Wednesday, May 8, 2013

Traders Type - Day Traders


Lesson – 23

Traders Type - Day Traders

Day Traders ලා කියලා කියන්නේ තවත් කෙටි Trading Type එකක්. හැබැයි Scalping Trader ව‍ගේ නොමෙයි. ඊට වඩා දිගු කාලයක් මෙයලා තමන්ගේ Trades තියන් ඉන්නවා. ඇත්තටම දවසක් තමයි මෙයාල තමන්ගේ Trade තියන් ඉන්නේ. දවස ආරම්භයේ දීම මෙයාල Market එක ගැන හොයලා බලලා Trade එකක් Open කරනවා. බොහෝ විට එක Trade එකයි Open කරන්නේ. ඊට පස්සේ දවස අවසානයේදි ඒ Trade එකලාභ පාඩු මොනවා වුනත් Trade එක Close කරනවා.

 පහත ලක්ෂණ තියෙනවා නම් ඔයත් Day Traders කෙනෙක්,

§  දවස ඇතුලත තමන්ගේ Trade Close කරන්න කැමැති නම්.

§  දවස ආරම්භයේදීම Market එක ගැන හොයලා බලන්න ප්‍රමාණවත් කාලයක් තියෙනවා නම්.

§  තමන්ගේ ලාභ පාඩු එදිනෙදාම දැන ගන්න කැමැතිනම්.

ඔයත් Day Trader කෙනෙක් වෙන්න පුළුවන්.

ඒ වගේම, මේ Type එක ඔයා තෝර ගත්තොත් Forex News   ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔයා Full Time Job එකක් කරනවා නම් මේ සඳහා කාලය සොයා ගන්න වෙනවා. මොකද සමහර වෙලාවට Chart , News ගැන එහෙම අවධානය යොමු කරන්න ඕන වෙන්න පුළුවන්.

මේ Day Trading එකක් කාටස් කිහිපයකට බෙදෙනවා. ඒ කිව්වේ Day Trading එකෙන් Trade කරන Types එහෙම තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපියකින් කථා කරමු.

Traders Type - Scalping


Lesson – 22


22- Traders Type - Scalping

ඔන්න අද අපි කථා කරනවා Traders Type ගැන. මුලින්ම කථා කරන්න යන්නේ Scalping Traders ලගේ ලක්ෂණ. බලන්න ඔයත් මේ වර්ගයේද කියලා.

Scalping කියලා කියන්නේ අධික වේගයෙන් කටයුතු කරන Traders ලට. ඒ වගේම ඔවුන් Trade එකක් Open කරාම ඒ Trade එක තත්පර කිහිපයක් ඉඳන් විනාඩි කිහිපයක් විතරයි තියන් ඉන්නේ. ඒ වගේම Trade වලින් බලාපොරොත්තු වෙන්නේ සුළු ලාභයක් විතරයි.  Pips 2 ඉඳන් 5 දක්වා වගේ. Scalpers ලා Trade Open කරන්නේ Market එක හුඟක්ම Active වෙලාවට. ඒ වගේම ඔවුන් දවසට පැය කිහිපයක් මේ සඳහා ගත කරනවා. සමහර විට දවසකට පැය හත අටක් වගේ.

බලන්න පහත ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා.

Ø  වේගවත් ලෙස Trade කරන්න ඇති කැමැත්ත.

Ø  පැය කිහියක් එක දෙයක් ගැන දැඩි අවධානයෙන් සිටිය හැකි වීම.

Ø  නොඉවසිලිවන්ත ගතිය.

Ø  Forex Charts ආදිය ඉතා අතිශය වේගයෙන් තේරුම් ගත හැකි වීම.

Ø  වේගයෙන් පරිගණය හැසිරවිය හැකි වීම.(ඇගිලි වෙවුලනවා නම් බැ හොදේ.)

Ø  මුළු කාලයම මේ සඳහා යෙදවිය හැකිවීම.

ඔන්න ඔය කිව්ව ටික ඔයාට තියෙනවානම් ඔයාට Scalping Trading සුදුසුයි. ඒ වගේම,

·         ඉතා ඉක්මනින් වෙහෙසට පත්‍ වෙනවා නම්.

