Wednesday, May 8, 2013

කාලය යනු මුදල්ය


Lesson – 21

21-  කාලය යනු මුදල්ය  

පසුගිය පාඩමෙන් අපි Traders Type ගැන කථා කළා. ඒ වගේම ඊළඟ පාඩමෙන් Traders Types විස්තරාත්මකව කථා කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් කිව්ව. එත් ඊට පෙර මේ ලිපිය පළ කළොත් හොඳයි කියලා හිතුනා. මොක්කද ඉහත මාතෘකාවෙන් අදහස් වෙන්නේ?

මේ ක්ෂේත්‍රයට එන නවකයන් හුඟ දෙනෙක් හිතන දෙයක් තමයි ඔවුන්ට ඉතා ඉක්මනින් ලාභ උපයන්න පුළුවන් කියලා හිතන එක. සමහර විට ඉතා කෙටි කාලයකදි ඉතා කුඩා ප්‍රමාණවලින් ඔබට මුදල් උපයන්න පුළුවන් වෙයි. නමුත් සමස්ථයක් ලෙස ඔබ ලාභ ලබනවා කියන එක එයින් අදහස් වෙන්නේ නෑ.

හොඳට මතක තියා ගන්න ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වුනත් සමහර වෙලාවට පාඩු ලබනවා. ඒ වගේම සමහර නවකයන් හිනනවා ඔවුන් දැන් මේ ක්‍රමේ ගැන හොඳටම දන්නවා මට මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් ඔයා ලාභ ලබන කාලය ඉතා ඉක්මනින්ම අවසන් වෙන්න පුළුවන් අන්න එතකොට තමයි තේරුම් යන්නේ මේක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා.

එතකොට ඊළඟට කරන්න ඕනෙ දේ ගැන පැහැදිලි වැටහීමක් නැතුව වැඩේ සම්පුර්ණයෙන්ම අනා ගන්නවා. ඉතින් මේ ටික ඔයාලට කර ගන්න ඕනේ නෑ නේද? එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ?

පළමු‍වෙන්ම ඉගෙනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ආයෝජනය කරන්න සුදානම් වෙන්න.

ඔයාම තීරණය කරන්න මේ සඳහා දවසකට කොපමණ ‍කාලයක් යොදවන්න පුළුවන් ද කියලා. Forex Charts, Forex News කියවන්න. Market එක Study  කරන්න යම් යම් අලුත් දේවල් ‍ඉගෙන ගන්න මේ කාලය යොදා ගන්න. ඔයා  Job එකක් කරනවානම් මේක Full Time කරන්න බැරි වෙන්න පුළුවන්.

නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ ඔයාලට Forex කරන්න බැ කියන එක. Forex Traders Type ගැන ඉදිරි ලිපි වලින් කථා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට තිරණය කරන්න පුළුවන් මොන Type එකද ගැලපෙන්නේ කියලා.

මතක තියා ගන්න අපිට හැම Trade එකකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේම කවදාවත් ඉගෙන ගන්න එක නවත්වන්න එපා. එහෙම කළොත් ඔයා Lost  වෙනවා. ඉතින් මේ සඳහා ඔයාගෙ වටිනා මුදල් ආයෝජනය කරනවා වගේම ඔයාගේ කාලයත් ආයෝජනය කරන්න. 

No comments:

Post a Comment