Friday, April 25, 2014

සාර්ථක PAT කෙනෙකු වීමට - 4

                                             සාර්ථක PAT කෙනෙකු වීමට - 4

අද අපි සාර්ථක Price Action trader කෙනෙකු වීමට අවශ්‍ය තවත් ඉගි දෙකක් ලබා දෙනවා. ඒ වගේම අද පල වෙන්නේ අවසාන ලිපිය. නමුත් ඉදිරියේදී විවිද මාර්තෘකා ඔස්සේ අපි කතා කරමු.

9. ක්‍රමානුකුල නැගීම් හා බැසිම්  (Consecutive up days and consecutive down days)

price action එකේ ක්‍රමානුකුල නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු price action එක අනිවාර්යෙන්ම ඊට විරුද්ද දිශාවට ගමන් කරනවා. මෙය අදාල වෙන්නේ D1 හෝ ඊට ඉහල කාළ රාමු සදහා පමණයි. පහත රුපය බලන්න. එක නිසා නැගීම් හෝ බැසීම් කිහිපයකට පසු ඔයාල trade එකක් යොදනවානම් ඒ ගැන සැලකිලිමත් වෙන එක හුගක් හොදයි.




10. price action එකේ වෙනස් වීම මුලින්ම හදුනා ගන්න

ඒ කියන්නේ පහත රුපයේ ලකුණු කරලා තියෙන ස්ථාන වලදීම අපට මේ වෙනස ග්‍රහණය කර ගන්න තිබුනානම් අපිට ලොකු porfit එකක් ගන්න තිබුන නේද. බොහෝ විට ආරම්බයේදීම තමයි ලොකු price වෙනසක් වෙන්නේ. පහල රුපය බැලුවම ඔයාලට එක අවබෝද වෙයි.



ඉතින් අපි මේ ලිපි හතර ඔස්සේ සාර්ථක කෙනෙකු වෙන්නේ කොහොමද කියල කතා කර. ඔයාලට යම් අවබෝදයක් ලැබෙන්න ඇති කියල හිතනවා.  සාමන්යෙන් ඕනෙම දෙයක් කියනවා වගේ නෙමේ කරන්න ගියාම. එක නිසා බොහොම පරිස්සමින් මේ ක්‍රම අද්ද්යනය කරන්න. ඊට පස්සේ මේ ක්‍රම ප්‍රයෝගිකව යොදා ගන්න. මුලින් Demo account එකක කරනවානම් හොදයි. කොහොම මොනවා කලත් අපි මුලින් ලිපි වල කතා කලා Money Management ක්‍රම අනුගමනය කරන්න මතක් තබා ගන්න.

ඔයාලට මේ ලිපි පරිශීලනය කිරීමේදී ගැටළු මතු වෙනවනම් අහන්න.

No comments:

Post a Comment