Showing posts with label Market. Show all posts
Showing posts with label Market. Show all posts

Sunday, April 28, 2013

Trading Sessions


Lesson – 19

19- Trading Sessions

පළමුවෙන්ම ඔයාලා සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

පසුගිය පාඩම් දෙක ඔස්සේ අපි Money Management ගැන කථා කළා. අද අපි කථා කරන්න යන්නේ Trading session ගැන. නමුත් Money Management පාඩම් තව ඉදිරියටත් තියෙනවා.

මොකක්ද මේ Trading Session කියලා කියන්නේ. එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද? ඇයි අපි ඒ ගැන දැන ගන්න ඕනේ?


Trading Session එකක් කියලා කියන්නේ, වෙළඳ සැසියකට හෙවත් වාරයකට. ඔයාල දැනටමත් දන්නවා Forex Market එක දවසේ 24 පැය පුරා දවස් පහේම ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ක්‍රියාත්මක වුනත් දවසේ සියලුම වෙලා වලදි Forex Market එකේ ඒකාකාරි ගලා යාමක් නෑ. ඒ කියන්නේ ඔයාල MT4 එක විවෘත කරගෙන බලන්න අපි තෝර ගෙන තියෙන  Time Frame එක (උදා.M30) සමහර වෙලාවල් වලදි  Chart එකේ අගය වෙනස් වෙලා තියෙන්නේ  Pips සුළු ප්‍රමාණයක් විතරයි.

ඒත් සමහර අවස්ථාවලදි Chart ‍එකේ අගය ඉතා විශාල ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. පහත රූපය බලන්න.








මෙහෙම වෙන්න හේතුව පිළිබඳව ඔයාල හිතුවද? මෙන්න මේ දේ සිදුවෙන්නේ Trading Sessions එකක් නිසා.

ඒ කියන්නේ වැඩිම ඉල්ලුමත් තියෙන වෙලාවට තමයි Forex Market එකේ මේ සිඝ්‍ර ලෙස අගයන් ඉහල පහල යන්නේ. මේ Trading Sessions ප්‍රධාන වශයෙන් Sessions 4 කට බෙදන්න පුළුවන්. Sydney Session, Tokyo Session, London Session, New York Session කරන වෙලාවන් පහත දක්වල තියෙනවා.




මෙන්න මේ Session වලදි Currency Pair වල සිදුවන Pips වෙනස පහත සටහනින් බලා ගන්න පුළුවන්.










අපි Trade  කරන EUR/USD වල වැඩිම ඉහල පහල යාමක් සිදු‍වන්නේ London Session එකේ කියලා පැහැදිලි නේද? ඊළඟට New York Session එකේ.

එහෙනම් අපි මේ Session Time යොදා ගෙන Trade කිරිම මගින් අපට සාර්ථක වෙන්න පුළුවන් කියලා අවබෝධ වෙනවා නේද?

හැබැයි තව එකක් මේ Trading Session ගැන නොබලා වුනන් Trading කරන කොටසක් ඉන්නවා. ඒ පිළිබඳව විස්තරාත්මකව Traders Type  යටතේ කථා කරන්න බලාපොරෝත්තු වෙනවා.මේ පිළිබඳ අවබෝධ වෙන්න ඇතැයි කියලා හිතනවා.

අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.

Friday, February 15, 2013

Forex Market - හඳුනා ගනිමු.


Lesson - 01
01 . Forex Market - හඳුනා ගනිමු.

මුලින්ම අපි මේ වචන දෙක හඳුනා ගන්න උත්සාහ කරමු.

Forex Market   – Market කියන වචනය ගැන ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඔනෙ ‍නැහැනේ. සරලවම ගන්නේ නම් වෙළඳපොළ කියන තේරුම තමයි අර්ථ ගැන්වෙන්නේ. එනකොට මොකන්ද මේ Forex කියලා කියන්නේ. ඇත්තටම ඒක තනි වචනයක් නොමෙයි. වචන දෙකක එකතූවකින් තමයි හැදිලා තියෙන්නේ. Foreign Exchange කියන වචන දෙක එකතූ කරලා Forex කියන වචනය හදා ගන්න පුළුවන් කියලා පැහැදිලි වේ. එහෙනම් Foreign Market කියන වචනය පැහැදිලිව කියන්න පුළුවන්. Foreign Exchange Market කියලා සිංහලෙන්ම කියුවොත් විදේශ හුවමාරු වෙ‍ළඳපොළයි.

