මුල්‍ය වෙළදාම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගනු රිසි සියලු දෙනා සදහාත්, මෙතෙක් කලක් මෙම ක්ෂේත්රයේ නියැලී එහෙත් පාඩුවක් මිස ලාබයක් නොලැබූ ආයෝජකයන්ගේ දුර්වලතා පෙන්වා දීම සදහාත්, පොදුවේ අද්යාපනයක් ලබනු රිසි සියලු දෙනා සදහාත් සුදුසුයි.
Friday, March 20, 2015
කාලෙකින්.........
කාලෙකින් ලිපියක් පල කරන්න බැරි උනේ තිබුණු කාර්ය බහුලත්වය නිසා. පෙර එක ලිපියක කිව වගේ මතකයි අවම වශයෙන් මසකට ලිපි 6 ක් වත් පල කරනවා කියල. එත් එක කරන්න උනේ නැහැ. සමාවන්න යහලුවනේ.
ඇත්තටම මටත් trade වල යෙදෙන්න උනේ නැහැ. යෙදුනු නොයෙකුත් වැඩ නිසා. ඉතින් මට කියන්න ඕන උනේ නැවතත් ඉක්මනින්ම ලිපි පල කරන්න පටන් ගන්නවා.
ඔයාලට trade කර ගෙන යාමේදී අපු ගැටළු තියෙනවනම් යොමු කරන්න. පිළිතුරු ලබා දෙන්න සුදානම්.
තව පොඩි දෙයක්. මෙන්න මේ ac no එක ඔයාගෙනම් මට message එකක් එවන්න.
980010
Friday, January 16, 2015
ඔබේ අවදානයට
දැනට අපි ලිපි 60 කට අසන්න ප්‍රමාණයක් පල කරලා තියෙනවා. ඉදිරියේදී යම් වෙනසක් කරන්න අදහසක් තියෙනවා. එක නිසා මට මේ බ්ලොග් එක බලන අයගේ විස්තර ටිකක් එකතු කර ගන්න අවශ්‍යයි. ඒ අනුව එයාලගේ email වලට ලිපි mail කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එක හේතුවක් තමයි මේ ලිපි අනවසරයෙන් උපුටා පල කිරීම.
ඔයාල තව දුරටත් මේ ගැන උනන්දු වෙනවනම් පහත විස්තර සදහන් කරලා බ්ලොග් එක හරහා msg කරන්න.
Name or Nick name :
email :
Did you have forex account ?
Broker Name :
Real ac or Demo ac :
City & country :
any suggestion about blog ?
Thanks.
Tuesday, January 13, 2015
Relative Strength Index
Relative Strength Index
මුලින්ම සුභ Forex වර්ෂයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව පාලනයක් තමයි උදා වෙලා තියෙන්නේ. හුගක් වෙලාවට ආර්ථිකය පැත්තෙන් ගත්තොත් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල හිතෙනවා. විදේශ විනිමය සම්බන්දයෙන් උනත් වෙනසක් බලාපොරොත්තු වෙන්නව පුළුවන්.
අද අපි කතා කරන්න යන්නේ හුගක් ප්‍රසිද්ද tool එකක් ගැන. මොකක්ද මේ rsi (Relative Strength Index) කියල හදුන්වන්නේ. මේ tool එකේ අගයන් 0 සිට 100 දක්වා තියෙන බව ඔයාලට බලා ගන්න පුළුවන්. RSI අගය 30 ට අඩුනම් market එක oversold තත්වයේ තියෙනවා. ඒ වගේම RSI අගය 70 ට වැඩිනම් market එක overbought තත්වයේ තියෙනවා කියල අදහස් කරනවා.
ඉහත දක්වල තියෙන්නේ oversold අවස්ථාවක්. මොකක්ද මේ oversold & overbought කියල අදහස් කරන්නේ ?
අපි එකක් ගැන විස්තර කරමු. oversold කියල කියන්නේ, market එක sell ප්‍රමාණය ඉක්මවල ගිහිල්ල කියන එක. ඒ කියන්නේ තව දුරටත් market එක down වෙන්න තියෙන ඉඩ අවම මට්ටමක තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක අපි sell order එකකට යන එක අවදානම් වැඩක්.
