Wednesday, May 8, 2013

Trader Types


Lesson – 20

20- Trader Types

පසුගිය පාඩමේදී අපි Trading Session ගැන කෙටි හැඳින්වීමක් කළා මතක ඇති. අද කථා කරන්න යන්නේ Traders Type ගැන. මොකක්ද මේ? ඔයා  Forex Market එකේ  Trade කරනවානම් ඔයත්  Trader කෙනෙක්. ඒ වගේම අපි පහත කථා කරන්න යන වර්ග එකකට හෝ කිහිපයකට ඔයාව අයිති වෙනවා.

මේ ලෝකෙ ජනගහනය කොච්චරද? මට නම් හරියටම මතක නෑ. කොහොම වුනත් කිසිම කෙනෙක්  තවත් කෙනෙකුට 100% සමාන වෙන්නෙ නෑ කියලා දන්නවනේ. ඔවුන්ගේ කැමැත්ත, රසභාවයන්, කලාත්මක හැගිම්, ප්‍රකාශන මෙකි නොකි හැමදෙයකින්ම ඔවුන් වෙනස්. ඒ වගේම තමයි Trader කෙනෙක් තවත් Trader කෙනෙකුට 100% කින් සමාන වෙන්නේ නෑ. එක Trader කෙනෙක් ලොකු ලාභයක් අපේක්ෂාවෙන් මාස ගානක් බලන් ඉන්න කොට තවත් Trader කෙනෙක් ඉතා කෙටි ලාභ විශාල ගණනක් කෙටි කාලයක් තුල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එතකොට අපට මතුවෙන ගැටළුව තමයි මොක්කද හොඳම විදිය? හොඳම‍ Trading Type මොකක්ද? ඇත්තටම මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි තමන්ට ගැලපෙන Trading Type එක තමයි හොඳම එක කියලා. ඒක ඉතින් තමන්ම තමයි තීරණය කර ගන්න ඕන. ඉදිරි ලිපි කිහිපය ඒ සඳහා උදව් කර ගන්න ඔයාලට පුළුවන්. එහෙම නැතුව වෙන කාටවත් ඔයාගේ Trading Type එක තිරණය කරන්න බැහැ. මතක තියා ගන්න සෑම Trader කෙනෙකුටම අන්‍ය වූ ස්වාධින Trading Actions පවතින බව.

සාමාන්‍යයෙන් Traders ‍ලා ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදෙනවා. ඔයා මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වෙන්න පුළුවන්.

01.Scalper Traders

02.Day Traders

03.Swing Traders

04.Position Traders

මේ වර්ග ගැන සවිස්තරාත්මකව ඉදිරි ලිපි වලින් කථා කරමු.

No comments:

Post a Comment