·         දිගු වේලාවක් ඒක දෙයකට අවධානය යොමු කරන්න බැරි නම්.

·         Trade එකකින් ලොකු Profit එක බලාපොරොත්තු වෙනවා නම්.

·         Market එක ගැන තේරුම් ගන්න දිගු වෙලාවක් ගත වෙනවානම්.

·         ඔයාට Heart Attack එහෙම තියෙනවා නම්.

මේ Scalping Trading කියන ක්‍රමය සුදුසු නොවේ.

තව දෙයක් කියන්න ඕනේ. මේ  Scalping Trader Type එක තමයි ඉතා ඉක්මනින්ම ලොකු Profit එකක් හොයන්න තියෙන ක්‍රමය. ඒ වගේම තමයි ඊටත් වඩා ඉක්මනින් තමන් යොදවමු මුළු මුදලම නැති කර ගන්න තියෙන හොඳම ක්‍රමෙත්. නවකයන්ට මේ ක්‍රමය මම නම් යෝජනා කරන්නේ නෑ. ඕන් කිව්වා. සල්ලි ටික නැති කරගෙන මට නම් බනින්න එපා හො‍දේ.

 කොහොම හරි ඔයා තීරණය කරා නම් මේ ක්‍රමය හොඳයි කියලා පහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

v  Liquidity එක වැඩි Currency Pairs පමණක් තෝරා ගන්න. උදා- විදියට EUR/USD, GBP/USD, USD/CHF, USD/JPY වගේ.

v  දවසේ Market එක කාර්ය බහුලම වේලාවන් වලදි විතරක් Trade කරන්න.

v  මුලින් එක Currency Pairs එකක් විතරක් තෝරා ගන්න. EUR/USD වගේ.

v  අනිවාර්යෙන්ම හොඳ Money Management ක්‍රමයක් අනුගමනය කරන්න.

v  Forex News   පිළිබඳව ඉහල අවධානයක් යොමු කරන්න.

ඔන්න ඔය ටික තමයි Scalping Trading ගැන කියන්න තියෙන්නේ.ඊළඟට අපි Day Traders ලා ගැන කථා කරනවා.

ගැටළු තියෙනවා නම් අහන්න.

කාලය යනු මුදල්ය


Lesson – 21

21-  කාලය යනු මුදල්ය  

පසුගිය පාඩමෙන් අපි Traders Type ගැන කථා කළා. ඒ වගේම ඊළඟ පාඩමෙන් Traders Types විස්තරාත්මකව කථා කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් කිව්ව. එත් ඊට පෙර මේ ලිපිය පළ කළොත් හොඳයි කියලා හිතුනා. මොක්කද ඉහත මාතෘකාවෙන් අදහස් වෙන්නේ?

මේ ක්ෂේත්‍රයට එන නවකයන් හුඟ දෙනෙක් හිතන දෙයක් තමයි ඔවුන්ට ඉතා ඉක්මනින් ලාභ උපයන්න පුළුවන් කියලා හිතන එක. සමහර විට ඉතා කෙටි කාලයකදි ඉතා කුඩා ප්‍රමාණවලින් ඔබට මුදල් උපයන්න පුළුවන් වෙයි. නමුත් සමස්ථයක් ලෙස ඔබ ලාභ ලබනවා කියන එක එයින් අදහස් වෙන්නේ නෑ.

හොඳට මතක තියා ගන්න ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වුනත් සමහර වෙලාවට පාඩු ලබනවා. ඒ වගේම සමහර නවකයන් හිනනවා ඔවුන් දැන් මේ ක්‍රමේ ගැන හොඳටම දන්නවා මට මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් ඔයා ලාභ ලබන කාලය ඉතා ඉක්මනින්ම අවසන් වෙන්න පුළුවන් අන්න එතකොට තමයි තේරුම් යන්නේ මේක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා.

එතකොට ඊළඟට කරන්න ඕනෙ දේ ගැන පැහැදිලි වැටහීමක් නැතුව වැඩේ සම්පුර්ණයෙන්ම අනා ගන්නවා. ඉතින් මේ ටික ඔයාලට කර ගන්න ඕනේ නෑ නේද? එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ?

