Saturday, April 6, 2013

How to Modify & Close Order




15-  How to Modify & Close Order

දැන් ඔයාල සාර්ථක ලෙස පළවෙනි Trade එක Open කරගෙන තියෙන්නේ. අද අපි බලමු Order එකක් Modify කර ගන්නේ කොහොම ද තියලා.

දැන් තවත් Trade එකක් විවෘත කර ගන්න. විවෘත කරපු Trade එක Right Click කරාම ලැබෙන Menu එකෙන් Modify or Delete Order Click කරන්න. එතකොට නැවත ලැබෙන්නේ අපට පුරුදු Order Window එන නේද? ඒ Window ඒකේ Type එක ඉදිරියේ Modify Order කියන එක නේද? ඒ Window එක නේද? Select වෙලා තියෙන්නේ.

දැන් අපට අවශ්‍ය S/L - Stop Loss අගය හා T/pTake profit අගයන් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා දැනට ඔයා කැමති අගයන් දෙකක් ලබා දෙන්න. Buy Order   එකක් ඔයා දලා තියෙනවා නම් T/p සඳහා ඒ Trade එක Open කරපු අගයට වඩා වැඩි අගයන් S/L සඳහා Trade එක Open කරපු අගයට වඩා අඩු අගයන් ලබා දීලා Modify Select කරන්න. ඔයා Sell Order එකක් දලා තියෙනවා නම් මේකේ අනිත් පැත්ත. දැන් Terminal Window එක දිහා බලන්න.එකෙන් S/L  හා T/p අගයන් අපි දිපු අකාරයට තියෙනවා නේද?

ඒ එක්කම Chart Window එකෙන් රතු පාට කඩ ඉර දැක ගන්න පුළුවන් නේද? අපි දීපු අගයන්ට සමානව එකෙන් අදහස් වෙන්නේ එම අගයන් වලට Rate එක ළඟවු පසු අපේ Trade එක ස්වයංක්‍රියවම Close වෙල ඊට අදාළ ලාභය හෝ පාඩුව ගිනුමට ලබා දෙනවා.

ඊළඟට කොහොමද අපි Order එ‍කක් Close කර ගන්නේ. හිතන්න දැන් Trade එකෙන් $ 2 ක ලාභයක් ලබල තියෙනවා කියලා.  දැන් අපිට මේ Trade එක Close කර ගන්න ඕනේ. මේ සඳහා Close කරන්න අවශ්‍ය Trade එක Terminal Window එකෙන් Right Click කරලා ලැබෙන Menu එකෙන් Close Order වෙත පිවිසෙන්න. අපට නැවතත් ලැබෙන්නේ Order Window එක නේද? ඒ Window එකේ තියෙන Close Button  එක Click කරාම අපේ Trade එක Close වෙනවා. MT-4 එක මගින් අපට අදාළ ලාභය හෝ පාඩුව අපේ ගිනුම වෙත ලබා දෙනවා. පැහැදිලි නේද?

No comments:

Post a Comment