Foreign Exchange Market = විදේශ හුවමාරු වෙ‍ළඳපොළ

දැන් පැහැදිලියි නේද ? ඉතින් මේ වෙළඳපොළේ හුවමාරු වෙන්නේ මොනවද ? අල, සිනි, පරිප්පු වගේ ඒවද ? කිසිම භාණ්ඩයක් මේ වෙළඳපොළේ හුවමාරූ වෙන්නේ නැහැ. මෙහි හුවමාරු වෙන එකම දෙය තමයි මුදල් ඒකක. පැහැදිලි නෑ වගේ නේද? අපි තවදුරටත් පැහැදිලි කර ගමුකෝ.

අපි දන්න මුදල් ඒකක කිහිපයක් ගැන මතක් කර ගමුකෝ. මුලින්ම මට මතකයට එන විදියට මම පහත ලියාගෙන යන්නම්. කොලයක් පෑනක් අරගෙන ඔයාටත් ලියන්න පුළුවන්නම් හොඳයි.

                        ශ්‍රි ලංකා රුපියල්           -           Rs
                        ඇමරිකන් ඩොලර්        -           $
යුරෝ                           -          
ජපන් යෙන්                  -           ¥
බ්‍රිතාන්‍ය පවුම්               -           £
ස්විස් ෆ්‍රෑන්ක්                -           CHF

දැන් අපි මේ ඒකක වලට අදාලව රුපියලට සාපේක්‍ෂව එක ඒකකයක් සඳහා වටිනාකම ගණනය කරමුකෝ.

                        LKR            ශ්‍රි ලංකා රුපියල්                       = රුපියල් 1
USD            ඇමරිකන් ඩොලර්                    = රුපියල් 130
EUR               යුරෝ                                       = රුපියල් 170
JPY                 ජපන් යෙන්                              = රුපියල් 1.35
GBP               බ්‍රිතාන්‍ය පවුම්                           = රුපියල් 198
CHF               ස්ව්ස් ෆ්‍රෑන්ක්                            = රුපියල් 137

ඒ කියන්නේ ඔයාට ඩොලර් 1ක් ගන්න ඕනෙ නම් රුපියල් 130 ක් වැය වෙනවා. බ්‍රිතාන්‍ය පවුමක් ගන්නේ නම් රුපියල් 198ක් වැය වෙනවා. ඒ වගේම ජපන් යෙන් එකක් ගන්න නම් රු.1.35 ක් වැය වෙනවා. පැහැදිලි නේද?

හොඳින් මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි ඉහත දක්වලා තියෙන අගය නිතරම වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට කියනවානම් මේ දවස්වල ඩොලර් 1 ක වටිනාකම රුපියල් 130 ක් වුනාට මීට අවුරුදු 3, 4 කට කලින් ඩොලර් එකක වටිනාකම වුනේ රුපියල් 100 ක් විතර වගේ මට මතක හැටියට. අපි තව උදාහරණයක් ගමුකෝ. මේක අනාගතය උදාහරනයක්, හිතන්නකෝ ඔයාට ව්‍යාපාර කටයුත්තකට යුරෝපා රටකට යන්න ඕන වුනා කියලා. ඉතින් ඔයාලා දන්නවනේ යුරෝපා රටවල් වල භාවිතා ප්‍රධාන මුදල් ඒකකය යුරෝ (EUR) කියලා. ඒ වගේම ඒ රටවල් වල රුපියල් වලින් ගනුදෙනු කරන්නේ නෑ කියලා. එහෙනම් අපි, අපි ලඟ තියෙන රුපියල් යුරෝ (EUR) බවට හරවා ගන්න ඕනේ නේද? මේ දේ අපිට බැංකුවකින් හෝ එවැනි කටයුතු කරන තැනකින් ලේසියෙන්ම කර ගන්න පුළුවන්. අපි හිතමු මේ විදේශ සංචාරයට යුරෝ 5000 ක මුදලක් වැය වෙනවා කියලා. අපි ගණන් හදලා බලමු යුරෝ 5000ක් කියන්නේ රුපියල් කීයකට ද කියලා.