ඊළගට overbought වෙන්නේ සම්පුර්ණයෙන්ම විරුද්ද දේ. අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැ නේද ?
ඉතින් මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න ඕනේ ? oversold ගිය අවස්ථවක buy order දාන එක හොදයි කියල සමහරවිට ඔයාල හිතන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම් අනුවනම් මම එක අනුමත කරන්නේ නැහැ. ඒ උනත් scalper traders වල යෙදෙන අයට මේ ක්‍රමය වැසි දායක වෙන්න පුළුවන්.
trend එකක් හදුනා ගන්න RSI අගය යොදා ගන්නේ කොහොමද ?
ඔයාල buy order එකක් දාන්න හදනවනම් බලන්න rsi අගය දිහා, ඒ අගය 50 න් ඉහල ( සාමාන්‍යයෙන් 65 න් පහල ) තියෙනවනම් buy order එකකට යොමු වෙන්න පුළුවන්.
sell order නම් rsi අගය 50 න් පහල ( 40 න් ඉහල වගේ ) තියෙනවනම් sell order වලට යොමු වෙන්න පුළුවන්.
මේක සරල tool එකක් උනාට අපට හුගක් වැදගත් වෙනවා. මම අනිවාර්යෙන්ම බාවිතා කරන එකක්.

Sunday, December 28, 2014
Parabolic SAR
Parabolic SAR
අදත් හුගක් සරල indicator එකක් තමයි ඔයාලට හදුන්වල දෙන්න යන්නේ. parabolic SARකියල කියන්නේ. SAR වදනේ දිගු අදහස වෙන්නේ stop And Reversal කියන එක. ඉතින් මේ අර්ථයෙන් ගත්තාම මේ indicator එක මගින් කෙරෙන දේ ගැන යම් ඉගියක් දෙනව වගේ නේද ? stop and reversal......හොදයි. අපි මේ තාක් දුරට අපේ අවදානය වැඩි වශයෙන් යොමු කලේ trend එකක් හදුනා ගැනීම සදහා නේද ? ඔයාල දන්නවද trend එකක් හදුනා ගන්න වගේම නිවැරදි වෙලාවේදී ඒ trend එකෙන් ඉවත් වෙන එකත් අතිශය වැදගත් බව. අන්න ඒ සදහා උපකාර කර ගන්න පුළුවන් indicator එකක් තමයි මේ.
ඉහත රුපයේ තියෙන කොළ පට dot ඔයාලට පෙනෙනවා නේද. ඔන්න ඕකට තමයි කියන්නේ parabolic SAR කියල.
අපි බලමු කොහොමද trade සදහා මේ indicator එක යොදා ගන්නේ කියල.
රුපයේ විදියට candle වලට ඉහලින් මේ කියන dots පිහිටලා තිබුනොත් එක sell එකක් පිලිබදවත් candle වලට යටින් පිහිටලා තිබුනොත් buy එකත් ගැනත් අපට signal එකක් දෙනවා. එක තමයි කිවේ මේක හුගක් සරල indicator එකක් කියල.
තව දෙයක් market එක ranging වෙලාවට හෝ හුගක් රළු ( choppy market ) කාල වෙලාවල් වලදී මේක යොදා ගන්න යන්න එපා.
trend එකෙන් ඉවත් වෙන වෙලාව කොහොමද හොයා ගන්නේ කියල බලමු.
ඔයාලට පේනවා නේද මේ කහ පාටින් ලකුණු කරලා තියෙන ප්‍රදේශය. එ කියන්නේ මුල් dot තුන. මෙන්න මෙහෙම දෙයක් අපේ chart එකේ display උනොත් එක හොද ඉගියක් ලබා දෙනව trend එක reversal වෙනවා කියල. ඉතින් අපි මොකද කරන්නේ ඕනේ. වෙන මොනවා කරන්නද අපි දාමු orders ටික close කරලා profit ගන්න එක නේද .
Subscribe to:
Posts (Atom)