පළමු‍වෙන්ම ඉගෙනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ආයෝජනය කරන්න සුදානම් වෙන්න.

ඔයාම තීරණය කරන්න මේ සඳහා දවසකට කොපමණ ‍කාලයක් යොදවන්න පුළුවන් ද කියලා. Forex Charts, Forex News කියවන්න. Market එක Study  කරන්න යම් යම් අලුත් දේවල් ‍ඉගෙන ගන්න මේ කාලය යොදා ගන්න. ඔයා  Job එකක් කරනවානම් මේක Full Time කරන්න බැරි වෙන්න පුළුවන්.

නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ ඔයාලට Forex කරන්න බැ කියන එක. Forex Traders Type ගැන ඉදිරි ලිපි වලින් කථා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට තිරණය කරන්න පුළුවන් මොන Type එකද ගැලපෙන්නේ කියලා.

මතක තියා ගන්න අපිට හැම Trade එකකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේම කවදාවත් ඉගෙන ගන්න එක නවත්වන්න එපා. එහෙම කළොත් ඔයා Lost  වෙනවා. ඉතින් මේ සඳහා ඔයාගෙ වටිනා මුදල් ආයෝජනය කරනවා වගේම ඔයාගේ කාලයත් ආයෝජනය කරන්න. 

Trader Types


Lesson – 20

20- Trader Types

පසුගිය පාඩමේදී අපි Trading Session ගැන කෙටි හැඳින්වීමක් කළා මතක ඇති. අද කථා කරන්න යන්නේ Traders Type ගැන. මොකක්ද මේ? ඔයා  Forex Market එකේ  Trade කරනවානම් ඔයත්  Trader කෙනෙක්. ඒ වගේම අපි පහත කථා කරන්න යන වර්ග එකකට හෝ කිහිපයකට ඔයාව අයිති වෙනවා.

මේ ලෝකෙ ජනගහනය කොච්චරද? මට නම් හරියටම මතක නෑ. කොහොම වුනත් කිසිම කෙනෙක්  තවත් කෙනෙකුට 100% සමාන වෙන්නෙ නෑ කියලා දන්නවනේ. ඔවුන්ගේ කැමැත්ත, රසභාවයන්, කලාත්මක හැගිම්, ප්‍රකාශන මෙකි නොකි හැමදෙයකින්ම ඔවුන් වෙනස්. ඒ වගේම තමයි Trader කෙනෙක් තවත් Trader කෙනෙකුට 100% කින් සමාන වෙන්නේ නෑ. එක Trader කෙනෙක් ලොකු ලාභයක් අපේක්ෂාවෙන් මාස ගානක් බලන් ඉන්න කොට තවත් Trader කෙනෙක් ඉතා කෙටි ලාභ විශාල ගණනක් කෙටි කාලයක් තුල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එතකොට අපට මතුවෙන ගැටළුව තමයි මොක්කද හොඳම විදිය? හොඳම‍ Trading Type මොකක්ද? ඇත්තටම මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි තමන්ට ගැලපෙන Trading Type එක තමයි හොඳම එක කියලා. ඒක ඉතින් තමන්ම තමයි තීරණය කර ගන්න ඕන. ඉදිරි ලිපි කිහිපය ඒ සඳහා උදව් කර ගන්න ඔයාලට පුළුවන්. එහෙම නැතුව වෙන කාටවත් ඔයාගේ Trading Type එක තිරණය කරන්න බැහැ. මතක තියා ගන්න සෑම Trader කෙනෙකුටම අන්‍ය වූ ස්වාධින Trading Actions පවතින බව.

සාමාන්‍යයෙන් Traders ‍ලා ප්‍රධාන වශයෙන් කොටස් 4 කට බෙදෙනවා. ඔයා මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වෙන්න පුළුවන්.

01.Scalper Traders

02.Day Traders

03.Swing Traders

04.Position Traders

මේ වර්ග ගැන සවිස්තරාත්මකව ඉදිරි ලිපි වලින් කථා කරමු.