Saturday, February 16, 2013

Forex Market එකේ නිතර හමුවන වචන - 03


Lesson – 06

6. Forex Market එකේ නිතර හමුවන වචන - 03

පෙර පාඩමේදි කතා කරපු දේවල් පැහැදිලි නේ. අද නම් තියෙන්නේ පොඩි පාඩමක්. ඒ වගේම සරලයි. හැබැයි වැදගත්.

Pips  මොකක්ද මේ Pipes කියන්නේ.

ඒකත් අපි උදාහරණ ඇසුරින් තේරුම් ගන්න උත්හාස කරමු.

EUR/USD  = 1.3296 ට තිබිල ටික වෙලාවකට පස්සේ EUR/USD           = 1.3299 වුන කියලා හිතන්න. එතකොට Pips ගාන කියද?

                       Pips     = 1.3299 -1.3296

                                    = 0.0003

ඒ කියන්නේ එක  Pips ගාන 3යි

තව උදාහරණයක් බලමු

EUR/USD = 1.4380 ඉදන් ටික වෙලාවකට පසු EUR/USD = 1.4370 වෙනවා. දැන් Pips ගාන කියද?

                       Pips     = 1.4370 - 1.4380

                                    = 0.0010

ඒ කියන්නේ Pips 10 කින් අඩු වෙලා.

මේක බලන්න.


                                                    
පැහැදිලි වෙනවා නේද මේ Pips කියන්නේ මොකටද කියලා.

මතක තියා ගන්න ඕනේ තව දෙයක් තමයි JPY සම්බන්ධ වෙන අවස්ථා. අපි කලින් ඉගෙන ගන්ත JPY සම්බන්ධව යෙදෙන කොට දශමස්ථාන 2ක් පමණක් ඇති බව. මතකද?

                        GBP/ JPY = 146.12

මේ වාගේ යොදන කොට Pip එකක් කියන්නේ 2 වැනි දශමස්ථානය කියලා මතක තියා ගන්න.

අද හුඟක් කෙටි පාඩමක්. සරලයි. තේරුම් ගන්න ඇති කියලා හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

Forex Market එකේ නිතර හමුවන වචන - 02


Lesson – 05
5. Forex Market එකේ නිතර හමුවන වචන - 02

පසුගිය පාඩම් ‍තේරුම් ගන්න ඇති කියල හිතනවා. අපි අද කතා කරන්‍න හදන්නෙ තවත් වැදගත් දේවල් කිහිපයක් ගැන.

Margin - මොකක්ද මේ Margin කියල කියන්නෙ.මේ Margin කියන වචනය යෙදෙන්නෙ Leverage කියන එකත් එක්ක. Leverage කියන එක පැහැදිලියිනේ. අපැහැදිලි නම් පෙර පාඩම නැවත බලන්න. Margin කියන එක උදාහරණ ඇසුරින්ම පැහැදිලි කර ගන්න  උත්සාහ කරමු.

Margin එක 0.5 % හා EUR/USD = 1.3292 නම්  EUR Lot එකක් ගන්න අවශ්‍ය USD ගණන කීයද?

EUR/USD                            =          1.3292

EUR Lot 1ක්                          =          1.3292 100000

                                                =          132920.00

Margin එක 0.5 %  නිසා        =          132920 x 0.5%

                                                =           132920  x  1 / 200  
                                                                              
                                                =          664.60

ඉහත උදාහරණයේ 1/200 කියල එකක දැක්වෙන්නේ 200:1 මතකයි නේද? අප පෙර පාඩමේදි ‍‍ඉගෙන ගන්තේ. දැන් පැහැදිලි වෙනවා නේද වේ Leverage එක හා Margin එක අතර සම්බන්ධය.

Leverage vs Margin


පැහැදිලි  නේද? 

තවත් පැහැදිලි කර ගන්න පහත උදාහරණ බලන්න.

Margin එක 0.5% වන EUR/USD  = 1.3292 නම් EUR Lot 0.01 ක් මිළදි ගන්න වැය වන USD ප්‍රමාණය ගණනය කරන්න.

කොළයක් පෑනක් අරගෙන වැඩ පටන් ගන්න. මොකද දෙයක් බලනවට වඩා ඒක ප්‍රායෝගිකව කරන ඒක තුලින් වඩාත් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.

