Sunday, April 28, 2013

Trading Sessions


Lesson – 19

19- Trading Sessions

පළමුවෙන්ම ඔයාලා සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

පසුගිය පාඩම් දෙක ඔස්සේ අපි Money Management ගැන කථා කළා. අද අපි කථා කරන්න යන්නේ Trading session ගැන. නමුත් Money Management පාඩම් තව ඉදිරියටත් තියෙනවා.

මොකක්ද මේ Trading Session කියලා කියන්නේ. එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද? ඇයි අපි ඒ ගැන දැන ගන්න ඕනේ?


Trading Session එකක් කියලා කියන්නේ, වෙළඳ සැසියකට හෙවත් වාරයකට. ඔයාල දැනටමත් දන්නවා Forex Market එක දවසේ 24 පැය පුරා දවස් පහේම ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ක්‍රියාත්මක වුනත් දවසේ සියලුම වෙලා වලදි Forex Market එකේ ඒකාකාරි ගලා යාමක් නෑ. ඒ කියන්නේ ඔයාල MT4 එක විවෘත කරගෙන බලන්න අපි තෝර ගෙන තියෙන  Time Frame එක (උදා.M30) සමහර වෙලාවල් වලදි  Chart එකේ අගය වෙනස් වෙලා තියෙන්නේ  Pips සුළු ප්‍රමාණයක් විතරයි.

ඒත් සමහර අවස්ථාවලදි Chart ‍එකේ අගය ඉතා විශාල ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. පහත රූපය බලන්න.








මෙහෙම වෙන්න හේතුව පිළිබඳව ඔයාල හිතුවද? මෙන්න මේ දේ සිදුවෙන්නේ Trading Sessions එකක් නිසා.

ඒ කියන්නේ වැඩිම ඉල්ලුමත් තියෙන වෙලාවට තමයි Forex Market එකේ මේ සිඝ්‍ර ලෙස අගයන් ඉහල පහල යන්නේ. මේ Trading Sessions ප්‍රධාන වශයෙන් Sessions 4 කට බෙදන්න පුළුවන්. Sydney Session, Tokyo Session, London Session, New York Session කරන වෙලාවන් පහත දක්වල තියෙනවා.




මෙන්න මේ Session වලදි Currency Pair වල සිදුවන Pips වෙනස පහත සටහනින් බලා ගන්න පුළුවන්.










අපි Trade  කරන EUR/USD වල වැඩිම ඉහල පහල යාමක් සිදු‍වන්නේ London Session එකේ කියලා පැහැදිලි නේද? ඊළඟට New York Session එකේ.

එහෙනම් අපි මේ Session Time යොදා ගෙන Trade කිරිම මගින් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා අවබෝධ වෙනවා නේද?

හැබැයි තව එකක් මේ Trading Session ගැන නොබලා වුනන් Trading කරන කොටසක් ඉන්නවා. ඒ පිළිබඳව විස්තරාත්මකව Traders Type  යටතේ කථා කරන්න බලාපොරෝත්තු වෙනවා.මේ පිළිබඳ අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා.

අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.

No comments:

Post a Comment