Lesson – 22
22- Traders Type - Scalping
ඔන්න අද අපි කථා කරනවා Traders Type ගැන. මුලින්ම කථා කරන්න යන්නේ Scalping Traders ලගේ ලක්ෂණ. බලන්න ඔයත් මේ වර්ගයේද කියලා.
Scalping කියලා කියන්නේ අධික වේගයෙන් කටයුතු කරන Traders ලට. ඒ වගේම ඔවුන් Trade එකක් Open කරාම ඒ Trade එක තත්පර
කිහිපයක් ඉඳන් විනාඩි කිහිපයක් විතරයි තියන් ඉන්නේ. ඒ වගේම Trade වලින් බලාපොරොත්තු වෙන්නේ සුළු ලාභයක් විතරයි. Pips 2 ඉඳන් 5 දක්වා වගේ. Scalpers ලා Trade Open කරන්නේ Market එක හුඟක්ම Active වෙලාවට. ඒ වගේම ඔවුන් දවසට පැය කිහිපයක් මේ සඳහා ගත කරනවා. සමහර විට දවසකට
පැය හත අටක් වගේ.
බලන්න පහත ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා.
Ø වේගවත් ලෙස Trade කරන්න ඇති කැමැත්ත.
Ø පැය කිහියක් එක දෙයක් ගැන දැඩි අවධානයෙන් සිටිය හැකි
වීම.
Ø නොඉවසිලිවන්ත ගතිය.
Ø Forex Charts ආදිය ඉතා අතිශය වේගයෙන් තේරුම් ගත හැකි වීම.
Ø වේගයෙන් පරිගණය හැසිරවිය හැකි වීම.(ඇගිලි වෙවුලනවා නම්
බැ හොදේ.)
Ø මුළු කාලයම මේ සඳහා යෙදවිය හැකිවීම.
ඔන්න ඔය කිව්ව ටික ඔයාට තියෙනවානම් ඔයාට Scalping Trading සුදුසුයි. ඒ වගේම,
·
ඉතා ඉක්මනින් වෙහෙසට පත් වෙනවා නම්.
·
දිගු වේලාවක් ඒක දෙයකට අවධානය යොමු කරන්න බැරි නම්.
·
Trade එකකින් ලොකු Profit එක බලාපොරොත්තු වෙනවා නම්.
·
Market එක ගැන තේරුම් ගන්න දිගු වෙලාවක් ගත වෙනවානම්.
·
ඔයාට Heart Attack එහෙම තියෙනවා
නම්.
මේ Scalping Trading කියන ක්‍රමය සුදුසු නොවේ.
තව දෙයක් කියන්න ඕනේ. මේ Scalping Trader Type එක තමයි ඉතා ඉක්මනින්ම ලොකු Profit එකක් හොයන්න තියෙන ක්‍රමය. ඒ වගේම තමයි ඊටත් වඩා
ඉක්මනින් තමන් යොදවමු මුළු මුදලම නැති කර ගන්න තියෙන හොඳම ක්‍රමෙත්. නවකයන්ට මේ ක්‍රමය
මම නම් යෝජනා කරන්නේ නෑ. ඕන් කිව්වා. සල්ලි ටික නැති කරගෙන මට නම් බනින්න එපා හොදේ.
කොහොම හරි ඔයා
තීරණය කරා නම් මේ ක්‍රමය හොඳයි කියලා පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න.
v Liquidity එක වැඩි Currency Pairs පමණක් තෝරා ගන්න. උදා- විදියට EUR/USD, GBP/USD, USD/CHF, USD/JPY වගේ.
v දවසේ Market එක කාර්ය බහුලම වේලාවන් වලදි විතරක් Trade කරන්න.
v මුලින් එක Currency Pairs එකක් විතරක් තෝරා ගන්න. EUR/USD වගේ.
v අනිවාර්යෙන්ම හොඳ Money Management ක්‍රමයක් අනුගමනය කරන්න.
v Forex News පිළිබඳව ඉහල
අවධානයක් යොමු කරන්න.
ඔන්න ඔය ටික තමයි Scalping Trading ගැන කියන්න තියෙන්නේ.ඊළඟට අපි Day Traders ලා ගැන කථා කරනවා.
ගැටළු තියෙනවා නම් අහන්න.
No comments:
Post a Comment