අපට සපයා ඇති දත්ත මුලින්ම ලියා ගමු.

EUR/USD = 1.3292

Margin =  0.5%  = 1/200     
                
අවශ්‍ය Lot ප්‍රමාණය = 0.01

දැන් ගණනය කරමු.

EUR Lot එකකට අවශ්‍ය USD =  1.3292 x 100000

                                        $          =  132920.00

EUR Lot 0.01 කට USD         =  132920 x 0.01

                                  $          =  1329.20

Margin එකක් 0.5% නිසා       =  1329.20 x 0.5%
                                 
                      $          =  6.646

දැන් පැහැදියි නේද?


ඒ වාගේම දැන් ඔයාලට තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ඉතාමත් පොඩි මුදලක් යොදවල වුනත් Forex Market එකේ Trade කරන්න පුළුවන් කියන එක.

ඩොලර් 100 ක් වැනි මුදලකින් වුනත්. අපි දැන්ම මේකට මුදල් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැති වුනන් දැන්ම ඉඳන් ඩොලර් 100 ක් එකතු කර ගන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් රු.13000/- විතර.

ඉහත උදාහරණයේ ඔබ EUR/USD Lot 0.01 මිලදි ගත් වහාම ඔබගේ ගිණුමෙන් $ 6.646 ක මුදලක් අඩු වෙනවා.මේ මුදල නැවත ගිණුමට ලැබෙන්නේ මේ විවෘත කරපු Trade එක Close කරාම තමයි. ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ $ 100 ක් තිබු‍නම දැන් එක  $ 93.354 ක් වෙනවා. කොහෙමද 100 - 6.646 නිසා.

අදට ඇති වගේ නේද? අද ඔයාල ඉගෙන ගත්තේ හුඟක් වැදගත් දෙයක්. මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවානම් අනිවාර්යෙන්ම අහන්න.

ප.ලි.

මල්ලි කෙනෙක් කියන දේ පැහැදිලි නැ කියල තිබුන. ඔයාලට මතක ඇති Leverage කියන දේ. මෙන්න මේ Leverage එකත් එක්ක Trade කරන කොට තමඊ Margin කියන දේ යෙදෙන්නේ. Leverage vs Margin සටහන බලන්න.

Forex Market එකේ නිතර හමුවන වචන - 01


Lesson – 04

4. Forex Market එකේ නිතර හමුවන වචන - 01

            මේ වෙනකන් පාඩම් මාලාව ‍ඉගෙන ගන්ත ඔයාලට මේ පිළිබඳ හොඳ දැනුමක් ඇතැයි කියලා හිතනවා. ඊළඟ පාඩම් ටික ඉගෙන ගන්න කලින් Forex Market එකේ භාවිතා වෙන ‍වචන හා තේරුම් ගැන විස්තරයක් දැම්මොත් හොඳයි කියලා හිතුවා.

            Currency, Currency pairs, lot, Margin, leverage, pips, Base Currency, Quote Currency කියන වචන වල තේරුම ගැන හොඳ අවබෝධයක් තිබිම අත්‍යවශයි.

            අපි මුලින්ම Currency , Currency pairs, Base Currency හා Quote Currency ගැන බලමු. ඔයාල දැනට මුල් දෙක ගැන දන්නවනේ. උදාහරණ ලෙස කිවොත්,

          Currencies            = USD, EUR, GBY, CAD

Currency pairs     = EUR/USD

          Base Currency      = EUR

            Quote Currency    = USD

 Base Currency කියලා කියන්නේ නිතරම Currency pair එකක මුලට තියෙන Currency එකට. EUR/ USD වල Base Currency එක EUR වගේම USD/CHF Currency pairs එකේ Base Currency වෙන්නේ USD එක. පැහැදිලි නේද? එතකොට දැන් පැහැදිලි වෙන්න ඕනේ Quote Currency කියලා කියන්නේ Currency pairs එකේ දෙවැනියට තියෙන Currency එකට කියලා. උදාහරණ ලෙස USD/CHF නම් Quote Currency වෙන්න CHFඑක. EUR/USD වල Quote Currency වෙන්නේ USD පැහැදිලි නේද?

