Showing posts with label supportive & resistance level. Show all posts
Showing posts with label supportive & resistance level. Show all posts

Tuesday, October 28, 2014

Support & Resistance level

                               Support & Resistance level


ඔන්න අපි පසුගිය ලිපියේ කිව විදියට Support & Resistance level ගැන කතා කරන්න හදන්නේ.

පහත තියෙන්නේ මේ ලිපිය ලියන කොට ගත්ත Eur/Usd screen shot  එකක්. එක බලල ඉන්න.


ඔයාලට මේක බැලුවම කියන්න පුළුවන් මොකක්ද ? යම්කිසි ඒකාකාර රටාවක් හදුනා ගන්න පුළුවන් ද ? නගිනවා බහිනවා වගේ. හරියට කියනවනම් අපි කදු නගින්නේ බහින්නේ මෙහෙම නේද ?

මේ රටාව හදුනා ගන්න පහසු වෙන්න මම ඊලග රුපය සකස් කරලා තියෙනවා. එකත් බලලම ඉන්න.



ඒ රුපයේ රතු පාටින් දක්වල තියෙන්නේ ඔය කියන නැගිම් හා බැසිම් නිල් පාටින් තියෙන්න මේ රටාව Down trend එකක් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි බැහැල තියෙන්නේ පැල්ලමක්. පැහැදිලි නේද ?

ඊළගට තියෙන රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන තැන් වලට අවදානය දීල බලන්න.


මෙන්න මේ ලකුණු කරලා තියෙන අවට තමයි  Support & Resistance level කියල කියන්නේ.


දැන් පැහැදිලි වුනා නේද ? ඔයාල ඉහත රුපය හොදින් බැලුවනම් දෙයක් වැටහෙන්න ඕනේ. බලන්න මේ කහ ඉරි වලින් ලකුණු කරලා තියෙන ප්‍රදේශ දිහා. එක යම්කිසි level එකක් වගේ නේද පෙන්නේ. එහෙම නැත්නම් යම්කිසි අගයක් හරියටම කියන්න බැ නේද ?

වමේ ඉදන් දෙවෙනි කහ ඉරට අවදානය යොමු කලොත් එහි සාමාන්‍ය අගය 1.2730 වගේ වෙනවා. නමුත් ඒ ප්‍රමාණය ඉක්මවා ගිහින් අවමම අගය වෙන 1.2370 දක්වාත් මෙය ලගා වෙලා තියෙනවා.

එහෙමනම් මතක තිය ගන්න මේ Support & Resistance level වලට නියමිත හා නිවැරදි අගයක් දෙන්න  බැ කියල.

තව දෙයක් ඔයාල ඉහත අගයන් දෙක හොදින් බැලුවනම් පෙනෙන්න ඕනේpips 400 ක වෙනසක්. එතකොට අපි මේ  Support & Resistance level , Trade  වලට යොදා ගත්තොත් අපේ Account  වලට බුදු සරණයි නේද  ? ::)) එහෙම වෙන්නේ නැ හොදද ?

 ඉහත දක්වල තියෙන සියලු රුප අපි අරන් තියෙන්න MN  Chart එකෙන්. ඒ කියන්නේ එක candle එකක් සම්පුර්ණ මාසයක් නියෝජනය කරනවා. තව දුරටත් පැහැදිලි කරනවානම් ඔයාල ඉහත දැක්කේ වර්ෂ 2006 ඉදන් මේ දක්වා EUR/USD Chart එක.

ඒ කියන්නේ අනිත් Time frame වලට මේ කියන  Support & Resistance level වලංගු වෙන්නේ නැද්ද ? මතක තිය ගන්න මේ කියන සිද්දිය සියලුම Time frame වලට වලංගුයි. ඔයාල MT4 එක open  කරලා බලන්න බොරුද කියල. හැබැයි තව දෙයක් මේක යොදා ගන්නවානම් මම නම් යෝජනා කරන්නේ H4 එකෙන් එහාටවත් බවිත කරන්න කියල.

තව දෙයක් ඔයාල කාට හරි ප්‍රශ්නයක් ආවද ඇයි මේ කියනSupport & Resistance level එක අපි ලකුණු කල සිමාවෙන්  එහා මෙහා වෙලා තියෙනේ කියල. එකට සරලම පිළිතුර තමයි මේ chart එකට අවශ්‍ය candle stick pattern එක හදා ගන්න. ඒ පාර තව ප්‍රශ්නයක් මොකක් ද මේ Candle stick pattern කියන්නේ කියල නේ. එක සම්පුර්ණයෙන්ම කියා දෙන්න නම් තව ලිපි 60 ක් වත් ලියන්න වෙයි. candle pattern වලට විතරක්. සනීපයි නේද ?

