Sunday, May 12, 2013

Traders Type – Position Trader


Lesson – 25

25-  Traders Type – Position Trader

හතරවැනි හා අවසාන කාණ්ඩය තමයි Position Trading Type එක. Position Trader කෙනෙක් තමන්ගේ  Trade එකෙන් Pips 2000 ඉදන් 5000 වගේ Profit එකෙන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඔයාල දැන් Demo Account  එකේ Trade කරන නිසා දන්නවා ඇතිනේ. මේ තරම් Pips වෙනසක් වෙන්න Forex Market එකට කොතරම් කාලයක් ගත වෙනවාද කියලා. මෙයාල Trade එකක් විවෘත කරන්නේ ලෝකයේ ආර්ථිකයට බලපාන සියලුම සිදුවිම් ගැන ගැඹුරින් සොයලා බලලා දේශපාලනික, ආර්ථික, යුධ ගැටුම්, තාක්ෂණය ආදි සියලුම සිදුවිම් මේකට ඇතුලත් වෙනවා.

ඒ වගේම ඒ වගේ සිදුව්ම් වලින් Forex Market එක ඉහල පහල යාම සම්බන්ධ වෙන ආකාරය ගැන පුළුල් දැනුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම සොයා බැලිමෙන් පස්සේ Trade විවෘත කරාම ඒ Trade එක සාමාන්‍යයෙන් මාස කිහිපයක ඉදන් වසර කිහිපයක් වුනත් තියන් ඉන්නවා. තමන් අපේක්ෂා කරන ඉලක්කයට ළගා වෙනකන්ම.

දැන් ඔයාලට අවබෝධ වෙන්න ඕන දෙයක් තමයි Position Trader කෙනෙක් වෙන්න නම් විශාල ආයෝජනයක වගේම විශාල ඉවසිමකුත් තියෙන්න ඕන කියලා.

ඒ වගේම අද අපි අවශ්‍ය Trading Type එක ගැනත් කථා කරා. මේ Trading Type 4 න්ම හොඳම  Type එක මොකක්ද? එකට පිළිතුර නම් එහෙම හොඳයි කියලා Type එකක් නැහැ. ඔයාලගේ සිතැගි, හැකියාවට ගැලපෙන එක තමයි හොඳම Trading Type එක වෙන්නේ. ඒ වගේම එක Trading Type එකක් විතරක් අනුගමනය කරන්න ඕනේ කියලා නැහැ.

එහෙනම් Trading Type ගැන අවබෝධයක් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. ඉදිරියේදි Day Trading වලට අදාළ තව ලිපියක් පළ කරන්න අදහස් කරනවා.

ඔයාල Demo Account  පටන් අරන් කියෙනවා. ඒ වගේම ප්‍රගතිය Comments කරන්න. යම් උපදෙසක් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම ගැටළු තියෙන තැන් තියෙනවා නම් අහන්න.

2 comments:

  1. සහෝදරයා ඔයාගේ බ්ලොග් එක ගොඩක් වැදගත් උනා මට.මමත් ෆොර්රෙෂ් කරලා අනාගෙන ඉන්න කෙනෙක්.මට හිතුන යේ මුල ඉදන් ඉගෙනාගන්න ඕන කියල.ඒ වෙලාවේ තමයි ඔයාගේ බ්ලොග් එක හම්බුනේ.එත් මට හම්බුන හැම බ්ලොග් එකක්ම වගේ මේකත් මග නතර වෙලා.මෙතනින් එහාට ඉගෙනගන්න තැනක් මට තාම හම්බුනේ නැ. එත් සහෝදරයා ඔයාගේ බ්ලොග් එක නිසා මම ගොඩක් අතපසු උන දේවල් ඉගෙන ගත්තා.ගොඩක් මගේ තියන වැරදි ඔයා හරියටම පෙන්නලා තිබුනා.ගොඩක් ස්තුතී .ඒ වගේම මගේ පුංචි ඇරයුමක් තියනවා . මේ බ්ලොග් එක ඉදිරියටත් කරගෙන යන්න කියල.මග නවත්තන්න එපා.එක මට වගේම තව ගොඩක් අයට පාඩුවක්. සුබ දවසක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා. පසුගිය මස වල ලිපි පල කරන්න බැරි උනා. ඉදිරියේදී අනිවාර්යෙන්ම පල කරනවා.

      Delete