            ඊළඟට අපි බලමු මොකක්ද Lot එකක් කියලා තියන්නේ.මේ Lot යන වචනයට Standard Lot කියලත් කියනවා. මේක සමහර විට ඔයාලට අලුත් වචනයක් වෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න අවශ්‍ය නැ. ඔයාල හැමෝම දන්නවනේ 1kg 1000g ක් තියෙනවා කියලා.

                                      1 Kg = 1000g

 කියන එක කොහේදිවත් වෙනස් වෙනවද? ඒ කියන්නේ ඒක සම්මතයක්. ඒ වගේම තමයි මේ Lot එකත්

1 Lot = 100000
 


 දැන් පැහැදිලි නේද? Lot එකක් කියන්නේ.ඒකක 100000 ක අගයකට. මේ Lot එක යටතට Mini lot, Micro lot, Nano lot කියන Lot වර්ග අයිති වෙනවා.  පහත වගුව බලන්න.

Lot
100,000
Mini Lot
10,000
Micro Lot
1000
Nano Lot
1000







දැන් පැහැදිලි අදහසක් ගන්න පුළුවන් නේද?


පහත ලියන තියෙන දේ ගැන අදහසක් ගන්න උත්සාහ කරමු.

EUR/USD   = 1.3292

USD/CFF   = 0.9169

USD/CAD   = 1.0026

NZD/JPY    = 77.42

CHF/JPY    = 101.13

මේ දවස්වල Forex Market එකේ පවතින අගයන් කිහිපයක් තමයි ඔය ලිව්වේ.

අපි මුලින්ම EUR/USD = 1.3292 කියන එකෙන් අදහස් වෙන්නේ Euro එකක් ගන්න USD වලින් 1.3292 ක් ඔනෙයි කියන එක. පැහැදැලි නේද? CHF/JPY = 100.13 කියන්නේ ස්විස් ෆ්‍රෑන්ක් 1 ක් ගන්න ජපන් යෙන් 101.13 ක් ඕනෙයි කියන එක. මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි JPY සම්බන්ධ වෙන Currency pairs එකෙදි දශමස්ථාන 2ක් පමණක් ඇති බව. අනිත් අවස්ථා වල (JPY සම්බන්ධ නොවන) දශමස්ථාන 4ක් ඇති බව. සමහර විට දශමස්ථාන 5ක් වුවත් තියෙන්න පුළුවන්.

EUR/USD   = 1.3292 නම් Euro lot එකක් ගන්න USD කියක් ඕනේද කියල බලමු.

EUR 01          = USD 1.3292

Lot 01 = 100000

 


EUR Lot 01   = 1.3292 x 100.000

                   = 132,920.00

ඒ කියන්නේ EUR Lot එකක් ගන්න ඔයාට USD 132,920 ක මුදලක් වියදම් කරන්න වෙනවා. ඉතින් පැහැදිලි නේද? මේ තරම් මුදලක් යොදා අපට Forex Market එකේ Trade Open කරන්න බැරි බව.
මෙන්න මේ අවස්ථාවේදි තමයි Leverage කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ. Forex Market එකේදි 400:1, 200:1, 100:1, 50:1 වගේ Leverage Level හමු වෙන්න පුළුවන්. Leverage එක 200:1 කියන එකෙන් අදහස් වෙන්නේ එකක වටිනාකම 200න් බෙදෙනව කියන ඒක.ඒ කියන්නේ 200:1 Leverage තියෙන EUR/USD Lot එකක් ගන්න වැයවෙන්නේ USD 664.6 ක් විතරයි. කොහොමද?

                        EUR/USD             = 1.3292

EUR Lot 01             = 1.3292 x 100000

                                         = 132920.00

            Leverage1               = 200:1

                        දැන් Lot එකක්            = 132920 / 200

                                                          = 664.60

දැන් USD/ CHF Lot එකක් ගන්න යන ගාන ගණන් කරමු. Leverage එක 200:1 වෙන කොට

            USD/ CHF                  =          0.9169

USD නෙට් එකට          =          0.9169 x 10000

                                                 =          91690

            Leverage                   =          200:1

                                                =          458.45

දැන් වැටහෙනවා නේද?

එහෙනම් අදට ඇති. ඊළඟ කොටසින් ඉතුරු වචන හා තේරුම් පිළිබඳව බලමු. පෙර පාඩම් වගේම අපැහැදිලි හා ප්‍රශ්න තියෙන තැන් අහන්න.