Sunday, April 7, 2013

මුදල් කළමනාකරණය - 01


Lesson – 17

17- Money Management - 01

අද අපි කථා කරන්නේ අතිශයින්ම වැදගත් කරුණු කිහිපයක්. Money Management හෙවත් මුල්‍ය කළමනාකරණය. මොක්කද මේ ?

සරලවම කිවොත් අපි Forex වලට යොදවන මුදල් Lost වීමකින් තොරව ලාභ උපයන විදියට භාවිතා කරන්නේ කොහොම ද කියන එක තමයි අදහස් වෙන්නේ. අපි පෙර කථා කරා Forex Trading වලින් සාර්ථක වෙන්නේ 5% - 10% පමණක් බව.

ඇයි එතකොට ඉතිරි 90% දෙනා අසාර්ථක වෙන්නේ. ඊට හේතු කිහිපයක් සඳහන් කරන්න පුළුවන්.

Forex Trading ආරම්භ කරන බොහෝ අධුනිකයන් සිතන්නේ,

v  වාසනාව මත Trade වලින් ලාභ උපයන්න පුළුළුන් බව.

v  Trade එකකින් අපේක්ෂිත Profit ලබාගෙන තිබියදී තව තවත් Profit ගැනිම සඳහා ඒ Trades  එක close නොකර පවත්වා ගැනීම - අධික ලෝභකම

v  Forex Trading යනු යමි කිසි ක්‍රිඩාමය දෙයක් බව එය ජයග්‍රහණය කර හැක්කේ වාසනාව , දෛවය මත බව, ඒ නිසාම Forex Trading පිළිබඳව නිසි හා පුළුල් අවබෝධයත් ලබා ගැනීමට දක්වන මැලිකම.

v  Forex Trading සඳහා ප්‍රමාණවත් මුදලක් නොයෙද වීම .

v  පැහැදිලි අරමුණක් නැතිකම.

v  බුද්ධිමත් වීමට වඩා චිත්තවේග හා ආවේග වලට මුල් තැන දි Trading වල යෙදිම.

v  Trading එකක් Loss වු පසු එය ඉතා ඉක්මණින් පියවීමට යාම.


ඔන්න ඔය කරුණු එකක් හෝ කිහිපයක් නිසා 90% ක් දෙනා Forex Loss වෙනවා. ස්වයං විවේචනයක් කරගෙන බලන්න මින් කරුණු කීයක් ඔයාල ළඟ තියෙනවාද කියලා.

Demo Account එකේ  Trading කරගෙන යද්දි අවබෝධ වෙයි. මතක තියා ගන්න මේ එක කරුණක් (දුර්වලතාවන්) හරි ඔයාල ළඟ තියෙනවා නම් ඔයත් ඉන්නේ අර 90% ගොඩේ. අන්න ඒ නිසා ඉහත දුර්වලතා මඟ හරවා ගෙන අර 10% දෙනා අතට පැමිණෙන්න.

ඒ වගේම තමයි ප්‍රවීණයෙක් කියන්නේ මෙන්න මේ දුර්වලතාවන් මඟ හරවා ගත්ත Trader කෙනෙකුට. මෙහෙම හිතන්නකෝ,

ඔන්න අපි ඉහත කථා කරපු දුර්වලතාවයන් තියෙන දෙන්නෙක්ම යොදා ගෙන එක අයකුට Buy Order එකකුත් අනෙක් එක්නොට  Sell Order එකකුත් Open කරන්න අවස්ථාව දෙනවා. යම්කිසි ‍කාලයකට පස්සේ මෙයාල දෙන්නගෙන් ප්‍රතිඵල බැලුවෙත් දෙන්නම තම තමන්ගේ Trades Loss කර ගෙන ඉන්නට දැක ගන්න පුළුවන් වෙයි.

දැන් ඉහත දුර්වලතාවන් නැති ප්‍රවීනයන් දෙන්නෙක් යොදා ගෙන ඉහත පැවරුම පැවැරූවොත් ඒ දෙන්නට තම තමන්ගේ Buy Order හා Sell Order වලින් Profit ලබලා තියෙනවා පෙනෙයි.

එක නිසා ඔයාලගේ Demo Accounts යොදා ගෙන ඉහලටම පුරුදු වෙන්න.

ප්‍රවීනයෙක් වෙන්න. Forex Trading වලින් ජයග්‍රහණය කරන්න.

No comments:

Post a Comment