමාරුවෙන් රුපියල් 7500 ක ලාභයක් ලබල තියෙනවා නේද?
                  මේ ඉහත දක්වල තියෙන උදාහරණ දෙක සැලකිල්ලට ගන්නේ නම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එනම්,

01.  මුදල් ඒකකවල අගය කාලය සමග වෙනස් වෙන බව.

02.  මුදල් හුවමාරුවක් වන බව.

03.  ඉහත හුවමාරු සඳහා මුදල් වර්ග 02 ක් පමණක් සම්බන්ධ වන බව.

                  ඉහත කරුණු තුන පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් නැවත මුල ඉදල පටන් ගන්න.

                  මං යුරෝ එකක් රු.170 ව ගානේ යුරෝ 5000 ක් රුපියල් ලක්ෂ 8.5 කට ගත්තා. ඊට සති තුනකට පස්සෙ යුරෝ එකක වටිනාකම රුපියල් 171.50 දක්වා ඉහල ගියා. ඉතින් මගේ ලඟ තිබුණු යුරෝ 5000 නැවත රුපියල් බවට හැරෙව්වා. එතකොට මට යු‍රෝ එකකට රුපියල් 171.50 ක් ලැබුණා.

                  ඒ කියන්නේ එක යු‍‍රෝ එකකින් රුපියල් 1.50 ක ලාභයක් ලැබුණා. එතකොට යු‍රෝ 5000 ක් මට ලැබුණු ලාභය ,

                  5000 x 1.50 = රුපියල් 7500

පැහැදිලි නේද?
            මෙන්න මේ වගේ දෙයකට තමයි අපි  Forex - Foreign Exchange කියලා තියන්නේ. ඒ කියන්නේ අපි යම් යම් මුදල් ඒකක අරගෙන ඒවායේ මිළ ඉහල ගියාම ලාභයක් ලබනවා. මෙන්න මේ‍‍‍‍ සිදුවීම තමයි Forex Market එකේ වෙන්නේ. (හැබැයි මේක අරමුණ තමයි ලාභ ලබන එක)

දැන් පැහැදිලියි නේද මොකක්ද මේ Forex Market කියන එක .

එහෙනම් අපේ පළමු පාඩම ඉවරයි. මේ ගැන අපැහැදිලි තැන් තියනවානම්  Comment කරන්න. පිළිතුරු ලැබෙයි.