Wednesday, May 8, 2013

Traders Type - Day Traders


Lesson – 23

Traders Type - Day Traders

Day Traders ලා කියලා කියන්නේ තවත් කෙටි Trading Type එකක්. හැබැයි Scalping Trader ව‍ගේ නොමෙයි. ඊට වඩා දිගු කාලයක් මෙයලා තමන්ගේ Trades තියන් ඉන්නවා. ඇත්තටම දවසක් තමයි මෙයාල තමන්ගේ Trade තියන් ඉන්නේ. දවස ආරම්භයේ දීම මෙයාල Market එක ගැන හොයලා බලලා Trade එකක් Open කරනවා. බොහෝ විට එක Trade එකයි Open කරන්නේ. ඊට පස්සේ දවස අවසානයේදි ඒ Trade එකලාභ පාඩු මොනවා වුනත් Trade එක Close කරනවා.

 පහත ලක්ෂණ තියෙනවා නම් ඔයත් Day Traders කෙනෙක්,

§  දවස ඇතුලත තමන්ගේ Trade Close කරන්න කැමැති නම්.

§  දවස ආරම්භයේදීම Market එක ගැන හොයලා බලන්න ප්‍රමාණවත් කාලයක් තියෙනවා නම්.

§  තමන්ගේ ලාභ පාඩු එදිනෙදාම දැන ගන්න කැමැතිනම්.

ඔයත් Day Trader කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ වගේම, මේ Type එක ඔයා තෝර ගත්තොත් Forex News   ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා Full Time Job එකක් කරනවා නම් මේ සඳහා කාලය සොයා ගන්න වෙනවා. මොකද සමහර වෙලාවට Chart , News ගැන එහෙම අවධානය යොමු කරන්න ඕන වෙන්න පුළුවන්.

මේ Day Trading එකක් කාටස් කිහිපයකට බෙදෙනවා. ඒ කිව්වේ Day Trading එකෙන් Trade කරන Types එහෙම තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපියකින් කථා කරමු.

No comments:

Post a Comment