මේ ලිපිය ඉවර නේ. අදට ඇති වගේ නේද. ඊලග ලිපියෙන් ඉතුරු ටික..........








Thursday, October 16, 2014

What is pivot point ? - 2

What is pivot point ? - 2


පුරා මාස 5 ක විතර කෙටි :) විරාමයකින් පස්සේ තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. මෙය කියවන්න පෙර අනිවාර්යෙන්ම පෙර ලිපිය කියවල එන්න.

පෙර ලිපියේ අපි ගණනය කලේ pivot point එක හොයන එක විතරයි නේද ? ඇත්තටම එක තමයි ආරම්බය. අද අපි

First Support Level

First Resistance Level

Second Support Level

Second resistance level

Third support level

Third resistance level

හොයන්න ගණනය කරන්න උත්සහ කරමු. මට මතක විදියටනම් මේ support and resistance level ගැන අපි තාම කතා කරල නැහැ. ඒ ගැන අනිවාර්යෙන්ම ඊලග ලිපියෙන් කතා කරනවා. හොදයි අපි පටන් ගමු.



ඉහත දක්වල තියෙන සටහන බලන්න.

ඔයාල දැනටමත් Pivot point  එක හොයන්න දන්නවා. ඒ අනුව pp එක වෙන්නේ 

2014. 10.16  දින pp  එක  = 1.2776


දැන් අපි First Resistance level  එක හොයමු. කොහොමද ?

First Resistance (R1) =  (2 * pp ) - low  ඒ කියන්නේ

                       = (  2 * 1.2776 ) - 1.2624

                        = 1.2928

පැහැදිලි නේද ? දැන් First supportive level  හොයමු.

First support (S1)=  (2 * pp ) - high

                         =  1.2666


දැන් අපි second level support & resistance level හොයමු.


second resistance (R2) = PP + ( High - Low)  ඒ කියන්නේ

                                     = 1.2776 + ( 1.2886 - 1.2624 )

                                   = 1.3038 

ඒ වගේම 

second support (S2)  =  PP -  ( High - Low) 

                                 =  1.2514



දැන් අපි අවසාන එක වගෙම Third level support & resistance level හොයමු.

Third resistance (R3) = High + 2( PP - Low ) කියන්නේ

                                  = 1.2886 + 2( 1.2776 - 1.2624 )

                                 = 1.3190

Third support (S3)  =  Low - 2( High - PP )

                               =  1.2624 - 2(1.2886 - 1.2776 )

                               =  1.2404




ඔන්න අපි මොනවා හරි ගණන් ටිකක් හැදුව නේද ? අමාරු වුනාද ? මේවා ස්වයංක්‍රීයව  කරලා දෙන පොඩි පොඩි tool තියෙනවා. හැබැයි මේ ටික තමන්ගේ ඔලුවට අවබෝද කර ගන්න අමාරු නම් Forex ඇත ඇරලා දාන එක තමයි වඩා හොද.

අපි ඉහත ලබා ගත ගණනය කිරීම් යොදා ගන්නේ කොහොමද කියල ඊලග ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්න තියෙනවනම් comments කරන්න. පිළිතුරු sure ........








Tuesday, April 8, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට

සාර්ථක PAT කෙනෙකු වීමට


අපි පසුගිය ලිපියෙන් Price Action Trading (PAT) ගැන මුලික වශයෙන් කතා කරා. Forex Trading කරන  අය අහන සුලබ ප්‍රස්නයක් තමයි Trade හදුනා ගන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නේ අහන්න ලේසි උනාට ඒකට පිළිතුරක් දෙන්න නම් ප්‍රවීන දැනුමක් අප සතුව තිබෙන්න ඕනේ. හේතුව අප ලබා දෙන පිළිතුර මත තමයි අපේ Trade එකේ ලාභ අලාභ තීරණය වෙන්නේ.
ඉතින් හොද Profit උපයන Trader කෙනෙක් වෙන්න Price Action Trading  තෝර ගත්තනම් හෝ උනන්දුවක් දක්වනවානම් ඒ සදහා ඉගි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. මෙහි සදහන් සමහර දේවල් නොත්රෙන්න පුළුවන්. හේතුව තවමත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා නැති නිසා. ඉදිරියේදී අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. සහයෝගී හා ප්‍රතිරෝදී තල හදුනා ගැනීම -- Identify support and resistance levels

