Showing posts with label Hammer. Show all posts
Showing posts with label Hammer. Show all posts

Thursday, November 6, 2014

Candlestick patterns - 3

Candlestick patterns - 3


අදත් අපි අලුත් pattern එකක් ගැන ඉගෙන ගනිමු.

Hammer & Hanging man

කෙටි real body එකක්  (කළු හෝ සුදු ) හා පහලට දිගුව විහිදී ගිය shadow එකකින් සැදුනු candle එකකට අපි මේ නම බාවිතා කරනවා. මෙහි real body එකට ඉහලින් ඉතා කෙටි හෝ shadow එකක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. බැලූ බැල්මටම එක සමාන ලෙස පෙනුනත් මේක යෙදෙන තැන අනුව අපට සපයන අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ කියන්න අපි තීරණයක් ගැනීමේදී පෙර price action එක ගැනත් අවදානය යෝමු කිරීම අවශ්‍යයි. පහත රුපය බලන්න.

බලන්න මේ දෙකම සමාන උනත් යෙදෙන ස්ථානය අනුව වෙනස් වෙන හැටි. අපි මුලින්ම Hammer ගැන සලකා බලමු.

කොහොමද විස්තර කරන්න පුළුවන්. ඔයාලට තියනවද අදහසක් ?  ඇවිල්ල තියෙන්නේ down trend එකක් කියල පැහැදිලිනේ. ඒ කියන්නේ මුළු price action එකම පාලනය කරලා තියෙන්නේ sellers විසින්. ඉතින් තව දුරටත් sellers විසින් price action එක පහලට ගෙනියන්න හදන උත්සාහයේ ප්‍රතිපලයක් විදියට දිගු පහතට ගිය shadow එක ලැබිල තියෙනවා. මේ පහල යාම තවදුරටත් ඉවසගෙන ඉන්න බැරි උන buyers විසින් (ඒ කියන්නේ buyers ලට මල පැනල :) ) මේ වෙලාවේදී market එකට enter වෙලා price action එක වහාම ඉහලට ගෙනියනවා. එකේ අවසාන ප්‍රතිපලය විදියට තමයි ඔය candle එක නිර්මාණය වෙන්නේ.


දැන් ඉතින් කොහේ හරි ඔය විදියට එකක් දැක්ක ගමන් buy කරන්න යන්න එපා. එහෙනම් ඉතින් මෙහෙම එකක් හැදුන හැටියේ uptrend යනවනම් ඔක්කොම ගොඩනේ. හරි ලෙසිනේ නේද ?  එහෙම buy trend එකකට set වෙන්න ඉස්සෙල්ලා පහත කරුණු ගැන සලකා බලන්න ඕනේ.

1. මේ හැදෙන long lower shadow එක අහි real body එක මෙන් අවම වශයෙන් තුන් ගුණයක් වත් වෙන්න ඕනේ.
2.real body එකෙන් ඉහලට ඒ කියන්නේ upper shadow එකක් නොතිබෙන්න හෝ තියෙනවනම් ඉතාම කෙටි එකක් වෙන්න ඕනේ.
3.මේ කියන real body එක ඉහලින් පිහිටන්න ඕනේ.


ඊළගට ගැන Hanging man

අපි පෙර කතා කරමු එකේම අනිත් පැත්ත. හිතා ගන්න පුළුවන් නේද.


ඊළගට අප  Inverted hammer & shooting star ගැන කතා කරමු.



ඉහත දක්වල තියෙන්නේ Inverted hammer & shooting star  උදාහරණයක්. මේකත් ඉහත වගේම තමයි. ඒ කියන්නේ යෙදෙන තැන අනුව සපයන අර්ථය වෙනස් වෙනවා.