                                  1 Euro             =  Rs 170
                                    5000 Euro      =        ?
                                                 = 170 x 5000
                             5000 Euro    = 850000

ඒ කියන්නේ ඔයාට යුරෝ 5000 ක් ගන්න රුපියල් ලක්ෂ අටහමාරක (850000) ක වැය වෙනවා. කොහොම හරි මේ රුපිලය් අට ලක්ෂ පනස්දාහ දීලා යුරෝ 5000 ක් අරගෙන යුරෝපා රටකට ගිහිල්ලා සති 3 ක් විතර ඉදලා ඔයා වියදම් කරපු  යුරෝ 5000 පමණ  හොයාගෙන (හොයා ගන්ත විදිය නම් මගෙන් අහන්න එපා)  ලංකාවට ආවා කියලා හිතමුකෝ. දැන් ඔයා ලඟ තියන යුරෝ රුපියල් වලට හරවන්න නැවත බැංකුවට ගියාම දැන් යුරෝ එකකට රුපියල් 171.50 ක රුපියල් ප්‍රමාණයක් වටින බව බැංකුව ඔයාට කිවොත්, දැන් යුරෝ 5000 වටිනාකම රුපියල් කීයද?

1 Euro           = Rs 171.50
5000 Euro      =        ?
                                                = 171.50 x 5000
                   = 857500

කියලා පැහැදිලියි නේද ?       
                          
                  ඒ කියන්නේ ඔයා මේ කළ මුදල් හුවමාරුවෙන් රුපියල් 7500 ක ලාභයක් ලබල තියෙනවා නේද?
                  මේ ඉහත දක්වල තියෙන උදාහරණ දෙක සැලකිල්ලට ගන්නේ නම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එනම්,

01.  මුදල් ඒකකවල අගය කාලය සමග වෙනස් වෙන බව.

02.  මුදල් හුවමාරුවක් වන බව.

03.  ඉහත හුවමාරු සඳහා මුදල් වර්ග 02 ක් පමණක් සම්බන්ධ වන බව.

                  ඉහත කරුණු තුන පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් නැවත මුල ඉදල පටන් ගන්න.

                  මං යුරෝ එකක් රු.170 ව ගානේ යුරෝ 5000 ක් රුපියල් ලක්ෂ 8.5 කට ගත්තා. ඊට සති තුනකට පස්සෙ යුරෝ එකක වටිනාකම රුපියල් 171.50 දක්වා ඉහල ගියා. ඉතින් මගේ ලඟ තිබුණු යුරෝ 5000 නැවත රුපියල් බවට හැරෙව්වා. එතකොට මට යු‍රෝ එකකට රුපියල් 171.50 ක් ලැබුණා.

                  ඒ කියන්නේ එක යු‍‍රෝ එකකින් රුපියල් 1.50 ක ලාභයක් ලැබුණා. එතකොට යු‍රෝ 5000 ක් මට ලැබුණු ලාභය ,

                  5000 x 1.50 = රුපියල් 7500

පැහැදිලි නේද?
            මෙන්න මේ වගේ දෙයකට තමයි අපි  Forex - Foreign Exchange කියලා තියන්නේ. ඒ කියන්නේ අපි යම් යම් මුදල් ඒකක අරගෙන ඒවායේ මිළ ඉහල ගියාම ලාභයක් ලබනවා. මෙන්න මේ‍‍‍‍ සිදුවීම තමයි Forex Market එකේ වෙන්නේ. (හැබැයි මේක අරමුණ තමයි ලාභ ලබන එක)

දැන් පැහැදිලියි නේද මොකක්ද මේ Forex Market කියන එක .

එහෙනම් අපේ පළමු පාඩම ඉවරයි. මේ ගැන අපැහැදිලි තැන් තියනවානම්  Comment කරන්න. පිළිතුරු ලැබෙයි.