Wednesday, April 23, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 2

සාර්ථක PAT කෙනෙකු වීමට - 2


ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඉතින් අද අපි සාර්ථක Price Action Trader කෙනෙකු වීමට අවශ්‍ය ඉගි කිහිපයක් ලබා දෙනවා. මේ ලිපිය පසුගිය ලිපියේ දෙවෙනි කොටස ලෙස තමයි පල වෙන්නේ.

5. ප්‍රතික්ෂේපිත price level හදුනා ගන්න.

සාමාන්‍යයෙන් අපි අපේ chart එකේ candle stick pattern තමයි බාවිතා කරන්නේ. candle stick මගින් trade හදුනා ගැනීම පිලිබදව වෙනමම කතා කරන්න ඕනේ. හේතුව එක හුගක් දිගු පාඩමක්. candle stick pattern වල එන වඩා පහත් හෝ වඩා ඉහලින් (lower or upper shadows) pattern අපි සාමාන්යෙන් hammer candlestick pattern or a shooting star candlestick pattern විදියට හදුන්වනවා. මේ candle stick pattern ගැන වෙනමම කතා කරන්න අවශ්‍ය උනත් මේ pattern දෙක ගැන හොයා ගන්න පුළුවන් පහත උදාහරණය බැලුවම.

පහත පින්තුරය hammer candlestick pattern  



පහත පින්තුරය shooting star candlestick pattern

ඔයාල මේ pattern වලට ඇස පුරුදු කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. මේවා හදුනා ගන්නනම්.


කොහොම උනත් මෙන්න මේ වගේ දෙයක් price level එකේ මතූ උනොත් අපි එක rejected price level එකක් විදියට හදුන්වනවා. ඒ කියන්නේ එතනින් එහාට price action එක වෙනස් වෙනවා. buy එකක් නම් sell විදියටත් sell නම් buy විදියටත් වෙන්න පුළුවන්.

පහත තියෙන්නේ ප්‍රායෝගික උදාහරණයක්


rejected price level

6. 50% නියමය හදුනා ගන්න

මොකක්ද මේ ? සාමන්යෙන් price එකේ වෙනසක් වෙනවනම් එක පෙර දිනයේ price range එකෙන් 50% වත් සමාන වෙන ප්‍රමාණයක් අද දිනයේ නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි නැ නේද ?
අපි උදාහරණයක් ගනිමු. 

2014.04.23 EUR/ USD market එකේ තොරතුරු පහත දක්වල තියෙනවා.



ඉහත දත්ත සලකා බැලීමෙන් 2014.04.23 දින market එක ගමන් කරලා තියෙන ප්‍රමාණය pips = 1.3854 - 1.3800 = 54 බව පැහැදිලි නේද ? ඒ කියන්නේ market එකේ ලොකු වෙනසක් වෙන්න නම් අද දින 2014.04.24 දින අඩුම තරමින්  market එක 1.3789 හෝ 1.3843 දක්වා ගමන් කරන්න ඕනේ.

NEWLY ADDED

එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ? 
2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading  වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.

END ADDED මේ ප්‍රමාණ නොඉක්මවා තිබෙන කොට මොනම අවස්ථාවකදිවත් reversal trading ගැන තීරණ ගන්න එපා.

ඒ වගේම එකේ අනිත් පැත්ත සියලුම reversal trading පටන් ගන්නේ 50% පෙර දිනයට සාපේක්ෂව ගමන් කිරීමෙන් පසුවයි.

එහෙනම් අදට ඇති වගේ නේද ? ඔයාලට ගැටළු තිබෙනවම් අහන්න.


3 comments:

  1. please explain this 50% rule again??

    ReplyDelete
  2. how did you get these 1.3789 and 1.3843 answers??

    ReplyDelete
    Replies
    1. NEWLY ADDED

      එතකොට pips 54 න් 50% ක් කියන්නේ pips 27 නේද ?
      2014.04.23 දින market එක වෙලා තියෙන්නේ 1.3816 බව පැහැදිලි නේද ? එහෙනම් මේ කියන 50% නීතියට අනුව 2014.04.24 දින reversal trading වෙන්න නම් අඩුම තරමින් 1.3816 + 27 = 1.3843 හෝ 1.3816 - 27 = 1.3789 දක්වා ගමන් කරන්න ඕනේ.

      END ADDED

      Delete