සරලවම කිවොත් inverted Hammer එකේදී වෙලා තියෙන්නේ, ඇවිත් තියෙන්නේ down trend එකක් කියල පැහැදිලි නේද ? නමුත් එක පාරටම long upper shadow එකක්, මේ shadow එක real body එකට වඩා අවම වශයෙන් 3න් ගුනයක්වත් වෙන්න ඕනේ, නිර්මාණය වෙලා තියෙනව. මෙන්න මේ අවස්ථාවේදී sellers විසින් දැන ගන්නවා තව දුරටත් තමන්ගේ ආදිපත්‍ය market එකේ පතුරුවන්න බැ කියල. අන්න එතකොට sellers කරන්නේ තමන්ගේ order ටික close කරලා තමන්ගේ profit ටික අරගෙන මාරු වෙලා යන එක. එතකොට කව්ද market එකේ ඉතුරු වෙන්නේ sellers ල ගියාම. වෙන කව්ද ඉතින් buyers ල මිසක්. ඉතින් market එක auto ඉහලට ගමන් කරනවා.

shooting star එකේදී වෙන්නේ ඉහත එකේ අනිත් පැත්ත.

මම මේ කියන දේවල් ඔයාලට පැහැදිලි නැත්නම් අහන්න. පිළිතුරු ලැබෙයි.




Wednesday, April 23, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 2

සාර්ථක PAT කෙනෙකු වීමට - 2


ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඉතින් අද අපි සාර්ථක Price Action Trader කෙනෙකු වීමට අවශ්‍ය ඉගි කිහිපයක් ලබා දෙනවා. මේ ලිපිය පසුගිය ලිපියේ දෙවෙනි කොටස ලෙස තමයි පල වෙන්නේ.

5. ප්‍රතික්ෂේපිත price level හදුනා ගන්න.

සාමාන්‍යයෙන් අපි අපේ chart එකේ candle stick pattern තමයි බාවිතා කරන්නේ. candle stick මගින් trade හදුනා ගැනීම පිලිබදව වෙනමම කතා කරන්න ඕනේ. හේතුව එක හුගක් දිගු පාඩමක්. candle stick pattern වල එන වඩා පහත් හෝ වඩා ඉහලින් (lower or upper shadows) pattern අපි සාමාන්යෙන් hammer candlestick pattern or a shooting star candlestick pattern විදියට හදුන්වනවා. මේ candle stick pattern ගැන වෙනමම කතා කරන්න අවශ්‍ය උනත් මේ pattern දෙක ගැන හොයා ගන්න පුළුවන් පහත උදාහරණය බැලුවම.

පහත පින්තුරය hammer candlestick pattern  



පහත පින්තුරය shooting star candlestick pattern

ඔයාල මේ pattern වලට ඇස පුරුදු කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. මේවා හදුනා ගන්නනම්.


කොහොම උනත් මෙන්න මේ වගේ දෙයක් price level එකේ මතූ උනොත් අපි එක rejected price level එකක් විදියට හදුන්වනවා. ඒ කියන්නේ එතනින් එහාට price action එක වෙනස් වෙනවා. buy එකක් නම් sell විදියටත් sell නම් buy විදියටත් වෙන්න පුළුවන්.

පහත තියෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්


rejected price level

6. 50% නියමය හදුනා ගන්න

මොකක්ද මේ ? සාමන්යෙන් price එකේ වෙනසක් වෙනවනම් එක පෙර දිනයේ price range එකෙන් 50% වත් සමාන වෙන ප්‍රමාණයක් අද දිනයේ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නැ නේද ?
අපි උදාහරණයක් ගනිමු. 

2014.04.23 EUR/ USD market එකේ තොරතුරු පහත දක්වල තියෙනවා.



ඉහත දත්ත සලකා බැලීමෙන් 2014.04.23 දින market එක ගමන් කරලා තියෙන ප්‍රමාණය pips = 1.3854 - 1.3800 = 54 බව පැහැදිලි නේද ? ඒ කියන්නේ market එකේ ලොකු වෙනසක් වෙන්න නම් අද දින 2014.04.24 දින අඩුම තරමින්  market එක 1.3789 හෝ 1.3843 දක්වා ගමන් කරන්න ඕනේ.

NEWLY ADDED

එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ? 
2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading  වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.

END ADDED මේ ප්‍රමාණ නොඉක්මවා තිබෙන කොට මොනම අවස්ථාවකදිවත් reversal trading ගැන තීරණ ගන්න එපා.

ඒ වගේම එකේ අනිත් පැත්ත සියලුම reversal trading පටන් ගන්නේ 50% පෙර දිනයට සාපේක්ෂව ගමන් කිරීමෙන් පසුවයි.

එහෙනම් අදට ඇති වගේ නේද ? ඔයාලට ගැටළු තිබෙනවම් අහන්න.