Tuesday, April 8, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට

සාර්ථක PAT කෙනෙකු වීමට


අපි පසුගිය ලිපියෙන් Price Action Trading (PAT) ගැන මුලික වශයෙන් කතා කරා. Forex Trading කරන  අය අහන සුලබ ප්‍රස්නයක් තමයි Trade හදුනා ගන්නේ කොහොමද කියල. ඔය ප්‍රශ්නේ අහන්න ලේසි උනාට ඒකට පිළිතුරක් දෙන්න නම් ප්‍රවීන දැනුමක් අප සතුව තිබෙන්න ඕනේ. හේතුව අප ලබා දෙන පිළිතුර මත තමයි අපේ Trade එකේ ලාභ අලාභ තීරණය වෙන්නේ.
ඉතින් හොද Profit උපයන Trader කෙනෙක් වෙන්න Price Action Trading  තෝර ගත්තනම් හෝ උනන්දුවක් දක්වනවානම් ඒ සදහා ඉගි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. මෙහි සදහන් සමහර දේවල් නොත්රෙන්න පුළුවන්. හේතුව තවමත් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා නැති නිසා. ඉදිරියේදී අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. සහයෝගී හා ප්‍රතිරෝදී තල හදුනා ගැනීම -- Identify support and resistance levels

මෙය අයත් වෙන්නේ Technical Analysis  මූලදර්මයට. ඒ වගේම එහි මුලිකම සිද්දන්තයක්. මෙන්න මේ Support level හා Resistance level එක නිවැරදිව හදුනා ගැනීම  මගින් අපට Trade එක ගමන කරන දිශාව පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්.  පහත රුපයේ කහ පාටින් ලකුණු කරලා තියෙන ස්ථාන දිහා අවදානය යොමු කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේ වටහා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එය වටහා ගැනිම මගින් ඔබට අත්වන වාසිය කොපමණද කියා අවබෝද වෙනවා නේද ?

support & resistance level
02. Swing points විශ්ලේෂණය කිරීම

Swing points කියල කියන්නේ යම් කිසි හැරුම් ලක්ෂ වලට. උදාහරණයක් විදියට ගත්තොත් Buy  එකක් ගිහින් Sell එකක් විදියට හැරෙන ස්ථාන වගේම Sell එකක් ගිහින් Buy එකක් විදියට හැරෙන ස්ථාන මේ කියන Swing points ( Pivot point )ආධාරයෙන් හදුනා ගන්න පුළුවන්. මේ ගැන අපි වෙන ලිපියක කතා කරනවා.

03. දිගු  Candle පිලිබදව සැලකිලිමත් වන්න

සාමාන්‍යයෙන් දිගු එකකට පස්සේ එකේ දිශාව වෙනස් වෙනවා. මෙය අනිවාර්ය දෙයක් නොඋනත් වැඩි ඉඩක් පවතිනවා. පහත රුපය බලන්න. ඔයාලට වටහා ගන්න පුළුවන් වෙයි.



04. පටු Candle  හදුනා ගන්න.

බලන්න පහත රුපයේ කහ පාටින් සලකුණු කරලා තියෙන පෙදෙස දිහා. මෙන්න මේ අවස්ථාවේදී Buyers හා Sellers විසින් එක සමාන ප්‍රමාණ වලින් Forex Market  පාලනය කරනු ලබනවා. නමුත් යම් අවස්ථාවක මේ දෙගොල්ලන්ගෙන් එක පිරිසක් ජය ගනු ලබනවා. අන්න ඒ අවස්ථාවේදී දිගු Buy හෝ Sell එකක් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැ මොන පැත්තට මේක වෙනවද කියල. එහෙම දෙයක් වෙන්න පුළුවන් කියල මතක තබා ගන්න.



අදට ඇති වගේ නේද. තව කොටසක් ඉක්මනින් දානවා. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

No comments:

Post a Comment