මෙය අයත් වෙන්නේ Technical Analysis  මූලදර්මයට. ඒ වගේම එහි මුලිකම සිද්දන්තයක්. මෙන්න මේ Support level හා Resistance level එක නිවැරදිව හදුනා ගැනීම  මගින් අපට Trade එක ගමන කරන දිශාව පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්.  පහත රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන ස්ථාන දිහා අවදානය යොමු කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේ වටහා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එය වටහා ගැනිම මගින් ඔබට අත්වන වාසිය කොපමණද කියා අවබෝද වෙනවා නේද ?

support & resistance level
02. Swing points විශ්ලේෂණය කිරීම

Swing points කියල කියන්නේ යම් කිසි හැරුම් ලක්ෂ වලට. උදාහරණයක් විදියට ගත්තොත් Buy  එකක් ගිහින් Sell එකක් විදියට හැරෙන ස්ථාන වගේම Sell එකක් ගිහින් Buy එකක් විදියට හැරෙන ස්ථාන මේ කියන Swing points ( Pivot point )ආධාරයෙන් හදුනා ගන්න පුළුවන්. මේ ගැන අපි වෙන ලිපියක කතා කරනවා.

03. දිගු  Candle පිලිබදව සැලකිලිමත් වන්න

සාමාන්‍යයෙන් දිගු එකකට පස්සේ එකේ දිශාව වෙනස් වෙනවා. මෙය අනිවාර්ය දෙයක් නොඋනත් වැඩි ඉඩක් පවතිනවා. පහත රුපය බලන්න. ඔයාලට වටහා ගන්න පුළුවන් වෙයි.



04. පටු Candle  හදුනා ගන්න.

බලන්න පහත රුපයේ කහ පාටින් සලකුණු කරලා තියෙන පෙදෙස දිහා. මෙන්න මේ අවස්ථාවේදී Buyers හා Sellers විසින් එක සමාන ප්‍රමාණ වලින් Forex Market  පාලනය කරනු ලබනවා. නමුත් යම් අවස්ථාවක මේ දෙගොල්ලන්ගෙන් එක පිරිසක් ජය ගනු ලබනවා. අන්න ඒ අවස්ථාවේදී දිගු Buy හෝ Sell එකක් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැ මොන පැත්තට මේක වෙනවද කියල. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මතක තබා ගන්න.



අදට ඇති වගේ නේද. තව කොටසක් ඉක්මනින් දානවා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

Friday, April 4, 2014

Price Action Trading ( PAT )

Price Action Trading ( PAT )

Lesson – 26

මොකක්ද මේ Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ ?

අපි මුලින්ම බලමු Price Action කියල කියන්නේ මොකක්ද කියල. සරලවම කිවොත් Price Action කියන්නේ මිල ඉහල පහල යාම මත හැදෙන Chart එක. පහල පින්තුරය බලන්න.

Price Action

Price Action Trading ( PAT ) කියල හදුන්වන්නේ මෙන්න මේ Price Action මත කරන Trading. අපි පසුගිය පාඩම් වල යම් යම් Indicators ගැන කතා කලා වගේ මතකයි. කතා කරාද දන්නේ නැහැ. එහෙම නැත්නම් කියන්න. නමුත් Price Action Trading ( PAT ) සදහා මේ Indicators යොදා ගැනිම සිදු කරන්නේ නැහැ. නමුත් සමහර විට  supportive & resistance level, Trend හදුනා ගැනීම සදහා  Moving Average යොදා ගැනිම වෙන්න පුළුවන්.

පහත පෙන්නලා තියෙන පින්තුර දෙක දිහා බලන්න. Future trade ගැන පහසුවෙන් අදහසක් ගන්න පුළුවන් මොන chart එකෙන් ද කියල තීරණය කරන්න.

Clean price action chart

image from learntotradethemarket.com

මොකද හිතෙන්නේ ? මටනම් පලවෙනි chart එක පහසුයි. ඔයාලටත් එහෙම නම් Price Action Trading ( PAT ) ගැන වැඩි විස්තර දැනගන්න එක ප්‍රයෝජනවත් වෙයි.