Saturday, April 6, 2013

Buy and Sell Orders


Lesson – 13
13- Buy and Sell Orders

පසුගිය ලිපියේ Bid හා Ask Prices ගැන කථාකලා. මේ ලිපියෙන් Buy Orders හා Sell Orders ගැන කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

මොනවද මේ Buy Orders හා Sell Orders කියලා කියන්නේ. එක Currency pair එකට ඇයි Order වර්ග දෙකක්? කොටස් වෙළඳපොල ගැන අවබෝධයක් නොතිබුනත් ඔයාලට හිතා ගන්න පුළුවන් ලේසියෙන්ම, අපි ලාභයක් ලබන්න නම් කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටසක මිල ඉහළ ගියොත් විතරමයි අපට ලාභ ලබන්න පුළුවන්. පැහැදිලියි නේද?

 හැබැයි Forex Market  එකේ එහෙම නැ. ඇයි? Forex Market   එකේ Buying Orders හා Sell Orders කියලා Orders වර්ග දෙකක් තියෙන නිසා. ඒ වගේම Currency වර්ග දෙකක් තියෙනනිසා. ටිකක් අවුල් ව‍ගේ නේද? අපි උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගන්න උත්සාහ කරමු.

මුලින්ම අපි බලමු Buying Orders එකක් දාන්න. EUR/USD ඇසුරු කරගෙන. ඒ සඳහා පහත දක්වල තියෙන දත්ත උපයෝගී කරගන්න.

Symbol              Bid                 Ask
EUR/USD         1.3095           1.3097

අපි Buy Order එකක් දාන්න ඕනේ EUR/USD ඉහල යයි කියල අවස්ථාවක විතරයි. ඒ කියන්නේ EUR/USD 1.3095        /1.3097 ඉදන් අපට තියනවානම් මේක ඉදිරියේදී 1.3095 ට වඩා වැඩිවෙයි කියලා අන්න ඒ වෙලාවේදී අපි Buy Order එකක් දානවා.

අපි Buy Order එකක් දැම්මම අපේ Account එකේ Buying Rate ඒක විදියට ගැනෙන්නේ 1.3097 කියන ගාන. තවත් තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වොත් අපි නිතරම Buy Order එකක් Open කරන්නේ Ask කියන Price එකෙන්. මේ Buy Order කියන වචනයට සමාන වචනයක් තමයි Long කියලා කියන්නේ. ඒ කියන්නේ කොතන හරි තැනක සඳහන් වෙලා තියෙනවා නම් EUR/USD Long කරා කියලා එකේ අදහස තමයි EUR/USD Buy Order එකක් Open කරා කියන එක.

කොහොම හරි Order එක Open කරලා යම්කිසි කාලයකට පස්සේ EUR/USD අගයන් පහත විදියට වෙනස් වුනා කියල හිතමු.

Symbol              Bid                 Ask
EUR/USD         1.3214             1.3216

ඒ කියන්නේ අපි ‍ Order එක Open කරන කොට තිබුණු ප්‍රමාණයට වඩා දැන් වටිනාකම වැඩි වෙලා. ඒ වගේම ඔයාලට මතක ඇති Buy Order එකින් ලාභ ගන්නනම් Buy order එක Open කරන කොට තිබුනට වඩා Order එක Close කරන වටිනාකම වැඩි වෙන්න ඕනේ කියල.

ඉහත වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් කියලා පැහැදිලිනේ. එහෙනම් මේ Order එක Close කරාම අපට ලාභයක් තමයි ලැබෙන්නේ. එහෙනම් ඔන්න අපි Order එක Close කරා. දැන ගන්න ඕන ‍දෙයක් තමයි Buy Order එකක් Close කරන්න නම් ඒ Order එක Sell කරන්න ඕනෙ කියලා.

