Thursday, April 24, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 3


                                                 සාර්ථක PAT කෙනෙකු වීමට - 3

මෙහි මුල් කොටස් දෙක සදහා පසුගිය ලිපි බලන්න. අද අපි තුන්වන කොටස ඉදිරිපත් කරනවා.

7. price හිඩැස් ප්‍රයෝගය

පහත පින්තුරයේ කහ පාටින් සලකුණු කරලා තියෙන candle stick දිහා හොදින් බලන්න. මොනවද ඔයාලට හිතෙන්නේ. price එක පහල යයි කියල නේද ? ඒ උනත් වෙලා තියෙන්නේ පෙර තිබුනටත් වඩා වැඩියෙන් price එක ඉහල ගියපු එක නේද ? මෙන්න මේක price හිඩැස් ප්‍රයෝගය එහෙම නැත්නම් .. කියල හදුන්වනවා. කොහොමද අපි මේක හදුනා ගන්නේ ?

දිනය ආරම්බයේදී price එක පහල යනවා. නමුත් දිනය අවසානයේදී price එක දිනය ආරම්බයේදී තිබුනටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යනවා. දැන් පැහැදිලි නේද හදුනාගන්න විදිය.

කව්රුහරි මේ පහල යාම දැකල sell එකක් දැම්මොත් ඉතින් මොකද වෙන්නේ ? අන්න එක නිසා තමයි මේක යම් ප්‍රයෝගයක් විදියට හදුන්වන්නේ.



8. ගලා යාම මනින්න

මොකක්ද මේ කියන්නේ ? සාමාන්‍යයෙන් ගත්තොත් price action කියල කියන්නේ price එක ඉහල පහළ යාම් වලට කියල දන්නවනේ. පහත රුපයේ අපි price එකේ ගලා යාම මැනල තියෙනවා. හොදින් බලන්න.


price එක ඉහලට pips 234 ක් ඉහල ගිහින් කියල පේනවා නේද ? ඒ වගේම පහලට pips 115 ක් පමණ ගිහින් තියෙන බව ඔයාලටම බල ගන්න පුළුවන්.

මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ ? පෙර price එක ගලායාම pips 234 යි. price එක පහල යාම pips 115 යි. ඒ කියන්නේ ඉහල නැගිමෙන් බාගයක් ( 234/2 = 117 ) පහල ගිහින් නැවතිලා තියෙනවා. මේකේ අදහස තමයි නැවත ඉතා ඉක්මනින්ම price එක ඉහල යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.  ඒ වගේම ඒ ඉහල යාම පෙර නැගිමටට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ pips 234 ට  වඩා ඉහල යනවා. පැහැදිලි නේද ?

ඇති වගේ නේද ? තව ටිකක් තියෙනවා පුළුවන් උන ගමන් පල කරනවා.




No comments:

Post a Comment