සරලවම කිව්වොත් අපි ගන්න කොටස් අපි විකුණන්න ඕනෙ. ඒත් කාටද අපි විකුනන්නේ ? අපි ඒ ගැන කරදර වෙන්න වුවමනා නෑ. ඇයි? අපි යොදා ගන්න MT4 මෘදුකාංගය විසින් ඒක අපි වෙනුවෙන් ස්වයංක්‍රියවම ඉටු කරලා දෙනවා. තව දෙයක් තමයි මේ Buy Order එක Sell කරන්නේ Bid Price එකෙන්. ඒ කියන්නේ අප EUR/USD 1.3097 ට Buy කරලා 1.3214 ට තමයි Sell කළේ.

මේ ලිපියට අදාළ නොවුනත් අපි මේකේ ලබපු ‍ලාභය ගණනය කරොත්,

                                ලාභය       = 1.3214  -  1.3097

                                Pips 117

ඔයා මේ Trade එක Lot 0.01 න් Open කරලා තිබුන නම් $ 11.7 ක ලාභයක් ලබලා.

දැන් බලමු Sell Order එකකදි සිදුවෙන ‍දේ. ඒකත් අපි උදාහරණ ඇසුරින් පැහැදිලි කර ගනිමු.

Symbol              Bid                 Ask
EUR/USD         1.3095             1.3097

ඔයාලට මතක ඇති අපි Buy Order එක Open කරේ Ask කියන Price එකෙන් කියලා. එහෙනම් අපි Sell Order එක Open කරන්නේ Bid කියන Price එකෙන්. ඒ කියන්නේ 1.3095 කියන අගයෙනි. මේ Sell Order එකට කියන තවත් තමක් තමයි Short කියල. EUR/USD Short කරා කිවොත් එතනදි අදහස් වෙන්නේ Sell Order ගැන කියලා මතක තියා ගන්න.

ඒ වගේම Sell Order එකකදි අපිට ලාභ ලැබෙන්නේ EUR/USD අගය පහල ගියාම. පැයකට විතර පස්සේ පහත විදියට Forex Market   එක වෙනස් වුනා කියලා හිතන්නකෝ.

Symbol              Bid                 Ask
EUR/USD         1.2923              1.2925

මෙන්න මේ අවස්ථාවේදී අපි Order ඒක Close කරා කියලා හිතමු. ‍එහෙනම් අපි ලබන ලාභය කොපමණද? මතක තියා ගන්න ඕනේ අපි Order එක Close කරන්නේ Ask කියන Price එකෙන්. අපි බලමු ලාභ ලබන Pips කීයද කියලා.

                                ලාභය       = 1.3095  -  1.2925

                                                = 0.0170

                                Pips        = 170

අපි Pips 170 ක Profit එකක් ලබලා තියෙනවා. අපි  Trade එක Lot 0.01 න් Open කරලා තිබුන නම් $ 17 ක Profit එකක් අපි ලබලා තියෙනවා.

අපි Order එකක් Close කරද්දි අපි Open කරල තියෙන්නේ Buy Order එකක් නම් ඒක Sell Order එකක් විදියටත්, Open කරල තියෙන්නේ Sell Order එකක් නම් Buy Order එකක් විදියටත් තමයි අපේ Orders Close වෙන්නේ.

මේ ගැන අපි කරදර වෙන්න ඕනේ නෑ. හේතුව MT-4   Software එක මගින් මේක ස්වයංක්‍රියවම සිදුවෙන නිසා. ස්වයංක්‍රියවම සිදු‍වෙනව කියල කිව්වේ අපිට Order එක Close කරන්න ඕන වුනාම මේ MT-4   Software එක අපේ Order එක Buy හෝ Sell කරලා ඒයා ගන්නව කියන එක නෙමෙයි. මේ Forex Market    එකේ තියෙන විශාලත්වය නිසා සෑම මොහොතකම ලෝකයේ කොතන හරි Orders Buy හෝ Sell කරන්න කවුරු හරි ඉන්නවා. පැහැදිලි නේද?

 මේක හුඟක් වැදගත් පාඩමක්. පැහැදිලි නැත්තම් නැවතත් කියවන්න. අපැහැදිලි නැත් තියෙනවා නම් අහන්න.

No comments:

Post a Comment